►. මාසයක් ජීවත්වීමට 16,000ක් ඕනෑ...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හතර දෙනෙකුට මාසයක් ජීවත්වීමට 68,000ක් ඕනෑ

    ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි

    මෙරට එක් පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 17,014ක මුදලක් වැය වන බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
    ඒ අනුව, 4 දෙනකුගෙන් යුත් පවුලක සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට අවම වශයෙන් රුපියල් 68,056 මුදලක් අවශ්‍ය බව ද එම වාර්තා තවදුරටත් සඳහන් කරයි.
    එම දෙපාර්තමේන්තුව විසින් මෙරට නිල දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් 2024 වසර සඳහා සිදුකළ සමීක්ෂණයකදී එය අනාවරණය වී ඇත.
    එම සමීක්ෂණයට අනුව කොළඹ ප්‍රදේශයේ ජීවත්වන පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවම වශයෙන් මසකට රුපියල් 18,350ක මුදලක් වැය වන අතර, මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට රුපියල් 16,248ක මුදලක් වැය වනු ඇත.
    එය මෙරට දිස්ත්‍රික්ක 25 අතරින් එක් පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා වැය වන අඩු ම මුදල වේ.
    2023 වසරේදී සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා මසකට රුපියල් 16,524ක අවම මුදලක් වැයවී ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර, මෙම 2024 වසරේදී එම වියදම රුපියල් 17,014ක් දක්වා රුපියල් 490කින් වැඩි වී ඇත.
    මේ අතර, කොළඹ ප්‍රදේශයේ ජීවත්වන එක් පුද්ගලයකු සඳහා වැය වන වියදම ද පෙර වසරට (2023) සාපේක්ෂව මෙම (2024) වසරේදී රුපියල් 17,821 සිට රුපියල් 18,350 දක්වා රුපියල් 529කින් වැඩි වී තිබේ.
    ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දත්ත අනුව 2019 වසරේදී සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා එක් පුද්ගලයකුට වැය වී ඇත්තේ රුපියල් 6,966ක මුදලකි.
    ඒ අනුව වසර 5ක කාලය ඇතුළත එක් පුද්ගලයෙකු සඳහා වැය වන වියදම රුපියල් 6,966 සිට රුපියල් 17,014 ක් දක්වා රුපියල් 10,048ක මුදලකින් වැඩි වී ඇත.


    source
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ජලය විදුලිය මූලික අවශ්‍යතා නෙමෙයි වෙන්ඩැ. කොළඹ හතරදෙනෙක් ඉන්න ගෙදරකට ඔය බිල් දෙකම එයි 15,000 විතර
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ජලය විදුලිය මූලික අවශ්‍යතා නෙමෙයි වෙන්ඩැ. කොළඹ හතරදෙනෙක් ඉන්න ගෙදරකට ඔය බිල් දෙකම එයි 15,000 විතර
    ඔව් බන්.... "පුද්ගලයකුට සිය මූලික අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා" කියලා තියෙන්නෙ.... මූලික අවශ්‍යතා වලට මොනවද දන්නෙ නැහැ අරගෙන තියෙන්නෙ. ඉස්සර බන්දුල ලොක්කා 2500/= මාසයක් ජීවත් වෙන්න පුලුවන් කිව්වා වගේ වෙන්න ඇති..
     
    • Like
    • Haha
    Reactions: Mr.dark and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,389
    113
    Colombo, Sri Lanka
    මුන්ගේ ගණනය හරි. මුන්ගේ කරන්ට් බිල්, වතුර බිල් ආණ්ඩුවෙන් ගෙවනවා ඇත්තේ. මොකද සාමාන්‍ය ගේකනම් ඔය දෙක ගෙවන්නම අඩුම 15000ක් වත් ඕනේ
     
    • Like
    Reactions: $onny and Lejayange

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    මට නම් ලක්ෂ එකහාමරක් ඔන ..ගෙදර වියදම්වලට ..බෙහෙත් වලට අම්මගෙයි තාත්තාගෙයි .. ලයිට් බිල් ..වතුර බිල්
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මට නම් ලක්ෂ එකහාමරක් ඔන ..ගෙදර වියදම්වලට ..බෙහෙත් වලට අම්මගෙයි තාත්තාගෙයි .. ලයිට් බිල් ..වතුර බිල්
    මටත් 1 - 1.5 අතර ගානක් යනව මාසෙකට
     
    • Like
    Reactions: Lejayange

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඔය කියනව ඇත්තෙ පරිප්පුවකුයි සම්බෝලෙකුයි හදාගෙන කාල මාසයක් ඉන්න යන ගාන. 15000කරන් බිලම යනව කිව්වට ගම්වල කරන් බිල 2000ක් වගේ එන්නෙ. හැමෝම එකම මට්ටමෙන් සල්ලි හොයන්නෙ නෑනි. කිරියෙ හැමෝම ලක්ශ ගනන් සැලරි ගත්තට පඩි ගන්න මිනිස්සුන්ගේන් බහුතරයක් ඉන්නෙ 50 000 වගේ සීමාවෙ. ඒකෙන් පවුල් නඩත්තු කරන මිනිස්සු ඕනි තරම් ඉන්නව.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    @scurvy මාසේ වතුර බිල, ලයිට් බිල, ඉන්ටනෙට් බිල කීයක් එනවද?
    කෑම බීම , ට්‍රැවලින්වලට කොච්චරක් විතර වියදම් වෙනවද?
     
    • Like
    Reactions: Lejayange

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේ කියන්නෙ යන්තන් හුස්ම වැටෙන ගානට කාලා ලයිට් දාන්නෙ නැතුව, කානුවට කක්කා කරලා ‍යන්තමින් ජීවත් වෙන සීන් එකක් වෙන්න ඕන.
    අනිවා ලයිට් බිලයි වතුර බිලයි එකතුවුනත් ඔය ගාන යනවා.


    @2osama ලයිට් බිල කීයක් එනවද බන්....
    @monson දැන් ඩොලර් එක කීයද බන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    හා... හා.... ඇමති මණ්ඩලේ පත්කරන්න ඕනවටත් වඩා ජන වරමක් දීල තියෙන්නෙ. ඔයා
    0ATdcf2.png
    ඉරාගන්නෙ නැතුව ඉන්න...
    ගිහිල්ල විපස්ස නායක පත්කරගනින්... බහුතර සජිත්ද...? සුළුතර රනිල්ද ...? කියලා මරාගන්නවා අන්න... තනි කැමැත්තෙන් එකෙක් යෝජනාකරලා යැව්වලු නේද... අන්න පිටකෝට්ටෙයි, වොක්ශෝල් වීදියයි මරාගන්නවා...

    හා... හා.... මාසයක් ජීවත්වීමට පුද්ගලයෙකුගෙන් 16,000ක් අය කරගන්න ඕනවටත් වඩා ජන වරමක් දීල තියෙන්නෙ. ඔයා පුම්ක ඉරාගන්නෙ නැතුව ඉන්න...
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    හතර දෙනා හාල් හුන්ඩුවකුයි, පරිප්පු ටිකකුයි, හාල් මැස්සො 4 දෙනෙකුඉ වේලට කාල ඉන්න ගනන් බලන්නෙ ඕකුන්
     
    • Like
    Reactions: Lejayange