►► මරු පහර Place එකක් ◄◄

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ►► මරු පහර Place එකක් ◄◄

    ඩෙල්ෆ්ට් මැද වාට්ටුව දිගේ ආදම්ගේ පාදයට



    delft-island-8.jpg


    හිරු අහසේ ගිනි ගනිමින් තිබේ. ආදරණිය ඩෙල්ෆ්ට් දූපතේ කිලෝමීටර තුන් කාලක් පමණ දුරින් වියළි තණ බිම් අතර වූ වන වදුලේ “බයෝබැබ්” ගස අපගේ සෙවණය. ඡායාරූප ශිල්පී විමලුත්, අනුරංගත්, මමත් දෑත් දෙපසට විහිදුවා එකිනෙකාගේ අත් බැඳ ගස පොර බදන්නට වෑයම් කෙළෙමු. එහෙත් මේ ගසේ වට ප්‍රමාණය අප තිදෙනාගේ දිගු කළ දෑත්වලටත් හසුකැර ගැනීමට බැරි විය.

    delft-island-6.jpg


    එතරම් උස නැතත්, මහත් වපසරියක අතු ඉති විහිදා පැතිරුණු යෝධ කඳක් සහිත මේ ගස ලංකාවේ ගසක් නම් නොවේ. මන්නාරමේ පල්ලිමුණෙත් තලේ මන්නාරමේත් තිබෙන ‘බයෝබැබ්’ ගස් අතරින් ඩෙල්ෆ්ට් දූපතේ ඇති මේ පෞරාණික වෘක්ෂය, පළලින් වැඩිම බයෝබැබ් ගස බව පොලිස් වාර්තාවක දැක්වේ.

    අපි‍්‍රකාවේ සවානා වනාන්තරවලට අයත් මේ ගසේ පත්‍ර ශාක භක්ෂක සතුන්ගේ පි‍්‍රයතම ආහාරයකි. එහි විටමින් ‘සී’ බහුල යැයි කියති. මේ අපූරු ගස් මහ වැස්සකට පසු වතුර රැස්කරගෙන ඉන්නා අපූරු ජීවියෙකි. සාමාන්‍යයෙන් මෙහි ඇති බයෝබැබ් ගසට වයස අවුරුදු 500 ක් පමණ විය හැකිය. එහෙත් එය තවමත් භද්‍ර යෞවනයේ පසුවෙයි.


    බයෝබැබ් ගසේ කඳ පාමුල විශාල බෙනයකි. ගසේ කඳ සෑදෙන්නේ පිටින් බිත්තියක් ලෙසින් නිසා එය වඩාත් සුරක්ෂිත තැනෙකි. මිනිසුන් විසි තිස් දෙනකුට වුවත් මේ බෙනයේ කරදරයක් නැතිව සැඟැවී සිටිය හැකි තරම්ය.

    අවුරුද්දේ තුන් මසක් පමණක් වැහි ලැබෙන ඩෙල්ෆ්ට් දූපතට මේ ගස ගෙන එනු ලැබූයේ එක්කෝ ලන්දේසීන්ය. නැත්නම් අශ්වයන්ට කොළ කනු පිණිස අරාබි වෙළෙදුන් විසින් විය යුතුය.

    ආරක්ෂක අමාත්‍යාංශයේ ආශිර්වාදයෙන් යාපනයේ සිට කුරිකට්ටුවාන් ජැටියට පැමිණි අපට “වෝටර් ජෙට්” නම් අපූරු මුහුදු යාත්‍රා ලැබිණි. වියරු දළ රළ පෙළ කපාගෙන ඉදිරියට ඇදෙන මේ යාත්‍රාවෙන් අප ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයට පැමිණෙන විට ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානාධිපති රණසිංහ ඒකනායක මහතාගේ නොමඳ සහාය ද අපට ලැබිණ. ඔහු මගේ එකම දෙමළ පරිවර්තකයාය. දූපතේ ජීවත්වන ද්‍රවිඩ ජනතාව අතර දැන් මට වීරයෙක් ලෙස කරුණු සොයා යා හැකිය. ඔහුගේ ජීප් රථය අපගේ දූපත් සංචාරක යානයයි.

    “මේකට තවත් නම් ගණනාවක් තියෙනවා. මන්කි බ්‍රෙඩ් ට්‍රී, කී‍්‍රම් ඔෆ් - ටාටර් ට්‍රී එවැනි නම් කීපයක්. අද ආසියාවේ තියෙන පළලම ‘බයෝබැබ්’ ගස තියෙන්නෙ මෙහෙ.” ඒකනායක මහතා කියයි.

    “මේකෙ වට ප්‍රමාණය අඩි කීයක් විතර වෙයි ද?” විමල් තොරතෝංචියක් නැතිව ප්‍රශ්න පිට ප්‍රශ්න අසයි. ඔහුගේ කැමරාවට ද කිසිම ඉස්පාසුවක් නැත.

    තිදෙනෙකුගේ දිගු කළ දෑත්වලටවත් හසුකර ගැනීමට නොහැකි යෝධ බයෝ බැබ් වෘක්ෂය

    මේක ආසියාවේම පළලම ගස ලෙස විරුදාවලි ලබනවා. වට ප්‍රමාණය අඩි 52 යි. මීටර්වලින් නම් 15.6 ක්. උස අඩි 43 ක්. මීටරවලින් 12.9 ක්. අතුපතර අඩි 86 ක් දක්වා විහිදා පැතිර තියෙනවා. ඔහුගේ කතාව අනුව ඩෙල්ෆ්ට් හි අලගිය මුලගිය තැන් පිළිබඳ ඔහුගේ දැනුම පුළුල්ය. ගස පිළිබඳ තොරතුරු රැගත් පුරා විද්‍යාත්මක සටහනක් ද ඔහු අතේ තිබේ. මම ඔහුට තවත් කිට්ටු වෙමි.

    මින් පෙර චාරිකාවලදී මා දුටු මහා නාග වනයේ නටන මොනරුන්ගේ හා දිව පනින මුවපොව්වන්ගේ සුන්දර දසුන් මෙහි නැත. ඒ වෙනුවට අපට පෙනෙන්නේ ලංකාවේ වෙනත් කොතැනදීවත් දකින්නට නොලැබෙන චමත්කාර දසුනකි. රංචු පිටින් දිවෙන පෝනියන්ගෙන් සහ කැලෑ අශ්වයන්ගෙන් මේ දූපත අලංකාර වී තිබේ. අනුරංගගේ අතේ ලංකාවේ උතුරු කොනේ ඇති දූපත් සටහන පෙන්වන අගනා සිතියමකි.

    මම ඒ දැවැන්ත ගස පාමුල සිට කැලෑ අශ්වයන් දෙස බලමි. මගේ සිතේ අතීත සිතුවම් පෙළක් ඇදී යයි. අනුරංගගේ අත තිබු සිතියම ද දැන් මා ළඟය.

    පුංචි සන්දියේ ලංකා සිතියමේ ඇති මේ තිත් සමූහය මොනවාදැයි මම අම්මාගෙන් ඇසුවෙමි. අම්මා ඊට නිසි පිළිතුරක් දුන්නා යැයි මට මතක නැත. ඒත් ඇඳි පුටුවේ දිගාවී සිටි තාත්තා නම් ඒ ශ්‍රී ලංකාවට අයත් දූපත් සමූහයක් යැයි කීවා මතකය.

    ඒ දූපත්වලත් මිනිස්සු ඉන්නවා ද? ඔවුනගේ අවශ්‍යතා එහිම පිරිමසා ගන්නට පුළුවන් ද? සාගරයෙන් වට වූ දූපතේ තවත් සාගර වළල්ලකින් වටවූ මේ මිනිසුන්ගේ ජීවනෝපායන් මොනවා ද? ඔවුනගේ ආගම, විවාහය, සංස්කෘතිය කෙබඳු ද? සියලු දේ දූපතෙන්ම සපයා ගන්නට හැකි ද? නැත්නම් කුළුබඩු ටික ගන්නට වුව ඔවුන් බෝට්ටුවලින් යාපනයේ මහා සමාජයට ආ යුතු ද?

    මෙවැනි ප්‍රශ්න වැලක් මගේ හිතේ පොර බදන්නට විය. පැන යන්නට අත් පා නොලද ඉස්ගෙඩියන් මෙන් ඒවා මගේ සිත තුළ නළියයි. ඒවාට උත්තර දෙන්නට නම් අපේ තාත්තාටත් අම්මාටත් බැරි විය. මා දැන් සපුරා ගන්නට යන්නේ එදා මා සිතු පැතු දේ යථාර්ථයක් කරන සිහිනය නොවේ ද?

    නාවික හමුදාවේ වෝටර් ජෙට් යාත්‍රාවෙන් දූපත බලා

    ඩෙල්ෆ්ට් දූපතේ ග්‍රාමසේවා වසම් 6 කි. පදිංචි ජනගහණය 4546 කි. ස්ත්‍රීන් 2311 ක්ද පිරිමින් 2235 ක් ලෙස මේ ජනතාව සංගණනය කරන ලද වාර්තාවක් මම දකිමි. දූපතේ දිග කිලෝ මීටර් 8 ක් පමණ වන අතර පළල කිලෝමීටර් 5 1/2 කි. දූපතේ සම්පූර්ණ බිම් ප්‍රමාණය වර්ග සැතපුම් 48.5 ක් ලෙස හඳුනාගෙන තිබේ.

    ධීවර කර්මාන්තය ඔවුනගේ ප්‍රධාන ජීවනෝපායයි. මහා රළ පහර නැඟෙන වාරකන් කාලයට දූපත් වැසියනට සමහර විටෙක සා දුකින් සිටීමට ද සිදු වනු ඇත. ඩෙල්ෆ්ට් පොළොවේ සරුවට වැඩෙන්නේ තල් ගස් පමණකි. තල් රා නිෂ්පාදනය ද ඔවුනගේ අතමිට සරු කරන්නකි. ඒත් එයත් වැසි කාලයට කළ නොහැකිය. කරවල වේලීම ද කරන්නේ කීයක් හරි හොයාගන්නටය.

    මෙහි තල් ‘රා’ වෙළෙඳාමට ‘පර්මිට්’ අවශ්‍ය නොවේ. පොලිස් ස්ථානාධිපතිවරයා පදවන මේ රථයේ නැඟී අප හුදෙකලා ප්‍රදේශ මැදින් ගමන් කරමු. මෙහි ඇති ඉඳි ගස් පෙළක් මැදින් ගමන් කළ රථයේ වේගය තරමක් බාල විය.

    ගිනි ගනිමින් තිබුණු හිරු, රත් පැහැ ගැන් වී සැඳෑ සමය එළැඹෙන බව අපට ඉඟි කරයි. “ආදම්ගේ පාදය” නමින් දූපත් වැසියන් හඳුන්වන පෙදෙසට අපි ළඟා වීමු. හුණු වැරැටිවලින් සමන්විත පොළොවේ මීටර් දෙතුන් සියයක් මේ ප්‍රදේශයට අයත්ය.
    delft-island-1.jpg


    “මේක පැරැණි අශ්ව ඉස්තාලයක්. ඕලන්දකාරයො මෙහි අශ්වයන් රඳවා තිබුණා. 32 බැගින් දෙපැත්තට තිබෙන කණු හැට හතරක් මෙතැන තියෙනවා. ඒ කාලයේ මෙහි ඕලන්දකාරයන් අශ්වයන් පුරුදු පුහුණු කරලා තියෙනවා. කැලෑ අශ්වයන් හා පෝනියන් දූපතේ ඉතිරි වුණේ එදා පැන ගිය ඒ සතුන්ගෙන් වෙන්ඩත් පුළුවන්.

    delft-island-3.jpg


    එහිදී අපට හමු වූ ඩෙල්ෆ්ට් දූපතේ මධ්‍යම වාට්ටුවේ පදිංචිකාරයකු වන ජී. ඩබ්ලිව්. ඩැනියෙල් මට කීවේය. ඔහු හිටපු විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකි. අපට මෙන් ඔවුන්ගේ රටට ‘ලේන්’ හෝ මාවත් නැත. ඇත්තේ වාට්ටු ය.


    පවුලේ වාහනය බයිසිකලයයි. දරුවන් දෙතුන් දෙනා තිරිංග නැති බයිසිකල් පැද යති. පොලීසියෙන් වුවත් බයිසිකලය නැවතුවහොත් මීටර් පනහක්වත් ගොස් පාදයේ හයියෙන් තිරිංග ගැසීමට මොව්හු දක්ෂයෝ වෙති.

    මෙහි සිටින අහිංසක ද්‍රවිඩ ජනතාවගේ ජීවිත සරලය. එකිනෙකා පරයා නැඟෙන තරගකාරිත්වයක් ද මෙහි නැත. හැම ගෙදරකම තමන්ට හිමි ඉඩම වෙන් වූයේ තද හුණු ගලින් බැඳුණු තාප්පයකිනි. කවුරුත් සාදාගෙන ඇත්තේ එකම මාදිලියේ නිවෙස්ය.

    මේ තාප්පෙකට පයින් ගැහුවොත් වීසිවෙලා යයි නේද?’ විමල්ගේ ප්‍රශ්නයකට ඒකනායක මහතාට හිනා නොවී බැරි විය.

    “ඔය හුණු ගලින් බැඳි තාප්ප ශක්තිමත් හරකෙකුටවත් පෙරළන්න බෑ.” එසේ කී හෙතෙම වාහනය නවතා බැස ගොස් තාප්පයකට පයින් ඇන පෙන්වීය. ඇත්තටම ඒවා සිමෙන්ති බදාමයෙන් තැනුවාට වඩා ඉතා ශක්තිමත් පවුරුය. නැවත අපේ ගමන ඇරැඹීමු. තල් ගස් එකින් එක පසුවෙයි. තවත් හිරිගල් තාප්ප රැසක් පසුකැර යන්නෙමු. ගංසූරිය, තල් හා පොල්, නුග වැනි සීමිත ගස් වර්ග ගණනාවක් අතර හිරිගල් තාප්පයකට නැඟී හිස ඔසවා සිටින නවහන්දි වැලක්, රණවරා පැළයක්, කෝමාරිකා, පතොක් වැනි ශාක ද අප දෑසට පෙනී නොපෙනී යයි.

    delft-island-5.jpg


    “මේ ඉඩම්වල බොහෝ විට මිනිසුන් පෙනෙන්නට නැත.” මම ඒකනායක මහතා විමසීමි.

    “මේවා පාරම්පරික ඩෙල්ෆ්ට් වැසියන්ගේ. ඒත් අද බොහෝ දෙනෙක් මෙහෙන් ගිහින්. එක්කො වන්නියෙ. නැත්නම් බටහිර රටවල. ඔස්ට්‍රේලියා, කැනඩා, එංගලන්ත වැනි රටවලට මෙහෙන් ගිය පිරිස වැඩියි.” ඔහු කීවේය.

    ඩෙල්ෆ්ට් පොලිස් ස්ථානාධිපති රණසිංහ ඒකනායක

    අතරමැදි හන්දියක මාරු වන ගව රැළක්, එළු රංචුවක් පාපැදිවල නැඟී යන ගැහැනු මිනිස්සු අපට පෙනෙයි. දූපත මුහුදින් කෙළවර වන තැනකට දැන් අපි පිවිස සිටිමු. එක යායට විහිද පැතිරී ගිය බෝට්ටු සමූහයකි. මුහුද අතිශය සුන්දරය. එහි වියරු ගතියක් නැත. මහ විශාල කොරල් පරයක් නිසා දූපත මහ රළ ගෙඩිවලින් ආරක්ෂා වන බැවින් මුහුද ද ශාන්ත වී ඇතැයි සිතේ.

    “මේ තැන් තැන්වල තිබෙන පොකුණු - වැව් වගේ දේවල් මොනවා ද?” මම අසමි.

    “මේවාට කියන්නේ ‘කර්නි’ කියලා. වහින කාලෙට මේවාට වතුර පිරෙන්න කපලා තියෙන්නෙ. අහිංසක එළු, ගව, පෝනි සතුන්ට දිය බොන්න.”

    ජීප් රථයට නංවා ගත් ගමේ පැරැණි වැඩිහිටියෙක් අපට දැන් කරුණු කියයි. අප ‘කර්නි’ පරීක්ෂා කරන විට ඒ අවට හා දියේ ගිලී ගිය එළු ඔළුවක් හා උන්ගේ ඇටකටු කීපයක් පෙනෙයි.

    “මේ වැහි කාලේ! සුන්දරට පෙනුණට ගී‍්‍රෂ්ම කාලෙ අපේ මිනිස්සු බේරගන්නේ නාවික හමුදාව. ඒ අය බවුසර්වලින් අපට වතුර දෙනවා. ඒ කාලෙට කැලෑ අශ්වයන් ගවයන් රංචු පිටින් මිය යනවා. සමහර සත්තු දිය පිපාසාවෙ තල්ගෙඩි හොම්බෙන් බරු ගහලා ඇතුළෙ මදය කාලා ජීවත් වෙනවා. ඒත් උන් බුරුතු පිටින් වැනසෙනවා. කාලෙකට...


    Elanam rep+ :):)
     
    • Like
    Reactions: asanka10