■■ කැරමල් පුඩිම ■■

■■ කැරමල් පුඩිම ■■

■■ කැරමල් පුඩිම ■■

අවශ්‍ය ද්‍රව්‍ය:-

■ ටින්කිරි ටින් 01 හෝ කිරි ලීටරයක්
(ඔබ යොදා ගන්නේ කිරි ලීටරයක් නම් වතුර අවශ්‍ය නැත.)

■ වතුර මි.ලී 200 (ටින් කිරි දිය කරගැනීමට)

■ බිත්තර 05

■ සීනි ග්රැම් 50

■ වැනිලා තේ හැදි 1

■ දෙහි ගෙඩියක් හෝ ලෙමන් ගෙඩියක්

සාදන ක්‍රමය:-

01. භාජනයක් රත් වීමට ලිප තබා එයට සීනි සහ වතුර ස්වල්පයක් දමා දුඹුරු පැහැ වෙන තුරු කැරමල් කර ගෙන ඔබ පුඩිම සෑදීමට භාවිතා කරන තැටියට දමා හොදින් එහි තවරා ගන්න.
[කැරමල් ලිපෙන් බා ගත් සැනින් තැටියට දමන්න. නැතහොත් කැරමල් එක හයිය(ඝන) වේ.]
දැන් එය නිවෙන්නට පසෙක තබන්න.
02. පිරිසිදු භාජනයක් ගෙන එයට කිරි ලීටරය හා සීනි ග්රෑම් 200 එකතු කර සීනි දිය කර ගන්න.
[ යොදා ගන්නේ ටින් කිරි නම් එය පැනි රස හා උකු බැවින් එයට වතුර මි.ලී 200 පමනක් එකතු කර හැදි ගාන්න.]
03. වෙනත් භාජනයකට බිත්තර ටික කඩා දමා එය ගෑරුප්පුවකින් හෝ බීටරයකින් ගසා ගන්න.
දැන් සීනි හා කිරි මිශ්‍ර බදුන ලිප තබා යන්තම් රත් වෙන තුරු හැදි ගාන්න. (ඇගිල්ල දමන්න පුළුවන් තරමට රත් උනාම ලිප නිවන්න.
04. එයට වැනිලා සහ දෙහි ගෙඩියේ පොත්ත ග්‍රේටරයේ සිහින් පැත්තෙන් ගා එයට එකතු කර හැදි ගාන්න. (දෙහි පොතු එකතු කිරීමෙන් අමුතු රසයක්,සුවඳක් එකතු කරයි. දෙහි පොතු අවශ්‍යම නැත. එහෙත් මම අනිවාර්යෙන්ම සිහින්ව ග්‍රේට් කරගත් දෙහි පොතු තේ හැදි භාගයක් එකතු කරනවාමයි. එය ඔබේ කැමැත්ත අනුව.)
05. දැන් අවන් එකේ (උදුනෙහි) ලොකු තැටියක් තබා එහි හරි අඩක් වෙනතුරු වතුර එකතු කොට එම වතුරට දෙහි ගෙඩියක් හෝ දෙකක් පොත්ත පිටින්ම කපා දමා අවන් එකෙහි රත් වෙන්නට හරින්න.[දෙහි ගෙඩියක් කපා දැමීම මගින් බිත්තර වලින් හමන පිලිහිඩුගද අවම කරගන්න පුළුවන්,ඒ වගේම අමුතු සුවඳක් එක් කරයි.]
06. යන්තම් රස්නය ඇති කිරි මිශ්‍රනයට කලින් ගසා ගත් බිත්තර මිශ්‍රණය දමා හොඳින් හැඳි ගා එය පසෙක සූදානම් කරතැබූ කැරමල් තැටියට වත් කරන්න.
07. උඳුනහි සකස් කරගත් වතුර සහිත තැටිය මත කැරමල් බඳුන තබා විනාඩි 20 ක් පමණ තම්බා ඔබට අවශ්‍ය නම් කැරමල් පුඩිම මදක් ඉවතට ගෙන කජු, හෝ මුද්දරස්පලම් ඉස නැවත විනාඩි 15 ක් හෝ 20 ක් තම්බාගන්න.
(තැම්බී ඇත්දැයි බැලීමට පිරිසිදු ඉරටු කැබැල්ලකින් පුඩිම තුලට බස්සවන්න. ඉරටුව ඉවතට ගන්නා විට කුඩා කිරි කැට ඉරටුවේ රැඳේ නම් පුඩිම තැම්බී නැත. ඉරටුවහි කිසිවක් නොමැතිව පිටතට පැමිණේ නම් පුඩිම තැම්බී ප්‍රමාණවත්ය.)
08. ඉවතට ගත් පුඩිම නිවුනු පසු (ශීතකරණයක තබන්න.)
සංග්‍රහ කිරීමට පෙර තැටිය මදක් සොලවා කැරමල් තට්‌ටුව උඩට සිටින සේ [අනිත් පැත්ත හරවන්න] දීසියකට දමා කෑලි කපා පිළිගන්වන්න.


keralacuisines-caramel-pudding.JPG