☆ ශ්‍රී ලංකා වේ මුදල් නෝට්ටු වලට ඇතුලත් දේ#
☆ ::..ශ්‍රී ලංකා වේ මුදල් නෝට්ටු වලට ඇතුලත් දේශීය කුරුල්ලෝ..:: ☆

දැනට Sri Lanka වේ භාවිතා වන මුදල් නෝට්ටු හයක Sri Lanka වට ආවේනික පක්ෂීන් 6 දෙනෙකුගේ ඡායාරූප සලකුණු කර ඇත.
රු. 5000 - ලංකා පීතකන් කොන්ඩයා (Yellow eared Bulbul)
රු. 1000 - ගිරා මලිත්තා (Sri Lanka Hanging Parrot)
රු. 500 - අළු ගිරවා (Layard's Parakeet/Emerald-collared Parakeet)
රු. 100 - රතු දෙමළිච්චා (Orange Billed Babbler)
රු. 50 - ශ්‍රී ලංකා අනු-මැසිමාරා (Fly Catcher)
රු. 20 - ශ්‍රී ලංකා පඬු කන් බස්සා (Serendib Scops Owl)
- රු. 5000 නෝට්ටුව -
ප්රමුඛ වර්ණය : රන්
පරිමාණය : මි.මී 153 x 67
මෙම නෝට්ටුවේ දකුණු පසට වන්නට ඔබට ලංකා පීතකන් කොන්ඩයා (Yellow eared Bulbul) ව දැකගත හැක.
මෙම පක්ෂියා ලංකා පීතකන් කොන්ඩයා , කහකන් කොණ්ඩයා , කහ කොණ්ඩයා යන නම් වලින්ද හදුන්වයි. මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Pycnonotus penicillatus.
කඳුකර තෙත් වනාන්තර වල ජීවත්වන කහකන් කොණ්ඩයා මුහුදු මට්ටමේ සිට මීටර් 1000කට ඉහල කඳුකර වනාන්තර ප්‍රිය කරයි. නිතරම ජෝඩු වශයෙන් සැරිසරතත් ආහාර බහුල ස්ථානවල රංචු දැකිය හැකිය. කඩිසර කුරුල්ලෙකු වන කහකන් කොණ්ඩයා කෘමිසතුන් හා කුඩා ගෙඩි වර්ග ආහාරයට ගනී.
ප්‍රධාන වශයෙන් මාර්තු සිට මැයි දක්වා අභිජනනය සිදුවන අතර අගෝස්තු-ඔක්තෝම්බර් කාලයේදීද බිත්තර දැමීම සිදුකරයි. පොලවට මීටර් 3-5 පමණ ඉහලින් කුඩා ගසක කූඩු තනන මොහු වරකට බිත්තර දෙකක් පමණ දමයි.
This bird appears in a 10 rupee Sri Lankan postal stamp.
- රු. 1000 නෝට්ටුව -
ප්රමුඛ වර්ණය : කොළ
පරිමාණය : මි.මී 148 x 67
මෙම නෝට්ටුවේ දකුණු පසට වන්නට ගිරා මලිත්තා (Sri Lanka Hanging Parrot) ව දැකගත හැක.
මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Pycnonotus penicillatus.
ප්‍රමාණයෙන් ගේ කුරුල්ලෙකු තරම් වේ. තෙත් කලාපයේත් කඳුකරයේ මීටර් 1500 දක්වා පමණ ඉහළටත් වන ආවරණ සහිත ප්‍රදේශ වල සුලභ පක්ෂියෙකි. කඳුකර කලාපය ආශ්රිත පහත රට වියළි කලාපයේද දක්නට ලැබෙන මුත් උතුරෙහි දුලභය. මෙම ගිරවා ප්‍රධාන වශයෙන් කොළ පැහැතිය. යුෂ සහිත ඵල වර්ග මධු සහ රා මදින්නන්ගේ මුට්ටිවල එකතුවන තෙලිජ්ජ වලට ප්‍රිය කරයි.
වේගයෙන් පියෑඹීමට අපූරු හැකියාවක් ඇති මෙම පක්ෂියාගේ නාදය තියුණුය. රංචු වශයෙන් බහුලව දැකිය නොහැකි, තනි තනිවම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් නිසංසල තුරු මුදුන් වල දැකිය හැකි, රතු පැහැති හිස මුදුනකින් හා කුඩා වලිග කොටසකින් යුතු මෙම අලංකාර පක්ෂියාගේ වක් වූ හොටය රතු පැහැතිය.
ඉදුණු පළතුරු, මල්පැණි හා කුඩා ධාන්‍ය වර්ග ආහාරයට ගනී. හොදින් වැඩුණු කුරුල්ලෙකු සෙන්ටිමීටර් 20 ක් පමණ දිගින් යුතු වේ. කුරුල්ලා හා කිරිල්ලිය පෙනුමෙන් එක සමාන වුවත් කිරිල්ලියට වඩා කුරුල්ලා වර්ණවත් බැවින් වැඩිය. බොහෝ විට තුරු මුදුනක පිහිටි ගස් බෙනයක් බිත්තර දැමීම සදහා තෝරා ගනු ලබයි. වරෙකට බිත්තර 2-3 ප්‍රමාණයක් දමනු ලබනු බවද සැළකේ.
This bird appears on a 15c Sri Lankan postal stamp.
- රු. 500 නෝට්ටුව -
ප්රමුඛ වර්ණය : දම්
පරිමාණය : මි.මී 143 x 67
මෙම නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අළු ගිරවා (Layard's Parakeet/Emerald-collared Parakeet) නමැති පක්ෂියා ව දැකගත හැක.
මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Psittacula calthropae.
ශ්‍රී ලංකාවට අවේනිකය. කඳුකරයේ මීටර් 1750 දක්වා ඉහළටත් පහතරට කඳුකරය ආශ්රිත කලාපයේත් වනාන්තරවල හමුවන මෙම ගිරවා යුගල් වශයෙන් හෝ කුඩා රංචු ලෙස වාසය කරයි. වේගවත් පියාසරකරුවෙකි. විවිධ ඵල වර්ග,මල්,අංකුර,මල් පැණි ආදිය ආහාරයට ගනී.
මාල ගිරවාට හා පණු ගිරවාට වඩා රුක්වාසී වේ. ලිංගික ද්විරූපතාවක් සහිතය. ජනවාරි-මැයි දක්වා සහ බොහෝ විට යළි ජුලි-සැප්තැම්බර් කාලයේත් අභිජනනය කරන මෙම ගිරවා බිත්තර දැමීමට වඩාත් ප්‍රිය කරන්නේ උස ගසක කඳේ බෙහෙවින් ඉහළ පිහිටි කුහරයකය.
This bird appears on a 50c Sri Lankan postal stamp
- රුපියල් 100 නෝට්ටුව -
ප්රමුඛ වර්ණය : තැඹිලි පාට
පරිමාණය : මි.මී 138 x 67
මෙම නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා රතු දෙමලිච්චා (Orange Billed Babbler) නමැති පක්ෂියා ව දැකගත හැක.
මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Turdoides rufescens
බැබ්ලර් හෙවත් දෙමලිච්චන් වර්ගයක් වන රතු දෙමලිච්චා නිරිතදිග තෙත් කලාපයේ මුහුදු මට්ටමේ සිට හෝර්ටන් තැන්න දක්වා ප්‍රදේශයක පැතිරී සිටියි. ප්‍රමාණයෙන් සාමාන්‍ය දෙමලිච්චෙකුට සමානවන රතු දෙමලිච්චා, රංචු වශයෙන් හැසිරෙනු දකින්නට පුලුවන. දුඹුරට හුරු රතුපැහැ පිහාටුවලින් හා තද තැඹිලි පැහැ හොට හා පාද නිසා අලංකාර කුරුල්ලෙකි.
සර්ව භක්ශකයෙකු වන රතු දෙමලිච්චා කැලෑවේ ඉහල ගස් මුදුන්වල සිට පොලව දක්වා සියලුම ස්ථරවල ආහාර සොයමින් හැසිරෙයි. සාමාන්‍ය දෙමලිච්චන් මෙන්ම රතු දෙමලිච්චන් රංචුද ඉතා ඝෝෂාකාරී ලෙස කෑගසමින් හැසිරෙයි. මෙම පක්ෂීන්ට යෙදෙන බැබ්ලර් යන පොදු නාමයෙහි තේරුමද තොරතෝංචියක් නොමැතිව කෑගසන්නා යන්නයි.
මාර්තු හා මැයි අතර බිත්තර දමන බවත්, එම බිත්තර තද කොළට හුරු නිල් පැහැයක් ගන්නා අතර බිත්තර දෙකක් හෝ තුනක් දමන බවත් සටහන් කොට ඇත. රතු දෙමලිච්චන්ගේ කූඩු හා අභිජනන ක්‍රියාවලිය පිලිබඳව එතරම් තොරතුරු සටහන්වී නොමැත. පක්ශි විද්‍යාඥයින් සඳහන් කරන ආකාරයට රතු දෙමලිච්චා සිය කූඩු ඉතා සුපරික්ශාකාරීව, සිය කූඩු කිසිවෙකුටත් නෙත නොගැටෙන ස්ථානවල ඉතා රහසිගතව තනීම මෙයට හේතුවයි.කිතුල්ගල හා සිංහරාජ වනය රතු දෙමලිච්චන් දැකගත හැකි වනාන්තර පෙදෙස් දෙකකි.

- රුපියල් 50 නෝට්ටුව -
ප්රමුඛ වර්ණය : නිල්
පරිමාණය : මි.මී 133 x 67
මෙම නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අනු මැසිමාරා (Fly Catcher) නමැති පක්ෂියා ව දැකගත හැක.
මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Eumyias sordidus
මෙම පක්ෂියා ශ්‍රී ලංකා අනු-මැසිමාරා , නිල් මාරාවා , අඳුරු නිල්මැසිමාරා යන නම් වලින්ද හදුන්වයි.
අඳුරු නිල් පැහැයක් ගන්නා මොහුගේ ලය හා යටි ප්‍රදේශය උඩුකයට වඩා වරණයෙන් ලා පැහැතිය. ගස්වල පහතින් ඇති අතුපතර අතර සිටිමින් පියාසර කරන මැස්සන් හා වෙනත් කෘමිසතුන් අල්ලාගෙන කයි.
ප්‍රමාණයෙන් ගේ-කුරුල්ලෙකුට සමාන අනු මැසිමාරාට එම නම ලැබී ඇත්තේ මැස්සන්ගේ මාරයා හෙවත් මැස්සන් අල්ලන්නා යන අර්ථය ලබාදීමටය. මධ්‍යම කඳුකර වනාන්තරවල මීටර් 600කට ඉහල ප්‍රදේශය වාස භූමිය කරගත් අනු මැසිමාරාවා ඝණව වැඩුනු වන පෙදෙස් ප්‍රිය කරයි.
වියලි කොල, පෙඳ-පාසි ආදියෙන් පොලොවට මීටර් දෙකක් පමණ ඉහලින් කූඩු තනන මොවුන් මාර්තු-මැයි හා අගෝස්තු-සැප්තැම්බර් බිත්තර දෙකක් දමයි.
- රුපියල් 20 නෝට්ටුව -
ප්රමුඛ වර්ණය : මදටිය පැහැය
පරිමාණය : මි.මී 128 x 67
මෙම නෝට්ටුවේ දකුණුපසට වන්නට ශ්‍රී ලංකා පඬුකන් බස්සා (Serendib Scops Owl) නමැති පක්ෂියා ව දැකගත හැක.
මොහුගේ විද්‍යාත්මක නාමය වන්නේ Otus thilohoffmanni
පඬු කන් බස්සා ශ්‍රී ලංකාව තුලින් සොයාගන්නා ලද නවතම පක්ෂි වර්ගය ලෙස සැළකේ. මෙම පක්ෂියාව මුල්වරට නිරීක්ශණය කරන ලද්දේ පක්ශි විද්‍යාඥ දීපාල් වරකාගොඩ මහතා විසින් 2001 වසරේදී සිංහරාජ වනාන්තරයේදීය. 2004 වසරේදී පඬුවන් බස්සා මෙතෙක් විද්‍යාඥයින් දැන නොසිටි නවතම පක්ෂි විශේෂයක් ලෙස හඳුනාගන්නා ලදී. මීට පෙර අලුත් පක්ෂි විශේෂයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද්දේ 1868 වසරේදී ශ්‍රී ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush) පක්ෂියා නව පක්ෂි වර්ගයක් ලෙස විද්‍යාත්මකව හඳුනාගෙන නම් කිරීමත් සමගය.