මේකට මම පොත් පත් කියවලා දැනගත්තු දේවල් ටිකක් ඇඩ් කරන්නම්.
මම හිතන්නේ ජේ ආර් පප්පාත් කොරන්න හැදුවේ පරපුරේ උරුමකරු, රනිල්, හැදිලා එනකම් පක්සෙ අල්ලගෙන ඉන්න.
ජේ. ආර්. ගේ යටිපෙළ ප්‍රධාන කණු තුනක් හිටියා. ලලිත් , ගාමිණී, ප්‍රේමදාස. මේ අතරින් උගත් දක්ෂ එවුන් දෙන්නා උනේ ලලිත් හා ගාමිණී. කතාවත් තියෙනවා ප්‍රේමදාසට ජේ.ආර්. අගමෑති කම දුන්නෙත් තමුන්ගේ තනතුරට අඩුම තර්ජ්නයක් තියෙන්නෙ මිනිහගෙන් කියලා හිතලලු.
1989 ඡන්දෙත් ජේ.ආර්. ඉල්ලන්න ඉඳලා තියෙන්නෙ. ඒත් කපටි කමෙන් පක්ෂ කට්ටියව ප්‍රේමදාස නම්මගෙන හිටපු නිසා ජේ.ආර්.ට පහුබහින්න උනාලු. ඒකත් අර චන්ද්‍රිකාගෙන් බලෙන් මහින්දට අපේක්ෂකකම ගත්තා වගේ 2005දි.
ජනපති වෙච්චි ගමන් මූ කරලා තියෙන්නෙ ඌට වඩා සුදුසුකම් තිබ්බ ලලිත් ගාමිණී කපන එක. ඊටපස්සෙ ඒ මිනිස්සු රාජාලියාව හදාගන්නවා.කතාවක් තියෙනවා ලලිත්ව මැරුවෙත් ප්‍රේමෙ කියලා.
------ Post added on Sep 16, 2024 at 1:02 AM