►►►♫♥☺memories☺♥♫◄◄◄

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ලෝක හෙරක්නෙ :rofl::P
අනේ අපි හරි අහිංසකයි

මේකත් ඔය වගේ 1ක් තමා..ඉඟුරු අලේ වෙනුවට තියෙන්නේ මාලු බනිස් 1ක්

අපි ට්‍රෑල්ස් වලට කොලඔ සෙන්ට් බෙනඩික් 1 ට ගියා 9 වසරෙදි.මමයි තව කොල්ලො 4 දෙනෙකුයි.නොතේරෙන බව දැනන් හිටියත් ආසාවට තමා ගියේ.වැහැල ග්‍රවුන්ඩ් එකෙ වතුර නිසා ට්‍රැල්ස් පරක්කු උනා.අපි ඒ අතරෙ මොනව හරි කන්න කියල කඩේකට සෙට් උනා.අපේ හිටියා 'කුරා' කියල අණ්ඩපාල ඩයල් 1ක්.මිනිහා මාලු බනිසෙක මැද්දෙන් හාරල කාල නොකෑවා වාගෙ පේන්න බනිසෙ තියල ශේප්.කඩේ උන්ට මාට්ටු උනේ නැ හොද වෙලාවට. අරූට ගානක් වත් නැ.ඒත් මං නම් හොදටම රත් වෙලා හිටියෙ කොලඹ්න් කාලා එන්න වෙයි කියලා.අමුත්තක් නැතුව කඩෙන් එලියට ආවා කට්ටියම.එක පාරටම කඩේ මුදලාලි යන්තම් ඉදන් හිටිය තැනෙන් නැගිටිනවා වගෙ දැක්කා විතරයි අපි ඔක්කොම දිව්වා පණ එපා කියලා.......මෙ වගෙ 1ක් ' අපි නොදන්න ලයිව්' එකෙත් ගියා දැක්කා ටික කාලෙකට කලින්.එතකොට නම් මෙවා මතක් වෙනකොට හිනා...ඒත් ඒ දුවපු වෙලාවෙනම් දැනුනෙ මර බය(කොලඹින් කැමක් සෙට් උනානම්... අම්මෝ...). අපි දිව්ව පාරත් මතකයි තාම (සික්ස්ත් ලයින් ද මොකද්ද පාරෙ නම)

මුදලාලියා නැගිටින්න ඇත්තෙ වෙන මොකකට හරි කවුරුත් අපිව පන්නන් ආවෙ නැ.ඒත් අපි දිව්වෙ මොකටද කියල මිනිහ බලන්න ඇති.
ලොල්

පවු ආච්චී......
:baffled: :rofl:
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    වියළි කතරක නොහඳුනාගත් මනුස්සකම
    (කථනායිකාව ගැන නොසළකා හරින්න-සත්‍ය සිදුවීමකි)
    එදා පඩි ගෙවිය යුතු දවසක්.වෙනදා වගේම සුපුරුදු වාහනයෙන් තම හිතවතිය සමඟ පවනට බඳුවේගයෙන් වත්ත කරා ගියේ ඉක්මනින් කොළඹබලා යළි පැමිණීමේ අවශ්‍යතාවය නිසා.සියල්ල වේගයෙන් සිදුවෙමින් පවතී.ලිපි ලේඛන පරික්‍ෂාකර අවසන්ව වැටුප් ගෙවීමට සූදානම් වූවා පමණි.හදිසි දුරකථන ඇමතුමක්...විනාඩි පහ දහය ගෙවීයයි. නොදැනීම මුදල් සහිත බෑගය තිබූ තැනින්ද ඉවත්වී තවත් විනාඩි කීපයකින් ඇමතුම අවසන්. යළිත් වැටුප් ගෙවීමේ කාර්යට....එහෙත් බෑගයේ තිබූ මුදල් අතුරුදන්.......!
    වතු නිවස බලාගන්නාගේ අවු14ක දියණිය පමණයි ඒ අසල හිටියේ.දැන් උභතෝකෝටිකයක්....ඇය සොරකම් කලාද..?ඇයගේ පියා හෙවත් වත්ත භාරකරු තරමක දරදඬු මිනිසෙක්.ලක්ෂ දෙකක්......සල්ලි නෑ?...වෙන කවුරුත් මෙතන හිටියෙත් නෑනේ?...කිසිවක් සිතා ගත නොහැකි තරම් අවිනිශ්චිතව කාලය ගෙවී යයි.ඒ අසලම මේ කිසිවක් නොදන්නා තාලෙන් කෙළිදෙලෙන් සිටින තම දියණිය වෙත ඇසිල්ලකින් කඩාපාත් වූ පියා, යක්‍ෂාවේශ වූවකු සේ දැරිවියට වැරෙන් පහර දෙයි.ඔහු නවත්වන්නට සමත් දිරියක් ඇති කෙනෙක් අහලක නෑ.උඩු ඇන්දේ දත් දෙකක්ද ගැළවී,දෙතොල පුපුරා වදනකුදු තෙපළන්න තරම් නොහැකි තරමට හෙම්බත්ව සිටි,අසරණියගේ ආයාචනාත්මක අවිහිංසක දෑස නොකියා කියන්නේ ඇය සපුරාම නිදොස් බවයි.
    හිටි හැටියේ මිතුරිය එතනට එයි. ඇයි දෙවියනේ මේ මොකද වෙලා තියෙන්නේ? මෙතන සල්ලි නිකංම මේසෙ උඩ දාල තිබුන නිසා මම අරන් තිබ්බා.මෙන්න සල්ලි!ඉතිං දෙය්යනේ මේ කෙල්ල දැක්කනේ මම සල්ලි අරන් තියනවා.ඇයි කිව්වෙ නැත්තේ.............?! ඇයි.........!එහෙත් ඇයට කතාකරන්නට නොහැකියි.යළිත් දිගු නිහැඬියාවක්....පසුතැවීම...හිත් පුපරුගහන වේදනාව....හැමෝගෙම නෙත් කඳුළෙන් බරවෙලා........
    සති දෙකක විරාමයකින් යළිත් ඇය මුහුන ඉදිරිපිට. ඇයි දරුවෝ,අර මිස් සල්ලි අරන් තිබ්බා කියලා එදා නොකිව්වෙ?.......නිහැඬියාව........ඇයගේ දෑසින් කඳුළු රෑරා හැලෙයි..සිහින් ඉකිහඬ මහා අදෝනාවක් වෙයි.....යළිත් නිහැඬියාව...
    මම දැක්කා,ඒ මිස් සල්ලි ගන්නවා.ඔයාලා යාළුවෝ නේ,ඒත් එයාට කරදරයක් වෙයි කියලා මම කිව්වෙ නෑ...තාත්ත කියන්න ඉඩක් දුන්නෙත් නෑ......
    ඒ පුංචි හදවතේ මනුස්සකමේ උනුහුම......එදා විනාඩි තුන හතරක සිදුවිම... ජීවිතයටම ලොකු පාඩමක්.

    ඇයි මේ දුක් seen දෙන්නේ...:no::no::no:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හොද ත්‍රෙඩ් එකක් ශම්මි, මට නං දෙකෝටි පන්ස්ලක්ශයක් විතර ඔය වගේ සීන් තියෙනව, ඒත් මෙතන කියන්න පුලුවන් ඒව නං අඩුයි, ඒව කපල, කොටල කිව්වොත් කිසි ගතියක් නැහැ, ඉස්කෝල යන කාලෙ නං එක්චර සීන් නැහැ, 10/11 පන්ති වල මම පන්ති නායකලු, පන්තියෙ විභාග වලින් 10 වෙනියගෙන් පහල කවදාවත් එන්නෙ නැහැ ඒත් ඉස්කෝලෙට කිසිම පොතක් පතක් ගේන්නෙ නැහැ, වැඩක් කරන්නෙ නැහැ, කරන්නෙම අල්ලපු පන්සල් වත්තට තාප්පෙන් පනින එක, වලි දාගන්න එක, කෙල්ලන්ගෙ ඉස්කෝල වලට පනින එක, එලකිරි එකේ ඉන්න urajlk අයිලගෙ බැච් වල අය තමයි අපේ ස්ටුවට්ල, ප්‍රිෆෙට්ල, විශේශ දාන්න පුලුවන් දෙයක් මතක් වුනොත් දාන්නං
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ශා......
    නියම ත්‍රෙඩ් එකක් ශම්මි පටන් අරන් තියෙන්නෙ.
    මට නම් ජීවිතේ අමතක නොවන කතා තියනවා,අමතක වෙන ගානට.
    හිමින් සැරේ කියන්නම්කො...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ම්ම්... මෙක යුනි එකේ පලවෙනි අවුරුද්දෙ වුන සීන් එකක්. අපිට ඉතින් නිකම් ඉන්න බැනෙ. යුනි එකේ කෙල්ලන්ගෙ නම්බර් හොයගෙන විකාර කරනව. මේ එක බෝඩිමක වෙච්ච සීන් එකක්. යලුවෙක්ගෙ 4න් එකක් අරගෙන යැව්ව කෙල්ලෙක්ට හොදවයින් එකක්. කෙල්ල අර යලුවගෙ අදුරන එක්කෙනෙක්. මුට සීන් එක දැන්ගත්තාම ඌරු ජුවල්. අපි ගාවට ඇවිත් බැන්න "මචන් මම සිරාවට නෙමෙ විහිලුවට කියන්නෙ උබල ** වැඩේ කරේ. බලපන් මම දැන් කොහොමද ඒකිගෙ මූන බලන්නෙ." කියල. අපිට මචන් පැය බාගයක් විතර හිනා. තාමත් ඕක මතක් කරම ඌ අපෙ පරම්පරාවම මතක් කරනව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක

    "සිරාවට නෙමෙ විහිලුවට" ද නැත්තං "විහිලුවට නෙමෙ සිරාවට" ද .. :P:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ කට්ටියට අතීතය මතක් කරගන්න වගේ ම අනිත් අයට ඒව කියවල යම් දැණුමක්, පාඩමක්, හා වින්දනයක් ලබාගන්නත් හැකිවෙයි. අතීතයේ සුන්දර හා මතක තැන් නැවත මනසට එද්දි ගොඩක් අයට තමන් ගැන යම් හැඟීමකුත් ඇතිවෙයි. තමන් මෙතෙක් ආපු දුර ගැන වැටහීමක් වගේ ම.
     
    • Like
    Reactions: shammee

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මම ස්කෝලෙ යන කාලෙ කගෙත් ආදර්ෂමත් ලමයා. මගෙ අමුතු හොඳකට නෙමේ. අම්මයි තාත්තයි දෙන්නම එ ස්කෝලෙම උගන්නනවනෙ.. බඩුම තමා. ගොඩ ඒමක් නැ ඉතින් මට. හොඳ ලමය වගේ උන්න. හැබැයි මම තරම් පන්ති කට් කරපු එකෙක් නැතුව ඇති. යනව ඔෆිස් එක ගාවට. මම විශ්වාසනීය ලමයනෙ. ඉතින් ප්‍රින්සිපල්ම කතා කරල වැඩක් බාර දෙනව. මුලු පීරියඩ් එකම ඒ වැඩේ කරනව. කවුරු හරි ඇහුවොත් ප්‍රින්සිපල් දුන්න වැඩේ පෙන්නල මාරු වෙනවා. තාමත් ස්කොලෙ ලමයින්ට මාව මතක් කරල ඒ වගේ හැදෙන්න කියල කියනවලු. උන්ට දෙයියන්ගේම පිහිටයි.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේක නං මාස දෙකකට වගේ කලින් වෙච්ච දෙයක්, පලවෙනි වතාවට මගේ 1ස්ට් කල්සින්ල ඔක්කොම ලංකාවෙ එකට එකතු වුනා, ඔක්කොම 6 දෙනෙක් විතර, මගෙ වැඩිමල් කසින්ගෙ වෙඩින් එක ඉවරවෙලා ආෆ්ටර් පාටි එකක් දාල කට්ටියම බිව්ව, පස්සෙ බැදපු කසින් අපිට absinthe කියල ලිකර් බොට්ල් එකක් දීල ගියා, බෝතලේ පොඩියි 5 දෙනෙක්ට මදියි වගේ, අපි ඉතින් පොරට බැන බැන ඕක අයිස් එක්ක ගැහුව, ටික වෙලාවකින් කැරකිල්ල වගේ හැදුන මතකයි එච්චරයි, පහුවදා උදේ තමයි දන්නේ absinthe හරියට වයින් ස්ප්‍රිට් වගේ කියල :baffled: පවර් එක 95%ලු , පහුවදා දවල් නැගිට්ටල ටික වෙලාවකින් කැමරා ටික බලනකොට තමයි තරු විසි වුනේ :baffled: ඒකෙ තියෙන ඒව දැක්කට පස්සෙ තමයි තේරුනේ කට්ටිය absinthe එක ගහල තව පෙය 2ක් වගේ පිස්සු කෙලල කියල, අන්තිමට ෆොටෝ 20ක් වගේ බලල ඉතුරුව නොබලම ඩිලීට් කලා :rofl: (කතාව පුලුවන්තරම් කෑලි බෑලි අඩුකරල කිව්වෙ)
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මේකත් වෙසක් කතාවක් :D

    මීට අවුරුදු 12කට විතර කලින් (අපි ගොඩාක් පුංචි කාලෙ :) ) වෙසක් එකට ලොකූඌඌඌඌ කූඩුවක් හදන්න ඕනෙ කියලා අදහසක් මගෙ කසින් කෙනෙකුට අවා. අයියල අක්කල එක්ක මමත් එකතු වෙලා කූඩුව හදන්න. අපි සාමාන්‍යයෙන් කූඩු හදන්නෙ වෙසක් දවසෙ උදේට ..... පළවෙනි කූඩුව පත්තු කරනකොට මහ රෑ වෙලා (ඒ අපේ හැටි).

    ඉතිං මේක සර්ප්‍රයිස් එකක් වෙන්න කියලා අහල පහල අයට නොපෙනෙන්න කාමරේකට දාගෙන හදනවා. උදේ ඉදන්ම කට්ටිය වැඩ. මහ කූඩුව ඇතුලට බැහැල බදින තරම් ලොකුයි. අපි ඔක්කොම හතර පස් දෙනෙක් දවසම මහන්සිවෙලා අටපට්ටමයි පැටව් කූඩු 4යි හැදුවා :D සව්කොළත් අලවලා, කැටයම් කපලා..... ඇත්තටම ලස්සනයි. :)

    රෑ උනා..... කූඩු පත්තු කරන්නත් ලෑස්තියි :D අපිටත් පත්තු කරනකම් ඉවසිල්ලක් නෑ :eek: ................. :shocked: .................... :baffled: .................. :oo: ............... ලොකු කූඩුව කාමරේ දොරෙන් එළියට ගන්න බෑ ලොකු වැඩියි :nerd:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    owa kiyanna epa yako ahan iddi duka hithenawa :P

    amila geda idea eka :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    umba godak kiwwa ban okkoma mix wela mathakai :P
    මේකේ ෆුල් ස්ටෝරි එක සෙට් වුන වෙලාවක කියන්නං, මෙතන කිව්වොත් ශම්මී පැනල දුවනව, ජීටී මාව බෑන් කරනව :rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේකේ ෆුල් ස්ටෝරි එක සෙට් වුන වෙලාවක කියන්නං, මෙතන කිව්වොත් ශම්මී පැනල දුවනව, ජීටී මාව බෑන් කරනව :rofl:

    ela ela kiyapan :P matath mal mathakayan tikak thiyanawa daanna honda nehene :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක
    මේකත් වෙසක් කතාවක් :D

    මීට අවුරුදු 12කට විතර කලින් (අපි ගොඩාක් පුංචි කාලෙ :) ) වෙසක් එකට ලොකූඌඌඌඌ කූඩුවක් හදන්න ඕනෙ කියලා අදහසක් මගෙ කසින් කෙනෙකුට අවා. අයියල අක්කල එක්ක මමත් එකතු වෙලා කූඩුව හදන්න. අපි සාමාන්‍යයෙන් කූඩු හදන්නෙ වෙසක් දවසෙ උදේට ..... පළවෙනි කූඩුව පත්තු කරනකොට මහ රෑ වෙලා (ඒ අපේ හැටි).

    ඉතිං මේක සර්ප්‍රයිස් එකක් වෙන්න කියලා අහල පහල අයට නොපෙනෙන්න කාමරේකට දාගෙන හදනවා. උදේ ඉදන්ම කට්ටිය වැඩ. මහ කූඩුව ඇතුලට බැහැල බදින තරම් ලොකුයි. අපි ඔක්කොම හතර පස් දෙනෙක් දවසම මහන්සිවෙලා අටපට්ටමයි පැටව් කූඩු 4යි හැදුවා :D සව්කොළත් අලවලා, කැටයම් කපලා..... ඇත්තටම ලස්සනයි. :)

    රෑ උනා..... කූඩු පත්තු කරන්නත් ලෑස්තියි :D අපිටත් පත්තු කරනකම් ඉවසිල්ලක් නෑ :eek: ................. :shocked: .................... :baffled: .................. :oo: ............... ලොකු කූඩුව කාමරේ දොරෙන් එළියට ගන්න බෑ ලොකු වැඩියි :nerd:

    මං හිතුවෙ ඔය වගේ කතා තියෙන්නෙ කතා පොත් වල විතරයි කියලනෙ.. :P:P:rofl::rofl: