⇩ ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්ක&#354

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ⇩ ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්ක&#354

    ගම්පහ ටියුෂන් සිසුන් ගේ ලිංගික උප සංස්කෘතියෙහි මෙතෙක් සමාජය හමුවේ අනාවරණය නොවූ එක්තරා අන්දමක විස්මිත රහසක් අනාවරණය කර ගැනීමට පසුගිය කාලය පුරා අප විසින් සිදු කරනු ලැබූ විමර්ශනයේ දී හැකිවිය. මෙම ක්‍රියාවලිය සිසුන් විසින් හඳුන්වනු ලබන්නේ ‘කාමරය බෙදා ගැනීම’ (room share) යනුවෙනි.

    ගම්පහ නගරය සහ නගරාශ්‍රිතව ඇති නීත්‍යානුකූල ලැඟුම්හල් අතරින් එකක සිදුකෙරෙන බව නිසැක වශයෙන්ම තහවුරු කර ගත හැකි වූ මෙම ක්‍රියාව තවත් එවැනි ලැඟුම්හල් කීයක් තුළ ක්‍රියාවලට නැංවෙනවාද යන්න පිළිබඳ නිශ්චයකට ඒමට අපට නොපුලුවන. එහෙත් ඒ සම්බන්ධයෙන් ඉතා සාධාරණ ලෙස අනුමාන කළ හැක්කේ අඩුම තරමින් ගම්පහ නගරය සහ නගරාශ්‍රිතව ඇති තවත් ලැඟුම්හල් කිහිපයක වත් මෙබඳු හෝ මීට සාමාන්තර ක්‍රියාවන් සිදුවන බවකි.

    ගම්පහ ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරයක් සඳහා රුපියල් හයසීයේ සිට මෙම අඩුම මිල ගණන් නියම කිරීම සිදුවනුයේ ඔවුන් short time යනුවෙන් හඳුන්වන පැයක් පමණ වන කෙටි වේලාවක් නවාතැන් දීම සඳහාය. එහෙත් ‍එම ලැඟුම්හලේ පිරිසිදුකම සහ සැප පහසුකම් අනුව එම රුපියල් හයසීයේ අවම ගාස්තුව රුපියල් දහස පමණ දක්වා ඉහළ නැංවෙනු ඇත.

    ටියුෂන් සිසු සිසුවියන්ට මෙබඳු ලැඟුම්හල් හඳුන්වා දී ඔවුන් එම ස්ථානවලට කැඳවාගෙන ගොස් එම ස්ථාන වලින් මුදල් ඉපැයීම තම ප්‍රධාන ජීවිකාව කොට ගත් ත්‍රිරෝද රථ රියැදුරු පිරිසක් ද ගම්පහ නගරය සහ නගරාශ්‍රිතව සිටිති. සාමාන්‍යයෙන් මෙබඳු ලැඟුම්හලක් වෙන යුවලක් රැගෙන යන ත්‍රිරෝද රථ රියැදුරකුට ඒ වෙනුවෙන් කිසියම් කොමිස් මුදලක්, සන්තෝෂමක් ප්‍රදානය කිරීම අප රටේ බොහෝ ලැඟුම්හල් වලින් සිදු කෙරෙන්නකි. මෙම මුදල සාමාන්‍යයෙන් රුපියල් දෙසීයේ සිට පන්සීය දක්වා ඉහළ නැංවෙයි. එහෙත් එසේ කොමිස් මුදල් දීම ප්‍රතික්ෂේප කරන හෝ අඩුමුදලක් ලබා දෙන ලැඟුම්හල් සම්බන්ධයෙන් ඒවාට පැමිණෙන සිසුන් සහ සෙසු ආගන්තුකයන් අතරේ බොරු ප්‍රචාර පැතිරවීමට ද ඇතැම් ත්‍රීරෝද රථ රියදුරෝ කටයුතු කරති.

    “ප්‍රශ්නයක් නැහැ මම එතැනට එක්ක යන්නම් , හැබැයි ඔය ප්ලේස් එක නම් ඩේන්ජර්. පහුගිය ටිකේ පොලිසිය එක දිගටම රේඩ් කළා; මොකද එතන වෙන වෙන සීනුත් යන පොට් එකක්; හැබැයි තව ප්ලේස් එකක් තියනවා; එතන මාර ජෙනුවින්; වැඩිපුර රුපියල් පන්සීයක් ගියත් කමක් නැහැ; තමන්ගෙම තැනක වගේ කිසිම බයක් සැකක් නැතුව ඕනේ තරම් වෙලාවක් ඉන්න පුලුවන්. මෙබඳු අවස්ථාවන් හිදී රියැදුරන් ගේ මුවින් පිටවෙන පොදු වාගාලාපය එයයි.

    එහෙත් ගම්පහ ටියුෂන් සිසුන් ලැඟුම්හල් වලට ගෙන යාමේ මෙම කාරිය සංවිධාත්මක මට්ටමින් සිදු කෙරෙනුයේ ගම්පහ නරගරයේ සහ නගරාශ්‍රිතව හිඳින ත්‍රිරෝද රථ රියදුරන් ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් බව ද කිව යුතුමය. එමෙන්ම ගම්පහ නගරයේ පොදු ත්‍රීරෝද රථ ප්‍රජාවෙන් සැලකිය යුතු පිරිසක් මෙම සංවිධානාත්මක ජාවාරම් පිළිබඳ දැන කියාගෙන හෝ අසාවත් නොමැති බව මෙම විමසුමේ දී අනාවරණය කර ගැනීමටද අපට හැකි විය.

    අප මෙහි මුලදී සඳහන් කළ ටියුෂන් ජෝඩු දෙකක් එකම අවස්ථාවක එකම කාමරය හවුලේ බෙදා ගැනීම නම් වන (room share) ක්‍රියාවලිය සිදුවන්නේ මෙලෙසිනි.

    ගම්පහ නගරාසන්නයේ ඇති එක් ලැඟුම්හලක කාමර වල යුගල යහන් දෙක බැඟින් තිබේ. ඒ යහන් දෙක අතරේ කාමරයේ බිත්ති දෙක හරහා කොකු මගින් අමුණා අදින ලද කම්බියක එහා මෙහා කළ හැකි තිරයක් දමා ඇත. එවිට ඒ තිරය මගින් ඒ යහන් එකිනෙක වැසී යයි. මෙම ටියුෂන් සිසු සිසුවියන් ජෝඩු දෙකකට එකවර හවුලේ භාවිතා කළ හැකි නැතහොත් ඔවුන් ගේ වදන්වලට අනුව කිවහොත් shareකළ හැකි ලෙසින් සකසා ඇති මෙම කාමර මැදින් ඇති තිරය විනාඩි දෙක තුනක් තුළ එහි රැඳවීමට සේම ගලවා ඉවත් කිරීමට පුලුවන. ඒ එය බිත්ති දෙක අතරේ කොකු මගින් අමුණන ලද කම්බියක රඳවා ඇති බැවිනි.

    මෙබඳු කාමරයක් එක්වර හවුලේ භාවිතා කිරීමට කැමති ජෝඩු දෙකක් පළමුව ඒ බව දැනුම් දිය යුතු දුරකථන අංක තිබේ. ඒ අංක එම ‘චාරිකා සංවිධායක’ වරුන් ලෙස සැලකෙන ත්‍රිරෝද රථ රියැදුරන් ගේය. ඒ අනුව පළමුව ඒ ජෝඩු දෙක ගම්පහ නගරයේ ත්‍රිරෝද රථ රියදුරා පවසන ස්ථානයටම පැමිණිය යුතු වෙයි. ඒ මෙම ගමන නගරයේ ජනාකීර්ණ වීදි මඟහැර කෙටිමංපෙත් (short cuts) ඔස්සේ යා හැකි බැවිනි. ඒ කෙසේ හෝ මෙහි දී මෙවන් වරකට සාමාන්‍ය ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් සියයක් නම් එකවර ජෝඩු දෙකක් ඒ ගමනට එක් කර ගැනීම වෙනුවෙන් රියදුරා රුපියල් එකසිය පනහක් අය කර ගනියි. එමෙන්ම පැයකට - හමාරකට පසු එම ජෝඩු දෙක එකී ආරක්ෂිත මංපෙත ඔස්සේම සුපුරුදු ස්ථානයට ගෙන ඒම සඳහා ද ඔහු ඒ මුදලම නැවත අය කරයි.

    මෙහි දී මෙම හවුලේ කාමර භුක්ති විඳීමේ දී පෙම්වතුන්ට අත්වන වාසි දෙකකි. එනම් කෙටි කාලයක් සඳහා රුපියල් දහසකට ලබා දෙන කාමරය ජෝඩු දෙක සඳහා රුපියල් එක්දහස් තුන්සියයකට පමණ ලබා ගත හැකි වීමය. එවිට එක් යුවලකට ඒ සඳහා වැය වන්නේ රුපියල් හයසිය පනහක් පමණි. ත්‍රිරෝද රථ ගාස්තුව සඳහා වන ‍රුපියල් තුන්සීය දෙකට බෙදා ගත්විට එක් යුවලකට ගෙවීමට සිදුවන්නේ රුපියල් එකසිය පනහක මුදලකි. එවිට මෙවන් ‘පූර්ව මධුසමයක්’ සඳහා එම යුවලකට වැය කිරීමට සිදුවන මුදල රුපියල් අටසියයක් පමණ වනු ඇත.

    එමෙන්ම තම ‍නවක පෙම්වතා සඳහා මෙවන් ගමනක් යාමට අදිමදි කරන කෝඩුකාර පෙම්වතියකට තම සමීපතම හෛළිය හා ඇගේ පෙම්වතා ද මෙවන් ගමනක් සඳහා එක්කර ගැනීම එක්තරා අන්දමක මානසික ධෛර්යක් වනු ඇත. එමෙන්ම එලෙස හවුලේ කාමර පහසුව ලබා ගන්නා අතරේ නැගී එන අනුරාගී අවේගයන් හමුවේ ඔවුන් තුළ පවත්නා ලැජ්ජාශීලී බව කෙමෙන් පහව යාම ද මෙබඳු ලිංගික උප සංස්කෘතියක් බිහිවීමට හා පැවතීමට හේතු වන බව පෙනෙයි.මෙහි තවත් දුරදිගට කතා කළ යුතු දෑ තිබේ. එහෙත් දැනට අපි ඒ සම්බන්ධයෙන් මුනිවත රකිමු.

    අපගේ නිරීක්ෂණය අනුව මෙවන් චාරිකාවක් සංවිධානය කිරීම වෙනුවෙන් එම ත්‍රිරෝද රථ රියැදුරාට ත්‍රිරෝද රථ ගාස්තු සහ කොමිස් වශයෙන් ලැබෙන මුදල රුපියල් අටසීයකි. එහෙත් මෙලෙස එකවර ජෝඩු දෙකකට නවාතැන්දීම වෙනුවෙන් එම ලැඟුම්හල් හිමිකරුට හිමිවනුයේ රුපියල් හයසිය පනහක් පමණි. ඒ අනුව වරකට ජෝඩු දෙක බැගින් දිනකට ජෝඩු දහයකට අවස්ථා පහකදී නවාතැන් පහසුව සැලකිය හැකිවුවහොත් ඒ වෙනුවෙන් එම ත්‍රිරෝද රථ රියදුරුට රුපියල් හාරදහසක මුදලක් හා ලැඟුම්හල් හිමිකරුට රුපියල් තුන්දහස් තුන්සිය පනහක ආදායමක් උපදවා ගත හැක.

    ගම්පහ නගරසභා සීමාවේ පාමසිවලින් ලිංගික උත්තේජක සහ උපත්පාලන උපකරණ අලෙවිවීමේ ශීඝ්‍ර වැඩිවීමක් තමන් වෙත වාර්තාවී ඇතැයි ද ඒවා වැඩිපුරම අලෙවිවනුයේ ගම්පහ ටියුෂන් සිසුන් අතර බව සනාථ වී ඇතැයි ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා ප්‍රසිද්ධියේ අනාවරණය කොට තිබිණ. එවිට ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව හඬ නැඟූ ඇතැම්හු එය කල්පිතයක් හෝ අතිශයෝක්තියක් යැයි කීහ. එහෙත් අප විසින් කරනු ලැබූ මෙම සමීක්ෂණයේ දී හෙළිකරගත් කරුණු හා හිටපු නගරාධිපති වරයා ගේ එම ප්‍රකාශය සසඳා බැලීමේ දී ඉතා පැහැදිලිවම පෙනී යන කරුණක් තිබේ. එනම් ගම්පහ ටියුෂන් සිසුන්ගේ මෙම ලිංගික උප සංස්කෘතිය මීටත් වඩා ගැඹුරු තලයක් දක්වා විහිද ගොස් ඇති බවකි
    .


    ප්‍රසංග පෙරේරා (ජාඇල) මහතා විසින් ලක්බිම පුවත් පතට ලියන ලද ලිපියක් උපුටාගන්නාලද අතර කාලීනව වැදගත් දැනුවත්වීමක් යැයි හැඟුන බැවින් මෙහෙ පලකරන ලදි. ලේඛකයාට පූර්ණ ස්තූතිය හිමිවිය යුතුය.

    Link
     
    • Haha
    Reactions: Asmodeus

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔය පැත්තට ගියා නම් වතුර ටිකක් මාරු කරන් එන්න තිබ්බ බං
     
    • Haha
    Reactions: Cypress

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ithin awulak nane.
    kellatath sathutui, kollatath sathutui, tuk tuk mallitath sathutui, pharmacy aiyatath sathutui, hotel eke uncletath sathutui..
    awulakma na :)

    raw

    ඒ ඔක්කොම හරි කියමුකො
    එතකොට මචං මේ දරුවන්ගෙ,
    අහිංසක දෙමවුපියෝ...
    එයාලගෙ බලාපොරොත්තු වලට මොකද වෙන්නෙ.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    raw

    ඒ ඔක්කොම හරි කියමුකො
    එතකොට මචං මේ දරුවන්ගෙ,
    අහිංසක දෙමවුපියෝ...
    එයාලගෙ බලාපොරොත්තු වලට මොකද වෙන්නෙ.

    egollo paw ithin
    mona karannada :sorry:

    anika owata hama ekama yanneth nane. hadiyawa thiyana un owata yanne na. ara anatha wennama balagena ipadichcha un thama owata yanne :lol:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    :shocked: අපි ගම්පහ පන්ති යන කාලේ ඔහොම සීන් තිබුන් නෑ හාන්දුරුවනේ..... :(:(

    ඒකනම් ඇත්ත දැන් එහෙමද පෙට්ටිය කැඩෙන්නත් කලින් සෙක්ස් සෙක්ස්
     
    • Haha
    Reactions: Cypress

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනාගතේ දරුවෝ හදන්න බය හිතෙන්නේ නැද්ද බන් මේවා අහද්දී?
    මුන්ගේ දෙමුපියෝ මේවයින් දශමයක් හරි දන්නවා නම් අම්මෝ.
    සමාජේ පිරිහිලා තියන තරම්.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ithin mng 18 ta wadi nm , mokkda aulaa ?

    අවුල මේකනේ බන්.
    අම්මල තාත්තලා හුx ගන්න නෙමෙයි නේ සල්ලිත් දීල ළමයින්ව පන්ති එවන්නේ.
    තමන් හම්බ කරන කාලෙක ඕනේ බඩු පොට් එකක ගිහිල්ල ගහ ගත්තට කමක් නැහැ.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    අවුල මේකනේ බන්.
    අම්මල තාත්තලා හුx ගන්න නෙමෙයි නේ සල්ලිත් දීල ළමයින්ව පන්ති එවන්නේ.
    තමන් හම්බ කරන කාලෙක ඕනේ බඩු පොට් එකක ගිහිල්ල ගහ ගත්තට කමක් නැහැ.

    100%
    ළමා වයස ළමා විදියට ගතකරන්න ඕන.