◄ කීකරු භාර්යාව ►

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ◄ කීකරු භාර්යාව ►

    From http://www.facebook.com/l0w3thna
    ◄ කීකරු භාර්යාව ►

    ජීවිතය පුරාවටම මුදල් ඉපයීමේ යෙදුනු සයිමන් තම දිවියේ අවසන් කාලය එලඹ ඇති බව තේරුම් ගත්තා. තම ඇඳට වී අවසන් හුස්ම හෙළීමට පෙර තම භාර්යාවට ඔහු අසලට කතා කර ඔහු මෙසේ පැවසුවා.

    ''මේ අහන්න මැටිල්ඩා, මම දන්නවා ඔයා ජීවිත කාලෙම මට කීකරු භාර්යාවක් වෙලා ජීවත් වුනා කියලා. ඉතිං මම ඔයාගේ අන්තිම කැමැත්ත විධියට ඔයාගෙන් ඉල්ලන්නේ මම ඉපයපු ඒ සියළුම මුදල මගේ මිනී පෙට්ටියේ තැන්පත් කරන්න කියලා විතරයි, ඒ මුදල් මරණින් පසුත් මා සතුවම තිබිය යුතුයි''

    එතැන වටවී සිටි සියළුම දෙනා පුදුම කරමින් ඇය ඔහුගේ ඒ ඉල්ලීම ඉටු කිරීමට පොරොන්දු වුනා. දිනක් ගතවීමටත් මත්තෙන් ඔහු මියැදුනා, ඔහුගේ දේහය සුසානභූමියේ භූමදානය කිරීමට කැපූ වලෙහි තැන්පත් කෙරෙද්දී සුදු ඇඳුමින් සැරසුනු මැටිල්ඩා කුඩා යකඩ සේප්පුවක් රැගෙන විත් එහි තැන්පත් කර යන්නට ගියා. වටවී සිටි සියළු දෙනාම මේ සිදුවීමෙන් ඇය කෙරේ ඇතිකරගත්තේ පුදුම තරම්වූ අනුකම්පාවක්.

    යලි නිවෙස වෙත එන ගමනේදී ඇයගේ හොඳම මිතුරිය වූ රීටා ඇයගෙන් මෙසේ විමසුවා.

    ''උඹට ඇත්තටම පිස්සුද මැටිල්ඩා? උඹ අර මනුස්සයට පොරොන්දු වුනා කියලා සන්තකේ තිබුණු හැම සතේම ඒ විධියට මිනීපෙට්ටියත් එක්කම වල දැම්මේ ඇයි?''

    එවිට මැටිල්ඩා දුකසේ මෙසේ පැවසූවා.

    ''මගේ ආගමේ විධියට පොරොන්දුවක් වුනොත් ඒ දේ කඩකිරීම පාපයක්, ඉතිං මම ඒ මුදල් ඔක්කොම මගේ බැංකු ගිණුමේ තැන්පත් කරලා ඒ සම්පූර්ණ මුදලම සටහන් කරලා cheque 1ක් ලියලා පෙට්ටගමේ තැන්පත් කරලා තමයි වල ඇතුළට දැම්මේ. එතකොට ඉතිං ඒක cash කරගන්න ඕන වෙලාවක එයාට ඒක cash කරගන්න පුළුවන්නේ.''
     
    • Like
    Reactions: champi159