₪₪₪₪ මොරොක්කෝවේ නිල් නගරය ₪₪₪₪
රතු, කොළ, දම් වැනි විවිධ පැහැයන්ගෙන් වර්ණගැන්වී ඇති මොරොක්කෝවේ වෙනස් ආකාරයේ නරගයක් පිළිබඳ පුවතකි මේ.
පහත ඡායාරූප වලින් දැක්වෙන්නේ ෂෙෆ්ෂාවාන් නමින් හැඳින්වෙන මොරොක්කෝවේ නිල් නගරයයි.
මෙහි ගොඩනැගිලි, වීදි, දොර ජනෙල් සියල්ල පාහේ විවිධ නිල් පැහැයෙන් වර්ණගැන්වී තිබීම මෙහි විශේෂ ලක්ෂණයයි.
1471දී ගොඩනැගුණු මෙම නගරයේ එකල වැඩිපුර ජීවත්වී ඇත්තේ මුස්ලිම් හා යුදෙව් ජාතිකයන්ය.
යාඥා සළුවේ එක් නූලක් නිල් පැහැවන ලෙස වර්ණගැන්වීමට අතීත ඊශ්රායල් ජාතිකයන් කටයුතු කළ බවත්, ඔවුන්ට මෙම නිල්පැහැය දකින විට නිල් අහසත් ස්වර්ගයේ සිටින දෙවියන් වහන්සේත් සිහිවන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ වන විට මෙම නගරයේ සිටින යුදෙව් ජනගහණය අඩුවී ඇති නමුත්, පැරණි යුදෙව් සිරිත සිහි කරමින් තවමත් මෙම නගරය නිල් පැහැයෙන් සිත්තම් කරනු ලබන බව විදෙස් වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.
අතීත කාලයේදී එක්තරා බෙල්ලන් විශේෂයක් භාවිතා කරමින් නිල් පැහැ වර්ණක සාදාගත් නමුත්, කාලයත් සමග මෙම ක්රමවේදය අභාවයට ගොස් ඇත.
විවිධාකරයේ නිල් පැහැ වර්ණක මෙම නගරය පුරාවටම විකිණීමට ඇත.
වසර 1920 තෙක් සංචාරකයන්ට ඇතුළු වීමට අවසර නොතිබුණු මෙම නගරය මේ වන විට ලොව පුරා සංචාරයකයන්ගේ තෝතැන්නක් වී හමාරය.
Image resized. Click this bar to view the full image to : 2448x3264.
Elanam rep+