◄ රුපියල් 500 ►

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ◄ රුපියල් 500 ►

    දිනක් එක් දේශකයෙකු තම දේශනය අතර තුර පසුම්බියෙන් ගත් රු.500ක නෝට්ටුවක් ගෙන එය අවශ්‍යය කාටදැයි ඇසූ විට ශාලාවේ සිටි සියලුම දෙනාම පාහේ තම අත් ඉහළට ඔසවන්නට වූ අතර දේශකයා දිගින් දිගටම රු.500 නෝට්ටුව අවශ්‍යය කාටදැයි විමසමින් වේදිකාවේ ඇවිදින්නට විය. එවිට තැන් තැන් වලින් ඇසුනේ ''මට ඕන'' යන හඬ වූ අතර එය ක්‍රමයෙන් දේශනා ශාලාව පුරා රැව් දෙන්නට විය. එක්වරම වේදිකාව මතට දිය ගිය සිසුවියක දේශකයාගේ අතේ තිබුණු රු.500 ගනිද්දී දේශකයා ඇය වෙත සුබ පතමින් අත් පොළොසන් දෙන්නට විය.

    ''අපි අපේ ජීවිත වල හොඳ දෙයක් වෙනකම් කියල බාලාගෙන ඉන්නවා, ඒත් කිසිම දෙයක් ඒ සඳහා කරන්නේ නෑ. හොඳ දෙයක් සිදු වෙන්න නම් අපි ක්‍රියාත්මක වෙන්න ඕන.''

    මේ සිදුවීම මා ජීවිතයට හුරු පුරුදු කරගෙන ටික කලක් ගත වෙද්දී නැවත වරක් මා හට එම දේශකයාගේම දේශනයකට සහභාගී වීමේ භාග්‍යය උදා විය. දේශනය අතර තුර පෙර අවස්ථාවේ පරිදිම ඔහු තම පසුම්බියෙන් රු.500 නෝට්ටුවක් ගන්නට වූ විට සිදුවන්නට යන්නේ එදා සිදුවූ දෙයම යැයි මා සිතන්නට විය. එහෙත් ඒ වෙනුවට ඔහු ශාලාවේ අපට යොමු කලේ වෙනත් පැනයකි.

    ''මේ මගේ අතේ තියෙන නෝට්ටුවේ වටිණාකම කීයද?''

    සෑම දෙනම එක හඬින් රු.500 යැයි ප්‍රති උත්තර දුන් අතර ඉන් පසු දේශකයා එම නෝට්ටුව ගෙන අතින් හොඳ හැටි ගුලිකරන්නට විය.

    ''දැන් මේ මගේ අතේ තියෙන නෝට්ටුවේ වටිණාකම කීයද?''

    නැවතත් සියලු දෙනාම පෙර පරිදිම පිළිතුරු දෙන්නට යෙදුනු අතර ඔහු ඉන් පසු නෝට්ටුව බිම දමා එය තම සපත්තුවෙන් පාගන්නට විය.

    ''හොඳයි, දැන් මේ මගේ අතේ තියෙන නෝට්ටුවේ වටිණාකම කීයද?''

    රු.500යි. සෑම දෙනම එක හඬින් පිළිතුරු දෙන්නට විය.

    ''හරියටම හරි, අපි අපේ ජීවිත වලදිත් මේ රු.500 වගේ හැඩ ගැසෙන්න ඕන. සමාජය විසින් අපිව කොතරම තලා පෙලා දැම්මත් අපි අපේ තියෙන වටිණාකම හෑල්ලුවකට ලක් වීමට නොදිය යුතුයි.''

    රු.500කින් වුනත් ජීවිතයට එකතු කරපු දේ මිළ කරන්න බැරි තරම් නේද?

     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    ගොඩක් ලොකු තේරුමක් තියෙනවා. වටිනවා මචන්.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Excellent සහෝ... Rep දෙන්න බැරිලු. අද එක පාරක් උබට Rep දුන්න. :yes: