╰☆╮ ♪ ♫ ♩ ♬ ඔබ, මා සීත ගත් ගීත ♪ ♫ ♩ ♬ ╰☆╮

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ╰☆╮ ♪ ♫ ♩ ♬ ඔබ, මා සීත ගත් ගීත ♪ ♫ ♩ ♬ ╰☆╮

    I_love_music_by_Debbie182.jpg


    සිතට දැනෙන දුක, සතුට, පසුතැවිල්ල, කලකිරීම වැනි සියලූම හැගීම් වලට ගීතයක් තුලින් මිහිරක් ලබා දෙන බව අප සැවොම දන්නා කරුණක්. මම වගේම ඔයාලත් අනිවා ගීත බොහොමයක් රසවිදලා ඇති. හින්දි, සිංහල, ඉංශ්‍රිසි ඔය හැම ගීතයක්ම වගේ.. ඒ අතරින් ඔයාලා ආදරේ කරණ, ඔයාලාගෙ සිත් ගත්තු ගායකයන් වගේම ඔවුගේ ඔයාලා කැමති ගීත එකක් හෝ ඇති. අන්න ඒ නිසයි මම කම්මැලිකමට වගේ මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ.. පුළුවන් නම් ඔයාලගෙ කැමතිම සිංදුව පෝස්ට් කරන්න.

    වැඩිය කතා කරන්න ගියේ නැත්තෙ මටත් වඩා සංගීතය ගැන එළකිරි එකේ ඉන්න අය බොහොමයක් දන්න නිසා..

    එහෙනම් වැඩේ පටන්ගමු නේ..:D:D

    *කරදරයක් කලා නම් සමාවෙන්න

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කියනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ...

    සාගර වෙරළේ සොඳුරු සෑඳෑවක
    රඟහල කෙළවර අඳුරු නිමේෂක
    අද ඔබ ළඟ ඔබ සනසාලන ඈ
    පෙර දවසක මා තුරුළට වී හිඳ
    මටද ආදරේ කියා තිබේ...

    සක්‌මන් මළුවක දෙපා ගෙවෙද්දී
    දොඩමළු පෙම්බස්‌ ගොළුවී යද්දී
    මා සමුගෙන ඔබ වෙතට පැමිණි ඈ
    සනහස සඟවා දෙනෙත නුරාවෙන්
    මටද ආදරේ කියා තිබේ...

    පද රචනය - සුනිල් ආර්. ගමගේ
    ගායනය/තනුව - විශාරද ගුණදාස කපුගේ

    ආදරය... කොතරම් මිහිරිද... ඒත්... ඒත් ඒ මිහිර උපරිමයෙන් විඳින්න වාසනාව ලැබෙන්නේ පෙම්වතුන් කීයෙන් කී දෙනාටද... විරහවත් එක්‌ක ඒ මිහිර පළා යනවා... ඉන් පස්‌සේ සාගරය බඳු වේදනාවක්‌ අබියස මේ පෙම්වතුන්ට තනිවෙන්න සිද්ධ වෙනවා...

    වෙන්ව ගිය පෙම්වතා හෝ පෙම්වතිය යළි දිවි ඇතිතුරාවට දකින්න නොලැබෙනවා නම්... ඒක හිතට එක්‌තරා සහනයක්‌... ඒත්... කාලයක්‌ ප්‍රේමයෙන් වෙලී සිටි ආදරවන්තිය... තවකෙකු සමඟ අතිනත බැඳන් යන ආකාරය දකින පරාජිත පෙම්වතාට.... ඇතිවන හැඟුම... වේදනාව... වචනයට හරවන්න පුලුවන්ද...
    සුනිල් ආර්. ගමගේ.... මේ ගීය ලියුවේ මීට වසර ගණනාවකට කළින්... තරුණ කාලේ... කපුගේ මහත්මයට තමයි ලියුවේ.

    වසර ගණනාවක්‌ ගත වුණත් මේ ගීය අපිට අදත් අලුත්... නැවුම්... කපුගේ මහතාගේ කහඬ ගැන කිව යුතු නැහැ... ඒත් මේ ගීය... ශුංගාරාත්මක සාහිත්‍ය රසයෙන් යුතු ගීයත්... පදමාලාව ඒ රසයට බොහෝ සේ ඉවහල්ව තිබෙනවා... ගීයේ රසභාවයන්ට සංගීත රස රාගයන් එක්‌ව තිබෙන නිසා ඉතාමත් හොඳින් රස විඳිය හැකි... පදමාලාවෙන් පමණක්‌ නොවේ ගී තනු නිර්මාණය ඔස්‌සේද විරහ වේදනාව හොඳින් වින්දනය කළ හැකි ගීයක්‌.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දිගු දැස දුටුවාම
    හැඟෙනවා පෙරසේම
    උන්නු හැටි මගේ ගාව
    ඔය හිතට අමතකද
    බිඳ දමා මගේ සිහිනේ
    ඇයිද ඔබ හැංගෙන්නේ...
    මට දෙන්න මගේ සිහිනේ
    ළඟ ඉන්න පෙර වාගේ...

    රෑ දිවා හිතපුරා ඇවිලිලා මේ ගින්න
    තරු පවා හඬනවා ඔබට නෑ තේරෙන්නේ
    හිතට හිත හිමි නැතිද
    අහනවා හිත මාගේ
    මට දෙන්න මගේ සිහිනේ
    ළඟ ඉන්න පෙර වාගේ...


    අප පෙර එදා හමුවෙලා
    වෙලුනු හැටි මුදු පහසේ
    පෙනෙනවා දකිනවා
    නිහඬ රෑ දුර අහසේ
    දුරම මිස ළඟ නැතිද
    අහනවා නෙතු මාගේ...

    පදරචනය - නන්දන වික්‍රමගේ..
    ගායනය / සංගීතය - රොමේෂ් සුගතපාල

    එදා අපි හමුවුනාම... ආදරෙන් තුරුළු වෙලා.... මෘදු පහස.... විඳි අයුරු.... මට අදත් පෙනෙනවා වගේ.... සමහර විට ඒ ආදරබර මොහොත හිතින් මවාගෙන මා එය දකිනවා..... අපි එලෙස පෙමින් වෙලී සිටි හැටි.... නිහඬ රාත්‍රියේදී ඈත ඈත දුර අහසේ මැවී පෙනෙනවා.... ඒත් ඔයා ඉන්නේ දුර.... ළඟ නොවේ.... මගේ නෙත් මගෙන් විමසනවා.... ඇයි ඔයා දුරස්‌ව ඉන්නේ කියලා....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි ආයෙත් හමු නොවුනා නම්
    ඉස්‌සර දවසක මියගිය සෙනෙහස
    යළි ඉපදී මා හද හඬවන්නට
    අපි ආයෙත් හමු නොවුණා නම්

    ඔබ නොහඳුනනා විරහ වේදනා
    පෙරදා වින්දේ මා පමණයි
    හුඟ කලකින් හමුවී සෝ ළතැවුල්
    අදත් විඳින්නේ මා පමණයි

    සමුගන්නට නම් අහිමි ආදරෙන්
    මේ ලෙස ඇයි අප හමුවන්නේ
    ආදරයේ කඳුළින් මියයන්නට
    ජීවිත ඉරණම විසඳෙන්නේ

    පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    තනුව/සංගීතය - වික්‌ටර් රත්නායක
    ගායනය - සෝමතිලක ජයමහ

    වළ දැමූ අතීතයක්‌.... යළි ගොඩ දමන්න කැමැති කවුද... අතීතයේදී අප මුහුණදුන් ඇතැම් අමිහිරි සිද්ධීන්... යළි යළිත් මතක්‌ වෙද්දී... හදවත හඬා වැළපෙනවා.... ඒ නිසාමයි ඒවා වළ දමන්නේ... ඒත්.... ඒ යටගිය අතීතය අපි ඉදිරියේ යළිත් දකින්න ලැබුණොත්...

    ආචාර්ය අජන්තා රණසිංහයන් අතින් ලියෑවුණු ගීත ගොන්න අතරින් ඉතාමත් හැඟුම්බර ගීයක්‌ ලෙස මේ ගීතය සලකන්න පුළුවන්..... පොදු අත්දැකීමක්‌ විරහ වේදනාවක්‌ නැත්නම් සමහර විට ඒ ජීවිතය අසම්පූර්ණයි කියලත් හිතෙනවා. කෙසේ වෙතත් සෝමතිලක ජයමහ ප්‍රවීණ ශිල්පියාගේ හඬ තුළ විරහව විඳින අහිංසක පෙම්වතකුගේ හඬට සමාන කමකුත් තියෙනවා.... වික්‌ටර් රත්නායකයන් අර්ථයට මෙන්ම හඬට ද ගැලපෙන ආකාරයේ තනුවකින්, සංගීත නිර්මාණයකින් ගීතයට දායක වී සිටිනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Chrector map gihin font wala thiyena eawa dapan.. (Start --> All programmes --> Accessories--> System tools--> Corrector Map)
    එහෙම කලත් හරි... :):)

    ඔය ගීතයට මමත් ගොඩක් ආසයි මචං...

    machan uba me thread eke head ekata dala thiyena marks dana vidiha mata pm karapanko....
    PM කලා මචං.. Pink panther කියන විදියත් හරි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුර ඈත අතීතයෙ
    ඔබ හා ඇවිද ගොසින්
    ආසයි ආ මඟ ආයෙත් එන්නට
    අප පෙම බිඳුණු තැනින්...

    ඔබ සිත මා සිත දෙලොවක රැඳුනා
    නොසිතූ නොපැතූ ලෙසින් ගැටී
    එනමුදු තාමත් සිහින මැවෙනවා
    මතකය හදවත පතුලෙ රැඳී...

    බොළඳ සිහිනයකි මා සිත දකිනා
    සැබෑ ලොවක ඉටු නොවනු ඇතී
    ආසයි එනමුදු නැවත දකින්නට
    ඒ සිහිනේ... සැරිසරමු අපී...

    පද රචනය - හෙසලා ගුණතිලක
    ගායනය/සංගීතය - චන්ද්‍රසේන හෙට්‌ටිආරච්චි

    දුර ඈත අතීතයට අපිට ආයෙත් යන්න ඇත්නම්... කවුරුත් ඒකට ආසාවෙයි. එතකොට අපිට පුළුවන් අපෙන් වූ වැරැදි, ජීවිතයේ ඇතිවූ ගැටුම් මඟහැර අලුතෙන් ආයෙත් ජීවිතය ගෙන එන්න. ඒත්... ඒත්... ඒක කවදාවත් සිදු නොවන දෙයක්‌. අපිට ආයෙත් ඇත්තටම අපේ ළමා කාලයට, අතීතයට යන්න බැහැ. පුළුවන් වෙන්නේ මතකය විතරක්‌ ඈතට අරගෙන යන්න විතරයි.

    විරහා වේදනාව අලුත් විදිහකට යථාර්ථවාදීව දකින ගීයක්‌. කැමැත්ත සහ සත්‍යය අතර වෙනස, හඬා දොඩා වැළපීම නොවේ එය ඉක්‌මවා ගිය ස්‌වරූපයක්‌ මේ ගීතයේ තියෙනවා. කෙසේ වෙතත් චන්ද්‍රසේනගේ හඬත් මේ ගීතයේ අර්ථය හදවතට ළංකරන්න වඩාත් හොඳ කාර්යභාරයක්‌ ඉටු කරනවා.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මලක්‌ වුණේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සලන
    එනමුදු සිප ගන්නට තහනම්...
    විලක්‌ වුණේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දොතක්‌ බොන්නට තහනම්...

    පහන් තාරකාවක්‌ සේ
    ජීවිතයට මඟ කීවද
    ඒ එළියෙන් මහද පහන්
    දල්වනු කෙළෙසින්
    කියන්න

    මලක්‌ වුණේ ඇයි...//

    සහන් ගීතිකාවක්‌ සේ
    ජීවිතයේ ගිම් නිව්වද
    ඒ ගීයේ සොඳුරු වදන්
    මුමුණනු කෙළෙසින්
    කියන්න
    මලක්‌ වුණේ ඇයි...//

    පද රචනය- - සමන් අතාවුදහෙට්‌ටි
    සංගීතය - කළණි පෙරේරා
    ගායනය - අමරසිරි පිරිස්‌



    මලක සුවඳ විඳින්න කවුරුත් කැමැතියි. මලේ සුවඳ වඩාත් හොඳින් දැනෙන්න නම් ඒ මල සිපගන්න ඕනෑ. ඒකට මලෙන් අවසර ගන්න ඕනෙත් නැහැ.

    සුවඳ මලක්‌ සිපගනිද්දි ආදර හැඟුම් මෝදුවන බව දන්නවද. සමහරු මලක්‌ සිප එහි සුවඳ විඳිනවා. තවත් සමහරු මල දෙස බලා සිට මිහිරක්‌ විඳිනවා. මේ දෙපිරිසම මලට ආදරෙයි. ගොඩක්‌ ආදරෙයි. දවසක මේ මල පරව යන බවවත් මතකයට එන්නේ නැහැ. ඒ තරමටම මලට ආදරෙයි.



    කොහොම වුණත් මේ ගීය ඔය කියන ආකාරයට පෙම්වතුන්ගේ ජාතික ගීය බවට පත්වුණේ ඇයි? ඒකට හේතුවක්‌ තියෙනවා. එක එක පෙම්වතාට තම තමන්ගේ ප්‍රේම සිතිවිලි, අත්දැකීම් අනුව මේ ගීය තමන්ගේ කරගත හැකියි. ඒක සමහර විට තහනම් ආදරයක්‌ වෙන්න පුලුවන්. නැත්නම් සම්මත පෙමක්‌ වෙන්නත් පුළුවන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විත පිරුණා මැදියම් රෑ
    ඔබ නැති පාළුව දැනුනා
    ඉවසුම් නෑ...

    නෙතුළඟ සිතල මැවුනා
    කඳුලක්‌ තාලෙට හැලුනා
    මා හද හැඬුවා ඔබ දන්නෑ

    සියොළඟ තෙමුනා තුරුලටවී
    සඳ ගිනි ගත්තා උණුසුම්වී
    මතකය පමණයි ඈ මියදෙයි
    මේ තනි යහනේ මා තනිවේ

    වාවනු බෑ හිතගිනි ගද්දී
    මට උණුසුම විතරයි ඔබ ඉද්දී
    සුදු පාටින් ඇයි ඔබ සැරසී
    ඔය නිල් නෙතු නිහඬයි අද දියවී

    පද රචනය - සම්පත්
    තනුව - චතුරංග
    සංගීතය - සංජු
    ගායනය - දිනේෂ්

    ආදරවන්තයින්ගේ හිත්වල මොන තරම් ප්‍රාර්ථනා තියෙනවද... විවාහය ගැන... දරු මල්ලන් ගැන... ලස්‌සනම ලස්‌සන කූඩුවක්‌ ගැන.... ඒත්.... මේ වගේ පැතුම් ගොන්නක්‌ එක්‌ක ආදරය කරන දෙන්නෙකුට වෙන් වෙන්න උනොත්.... ආදර බර පෙම්වතිය පෙම්වතා හැරදා සදහටම දෙනෙත් පියා ගත්තොත්... පාළු සොහොන් බිමක අඩි ගණනත් පොළව යට... නිසලව නිදන ඇය තනිකර දමා එන්න තරම්.... පෙම්වතකුට හිත හදාගන්න පුළුවන්ද...

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුගත්... දම්මිට හුඟාක්‌ ආදරේ කළා.... ධම්මිත් ආදරය කළා.... ඒත්... අන්තිමේදී ඇය සුගත්ව දාල ගියා..... සුගත්ගෙ හදවත ගොළු වුණා... තනිකම... පාළුව දරාගන්නම බැරි තැන සුගත්ගෙ හිතවතා වුණේ මධුවිත.... දුම්වැටිය... දම්මි සුගත්ගෙන් ඈත් වුණත් මධුවිතයි දුම්වැටියයි සුගත්ව අතැර ගියේ නැහැ.... මේ බව දැනගත් දම්මි... ආයෙත් සුගත් ගැන හිතන්න පටන් ගත්තා.....

    ගොළු හදවතේ දම්මිලා.... අදත් අප අතර ඉන්නවා.... දම්මිලා නිසා පාළුව තනිකම එක්‌ක දවස ගෙවන සුගත්ලාත් ඉන්නවා...

    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    ඔයා මගේ ජීවිතේට ආවේ හුඟාක්‌ දුරක ඉඳලා නොවේ... මේ ළඟම ඉඳලා තමයි ඔයා මගේ හිත හොරා ගත්තේ.... නොකියාම මගේ ජීවිතයට එකතුවුණ ඔයා යන්න ගියා... ආයමෙත් ආවා... ඒත් මට බයයි... නැවතත්... ආදරෙන් පලා යාවි කියලා....

    රචිතා වාකිෂ්ඨ... කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක්‌... ඇය තමයි මේ ගීය ලියුවේ....

    මේක ඇත්තටම කැම්පස්‌ එකේ මට ගොඩාක්‌ම හිතවත් මිතුරෙකු මුහුණ දුන් අත්දැකීමක්‌... ඔහු හම්බන්තොට දුෂ්කර ගමක ඉඳලා කැම්පස්‌ එකට ආවේ... ඉගෙන ගන්න හරිම දක්‍ෂයි. මෙයා නුවර ඉඳලා කැම්පස්‌ ආ ගැහැනු ළමයෙක්‌ එක්‌ක යාළු වුණා.... ඒ ගෑනු ළමයම තමයි සම්බන්ධෙ පටන් ගත්තේ... මගේ මිත්‍රයා... ඇයට හුඟාක්‌ ආදරේ කළා....

    දකින හිමිවන හීනේ... නුඹ කොතැන හිටියා
    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
    හඬන හිනැහෙන නෙත් නුඹේ උරහිසේ තිබුණා
    ඇත්තමයි නුඹ අහසක්‌a වගේමයි හිතුණා

    ඔහු ඇයට කොතරම් ආදරේ කළා ද කිව්වොත් මොහොතකට දෙනෙත් පියාගත්තත් පෙනෙන්නේ ඇයමයි.... වෙලාවකට ඇය ඔහුගේ උරතලයේ හිස තියාන හඬනවා... වෙලාවකට හිනාවෙනවා... ඔයාත් හරියට අහස වගේමයි... ඔහු ඇයට කියූ වාර ගණන අප්‍රමාණයි... ඒ මතක සැමරුම් ඔහුගේ ජීවිතය හා සමානයි....

    මගේ මිත්‍රයා ඇයට කොතරම් ආදරේ කළත්... ඇය ටික කලකදී ඔහුව මඟහරින්න පටන් ගත්තා.... ඔයා හද්ද වන්නියේ... අනෙක දුප්පත්... µeමිලි බැක්‌ග්‍රවුන්ඩ් එකත් මට ගැළපෙන්නෙ නෑ..." එහෙම කියලා ඇය ඔහුව ප්‍රතික්‍ෂේප කළා....

    කැම්පස්‌ එකේ තියෙනවා බිත්ති පුවත්පතක්‌.... ඇය කොයිතරම් රිදවූවත් ඔහු ඇයට දොස්‌ කිව්වෙ නැහැ... තරහා ගියෙත් නෑ... ඇයට ඔහු ප්‍රතිචාර දැක්‌වූයේ බිත්ති පුවත් පතින්... ඔහු බිත්ති පුවත්පතට තමන්ගේ හැඟීම් ලියුවා... තවමත් ආදරෙයි... කියලා ඔහු ලියුවා....

    නුහුරු නුපුරුදු හීන අරන්
    ළඟට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    ඔහු තනිවුණා.... හරියට ගොළු හදවතේ සුගත් වගේ.... තමන්ටම වධ දෙන්න පටන් ගත්තා.... තනිකමට.... පෙම්කරන්න පටන් ගත්තා...

    මිරිඟුවක හිත තියලා නුඹ දුරක ඇදුණා
    රංචු ගැහෙනා රෑනේ තනිකමක්‌ දැනුණා
    ඇසිල්ලක දුටු හීනෙන් හිත හුඟක්‌ රිදුණා
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා

    ඇය ඈතට ඈතට යන්න ගියා... ඒ ඔහුට මිරිඟුවක්‌ පෙන්නලා... ඇගේ ආදරේ ආයෙත් කිසිදාක ලැබෙන එකක්‌ නෑ.... ඔහුට හිතුණා... කැම්පස්‌ එකේ කොල්ලෝ කෙල්ලෝ අතර රංචු ගැහිලා හිටියත්.... ඈ නැති තනිකම දැනුණා... ඇයගේ හමුවීම.... තුරුලුවෙලා ආදරය කළ අයුරු.... හරියට ඉක්‌මනින්ම පෙනිලා නොපෙනී යන හීනයක්‌ වගේ... මගේ හිත හුඟක්‌ රිදුණා.. මේ ආදරය කිසිම අර්ථයක්‌ නැහැ කියලා වෙලාවකට හිතෙනවා.....

    මගේ මිතුරා දුක්‌විඳින්න ගත්තා.... ඒත් ඒ ගෑනු ළමයා ආයෙත් ඔහුට ළං වුණා.... ඔහුට අදහා ගන්නත් බැහැ... ආයෙත් බිත්ති පුවත්පතට ඔහු මෙහෙම ලියනවා... එයා ආයෙත් නොකියාම මගේ ජීවිතේට ළං වුණා.... මට බයයි.... ආයෙත් මාව දාලා යාවිද කියලා....

    මේ ගීය ගැළපෙන්නේ ආත්මා ලියනගේ හැඟුම්බර හඬකට. රචිතා වාකිෂ්ඨ ගීය ලියුවේ තිළිණ රුහුණගේගේ මෙලෙඩි එකකට. මෙලෙඩි එකත්, පදමාලාවන් දුටු ආත්මා එකපයින් ගීය ගයන්න එකඟ වෙලා... දවසින් දෙකෙන් ගීතයේ වැඩ අවසන්... මෙලෙඩි එක හදපු තිළිණ හිරු එµa එම් සංගීත අධ්‍යක්‍ෂවරයා... රචිතා... තවමත් සරසවි දියණියක්‌....

    ඇගේ පියාත් ප්‍රවීණ ගීත රචකයෙක්‌. ඔහු චන්ද්‍රd වාකිෂ්ඨ. උතුරු කොනේ නුඹ හිනැහේ.... නඩරාජා මල්ලියේ..." කපුගේ ගැයූ ගීයේ රචකයාත් රචිතාගේ පියා....

    සටහන අජිත් අලහකෝන් මහතා...

     
    • Like
    Reactions: Duo Plazt

    damii87

    Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    දෙවනි බුදුන් ලෙස ලේවම උවමි කල
    ලේවක පිදුමි ලද ලේවක උතුමි ලද
    අමිමා...අමිමා...අමිමා

    දෙසවන් සනසා මා නැළවු ඔබ
    මියුරු මියැසියෙ අරුත කියා දුනි
    ඒ මියසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ලග නැත

    අමිමා...අමිමා...අමිමා

    ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ
    ළතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒදිරියෙන් ලේව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ලග නැත

    අමිමා...අමිමා...අමිමා


    සුනිල් එදිරිසිංහ
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මචං..

    දෙවනි බුදුන් ලෙස ලේවම උවමි කල
    ලේවක පිදුමි ලද ලේවක උතුමි ලද
    අමිමා...අමිමා...අමිමා

    දෙසවන් සනසා මා නැළවු ඔබ
    මියුරු මියැසියෙ අරුත කියා දුනි
    ඒ මියසිය අද මා ගයනා විට
    මා සිප ගන්නට ඔබ මා ලග නැත

    අමිමා...අමිමා...අමිමා

    ඇසට හඩන්නට කදුළැලි දුන් ඔබ
    ළතැවුල් දරනා දිරිය ලබා දුනි
    ඒදිරියෙන් ලේව ජය ලබනා විට
    මා සිප ගන්නට ඔබ මා ලග නැත

    අමිමා...අමිමා...අමිමා


    සුනිල් එදිරිසිංහ

    ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක
    දෙවැනි බුදුන් ලෙස - සුනිල් එදිරිසිංහ
    මිහිමඬලේ අඳුරු කුසේ - නන්දා මාලනී
    මතකය අතරින් – ඉන්ද්‍රාණි පෙරේරා
    දුවලා ඇවිත් පෙර ලෙස මා - - නිහාල් නෙල්සන්
    අම්මාවරුනේ – නන්දා මාලනී
    ලැබුවත් නෙත් යුග දහසක – - අසංග ප්‍රියමන්ත පීරිස්


    මම ආදරය කරන ගීතයක් මචං.. ඔය අතරින් මේ ගීත කිහිපයත් හදවතේ රැදිලා තියෙනවා.. :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
    අතීතයේ ඇදි පෙම් සිතුවිලි
    බොද කරලන්නට ඇයි ඔබ සිතුවේ
    මකා දමා දෙසිතක සටහන්

    වියකී යන්නට සැරසුණු මල දැක
    හිත හැඩුවා මුළු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නො එන්නට
    මලේ සුවද ගෙන මලට හොරෙන්

    ඉසුරු කොදෙව්වේ...

    යලිදු පතන්නට පැතුම් පෙලක් නැත
    හිත හැඩුවා මුලු ලොවට හොරෙන්
    සමුගෙන යන්නෙමි යලිත් නො එන්නට
    ඔබේ සුවද ගෙන ඔබට හොරෙන්

    ඉසුරු කොදෙව්වේ...

    ගායනය - ජගත් වික්‍රමසිංහ

    එදා අපි කාටත් හොරෙන් පාලු ඉසව්වක තනිවෙලා.. පෙම් කරපු දවස් මට මගේ සිහියට නැගෙනවා.. ඒත් ඒ හැමදේම බොද කරලා දාලා ඔයා යන්නම යන්න ගිහින්.. ඔයා කොහොමද නපුරු උනේ මේ තරම් අහිංසක හිතක් තලන්න තරම්..

    ඔයා එදා මගෙන් සමුගෙන යන්න ගියපු දවසේ.. මම හැඩුවා මුළු ලෝකයටමත් නොපෙනෙන්න.. මමත් ඈතටම යන්නම් ඔයාගෙ ඒ හිතේ තියාගෙන යලිත් නොඑන්නම..
     

    suresh1983

    Junior member
  • Jun 8, 2007
    67
    0
    6
    පාලු සුසානේ ‍‍‍‍ප්‍රේම පුරානේ
    කදුලු විලාපේ මා තමයි
    අපි දෙදෙනාගේ එදා සෙනේ
    සැමරැම් කිසිදා මැකී නොයේ
    මට අමතක නෑ ඔබට මතක නෑ//

    ප්‍රාණය අද හෝ හෙටින් නිමාවී
    ආදරයක් මිය යාවිදෝ
    හදවත ගොලුවී ඔබේ නාමයෙන්
    ජීවිතයක් නවතීවිදෝ
    මා විමසන්නෙමි කියන්නකෝ මට
    කෙලෙසද මේ ලෙස කුරිරැ වුනේ

    පාලු සුසානේ

    මගේ අත්තටු බිද පියා සලාලා
    යන්නට ඔබ පැතු චේතනා
    ඔබයි දිනූවේ පරාජිතයි මා
    මේකද මට දුන් වාසනා
    ආදර රේඛා සුසුම් හෙලාවී
    කම්පා කරවා මහී තලේ

    පාලු සුසානේ

    දෛවය මේ නම් සුදු අපි නාඩමු
    හමුවෙමු මතු සන්සාර‍ෙය්
    කුරා කුහුඹුවන් හෝ නොවිදීවා
    ඇවිලෙන මේ ගිනි මා ලයේ
    ඔබ නොව ළදුනේ මමයි සදාකල්
    අසරණ වූයේ කුමාරියේ

    පාලු සුසානේ//

    පද රචනය අජන්තා රණසිංහ
    සංගීතය සරත් ද අල්විස්

    මේ සින්දුව අහනව මිසක් මට මේ ගැන දෙන්න Comment එකක් නෑ හේතුව මට මේ සින්දුව අහන කොට වෙන කිසිදෙයක් මතක් වෙන්නේ නැති නිසා
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,090
    755
    113
    Paris
    යන්න ගියේ බිය හිතිලද.... සින්ඩරෙල්ලා . . .

    කැමීලියා මල් සුවඳට

    සඳ කෙමි මත් පා තිය තිය //
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . ....
    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ අළු තවරා //
    සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
    ඈත එපිටින් හදට වඩින්
    සින්ඩරෙල්ලා . . .

    කැමීලියා මල් . . .

    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා //
    ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා . . .

    148621_166679713362973_100000628361005_389765_469304_n.jpg
     
    • Like
    Reactions: crazybuddy

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පාලු සුසානේ ‍‍‍‍ප්‍රේම පුරානේ
    කදුලු විලාපේ මා තමයි
    අපි දෙදෙනාගේ එදා සෙනේ
    සැමරැම් කිසිදා මැකී නොයේ
    මට අමතක නෑ ඔබට මතක නෑ//

    ප්‍රාණය අද හෝ හෙටින් නිමාවී
    ආදරයක් මිය යාවිදෝ
    හදවත ගොලුවී ඔබේ නාමයෙන්
    ජීවිතයක් නවතීවිදෝ
    මා විමසන්නෙමි කියන්නකෝ මට
    කෙලෙසද මේ ලෙස කුරිරැ වුනේ

    පාලු සුසානේ

    මගේ අත්තටු බිද පියා සලාලා
    යන්නට ඔබ පැතු චේතනා
    ඔබයි දිනූවේ පරාජිතයි මා
    මේකද මට දුන් වාසනා
    ආදර රේඛා සුසුම් හෙලාවී
    කම්පා කරවා මහී තලේ

    පාලු සුසානේ

    දෛවය මේ නම් සුදු අපි නාඩමු
    හමුවෙමු මතු සන්සාර‍ෙය්
    කුරා කුහුඹුවන් හෝ නොවිදීවා
    ඇවිලෙන මේ ගිනි මා ලයේ
    ඔබ නොව ළදුනේ මමයි සදාකල්
    අසරණ වූයේ කුමාරියේ

    පාලු සුසානේ//

    පද රචනය අජන්තා රණසිංහ
    සංගීතය සරත් ද අල්විස්

    මේ සින්දුව අහනව මිසක් මට මේ ගැන දෙන්න Comment එකක් නෑ හේතුව මට මේ සින්දුව අහන කොට වෙන කිසිදෙයක් මතක් වෙන්නේ නැති නිසා



    kawda meka kiyanne?
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,090
    755
    113
    Paris
    හදවත ඉල්ලා
    නොලැබුන විටදි
    දහසක් සිතුවිලි මා
    හද තුල තෙරපී
    මිතුරිය ඔබ කෙලෙසක හෝ
    අමතක කරමී
    නොපිරු පෙරුමන් පුරලා
    කුමටද ලතැවී

    ඔය නෙතු අග රැදි තිබු
    නිල්මිණි ඡායා
    දැක මා හදවත සසැලි
    සෙනෙහස කීවා

    මතු අප උපදින භවයේ
    යළි හමු වේවා
    ඔය නෙත් අග සිසිල රැදි
    මට ළං වේවා