◄.......... බිස්කට් පැකට්ටුවේ කතාව ..........►
දිනක් තරුණ ලඳක් තම ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන් තොටුපළේ වාඩි වී සිටියා. ගුවන්යානය එන තෙක් කාලය ගෙවන්න ඕන නිසා ඇය අසල තිබුණ ස්ථානයකින් පොතක් සහ බිස්කට් පැකට් එකක් මිලදී ගත්තා. ඉන්පසු ඇය සුවපහසු ස්ථානයක වැඩි වෙලා පොත බලන්න පටන් ගත්තා. ඇය වාඩිවුන පුටුව ආසන්නයේම තවත් පුද්ගලයෙක් වාඩි වෙලා පත්තරයක් බලන්න පටන් ගත්තා. මද වෙලාවකින් ඇය තමා අසල තිබුණු බිස්කට් පැකට් එකෙන් බිස්කට් එකක් ගෙන කන්න පටන් ගත්තා. එසැනින් අනිත් පුද්ගලයත් එම බිස්කට් පැකට් එකෙන් එකක් ගෙන කටේ දමා ගත්තා. එම ක්රියාව දුටු ඇය අපහසුතාවයට පත්වුණා. "වෙන තැනකනම් මම මූට හොම්බට දෙකක් අනිනවා" කියල හිතින් හිතාගෙන නිශ්ශබ්දව සිටියා. මෙලෙස ඇය ගන්න සෑම බිස්කට් එකකටම එකක් අර අනෙක් පුද්ගලයත් ගත්තා. මෙසේ බිස්කට් පැකට් එකේ අන්තිම බිස්කට් එකටත් ආවා.
"හරි දැන් බලමු මේ මිනිහ මොකද කරන්නේ කියල" .. එසේ සිතු ඇය නිශ්ශබ්දව බල සිටියා. අවසන් බිස්කට් එක අතට ගත් අර පුද්ගලයා එය දෙකට කඩා කොටසක් ඇයට දී ඉතුරු කොටස ඔහු කෑවා. මෙයා දුටු තරුණ ලඳ කේන්තියෙන් පුපුරමින් තමා සිටි ස්ථානයෙන් නැගිට වෙනත් තැනකට ගොස් ඉඳ ගත්තා. එසේ ඉඳගෙන ඇය කේන්තියෙන් තමන්ගේ අත් බෑගය විවෘත කලේ එහි තුලවූ යමක් ගන්න. පුදුමයක්.. ඇගේ බිස්කට් පැකට් එක ඇගේ බෑගය තුළ තිබෙනවා දුටු ඇය විශ්මයෙන් අර මිනිසා දෙස බැලුවා. ඇයට සියල්ල අවභෝධ වුණා. මෙතෙක් වෙලාවක් තමන් අනුභව කළේ අනෙක් පුද්ගලයාගේ බිස්කට් පැකට් එක බව තේරුම් ගිය ඇය මහත් ලජ්ජාවට පත්වුණා. මක්නිසාද තමන්ගේ බිස්කට් පැකට්ටුවේ අවසන් බිස්කට් එකත් දෙකට කඩා ඇයට කෑමට දුන් එම පුද්ගලයා තමන්ගේ බිස්කට් පැකට් එක අනවසරයෙන් කෑමට ගත් බව සිතා හැසිරුණු ආකාරය පිලිබඳ ඇය මහත් කම්පනයට පත් වුණා. නමුත් ඒ වන විට සියල්ල සිදුවී අවසානයි.. සිදුවූ කිසිවක් ආපසු හැරවීමේ හැකියාවක් ඇයට තිබුනේ නැහැ.
ජීවිතයේදී ආපසු හැරවිය නොහැකි මෙවැනි දේ වලට අපි මුහුණ දෙනු ඇත. ඉතා සුළු සිද්ධියක් වුවත් ඉතා විශාල කඳුලක් අප ජිවිත වලට ඉතිරි කරීමට හැකිය.

සිරා කතාව