මේකත් ඔය වගේ 1ක් තමා..ඉඟුරු අලේ වෙනුවට තියෙන්නේ මාලු බනිස් 1ක්
අපි ට්රෑල්ස් වලට කොලඔ සෙන්ට් බෙනඩික් 1 ට ගියා 9 වසරෙදි.මමයි තව කොල්ලො 4 දෙනෙකුයි.නොතේරෙන බව දැනන් හිටියත් ආසාවට තමා ගියේ.වැහැල ග්රවුන්ඩ් එකෙ වතුර නිසා ට්රැල්ස් පරක්කු උනා.අපි ඒ අතරෙ මොනව හරි කන්න කියල කඩේකට සෙට් උනා.අපේ හිටියා 'කුරා' කියල අණ්ඩපාල ඩයල් 1ක්.මිනිහා මාලු බනිසෙක මැද්දෙන් හාරල කාල නොකෑවා වාගෙ පේන්න බනිසෙ තියල ශේප්.කඩේ උන්ට මාට්ටු උනේ නැ හොද වෙලාවට. අරූට ගානක් වත් නැ.ඒත් මං නම් හොදටම රත් වෙලා හිටියෙ කොලඹ්න් කාලා එන්න වෙයි කියලා.අමුත්තක් නැතුව කඩෙන් එලියට ආවා කට්ටියම.එක පාරටම කඩේ මුදලාලි යන්තම් ඉදන් හිටිය තැනෙන් නැගිටිනවා වගෙ දැක්කා විතරයි අපි ඔක්කොම දිව්වා පණ එපා කියලා.......මෙ වගෙ 1ක් ' අපි නොදන්න ලයිව්' එකෙත් ගියා දැක්කා ටික කාලෙකට කලින්.එතකොට නම් මෙවා මතක් වෙනකොට හිනා...ඒත් ඒ දුවපු වෙලාවෙනම් දැනුනෙ මර බය(කොලඹින් කැමක් සෙට් උනානම්... අම්මෝ...). අපි දිව්ව පාරත් මතකයි තාම (සික්ස්ත් ලයින් ද මොකද්ද පාරෙ නම)
මුදලාලියා නැගිටින්න ඇත්තෙ වෙන මොකකට හරි කවුරුත් අපිව පන්නන් ආවෙ නැ.ඒත් අපි දිව්වෙ මොකටද කියල මිනිහ බලන්න ඇති.










පුංචිම දවස් වල නම් මට හැමදාම බඩේ අමාරුව. උදේම ගියාට මොකද මල් වලට ලකුණු දාල පන්සිල් අරන් ඉවර වෙලා වැඩ පටන් ගන්නකොටම බඩේ අමාරුව හදාගෙන ගෙදර එනව. ලොකු උනාම නම් බඩේ අමාරු නෑ ඉතින්. ශේප් එකේ වෙලට පැන්න. එතනින් ගෙදර දිව්ව සෙට් එකත් එක්කම...




