•••• ආතරයිටිස් කියන්නේ මොකද්ද A-Z ••••

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    •••• ආතරයිටිස් කියන්නේ මොකද්ද A-Z ••••

    අපේ වියපත් ජනගහනයට ඇතිවන රෝගාබාධ අතරේ හන්දිපත් රෝගද සැළකිය යුතු වපසරියක් අත්පත් කරගන්නවා. හන්දිපත් ආශ්‍රිත රෝග පොදු ජන වහරේ හැඳින්වෙන්නේ වාත රෝගයනුවෙන්. ආයුර්වේදයේ ප්‍රමේහ වාත රෝගලෙස විස්තර කෙරෙන මෙම රෝගාබාධ බටහිර ඇලෝපතික වෙදකමට අනුව Arthritis යනුවෙන් හැඳින්වෙනවා.


    images



    සෑම වෛද්‍ය ක්‍රමයකම මේ රෝගාබාධ අරුත් දැක්වෙන්නේ විවිධ පිළිවෙල වලට. ඒ නිසා සමස්තයක් ලෙස මේ ගැන විස්තර කිරීම අසීරු කරුණක්. එනිසාම බටහිර වෙදකමට අනුව
    Arthritis ලෙස හැඳින්වෙන රෝග ශ්‍රේණිය පිළිබඳව විස්තරයක් මෙම නූලේ අඩංගු වෙනවා.
    අපේ ජනතාව අතර බහුල ප්‍රධාන ආතරයිටිස් වර්ග තුනක් තිබෙනවා.

    - ශරීරයේ ඕනෑම සන්ධියක් ආශ්‍රිතව ඇතිවන මැදිවියේ සිට ඉදිරියට වයස් සීමාවන්ට බලපාන ඔස්ටියෝ ආතරයිටිස් රෝගය.

    - ඕනෑම වයස් සීමාවක කෙනෙකුට ඇතිවිය හැකි මුත් මැදිවියේදී සුලබ, අස්ථි මතු නොව පේශි, පද්ධති මේ ආදී කී නොකී ශරීරයේ කවර කොටසකට වූවත් බලපෑම් කළ හැකි රුමැටොයිඩ් ආතරයිටිස්.


    hand_finger_joint_causes01-776002.jpg



    - බැක්ටීරියාවක හිතුවක්කාරී ක්‍රියාකාරීත්වය හේතුවෙන් දරු පරපුරට ඇතිවන හෘදයට හා මොළයට පවා හානි කළ හැකි රූමැටික ආතරයිටිස් ප්‍රභේද අතර මුල් පෙළේ සිටිනවා. ඒ හැරෙන්නට ආතරයිටිස් ලෙස හැඳින්වෙන තවත් රෝගාබාධ රැසක්ද තිබෙනවා.

    - Ankylosing spondylitis ලෙස හැඳින්වෙන කොඳු ඇට පෙළ ආශ්‍රිත හන්දි ආසාදනය ප්‍රවේණිකව උරුම වෙන රෝගයක්.

    - සන්ධි ආශ්‍රිතව ඇතිවන තුවාලයක් හේතුවෙන් තවත් ආකාරයක හන්දිපත් රෝගයක් ඇතිවෙනවා. එයTraumatic Arthritisලෙස හැඳින්වෙනවා.

    - විවෘත තුවාලයක් නිසා හෝ වෙන යම් ආසාදන තත්ත්වයක් මුහුකුරා යාමෙන් හැදෙන හන්දිපත් ආශ්‍රිත රෝගය Septic Arthritis ලෙස හැඳින්වෙනවා.


    arthritis3.jpg



    වඩාත් පෘථුල වශයෙන් රෝගීන් තලා පෙළන රෝග වන නිසාවෙන් හා සුලබව දැකිය හැකි බැවින් මුලින් දක්වන ලද ආතරයිටිස් රෝග කාණ්ඩ තුන පිළිබඳ විස්තර මතු දැක්වෙනවා.


    ඔස්ටියෝ ආතරයිටිස්

    Osteo Arthritis


    මැදි වයසේ සිට ආරම්භ වෙනවා. ඕනෑම සන්ධියක් රෝගයේ බලපෑමට නතුවිය හැකියි. අත්, පා වල, වෙනත් තැන්වල කියා භේදයක් නෑ.මේ රෝගය ඇති වීමට හේතු රැසක් බලපානවා. වයස ඉන් ප්‍රධානයි. අපේ සිරුරේ අස්ථිවල අග අස්ථිමය නොවන කාටිලේජමය ව්‍යුහයක් තිබෙනවා. ඒවා තරුණ අස්ථිලෙස හැඳින්වෙනවා. අස්ථි ක්‍රියා කිරීමේදී එහි ක්‍රියාකාරිත්වය වඩා සුමට කිරීමට හේතුවන මේ තරුණ අස්ථි වයසත් සමගම ගෙවී යනවා. ඒවා නැවත ලියලීමක් නෑ. එසේම තරුණ අස්ථි විනාශ වී ගිය තැන්වල ප්‍රධාන අස්ථියේ විකෘති වීම සිදුවෙනවා.

    වියපත් වීමත් සමගම ඔස්ටියෝ ආතරයිටිස් රෝගය හැදෙන්නේ එහෙමයි. මේ රෝගය පරම්පරාවෙන් පරම්පරාවට යන බවක් පෙනෙන්නට තිබෙනවා නම් ඔබත් එහි අවදානම් සහගත සාමාජිකයෙක්.


    iStock_000011505993XSmall3.jpg



    සම්භවයත් රෝගයට බලපානවා. මෙන්න ඊට නිදසුන්.....

    අප්‍රිකානු හා කැරිබියානු රටවල ජනතාව දණහිස් සන්ධි ආශ්‍රිත හන්දිපත් අමාරුකම් වලින් පීඩා විඳිනවා. යුරෝපීය ජාතීන්ගේ වඩාත්ම අවදානමට ලක්ව ඇත්තේ උකුල් අස්ථියයි. ස්ත්‍රී පුරුෂ භාවය මේ රෝගයට හේතු වන්නේ දෙවිදිහකට. වයස අවු. 95 ට පමණ අඩු පුරුෂයින්ටත් වයස අවු. 55 ට පමණ වැඩි කාන්තාවන්ටත් රෝගය ඇතිවීමේ අවදානම වැඩියි.බර උසුලන්නන්, ගොවියන්, කම්කරුවන් වැනි ශ්‍රමය බහුලව වැය කරන්නන් අතරත් ඔස්ටියෝ ආතරයිටිස් රෝගය බහුලයි.


    hand_finger_joint_causes02.jpg



    අධික බර නොහොත් ස්ථූලතාවය, අනතුරු හා තුවාල සිදුවීම නිසාත් ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇති වෙනවා. කලකට පෙර අතිශයින් නම්‍යශීලීව හරවන ලද සන්ධි ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ලක්වූ විට තද ගතියත්, ඒ ආශ්‍රිත කැක්කුමක් දනවන රෝගී සන්ධියක් බවට පත් වෙනවා.
    එදිනෙදා ජීවිතයේදී කරන ඇවිදීම්, පඩි නැගීම් අතිශයින් දුෂ්කර භාවයට පත් වෙනවා නම් එය රෝගයේ මූලික ලක්‍ෂණ විය හැකියි. ඉන්පසුව එළැඹෙන්නේ සන්ධි ඉදිමුම හා සන්ධි ආශ්‍රිත තරල කොටස් එක්වන අවස්ථාවයි. මේ තත්ත්වය පසු කාලීනව බෙහෙවින් උග්‍ර වී සෙලවෙන විට පවා අස්ථිවලින් උග්‍ර වේදනාවක් පැණ නැගිය හැකියි.


    article-1284556-052BEFE4000005DC-940_468x286.jpg



    මෙම රෝගය පාලනය සඳහා මුල් අවස්ථාවේදී වේදනා නාශක ඖෂධ සමත් වන මුත් පසුකාලීනව ප්‍රති ප්‍රදාහික ඖෂධ (Anti inflamatory drugs) ගැනීමට සිදු වෙනවා. මේ සියළු ආකාර ඖෂධ වල අරමුණ වේදනාව අඩු කිරීම හා රෝගය පාලනය කිරීම පමණයි. ඉන් මඳක් ඔබ්බට ගිය තරුණ අස්ථි ආරක්‍ෂක ඖෂධ (Condo protection drugs) මගින් එම අස්ථි ගෙවීම යම් පමණකට අඩු කරන බව හෙළිදරව් වී තිබෙන මුත් ක්‍ෂය වූ අස්ථි නැවත ලියලා වැඩෙන ඔසුවක් තවම කිසිවෙකු සොයාගෙන නෑ. මෙකී රෝග තත්ත්වය සඳහා ගන්නා ඖෂධ මගින් සැළකිය යුතු සංකූලතා රාශියක් අතිකළ හැකි බැවින් ඒවා වෛද්‍ය උපදෙස් මත පමණක් භාවිතයට ගත යුතු වෙනවා.

    ඖෂධ ප්‍රතිකාර හැරුණු විට භෞත චිකිත්සක ප්‍රතිකාර, බර අඩු කිරීමේ උපාය මාර්ග මෙන්ම අවශ්‍ය වූ විටෙක ශල්‍යකර්මද සිදු කෙරෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් රෝගය ඇතිවීමෙන් වැළකීමට මඟක් නෑ. ඒත් රෝගය පීඩාකාරී වූ කල්හි තම දිවි මඟෙහි ඇවතුම් - පැවතුම් වල වෙනස්කම් ඇති කරගැනීමෙන් රෝගය සැළකිය යුතු මට්ටමකින් පාලනය කරගත හැකි වෙනවා.


    රුමැටොයිඩ ආතරයිටිස්
    Rheumatoid Arthritis


    article-rheumatoid-arthritis.jpg



    පුංචි සන්ධියේ සිට ඕනෑම වයස් කාණ්ඩයක කාන්තාවකට, පිරිමියෙකුට ඕනෑම විටෙක ඇතිවීමේ අවදානමක් පැවතියත් රුමැටොයිඩ ආතරයිටිස් යනු වයස අවු.40-55 අතර කාලයේදී ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් සහිත සන්ධිගත ආබාධයකි. වැඩි වශයෙන්ම රෝගයට ගොදුරු වන්නේ කාන්තාවන්. රෝගයේ සම්භ වය පිළිබඳව ස්ථිර සාක්‍ෂි නෑ. ඒත් එය ස්වයං ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇසුරු කරගෙන එහි දෝෂ සහගත ස්වභාවයන් කරන කොට ගෙන ඇතිවන හිරිහැරදායි රෝගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මුලින්ම ඇති වන්නේ සන්ධිගත වේදනාව සහ ඉදිමුමයි. සන්ධි ආශ්‍රිත තද ගතියක් ඇති වෙනවා. උණ, වසා ගැටිති ඉදිමීම, ඇඟේ බර අඩුවීම හා නිීරක්තිය වැනි ලක්‍ෂණත් ප්‍රකට විය හැකියි.

    මුලින්ම රෝගයේ බලපෑමට යටත් වන්නේ තරුණ අස්ථි හා යාබද අස්ථි. පසුව එය පටක කාටිලේජ ඛණ්ඩරා දක්වා පැතිර යනවා. රෝගය ඉන් නවතින්නේ නෑ. ස්නායු පද්ධතියට , රුධිර සංසරණ පද්ධතියට ශ්වසන පද්ධතියට, අක්‍ෂිවලට ආදී වශයෙන් ශරීරයේ බොහෝ තැන්වල දුබලතා / දෝෂ ඇති කිරීමට රුමැටොයිඩ ආතරයිටිස් රෝගය සමත්.රුමැටොයිඩ ආතරයිටිස් රෝගය ඇතිවිට අස්ථි ක්‍ෂය වීම සැණෙකින් සිදුවන නිසා ප්‍රතිකාර ප්‍රමාද කිරීම සුදුසු නෑ. නැතහොත් රෝගියා ඉක්මනින්ම ආබාධිත තත්ත්වයකට පත්විය හැකියි.


    rheumatoid2.jpg



    වේදනාව සමනය කිරීමට, ඉදිමුම සන්ධි හා පටක ආශ්‍රිත උපද්‍රව හීන කිරීමට ස්ටෙරොයිඩ නොවන ප්‍රති ප්‍රදාහික ඖෂධ(NSAID) ලබා දෙනවා. රෝගය පාලනය කිරීම සඳහාද වහා ප්‍රතිකාර ගත යුතු නිසා ප්‍රතිකාර නියත වශයෙන්ම වෛද්‍ය අධීක්‍ෂණයට ලක් කළ යුතුයි. පේශි සවිමත් කිරීම, උණුසුම් චිකිත්සාව, ශීත චිකිත්සාව ආදී භෞත චිකිත්සක ප්‍රතිකාර මෙහි ප්‍රධාන තැනක් ගන්නා අතර එදිනෙදා කටයුතු වඩා පහසුවෙන් සිදු කිරීමට අවශ්‍ය ආධාරය හා මඟ පෙන්වීමද මෙහිදී ලැබෙනවා.
    රුමැටික් ආතරයිටිස් නොහොත් රූමැටික් උණ Rheumatic Fever
    රූමැටික උණ වැළඳෙන්නේ කුඩා දරුවන්ට. විශේෂයෙන්ම වයස අවු. 14-15 අතර දරුවන් මේ රෝගයට වැඩි වශයෙන් නතු වෙනවා. ඔබ අසා ඇති... දරුවන්ට සෙම් ගෙඩි ආදිය නිතර නිතර සෑදීම නුසුදුසු බවට වෛද්‍යවරුන් පවසනවා. දැන් ඔබට අවස්ථාව යෙදී තිබෙනවා මේ කියමන් සැබෑ අරුත හැඳිනීමට.....


    Symmetric.jpg



    උගුරේ ඇතිවන සෙම්ගෙඩි රූමැටික උණට පාර කපනවා. දරුවන්ට ඇතිවන සෑම උගුරේ ආසාදනයක්ම සෙම්ගෙඩි තත්ත්වයක්ම මේ භයානක රෝගයට පාර කපන්නේ නෑ. රූමැටික උණ හදන්නේ බැක්ටීරියාවකින්. ට්‍රෙප්ටොකොකයි බැක්ටෑරියාවේzAZකාණ්ඩය මගින් පමණයි රූමැටික උණට මඟ සලසන්නේ. මෙය භයානක රෝගයක් ලෙස ඉහතින් විස්තර කළා. එයට හේතුව මෙමගින් හදවතට, මොළයට පවා හානි කළ හැකි නිසයි. අපූරු නමක් පටබැඳී තිබෙනවා.


    lumbar_facet_arthritis_symptom01.jpg



    ඒ තමයි රූමැටික උණ
    හන්දි ලෙවකන හදවත සපාකනරෝගයක් ලෙස අන්වර්ථ වීම. ඒත්, රූමැටික ආතරයිටිස් රෝගය සිරුරේ සෑම සන්ධියකටම බලපාන්නේ නෑ. දණහිස්, වැළමිට, වළලු කර පීඩාවට පත් වෙනවා. ඒත් පිටකොන්ද, කශේරුකා හා උකුල් ඇටය ආශ්‍රිත සන්ධිවලට හානියක් සිදු කරන්නේ නෑ.

    සන්ධි ඉදිමුමට ලක්වීමට අමතරව හතිය, පපුවේ කැක්කුම හා උණද සමේ රත් පැහැ පැල්ලම් ඇතිවීමද සිදුවිය හැකිය. රෝගය එක් සන්ධියකින් තවත් සන්ධියකට මාරු වීම රෝගයේ සුවිශේෂී තත්ත්වයකි. හදවතට රෝගය මගින් ඇතිවන බලපෑම ගැන විශේෂයෙන් සැළකිලිමත් විය යුතු වෙනවා. විශේෂයෙන්ම කපාට දුර්වලතා ඇති කිරීමට මෙම රෝගය හේතු විය හැකියි.



    වැඩි විස්තර සදහා වෙදනැණසල වෙබ් අඩ්වියට පිවිසෙන්න

    ~ බම්ප් එකක් දාන් යන්නලා ~



    avatar371199_57.gif


    :love::love: tshirtZ :love::love:




    DontForgetToSayThanks.gif




     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වටිනා ත්‍රේඩ් එකක් පස්සේ කියවන්නම් බන්. බුක් මාර්ක් කර ගත්තා :)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    watina thread ekak machang. Heta niwee sanasille kiyanna bookmark karagatta. In advance +rep dennam :)
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගොඩක් මහන්සි වෙලා ලියලා අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි..:yes:
    රෙප් +19

     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    මටත් තියෙනවා බන් ඔය කාලකන්නි ලෙඩේ...අවුරුදු ගානක් බෙහෙත් බිවුවා දෑන්නම් බෙහෙත් මුකුත් බොන්නේ නෑ ඩොක්ටර් නෑවෑත්තුවා.. එත් ඉතින් ලෙඩේ නිට්ටාවටම සුවත් නෑ.....:(:(:(:(
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,016
    9,613
    113
    එක තැනක නෑ
    අෆ්ෆා පට්ට ත්‍රෙඩ් එකක්. එල මල් පප්පේ ;) ඒ පාර දොස්තර විභාගේ වත් ලියන්ඩ පාඩම් කරනවැයි :P හි හි. :D:D තැන්ක්ස් මචෝ. :cool::cool: රේප් නම් දෙන්ඩ බැලූ බන්.
    (යකෝ රේප් දෙන්ඩ හදපු එකෙක්ටවත් රෙප් දෙන්ඩ බැහැනේ. ලොක්කා රේප් සින් එක චේන්ජ් කරපු එකෙන් වැඩේට කෙලවෙලාද දන්නේ නැහැ :confused::confused:)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තොට අපේ ක්‍රිකට් මැච් එකෙන් පස්සෙ නේද මේක ගැන ලියන්න හිතුනෙ..:yes::rolleyes::rofl:
    ආ නැද්ද කියපං..

    එළ එළ :D