•●
ළමයි,
දැන් ඔය මොරටුවෙ නගරාධිපති: එයා දීපු තුන්ඩු වලට කොවිඩ් එන්නත ගැහැව්වෙ නැත්නම්; මෙතන එන්නත් කරන්න දෙන්නෙත් නෑ කියල ඊයෙ එතන රාජකාරි භාරව හිටපු වෛද්‍ය වරියට තර්ජනය කරනව ප්‍රවෘත්ති වලට පෙන්නනව දැක්ක නේද?
දැන් ඔය ළමයි හිතනවද; මොරටුවෙ ජනතාව ඔය වැඩේට විරුද්ධ වෙලා, එයාගෙ ගේ ලඟ විරෝධ තාවක් කරයි කියල.
පිස්සු හැදෙයි කිව්වලු ළමයි .....

එකෙක් යන්නෙ නෑ විරුද්ධත්වය පාන්න. උනුත් බලන්නෙ ඒ මිනිහගෙ පිලිකන්නෙන් රිංගල, ඔය තුන්ඩුවක් ගන්නෙ කොහොමද කියල.
දැන් මේක ජරා ජීර්ණ වෙලා ඉවරයි!!!
අප්‍රිකාවෙ අර "ගැන්ග් කල්ලි" පාලනය කරන රටක් වගේ. කැලෑවෙ නීතිය වන "ශක්ති වන්තයා ඉතිරිවේ" | "Survival of the Fittest" තමයි දැන් මේකෙ වෙන්නෙ.
මේ ජරා ජීර්ණ ක්‍රමයට මිනිස්සු ඇබ්බැහිවෙලා. උන්ට ඒක වෙනස් කිරීමේ උවමණාවක් නෑ. හැම එකාම බලන්නෙ කොහෙන් හරි හොර පාරකින් රිංගල තමන්ගෙ වැඩේ කරගන්න.
මේක පසුගිය අවුරුදු 15 තුල කූඨප්‍රාප්තියට පත් දේශපාලන ව්‍යාපෘතියක්. ජනතාව තමන්ට දේශපාලනික වශයෙන් අවනත තැනක තියාගන්න ටූල්ස් හැටියට තමයි දේශපාලුවො මේ තුරුම්පු පාවිච්චි කරන්නෙ.
තව දුරටත් පැහැදිලි කලොත්: අර පුන්චිකාලෙ ලමයි සෙල්ලම් කරන්නෙ; 'මල දුන්නොත් ගල දෙනවා ....' වගේ. අන්න ඒකම තමයි මේ. උඹලා මා එක්ක හිටියොත් තමයි උඹලට රජයෙන් ලැබෙන්න, ඕන දේවල් ගන්න පුලුවන්, කියන එක තමයි මේ ජනතාවගෙ ඔලුවලට දාල තියෙන්නෙ. ඉතින් ජනතාව ඒකට, එහෙම දැනෙන විදියට විරුද්ධත්වයක් පෙන්නන්නෙත් නෑනෙ. වැඩේ යනව හොඳට.

තියෙන දෙයක් කාල බීල, 
පොතක් කියවල, 
චිත්‍රපටියක් බලල ඉන්න ළමයි.
මේක මීට වඩා වෙනස් කරන්න බෑ!!!!!
පිස්සු හැදෙයි කිව්වලු ළමයි .....
අප්‍රිකාවෙ අර "ගැන්ග් කල්ලි" පාලනය කරන රටක් වගේ. කැලෑවෙ නීතිය වන "ශක්ති වන්තයා ඉතිරිවේ" | "Survival of the Fittest" තමයි දැන් මේකෙ වෙන්නෙ.
මේ ජරා ජීර්ණ ක්‍රමයට මිනිස්සු ඇබ්බැහිවෙලා. උන්ට ඒක වෙනස් කිරීමේ උවමණාවක් නෑ. හැම එකාම බලන්නෙ කොහෙන් හරි හොර පාරකින් රිංගල තමන්ගෙ වැඩේ කරගන්න.
එහෙම වෙන්න බෑනේ බන්.. මම උඩ කිව්වා වගේ සාධාරණව ටෝකෙන් බෙදෙන්න ඕනෙනෙ...