”මාධ්‍ය හොරුන්ට” මර්වින් රතු එළිය දල්වයි

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ”මාධ්‍ය හොරුන්ට” මර්වින් රතු එළිය දල්වයි

    භාරත දුමින්ද ප‍්‍රශ්නයේ දී රාජපක්‍ෂ පරපුරට නොයෙකුත් දේ කියතත් වෙන අය කරන වැරැදිවලට රාජපක්‍ෂ පවුල පලිදැයි මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කටුනායකදී ප‍්‍රශ්න කෙළේය.
    ඔහු එහි ගියේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ නව සභාපති පදවිය බාර ගැනීම සඳහාය.
    ‘‘මේ රටේ විවිධ නායකයන් හිටියා. අන්තිමට මාගම්පත්තුවෙන් කුඹුරෙන්
    නියරෙන් කකුල් දෙක හෝදගෙන කොළඹ නීති විද්‍යාලයට ආ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ රට එක්සේසත් කළා.‘‘
    ‘‘රට එක්සේසත් කරපු රාජපක්‍ෂ පවුල විත්තිකාරයන් වෙලා.අගේ ඉඳන් කන කාපු ෆොන්සේකා යුද්දෙට ගිහින් කෙඳිරුවා. අන්න ඒකෙ ඵල විපාක තමයි අද අපි විඳින්නේ. ජනාධිපතිතුමා හිරබාරයට ගන්න හදනවා. ඊට මුහුණ දීමට අපි සැවොම එක් විය යුතුයි.‘‘
    ‘‘දැන් මේ රටේ කුලප්පු තුනක් තියෙනවා. එකක් තමයි පසුගිය 18 වැනිදා ජනාධිපතිතුමාගෙ දෙවැනි පදවිප‍්‍රාප්තිය. ජනාධිපතිතුමා මොනවා නොකළත් හය වැනි පරාක‍්‍රමබාහුගෙන් පස්සේ රට එක්සේසත් කළේ එතුමායි. සමහර සංඝයා වහන්සේලා ප‍්‍රකාශ කරනවා අධිකරණය වැරදියි කියලා. අධිකරණය ඉස්සරහ පෙළපාළි යනවා. මම එදා හිටියෙ කැලණිය පන්සලේ. මම හිටියා නම් අධිකරණය ඉස්සරහ පෙළපාළි යන හැටි බලාගන්න තිබුණා. හොඳ වෙලාවට මම නොහිටියේ. අවුරුදු තුනක සිරදඬුවමට ඔච්චර නටන්න ඕනෑද? මාත් හිටියා මාස හතරක් හිර ගෙදර කවුරුත් බෝඞ් අල්ලාගෙන ගියේ නැහැ.
    මම ඔවුන්ට අවවාදයක් කරනවා මින්පසු සදාචාර සම්පන්නකම් නැති කරන ක‍්‍රියා කරනවා නම් හැංගෙන්න ගල් ගුහා හොයාගන්න කියලා.
    භාරත දුමින්ද ප‍්‍රශ්නෙ අනිත් එක. මේ රටේ මීට කලින් වෙඩි තියාගෙන නැද්ද? මගේ නංගියි මල්ලියි මස්සිනයි මැරුවා. ඒවා මිනීමැරුම් නෙවෙයිද? දුමින්දගේ ප‍්‍රශ්නෙදී රාජපක්‍ෂ පරපුරට නොයෙක් දේවල් කියනවා. ඒකට රාජපක්‍ෂ පවුල පලිද? මර්වින් සිල්වා වැරැද්දක් කළොත් රාජපක්‍ෂ පවුල පලිද? ලාල් සහ රනිල් එංගලන්තෙදි මොනවාද කතා කෙළේ? කවුද මේ ලාල්?
    අද මාධ්‍යකාරයන් කියලා හොරුන් ටිකක් ඉන්නවා. වැදගත් පුද්ගලයින්ට අපහාස කරන පාහරයන් ටිකක් ඉන්නවා. මම උන්ගේ ඇඞ්රස් හොයා හොයා ඉන්නේ. ඒ නිසා උන්ට කියන්නේ දැන්ම පෙට්ටියක් බුක් කරගන්න කියලයි.
    මම හඳපානේ නරි අල්ලන්න ගියේ නැහැ. නරියත්, අලියත්, බල්ලත්, මොණරත් මම හොඳට අඳුරනවා. කොටන කුකුළාට කොයි කොටුවත් එකයි
    .


    mervin_silva.jpg

    methanin gatte.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    එළිපිට මාධ්‍ය හරහා මැරකම් කරන පෙන්නන එකම රට වෙන්න ඇති ලංකාව. මහා රජාගේ කටු කන වේ* බල්ලා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙලේ කල්පනා කරල,කියල තියෙන්නෙ නමි ඇත්ත :yes:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මාත් හිටියා මාස හතරක් හිර ගෙදර කවුරුත් බෝඞ් අල්ලාගෙන ගියේ නැහැ.


    Mu wage buruwek hiren nidahas karaganna pelapali yanna tharam pissuwak minissunta ne.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Ara uda comment daapa Erozan kiyala gottek inne, anna uu ee dawas wala ipadila hitiya nam pelapali yay, koheda ithin uuth mervin langadi dunna shot ekak ne
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මාත් හිටියා මාස හතරක් හිර ගෙදර කවුරුත් බෝඞ් අල්ලාගෙන ගියේ නැහැ.


    Mu wage buruwek hiren nidahas karaganna pelapali yanna tharam pissuwak minissunta ne.

    :rofl::rofl::rofl::rofl::rofl: