►. උඩවත්ත රක්‍ෂිතය හෝටල් ව්‍යාපෘතියකට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ►. උඩවත්ත රක්‍ෂිතය හෝටල් ව්‍යාපෘතියකට

    උඩවත්ත රක්‍ෂිතයේ පර්චස් 90ක් හෝටල් ව්‍යාපෘතියකට...?

    මහනුවර, උඩවත්ත රක්ෂිතයේ පර්චස් 90ක ඉඩම් කොටසක් මහාපරිමාණ හෝටල් ව්යාපාරිකයෙකුට බදුදීම සඳහා නිදහස් කිරීමට අවශ්යලේඛන සකසන ලෙස වනසංරක්ෂණදෙපාර්තමේන්තුවේ වන සංරක්ෂකවරයෙකු ප්රාදේශීය ලේකම්වරයාට නියෝග කිරීමත් සමගම දෙපාර්තමේන්තුවේ ප්රාදේශීය නිලධාරීන් අතර දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ

    මේ වනවිට මෙම පර්චස් අනූවක බිම් ප්රමාණය උඩවත්ත රක්ෂිතයෙන් බැහැර කිරීමට අවශ්ය ගැසට් නිවේදනය සකසමින් පවතින බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දෙති

    පරිසර අමාත්යවරයාත්, ජනාධිපතිවරයාත් නොමග යවමින් මෙම ක්රියාව සිදුකරන බව වනසංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සැකය වී ඇත.

    මහනුවර පිහිටි පෞද්ගලික හෝටලයක් ව්යාප්ත කිරීමට මෙම පර්චස් 90 ලබාදීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මේ වනවිට පිඹුරුපත් සකසමින් සිටින බව එම නිලධාරීහුපවසති.

    දැනට උඩවත්ත රක්&ෂිතයට අයත් මෙම පර්චස් 90ක ඉඩම් ප්රමාණය අදාළ හෝටල් සමාගම විසින් අනවසරයෙන් භුක්ති විඳියි.

    ඒ සම්බන්ධයෙන් 1998දී එවකට මහනුවර අඩවිවන නිලධාරීවරයා විසින් වනාන්තරයට රුපියල් 73,885,000ක අලාභයක් කර ඇති බවට මහනුවර මහේස්ත්රාත් අධිකරණයේ නඩුවක්ද පවරා තිබිණි.

    එසේ තිබියදී,2005 වසරේදී එවකට සිටි සංචාරක අමාත්යවරයා විසින් මෙම ඉඩම් කොටස වෙනුවට අදාළ හෝටල් සමාගමෙන් වෙනත් ප්රදේශයක ඉඩම් කොටසක් හුවමාරු කරගැනීමට කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

    එහෙත් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රාදේශීය නිලධාරීන්ගේ සහ විවිධ පාර්ශ්වයන්ගේ මැදිහත්වීම මත එය ක්රියාත්මක කිරීම වැළැකී ගියේය.

    උඩරට පාලනය කළ රජවරුන් විසින් උඩවත්ත කැලය රාජකීය උද්යානයක් ලෙස නම්කර තිබූ අතර, යටත් විජිත පාලන සමයේ අංක 5504 හා 1897.10.15 දිනැති ගැසට් පත්රය මගින් කැලෑ ආඥා පනත යටතේ රක්ෂිතයක් ලෙස මෙය නම්කර තිබිණි.

    මෙම ඉඩමේ වටිනාකම රුපියල් කෝටි ගණනකි. ඓතිහාසික මෙන්ම ජෛව විවිධත්වය අතින්ද ඉතා ඉහළ වටිනාකමක් ඇති මෙම රක්ෂිත ප්රදේශය බේරා ගැනීමට වනසංරක්ෂණ නිලධාරීන් සමත් වුවද, පසුගිය දෙසැම්බර් මාසයේ 05 වැනිදා කළ නියෝගයකින් මහනුවර කඩවත්සතර සහ ගඟවටකෝරළයේ ප්රාදේශීය ලේකම්වරයාට නිදහස් කිරීමට හැකිවන පරිදි එකී පර්චස් ප්රමාණය රක්ෂිතභාවයෙන් මුදාහැරීමට පියවර ගන්නා මෙන් නියෝගකර ඇත.

    මෙම රක්ෂිතය අදාළ හොටල් සමාගමට ලබාදීම වෙනුවට හිලව් ඉඩමක් ලබාගැනීමට යෝජනාවී ඇති බව පවසන වනසංරක්ෂණ නිලධාරීහු, වනාන්තර ඉඩමක් එසේ හුවමාරු කිරීමේ ක්රමවේදයක් වනසංරක්ෂණ ආඥා පනතේ සඳහන්ව නොමැති බවත්, මෙවැනි ඉඩම් හුවමාරුවක් අහිතකර ප්රතිඵල උදාකරදෙන පූර්වාදර්ශයක් වනු ඇති බවත් පෙන්වා දෙති.

    එසේම වසර 12කට පෙර පැවැති රජයක කැබිනට් තීරණයක් ඊට පසු පත්වූ රජයන් ක්රියාත්මක නොකර තිබියදී හා වර්තමාන කැබිනට් මණ්ඩලයටද නොදන්වා ක්රියාත්මක කිරීමට බලයක් නොමැතිව තිබියදී මෙම මහාපරිමාණ ඉඩම් කොල්ලය සිදුවන්නේ කෙසේදැයි බොහෝ දෙනාගේ විමතියට ලක්ව තිබේ.


    Source
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Hotel Thilanka Ekata Denna yanne
    :shocked::shocked:

    23.gif

    දෙයි හාන්දුරුවනේ.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Habai Kalin Land ekak Gaththa okun Salli Deela eka Forest Ekata Dunna Habai thama e Land eka forest ekata aragena na

    :confused::confused:

    විස්තර දන්නෙ නෑ මචං ඒත් පත්තරේ මේක දැක්කම හිතාගන්න බැරිවුනා. නුවර කියන්නෙ අපේ රටේ අභිමානය නේද..? අනික එහෙම තැනක රක්ෂිතයක හෝටලයක් හදනව කියන්නෙ. හිතාගන්නත් බෑ. මොනදේ කලත් අපේ උරුමය රැකගන්න ඕන.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    විස්තර දන්නෙ නෑ මචං ඒත් පත්තරේ මේක දැක්කම හිතාගන්න බැරිවුනා. නුවර කියන්නෙ අපේ රටේ අභිමානය නේද..? අනික එහෙම තැනක රක්ෂිතයක හෝටලයක් හදනව කියන්නෙ. හිතාගන්නත් බෑ. මොනදේ කලත් අපේ උරුමය රැකගන්න ඕන.


    Hotel Eka thiyenne ma Forest Land Eke thama Bun mage Friend Kenek Hitiya Isssara e Kittuwa Firest Office Eka pahu karala yanna one ehe yanna Hotel ekath E laga thiyenne :P:P:P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    Hotel Eka thiyenne ma Forest Land Eke thama Bun mage Friend Kenek Hitiya Isssara e Kittuwa Firest Office Eka pahu karala yanna one ehe yanna Hotel ekath E laga thiyenne :P:P:P

    උඹ නුවරද මචන්... පාත්තයත් නුවර නේද...? ඌව දන්නවද...?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නුවර කියන්නේ ආශ්වාස කරන්න පිරිසුදු වාතය අවම නගරයක්. උඩවත්ත කැලේ විතරයි සැනසීමට තියෙන්නේ. ඒකත් දුන්නම අනේ මන්ද ඉතින්...... මේක පත්තරේ දාපල්ලකෝ පරිසර ඇමතිට පේන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    soba1.jpg

    ශ්‍රී ලංකාවේ පිහිටි වනෝද්‍යාන අතරින් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ භාරකාරත්වය යටතේ පාලනය වන ජෛව විද්‍යාත්මක වැදගත් කමකින් මෙන්ම ඓතිහාසික වැදගත්කමකින් යුක්‌ත උඩවත්ත කැලේ රාජකීය වනෝද්‍යානය පිහිටා ඇත්තේ ඓතිහාසික සෙංකඩගල පුරවරයේය. තෙත් කලාපීය වනාන්තරයක ලක්‍ෂණ පෙන්නුම් කරන උඩවත්ත කැලේ හෙක්‌ටයාර 105 ක්‌ ආවරණය කරයි. ක්‍රි. ව. 1856 දී රක්‍ෂිත වනයක්‌ ලෙසද 1938 දී අක්‌කර 257 (හෙක්‌ටයාර 105) ඇතුළත් වනය වනජීවී අභය භූමියක්‌ ලෙසද නම් කරන ලදී.

    soba2.jpg

    උඩවත්ත කැලේ වනෝද්‍යානයට ප්‍රවේශපත්‍ර කවුළු ප්‍රවේශය තුළින් ඇතුළු වූ විට දිස්‌වන්නේ ඉතා අලංකාර ජල පොකුණකි. මෙම පොකුණ රජ සමයේ රජ, රජ බිසව, ඇතුළු රජ පවුලේ සාමාජිකයන් දිය කෙළියෙහි යෙදීමට උපයෝගි කරගෙන ඇති අතර, දළදා මාලිගය ඉදිරිපිට ඇති බෝගම්බර වැව මැද පිහිටි උමඟක්‌ තුළින් මෙම පොකුණට පැමිණිය හැකි උමං මාර්ගයක්‌ තිබූ බව විශ්වාස කෙරේ. වනය තුළ පිහිටි කඳුගැට කිහිපය අතුරින් උසම ස්‌ථානය කොඩිමලේ යනුවෙන් හැඳින්වේ. මෙහි උස මුහුදු මට්‌ටමේ සිට අඩි 1800 ක්‌ පමණ වේ. කොඩිමලේ කන්දට ආසන්නව වසර 300 ක්‌ පමණ පැරණි දැවැන්ත පුස්‌වැලක්‌ද වෙයි. එය වනයේ දැකුම්කලු බව හා අගය වැඩි කරන ආභරණයකි. උඩවත්ත කැලේ තුළ නා ශාකය බහුල වශයෙන්ම පැතිර පවතින ප්‍රදේශය "නා වනය" යනුවෙන් හඳුන්වයි. බ්‍රිතාන්‍ය පාලන යුගයේ ඉංග්‍රීසීන් හා සිංහලයන් අතර පැවැති යුද්ධයේදී මිය ගිය සොල්දාදුවන්ගේ, සෙන්පතියන්ගේ මෙන්ම ඉංග්‍රීසි ප්‍රභූවරුන්ගේ මළ සිරුරු තැන්පත් කළ සොහොන් භූමියක්‌ද වේ. මෙය ගැරිසන් සොහොන යනුවෙන් හැඳින්වේ. මෙහි සොහොන් කොත් 163 ක්‌ද වේ.

    උඩවත්ත කැලේ වනෝද්‍යානය ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වැදගත්කමකින් යුත් පරිසර පද්ධතියකි. මෙම වනයේ ප්‍රමුඛ හා ද්විතීයික ශාක වියන් දෙකක්‌ හා යටි ස්‌ථරයක්‌ දක්‌නට ලැබේ. ප්‍රමුඛ හා ද්විතීයික වියන් ඉතා සීමිතය. මේ නිසා බොහෝ ස්‌ථානවල යටි ස්‌ථරයක්‌ දක්‌නට නොලැබෙන තරම්ය. උඩවත්ත කැලය තුළ ශාක විශේෂ 405 ට වැඩි සංඛ්‍යාවක තුරු ලතාවන් ඇතුළු පැළෑටි වර්ග විශාල ප්‍රමාණයක්‌ දක්‌නට ලැබේ. වල්දෙල්, පිහිඹිය, මහෝගනී, කොස්‌, කිතුල්, මී, නා, මදටිය, වන සපු, සපු, දූරියන්, කුරුඳු, මොර, නුග, යනාදී තුරුලතා මෙම වනයේ ප්‍රමුඛව දක්‌නට ලැබේ.

    දේශීය, ඒක දේශීය, වඳ වීමේ තර්ජනයට ලත් සුලභ, දුර්ලභ යන කාණ්‌ඩයන්ගෙන් යුත් පක්‍ෂි විශේෂ 81 ක්‌ උඩවත්ත කැලේ වන පියස තුළින් වාර්තා වේ. ලංකා රත්නළල් කොට්‌ටෝරුවා, අළු කොබෙයියා, නීල කොබෙයියා, කොණ්‌ඩ උකුස්‌සා, සර්ප උකුස්‌සා, සැළලිහිණියා, රන් පිළිහුඩුවා, කහ කුරුල්ලා, ලංකා ගිරා මලිත්තා, අළු ගිරවා, අඳුරු නිල් මැසිමාරා යනාදි කුරුලු විශේෂත් වල් ඌරා, හඳුන් දිවියා, ඕලු මුවා, මී මින්නා, උණහපුළුවා, ඉත්තෑවා, දඬුලේනා, මාවවුලා, හෝතඹුවා, හාවා වැනි ක්‍ෂීරපායින්ද, පිඹුරා, නාගයා, මූදු කරවලා, පොළොන් තෙළිස්‌සා, පලා පොළඟා, රන්වන් මාපිලා, ගැරඬියා, ඇහැටුල්ලා, අළුරදනකයා, කටකළුවා, හාල් දණ්‌ඩා යනාදී සර්ප විශේෂ 21 ක්‌ පමණ හඳුනාගෙන ඇත. පලා කටුස්‌සා, ගරා කටුස්‌සා, පිනුම් කටුස්‌සා, ගැටහොඹු කටුස්‌සා (ඛහරසදජැචය්කමි Sජමඒඑමි)ල යනාදි කටුසු විශේෂත්, සුලභ සිකනලා හා මහා කැලේ හූනා, පුල්ලිගේ හූනා, සුලභ ගේ හූනා, කඳුකර දිවාසරි හූනාද, සුලභ ගේ මැඩියා, සුලභ පිහිම්බු ගස්‌ ගෙම්බා, දුඹුරු මොට හොඹු මැඩියා (Raප්බැකක්‌ දඉsජමර්) මහනුවර පඳුරු මැඩියා, ගන්නෝරුව පඳුරු මැඩියා, යනාදි උභය ජීවීන්ගෙන්ද සමන්විත උඩවත්ත කැලේ වනෝද්‍යානයේ ජල පොකුණෙහි මත්ස්‍යයන් ඇතුළු කිරි ඉබ්බා හා ගල් ඉබ්බා ද දක්‌නට ලැබේ. උඩවත්ත කැලේ වනෝද්‍යානයෙ සමනල විශේෂ 75 ක්‌ පමණ වාර්තා වේ.

    උඩවත්ත කැලේ ආශ්‍රිතව වෙසෙන පෘෂ්ඨවංශීන් විශාල විවිධත්වයක්‌ දැකිය හැකිය. උඩවත්ත කැලේ වනපෙත තුළට ඇතුළු වන කවර අයෙකු වුවද අතොරක්‌ නොමැතිව නැගෙන මැඩියන්ගේ නාදයෙන්ද, ශාක පත්‍රවල පැහැයට සමාන වර්ණයන් ගත්තාවූද එම ශාක අතර සැඟවීගත් කටුස්‌සන්ගේ දර්ශනයෙන්ද ශාක අතු පතර සිට මිහිරි නදින් ගී ගයන සියොතුන්ගේ දසුනින්ද කුල්මත් වනු ඇත.

    ඓතිහාසික වටිනාකමකින් මෙන්ම ජෛව විවිධාත්මක වටිනාකමකින් යුත් උඩවත්ත කැලේ වනෝද්‍යානය දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නොමඳ අවධානය දිනාගත්තකි. උඩවත්ත කැලේ වනෝද්‍යානය එදා පටන් අදටත් සුරැකිව, පරිසර දූෂණයෙන් තොරව තිබීමට හේතුව වී ඇත්තේ උඩවත්ත කැලේ වනෝද්‍යානයට යාබදව දිසා වන අඩවි කාර්යාලය පිහිටා තිබීමත් උඩවත්ත කැලේ මනා කළමනාකාරිත්වයකින් යුක්‌ත වීමත් නිසාය.


    source
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Na Mama Gampaha :D:D

    Nuwara Mage Wifa ge Gewal Oya Kittuwa Ekai


    :yes::yes:

    10.gif

    පට්ට...!! මචං
    මට එහෙම කිට්ටු සම්බන්ධයක් නැහැ ඒත් මම ආසම තැනක් තමයි නුවර කියන්නෙ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    10.gif

    පට්ට...!! මචං
    මට එහෙම කිට්ටු සම්බන්ධයක් නැහැ ඒත් මම ආසම තැනක් තමයි නුවර කියන්නෙ.

    Apo One tharam Mama nam gihin thiyanawa bun Ticket Aragena Yanna denawa Couple Yanna den na Dan nam Family Yanna puluwan

    :D:D
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    උඩවත්ත රක්‍ෂිතයේ පර්චස් 90ක් හෝටල් ව්‍යාපෘතියකට...?



    ///පරිසර අමාත්යවරයාත්, ජනාධිපතිවරයාත් නොමග යවමින් මෙම ක්රියාව සිදුකරන බව .....///

    ලන්කාවේ පරිසර ඇමති තොත්ත බබෙක්නේ.....අනේ පවු
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    රාජකීය වන අරණ 'උඩවත්ත කැලේ'

    udawatta-kele15.jpg

    ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකය පුරාම විශිෂ්ටතම ලෝක උරුමයක් ලෙස පිළිගැනෙන කන්ද උඩරට සෙංකඩගල රාජධානිය මෙරට පිහිටි අතිශය රමණීය ස්ථානවලින් ප්‍රමුඛත්වයක් ගන්නා මනරම් ඉසව්වක් ලෙස හඳුන්වාදිය හැකිය. බොදු දනන්ගේ මුදුන් මල්කඩ ලෙස හැඳින්වෙන බුදුරදුන්ගේ දත්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ශ්‍රී දළඳා මාලිගාව මහනුවර නගර මධ්‍ය‘යේ පිහිටා තිබීම එයට හේතුවයි. මෙහි සංචාරය කරන ඔබට දන්ත ධාතූන් වැඳ පුදා සිත්සතන් තව තවත් පහදවා ගැනීමට යා හැකි ස්ථානයක පිළිබඳ මං සලකුණු ගෙනඑන්නයි මෙවර අපගේ සූදානම.

    මහනුවර නගරයේ ශ්‍රී දළඳා මාලිගාවට උතුරු දෙසින් උතුරු අක්ෂාංශ 7.12 සහ 8-19 අතරත්, නැගෙනහිර දේශාංෂ 80-38 හා 80-39 අතරත් පිහිටා තිබෙන "රාජකීය වන අරණ" නමින් හැඳින්වෙන "උඩවත්ත කැලේ" මහනුවර ප්‍ර‘දේශයේ සංචාරය කරන බොහෝ දෙනෙකු නොදන්නා ඉසව්වකි.

    ගමන් මාර්ගය

    2016-09-08-ent-103දළඳා මාලිගාවට ඉදිරිපසින් මහනුවර නගර සභාව දක්වා දිවෙන සංඝමිත්තා මාවත දිගේ ගමන් කිරීමෙන් මේ සුන්දර වන පියසට ඇතුළු විය හැක.



    අතීතියෙන් බිඳක්

    අක්කර 275ක් පමණ විශාලත්වයෙන් යුතු මෙම වන පියස අතීතයේ මහනුවර රාජධානියේ රජකම් කළ රජවරු විවේක සුවයෙන් සිටි ස්ථානක් ලෙස ප්‍රචලිත වී තිබේ. එමෙන්ම එකල මාලිගාවේ සිටි අලි ඇතුන් සඳහා ආහාර සම්පාදනය කිරීම සඳහා මෙම වන අරණ යොදාගත් බව පුරාවෘර්තවල සඳහන් වෙයි.
    එසේම ගම්පොල රජ කළ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා මේ කැලේ %උඩ වාසල^ නමින් මාලිගාවක් තනාගෙන එහි වාසය කළ බවටද මතයක් තිබෙන බව අවට පැරණි ගම්වාසීහු පවසති. එසේ අතීත කතා වස්තු සැඟවී තිබෙන මෙම වනය 1940 වර්ෂයේ කොස් හා මහෝගනී ගස් සිටුවා වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර ඇත.


    සුවිශේෂිත්වය

    ශ්‍රී ලංකාවේ තිබෙන වෙනත් ස්වභාවික වනාන්තරයක තිබෙන ජෛව විවිධත්වය සහ සුන්දර වන අරණක තිබෙන සිසිලස එලෙසිම්ම විඳගත හැකිය. එමෙන්ම වසර දහස් ගණනක් පැරණි තුරු ලතාවලින් සමන්විත මෙම වන අරණ මනාව හඳුනාගත හැකි තුරු වියන, උප වියන හා බිම් ස්තරය යන වියන් තුනකින් යුක්ත වෙයි. මෙම වන අරණට පිවිස වැඩිදුරක් යන්නට මත්තෙන් හමුවන "රජ පොකුණ" අතීතයේ සෙංකඩගල පුරවරයේ රජකළ රජවරුන්ගේ සහ බිසෝවරුන්ගේ දිය කෙළින ජල තටාකය ලෙස හැඳින්වේ. එම රජ පොකුණේ සිට මාලිගාව දක්වා උමං මාර්ගයක්ද තිබෙන බව අතීත වාර්තාවල සඳහන් වී තිබේ. මෙහි උසම ස්ථානය ලෙස සැලකෙන්නේ කොඩිමලේ නම් ස්ථානයි. මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උසින් පිහිටි මෙම ස්ථානයට මුළු මහනුවර නගරයම දිස්වේ.
    කොඩිමලේ නම් ස්ථානයට නුදුරින් පිහිටා තිබෙන වයස අවුරුදු 200-300 පමණ වියපත් යෝධ පුස්වැල උඩවත්ත කැලයට පිවිසෙන ඔබ විසින් දැක බලාගත යුතුම ශාකයකි. ඊට අමතරව වනය මැදින් ගමන් කිරීමේදී නා වනයත්, විහාරයත්, සේනානායක ආරණයත් සහ වනය සම්බන්ධ කෞතුකාගාරයත් ඔබට හමුවේ.
    එසේම උඩවත්ත වන අරණට ආවේණික සමනල විශේෂ, සිව්පාවන්, පක්ෂීන්, උරගයන්, උභය ජීවින්, මත්සයන්, ඉබ්බන්, කබරගොයන්, දිය බල්ලන්, ගෙබි විශේෂ මෙන්ම විශේෂ මකුළුවන් මෙහිදී දැකබලා ගැනීමට අවකාශය ලැබේ.


    විනෝදාස්වාදය

    සොබාදහමේ සුන්දරත්වය විඳීමට ඇලුම් කරන සංචාරකයන් හට තුරු වියන් යටින් ඇවිද යාමට අවකාශය මෙහිදී හිමිවේ. අවශ්‍ය නම් පාපැදියකින් ගමන් කිරීමට හැකි ධාවන පථයක්ද මෙහි නිර්මාණය කොට තිබේ. එමෙන්ම වනජීවී ඡායාරූපකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පීන්ට නිදහසේ ඡායාරූප ගැනීමට කදිම තෝතැන්නක් ලෙසද මෙය හැඳින්විය හැක. වනසතුන්, ශාක නිරීක්ෂණය කොට දැනුම ලබාගැනීමට පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්ට මෙරට පිහිටා තිබෙන හොඳම ස්වභාවික වන අරණක් ලෙසද මෙය සැලකෙයි.


    සැලකිලිමත් බව

    මෙම වන අරණ තුළ පිහිටි විහාර තුළ දෙස-විදෙස් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා තවුස්දම් පුරණ හෙයින් අධික ශබ්දයෙන් කෑ නොගසා සංවරව හැසිරිය යුතුය. පරිසර දූෂණයෙන් තොරව මෙහි අසිරිය විඳගැනීමට වගබලා ගත යුතුය.


    Source
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,303
    113
    Mars
    නුවර කියන්නේ ආශ්වාස කරන්න පිරිසුදු වාතය අවම නගරයක්. උඩවත්ත කැලේ විතරයි සැනසීමට තියෙන්නේ. ඒකත් දුන්නම අනේ මන්ද ඉතින්...... මේක පත්තරේ දාපල්ලකෝ පරිසර ඇමතිට පේන්න

    ඔය කතාව පිලිගන්න අමාරැයි, මම ජිවත්වෙන්නෙ නගර සිමාවේ.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    :shocked::shocked::shocked:
    උඩවත්තට අල්ලපු වැටේ ඉන්න මම මේක දැනගෙන හිටියේ නෑ කියහංකෝ...
    මේක සිද්ද වුණොත් නම් පට්ට කුජීත කේස් එකක්.... :baffled:
    පොඩ්ඩක් විපරං කරල බලල ගේමක් අදින්න වෙයි වගේ....
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    :shocked::shocked::shocked:
    උඩවත්තට අල්ලපු වැටේ ඉන්න මම මේක දැනගෙන හිටියේ නෑ කියහංකෝ...
    මේක සිද්ද වුණොත් නම් පට්ට කුජීත කේස් එකක්.... :baffled:
    පොඩ්ඩක් විපරං කරල බලල ගේමක් අදින්න වෙයි වගේ....


    Allapu wata Kiyanne Koheda Kiyahan Balanna :P:P:P
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය කතාව පිලිගන්න අමාරැයි, මම ජිවත්වෙන්නෙ නගර සිමාවේ.


    Thilanka Eken Allageba hitiye Forest Eken Kallak Ekata Land Ekak aragena dunna Eke Deal eka une Na kiyala thama mama danne


    :yes::yes: