◄.......... බිස්කට් පැකට්ටුවේ කතාව ..........►

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ◄.......... බිස්කට් පැකට්ටුවේ කතාව ..........►

    5898583-young-girl-waiting-on-the-airport-bench.jpg



    දිනක් තරුණ ලඳක් තම ගුවන් යානය පැමිණෙන තෙක් ගුවන් තොටුපළේ වාඩි වී සිටියා. ගුවන්යානය එන තෙක් කාලය ගෙවන්න ඕන නිසා ඇය අසල තිබුණ ස්ථානයකින් පොතක් සහ බිස්කට් පැකට් එකක් මිලදී ගත්තා. ඉන්පසු ඇය සුවපහසු ස්ථානයක වැඩි වෙලා පොත බලන්න පටන් ගත්තා. ඇය වාඩිවුන පුටුව ආසන්නයේම තවත් පුද්ගලයෙක් වාඩි වෙලා පත්තරයක් බලන්න පටන් ගත්තා. මද වෙලාවකින් ඇය තමා අසල තිබුණු බිස්කට් පැකට් එකෙන් බිස්කට් එකක් ගෙන කන්න පටන් ගත්තා. එසැනින් අනිත් පුද්ගලයත් එම බිස්කට් පැකට් එකෙන් එකක් ගෙන කටේ දමා ගත්තා. එම ක්‍රියාව දුටු ඇය අපහසුතාවයට පත්වුණා. "වෙන තැනකනම් මම මූට හොම්බට දෙකක් අනිනවා" කියල හිතින් හිතාගෙන නිශ්ශබ්දව සිටියා. මෙලෙස ඇය ගන්න සෑම බිස්කට් එකකටම එකක් අර අනෙක් පුද්ගලයත් ගත්තා. මෙසේ බිස්කට් පැකට් එකේ අන්තිම බිස්කට් එකටත් ආවා.


    "හරි දැන් බලමු මේ මිනිහ මොකද කරන්නේ කියල" .. එසේ සිතු ඇය නිශ්ශබ්දව බල සිටියා. අවසන් බිස්කට් එක අතට ගත් අර පුද්ගලයා එය දෙකට කඩා කොටසක් ඇයට දී ඉතුරු කොටස ඔහු කෑවා. මෙයා දුටු තරුණ ලඳ කේන්තියෙන් පුපුරමින් තමා සිටි ස්ථානයෙන් නැගිට වෙනත් තැනකට ගොස් ඉඳ ගත්තා. එසේ ඉඳගෙන ඇය කේන්තියෙන් තමන්ගේ අත් බෑගය විවෘත කලේ එහි තුලවූ යමක් ගන්න. පුදුමයක්.. ඇගේ බිස්කට් පැකට් එක ඇගේ බෑගය තුළ තිබෙනවා දුටු ඇය විශ්මයෙන් අර මිනිසා දෙස බැලුවා. ඇයට සියල්ල අවභෝධ වුණා. මෙතෙක් වෙලාවක් තමන් අනුභව කළේ අනෙක් පුද්ගලයාගේ බිස්කට් පැකට් එක බව තේරුම් ගිය ඇය මහත් ලජ්ජාවට පත්වුණා. මක්නිසාද තමන්ගේ බිස්කට් පැකට්ටුවේ අවසන් බිස්කට් එකත් දෙකට කඩා ඇයට කෑමට දුන් එම පුද්ගලයා තමන්ගේ බිස්කට් පැකට් එක අනවසරයෙන් කෑමට ගත් බව සිතා හැසිරුණු ආකාරය පිලිබඳ ඇය මහත් කම්පනයට පත් වුණා. නමුත් ඒ වන විට සියල්ල සිදුවී අවසානයි.. සිදුවූ කිසිවක් ආපසු හැරවීමේ හැකියාවක් ඇයට තිබුනේ නැහැ.


    ජීවිතයේදී ආපසු හැරවිය නොහැකි මෙවැනි දේ වලට අපි මුහුණ දෙනු ඇත. ඉතා සුළු සිද්ධියක් වුවත් ඉතා විශාල කඳුලක් අප ජිවිත වලට ඉතිරි කරීමට හැකිය.



    zdTC.jpeg



     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,804
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    kathawa eththa..addekim walin igena ganna oni....:D
    weradena awastha bohomai....ewagen jiwitheta padam lebenawa...:yes:

    lokuma de thamai...eka wathawak karapu,wechcha ehemath nethnam ahamben hari sidda wunu wereda aye nowenna waga balaganna ekai...weradi walin igena ganna oni ekama de thamai thamange weradi hadagena loose point handunaganna eka...:)
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    kathawa eththa..addekim walin igena ganna oni....:D
    weradena awastha bohomai....ewagen jiwitheta padam lebenawa...:yes:

    lokuma de thamai...eka wathawak karapu,wechcha ehemath nethnam ahamben hari sidda wunu wereda aye nowenna waga balaganna ekai...weradi walin igena ganna oni ekama de thamai thamange weradi hadagena loose point handunaganna eka...:)
    Aniwa machan, Weredda kiyana de jeewithayata ashirwadayak karaganna miniha thama dinanne...:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්ත කියපිය........තෝ නේද අර කෙල්ලට අන්තිම බික්කිය දෙකට කඩල දුන්නේ..........ඉනාවක් දාල..........දැන් සෙට් කරං ඉන්නේ ඒ කෙළි පැටික්කි නේද??????
    ඉනා බේත් දීලා දැන් මෙතන සිරා කතා දානව........
    තෝ කිඹුළා කා........!!!!!!!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සමහරු තේරුමක් නැතිව ප්‍රශ්න වලට මැදි වේලා..
    ඒ ප්‍රශ්නය මිණි මැරුමක් දක්වා ගියාට පස්සේ තමයි තේරුම් ගන්නේ..
    ඒ පුද්ගලයා මේ ප්‍රශ්නයට කිසිම විදියකින් සම්බන්ධ නැති විත්තිය..
    ටික මොහොතකට ඉවසිමෙන් සිහි බුද්ධියෙන් කටයුතු කරලා තිබ්බා නම්..
    අසරණ ජිවිතයක් තේරුමක් නැතිව මේ ලොවෙන් තුරන් වෙන්නෙත් නෑ..
    කොහොම වුනත් අපේ මිනිසුන් හැම දෙයක් ගැනම ඕනෑවට වඩා හිතන යන හින්දායි..
    ඉවසීමේ සිමාව ඉක්මවා යන්නේ..