"කොළඹ එවුං, ෆැෂන් කරනව, උන් අඳිනව, ඒ මාරයි නේ බං.. පට්ට කෑලි නේ ඉන්නෙ.. කොල්ලොත් එහෙමයි.. හෙන පත උන්.. කොහොමද මන්ද එහෙම ජැන්ඩියට ඉන්නෙ.."
එහෙම ගොං පාට් ඇට් කරන්න එපා.. මොකද උන්ගෙයි, උඹලගෙයි ඇති බංබුවක් නෑ.. බැහැයි ඇහැට පේන එක ඇත්ත..
උන් අඳිනවා..
උඹලා අඳින්නෙ නෑ..
ඒ මොකක්ද ඒ හරුපෙ කියලා උඹලට හිතෙනව වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම එකක් තියෙනවා.
ගමෙන් ආපු එකෙක් කොළම එවුං අස්සෙ ගංකබ්බ වෙන්නෙ ගොඩය වෙන්නෙ බයිය වෙන්නෙ මුලින්ම ඕකෙන්.
ඇඳුමෙන් පැළඳුමෙන්
ඔය ගැන හොඳ කතාවක් මතක් වුණා.. ඒක කියන්නෙ දේශපාලනයට ආපු ගායකයෙක්.. මේක අහපුවම ඕනෑම එකෙකුට මල පනිනව වෙන්නත් පුළුවන්.. අපිටත් මල පැන්න මුලින්ම.
එක්තරා රියැලිටි ගායනා තරඟයකට එනව ගමේ කොල්ලෙක්. ඌ එන්නෙ සිස්ටම් එක ඇතුළෙ වීරයෙක් වෙන්න. එතකොට ඒ වීරය ගමටත් වීරයා, කොළඹටත් වීරයා, හැම තැනටම වීරයා වෙන්න ඕනෑ.. නැත්තං ඌට වෙන්නෙ කබ්බා වෙන්න.. දැන් මේ වැඩසටහනට ආපු කොල්ලා සිංදුව කියනවා. සිංදුව නරකමත් නෑ. ඒත් අපේ මිත්රය ඒ ගමෙන් ආපු අහිංසක කොල්ලව පිරිසක් ඉස්සරහ කෝණ්ඩි කරනව. හැබැයි ඒ උගේ ගායනය අවුලක් ගැන කියල නෙවෙයි. උගෙ ඇඳුම පැළඳුම ගැන කියලා. ඒක මහ තක්කඩිකමක්. බැට් කරන්න පිට්ටනියට ආපු එකාගෙ ඔලුවට බෝලයක් දානවා.
"ඔයා වීරයෙක් වෙන්න සුදුසු නෑ.. ඔයාට තරුවක් වෙන්න ඇඳුම පැලඳුම සුදුසු නෑ.."
මේ කතාව කියන්නෙ මදුමාධව අරවින්ද.. බොරුවට හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්. ගමෙන් එකෙක් කොළම ඇවිත් තරුවක් වෙන්න හදනකොට උගේ පුකට පයින් ගහල බිමට ඇදල දාන්න හදන එක හරිද. මේ කතාව උඩින් බලපුවම පේන්නෙ එහෙම.
ඒත් ඒකෙ තියෙනව අමුතු යට පැත්තක්. මම පටන් ගත්තෙ එතැනින්. ඇයි අහිංසක එකෙක්ට අහිංසක විදියට ඉන්න බැරිද? බෑ...
ඇත්තටම බෑ.. උඹ ටොයිය උන් අතරෙ බයිය වෙන්න එපා.. ඉල්ලාගෙන හරි ඇඳපන්.. උඹව පළවැනියෙන් දකින එකාට උඹව මනින්න තියෙන අඩිකෝදුව ඒක. අහිංසක කම මාර්කට් කරල වීරයො හැදුන තමයි. අපි දුප්පත් කම්වලට අනුකම්පා කළා තමයි.. ඒ ගැන කියන්නත් හැඩතල ඇතුව සමාජෙට වරෙන්.. නැත්තං උඹ සමාජෙ ඇතුළෙ ප්රතික්ෂේප වෙනවා..
හැබැයි එකක් මම කියන්නෙ නෑ කොණ්ඩෙ ටින්ට් කරල, තට්ටං දෙකට උඩින් පච්චයක් ගහලා, බුරියට කරාඹුවක් දාන්න කියලා.. ඕනෑ නං දාගත්තත් ප්රශ්නයක් නෑ.. උමේ ගමට රටට ගැළපෙන විදියට පුළුවන් තරන් ෆැෂන් කරපන්.. උඹම උඹට තහංචි දාගන්න එපා. ගමෙන් කොළඹ ඇවිත් පෙකණිවැල කඩා ගන්න බැරි ඇටිකිත්තෙක් වෙන්න එපා.. අම්ම අප්ප අමතක නොකර කොළඹ පැළවෙයන්. ඒකට ඕනෑ කරන පෝරයි, වතරයි දාන්න ඕනෙත් උඹම තමයි..
ඒකෙ අතු කපල, කාඩ වැඩ දාගන්න බැරි එවුන්ට කොළඹ පැළවෙන්න බෑ. ගලවල විසිකරන්න ඉදිරිපත් වෙන වීරයෝ ඕනෑ තරන් ඉන්නවා. ඒක නිසා අමුතුවට පේන්න එපා. කැපිල පෙනුනට කමක් නෑ.. කඩමලු අඳින්න එපා. වේලක් බඩගින්නෙ හිටියට බඩ හාරල බලන්න කවුරුවත් එන්නෙ නෑ.. ඒක දන්නෙ උඹ විතරයි.. ඒත් උඹ සිස්ටම් එකේ ඉන්න අනෙක් උන්ට පරදින්න හදන්න එපා. මනුස්සයෙක්ගෙ ඇඟට පතට ගැළපෙන විදියට ඕනෑ ෆෑෂන් එකක් කරපන්. අඩු කරන්න ඕන වියදන් අඩු කරගෙන, කොළඹ ඇතුළෙ කබ්බ නොවී ඇඳපන් පුළුවන් විදියට.
එතකොට ඒ පට්ට කෑලි වෙන්නෙ උඹලා, මාර කොල්ලො වෙන්නෙත් උඹලා, හොටු පෙරාගෙන, නාවර පෙරාගෙන කොළඹ එවුන් අස්සට ගියාම වගේ නෙවෙයි. එහෙම බැස්සම සෙට් එකක් අස්සට, කොළඹ එවුනුත් කොර වෙනවා, එතකොට කබ්බොත් නෑ, බයියොත් නෑ.. ටොයියා කොර..