☀️🌎 උතුරු අක්ෂාංශ '63' (63°N) දී දිස්වූ සූර්යයා හා අපූර්ව ප්‍රභාමණ්ඩලය (Sun Halo) 🌏☀️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,081
    113
    XIEOueT.jpg



    දිනය: 2022 දෙසැම්බර් 21

    සෑම වසරකම උදාවන, අඩුම දිවා කාලයකින් හා වැඩිම රාත්‍රී කාලයකින් යුක්ත වූ දිනය, "December solstice" නමින් හදුන්වන අතර එම දිනය දෙසැම්බර් මස 21 වන දින ("December solstice" දිනයන් සෑම වසරකම දෙසැම්බර් 21 හෝ 22 යන දිනයන්හීදී යෙදේ) එනම් අද දින උදාවිය. තාරකාවිද්‍යාත්මකව ගත හොත් පෘථිවියේ දකුණු අර්ධ ගෝලයට ගිම්හානයත් (summer), උතුරු අර්ධගෝලයට ශීත සෘතුවත් උදාවන දිනය වන මෙදින එම "December solstice" අවස්ථාවට සම්ප්‍රාප්ථ වන මොහොතේදී, සූර්යයා පෘථිවි ආකාසයෙහි දිස්වන්නේ ආකාශ සමකයේ (celestial equator) සිට දකුණට ඇති ලක්ෂ්‍යයට පවතින කෝණික දුරට අංශක 23.5 ක ආනතියකින් යුතුව වන අතර එම අවස්ථාවට සූර්යයා සම්ප්‍රාප්ථ වීම අද දින, ජාත්‍යන්තර වේලාවෙන් (Coordinated Universal Time - UTC) 21:48 ට සිදුවිය.

    මීට දින 4 කට පමණ පෙර සූර්යයා මෙම සෘතු වෙනස්වීම සිදුවන සීමාවට දකුණු දෙසින්, ඊට ආසන්නව පිහිටා තිබූ අතර පහත දැක්වෙන පරිදර්ශන (panorama) ඡායාරූපයෙන් නිරූපණය වන්නේ එලෙස දින 4 කට පෙර දහවල් කාලයේදී මධ්‍යම ස්වීඩනයේ පිහිටි "Ostersund' නම් නගරයට ඉහළින් වූ ආකාසයෙහි ක්ෂිතිජ ඉමට මදක් ඉහළින් පායා තිබූ සූර්යයා දිස්වූ අපූරු ස්වරූපයයි. සූර්යාලෝකය, ආකාසයේ ඉහළින්ම ඇති වළාකුළුවල (high cloud) පවතින ෂඩාස්‍රාකාර අයිස් ස්ඵටික මත ගැටීමෙන් සිදුවන වර්තනය හා පරාවර්තනය හේතුකොට ගෙන හටගන්නා "Ice Halo" නම් සංසිද්ධියක් හේතුවෙන්, මෙහි සූර්යයා වටා දිස්වන්නා වූ අපූරු ආලෝක චාපය නිර්මාණය වී තිබේ.

    කෙසේ වෙතත් මෙම ඡායාරූපය ගත් මොහොතේදී සූර්යයා ක්ෂිතිජයට ආසන්නයෙන් වන්නටව පිහිටා තිබීමත්, ඉතා පැහැදිලි ආකාසයක දිස්වීමත් හේතුවෙන් මෙම "Ice Halo" ව හට ගැනීමට හේතු වූ අයිස් ස්ථටිකයන් නිර්මාණය කරන ලද්දේ අවට පරිසරයෙහි පවතින හිම කැටිති මගින් බව සිතිය හැක. ඡායාරූපයෙහි පෙරබිමින් දැක්වෙන ප්‍රදේශය, හිම ක්‍රීඩාවන් සදහා යොදාගන්නා ප්‍රදේශයක් (ski area) වන අතර කෘතිම හිම උත්පාදන යන්ත්‍රයන් (snowmaking machines) මගින් නිර්මාණය කළ හිම විසිර යාම හේතුවෙන් ඇති වූ වළාව, ඡායාරූපයෙහි දකුණු පසින් දිස්වන "Frösön" දූපතෙහි දකුණු දෙසට වන්නටව දැකගත හැකිය.


    Image Credit & Copyright: Goran Strand

    GS_20221217_Solhalo_Pan_v3.jpg





    ඡායාරූපයට සමගාමීව ලබාගත් වීඩීයෝව






    December solstice

    Solstice

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,019
    153,081
    113

    Similar threads