◄ රියදුරු පාඩම ►

dakune maraya

Member
Mar 5, 2012
105
10
0
Matara
◄ රියදුරු පාඩම ►

◄ රියදුරු පාඩම ►

දිනක් එක්තරා පුද්ගලයෙක් ටැක්සියක නැගී ගමනක් යන්නට වුනා. ටැක්සි රථයේ රියදුරා විනීත ලෙස ලෙස ඔහුගේ රථය පදවමින් සිටින අතරතුර හදිසියේම අතුරු පාරක සිට වෙනත් මෝටර් රථයක් ඔහු ගමන් කරමින් සිටි මහා මාර්ගයට ඇතුළු කරන්නට ගිය හෙයින් ඔහු මහත් පරිශ්‍රමයක් දරා තිරිංග තද කොට සිදු වීමට ගිය මහා අනතුරකින් අනෙක් රථයද බේර ගැනීමට සමත් වුනා.

අනෙක් රථයේ සිටි පුද්ගලයා වහාම තම වීදුරුව පහත දමා ටැක්සි රියදුරා හට පරුෂ වචනයෙන් බැන වදින්නට වුනා. ටැක්සි රියදුරු මෙසේ මිනිත්තු කිහිපයක් තමාට බැන වැදුණු පුද්ගලයා හට සිනහවකින් සංග්‍රහ කොට අත වනා ආචාර කොට තම රිය පදවාගෙන ඉදිරියට ඇදෙන්නට වුනා.

සිදුවූ සියල්ල දෙස හොඳින් බලා සිටි ටැක්සියේ පසු පස අසුනේ ගමන් ගත් තැනැත්තා මද දුරක් ගිය පසු තම හඬ අවදි කලා.

"යාලුවා, ඔබ අතේ කිසිම වරදක් තිබුණේ නෑ. එහෙම වෙලත් අර පුද්ගලයා ඔබට පරුෂ වචනයෙන් බැන වැදුණා. ඒ සියල්ලත් තේරුම් ගැනීමට පුළුවන්, නමුත් ඔබ ඔහුට සිනාමුසුව ආචාර කර බොහෝ මිත්‍රශීලීව හැසිරුණු ආකාරය ඇත්තටම මට ප්‍රහේළිකාවක්."

"මේකයි මහත්තයෝ, අපිට එදිනෙදා හමුවන සෑම අයකුම පාහේ කුණු ලොරි වගේ. ඔවුන් දවස පුරාම ඇවිදින්නේ, කතා කරන්නේ කොටින්ම හුස්ම ටික පවා ගන්නේ ඔලුවේ කුණු ගොඩාක් පුරෝගෙන. එක් එක් කෙනා ඉන්නේ එක් එක් ලෝක වල. කෙනෙක්ගේ බලාපොරොත්තු කඩවෙලා, කෙනෙක්ට අතමිට හිඟ වෙලා, කෙනෙක්ට රාජකාරි කරන තැන ප්‍රශ්නයක් වෙලා... මේ හැමෝම බලාගෙන ඉන්නේ මේ කුණු ටික කොහාට හරි හලල නිදහස් වෙන්න. ඉතිං මේ කුණු සමහර වෙලාවට අපේ ඇඟෙත් හලන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට හිනා වෙලා, අත වනලා අපි අපේ ගමන යන්නේ නැතුව ඒ කුණු ගොඩට කර ගැහුවොත් අපි පරාදයි. අනික ඒ මනුස්සය කොහොම හරි කුණු ටික නිදහස් කරගත්තු එකම කොච්චර ලොකු දෙයක්ද මහත්තයෝ."

අප ගත කරන කෙටි ජීවිතය තුළ අපට නිවැරදිව සළකන්නවුන් හට ආදරය කරන්නද, අප හට වැරදි කරන්නවුන් හට උපේක්‍ෂාවෙන් කටයුතු කරන්නද සිහි තබාගමු. මන්ද අප ජීවිතයෙන් 10%ක් අහඹු සිදුවීම් වන අතර අනෙක් 90%ම රඳා පවතින්නේ අප ඒවාට ප්‍රතික්‍රියා දක්වන ආකාරය මත වන බැවින්.


@facebook