☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මුන් ඉතින් ඕනි එකක් කරල , "සොරීඊඊඊඊ...." කියල ශේප් වෙනවා!!!මොකාද දැන් සොරී කියල ශේප් වෙන්න හදන්නේ කියල බලන්න මම ඒ දිහාවට හැරුණා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    "සඳුනි...........!!!"
    ඔව්,එයාම තමයි!!මට දෑස් අදහගන්න බැරිවුණා.මාව දැකපු ගමන් එයාවත් තිගැස්සුණා කියලා මට දැනුණා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම බොහෝම අමාරුවෙන් වචන ගොනුකරලා කතා කළා.මම හිනා උනාද කියල මතක නං නෑ,මොකද ඒ වෙලාවේ මම ඒ තරංම තිගැස්සිලයි හිටියේ ඒත් එයා මාත් එක්ක යන්තං හිනාවේගෙන මට එහා පැත්තේ බංකුවෙන් වාඩිවුණා.සමහරවිට මාව අඳුනගන්න ඇති.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම පතපු හීනේ සැබෑ උණා.එයාව මට ආපහු හම්බවුණා!!!මගේ හිතට ඇතිවුණු සතුට....හරියට මුළු ලෝකෙම මට හම්බුණා වගේ.ඒ සතුටයි , සඳුනි මගෙ ලඟම එහා පැත්තේ වාඩිවෙලා උන්නු නිසා ඇතිවෙච්ච තිගැස්මයි නිසා පංතියේ ඉන්ටවල් දෙනකංම මට හිත එක්තැන් කරගෙන පාඩම අහගන්න බැරිවුණා.මගේ හිත තිබ්බේ මං ගාව නෙවෙයි,සඳුනි ගාව.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබ පිස්සෙක්දහ් බ0 එකදිගට ඔහොමහ් පොස්ට් දාන්නෙහ් ? පොස්ට් කවුට් වැඩි කොරගන්නදහ් ? :lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    "සමීර,මගේ ඔළුව ටිකක් රිදෙනව වගේ.මං පන්තියට වෙලා ඉන්නං , උඹලා ගිහිං වරෙන් "
    මං බොරුවක් කිව්වා.වෙන හේතුවක් නිසා නෙවෙයි,සඳුනිත් එක්ක කතා කරන්න පුදුම ආසාවක් මගේ හිත ඇතුළෙන් මතු වෙවී තිබුණු නිසා.
    මගේ යාළුවෝ ටික එලියට ගියා.ඒත් සඳුනිගේ යාළුවෝ ටික එයා වටේම ඉඳගෙන කච කචේ.ටික වෙලාවකින් එයාගේ යාළුවොත් එලියට යනවා මම දැක්කා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එයා ඩෙස්ක් එකට ඔළුව තියාගන්නවා මම දැක්කා.සමහරවිට ඔළුව රිදෙනව ඇති.එයත් එක්ක කතා කරන්න ආසාවෙන් හිටිය මට,මීට වඩා හොඳ අවස්ථාවක් නොලැබෙන බව මට තේරුණා.මොකද එයාගේ මාර සේනාව ; "යාළුවෝ ටික" එයාව වටකරගත්තු ගමන්මනේ කොයි වෙලෙත්!!!
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පංතිය ඇතුළේ කෙල්ලො , කොල්ලෝ කතාකරනවා මට ඇහෙනවා.ඒ හැමෝම එයාලගේ ලෝකවල තනිවෙලා.සඳුනි එක්ක කතා කරන්න ඕනි වුණාට , හිත ඇතුලේ තිබ්බේ පුදුම චකිතයක්.මගෙ පපුව ගැහෙන සද්දේ,මටම ඇහෙනවා!!අන්තිමට හිතේ තිබුණු හැම දහිරියම එකතු කරලා මම එයාට කතා කළා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම කතා කරනවා ඇහිලා , ඩෙස්ක් එක උඩ ඔළුව තියාන හිටපු සඳුනි හිමීට ඔළුව ඉස්සුවා.


    "මටද කතා කළේ ?"
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එයා හිමීට ඇහුවා.මාව හීතල උණා ඒ ලස්සන කටහඬ අහලා.වචන ගැලපෙන්නෙත් නැහැ.ඒත් මම අමාරුවෙන් වචන හොයාගෙන කතා කලා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    "ඔව්...ඔයා සඳුනි නේද?"


    එයාගේ මූණ පුංචිම පුංචි හිනාවකින් පිරුණා.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    "ඔව්.මම තමයි සඳුනි..ම්...මං හිතන්නේ මාත් ඔයාව කොහෙදි හරි දැකලා තියෙනවා.....ම්..ම්.....කොලේජ් එකේ ප්‍රදර්ශනේදි නේද??"
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    "හ්ම්..මතකයි නේද?"


    ඒක අහලා එයාටයි මටයි දෙන්නටම හිනා ගියා.මොකද අපි දෙන්නම අඳුනන්නැති ගාණට කතා කළාට , එයත් මං ගැන තරමක් හරි මතක තියාගත්තු විත්තිය මට වගේම එයාටත් තේරුම් ගියා.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔන්න එකමත් එක රකට...

    හිටියලු එක රජකෙනෙකුයි බිසවකුයි

    පිස්සු හැදෙයි සඳ බබලයි

    ඒ රජතුමාට හිටියලු

    ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්.


    හරියට ගලන ගඟක් වගේ.

    අපිට ජීවිතේදි අත්විඳින්න සිද්ධවෙන

    දුක,සතුට,වේදනාව ….

    මේ හැමදේම පුදුම ඉක්මනින් වෙනස් වෙනවා.

    මේ බව අඳුනගත්තු මිනිස්සු

    ජීවිත කාලයම සතුටින්

    මැදහත් සිතින් විඳිනවා.

    ඒත් ඒ බව නොදන්න

    තවත් සමහරු,

    මුළු ජීවිතේම විඳවනවා.

    මමත් , අද ජීවිතේ විඳවනවා.සතුටින්,සෙනෙහසින්,සිනහවෙන්

    ජීවිතේ විඳිමින් උන්නු

    පිරිලා තිබුණු මගේ ආත්මය අද

    දුකින්,කඳුලින්,සුසුමින් පිරිලා ඉතිරිලා ගිහින්

    ඒ මට අහිමිවුණු, මගේම ජීවිතේ නිසා.

    ඔව්,එයා මගේ ජීවිතේටත් වඩා මට ලං වුණා.

    මගේම ජීවිතේටත් වඩා මම එයාට ආදරේ කලා.

    අවුරුදු ගාණක් ලං වෙලා නොහිටියට ,

    අපේ ආදරේ තුල ඇතිවුණේ ආත්මීය බැඳීමක්.

    සමහරවිට ඒ සංසාර පුරුද්දට වෙන්න ඇති.

    ඉතිං ඒ කඳුළු කතාව පෑන් තුඩෙන් සිත්තම්

    කරන්න මම ඉටා ගත්තේ ,

    අපේ ආදර කතාව ලෝකටම ඇහෙන්න

    කෑ ගහල කියන්න මට ඕනි වුණු නිසා.

    ගාළු කොටුවේ බංකුවක් උඩ තනිවෙච්ච මම,මගේ කතාව මෙහෙම ලියන්නං.....

    මගේ මේ කඳුළු කතාවේ පුංචි කුමාරි "සඳුනි".

    එයාව මට මුලින්ම හම්බුණේ අපේ

    ඉස්කෝලේ තිබුණු ප්‍රදර්ශනයකදි.

    ඉතිං ඔය අතරේ හිටපු එක අහිංසක ඇස් දෙකක් ලඟ , මගේ හිත ටිකකට නතර වුණා.

    එදා ඒ ප්‍රදර්ශනේ බලන්න පිට ඉස්කෝල සෑහෙන ගානකිං ළමයි ආවා.

    කොන්ඩෙ කරල් දෙකට ගොතලා,

    සුදු පාට රැළි තුනේ ගවුමට

    නිල් පාට ටයි එකක් දාල හිටපු එයා,

    එයාගේ යාළුවෝ ටිකත් එක්ක පුදුම සතුටකින් හිටියේ.

    ඒ ලස්සන සුදු මූණ පුරාවට පිරිලා තිබුණු ඒ අහිංසක හිනාව....

    ඒ නිල්පාට ඇස්වල තිබුණු එළිය.... ,

    එයා මගේ ලඟ නැති උණත් අදටත් ඒ ඇස්වල ලස්සන ,

    ඇත්තමයි වචන වලින් විස්තර කරන්න බැරි තරං ලස්සනක්.

    එයා ,

    මගේ හිත කොනිත්තනවා.

    අපේ ප්‍රදර්ශන භාණ්ඩ තිබුණු ඉසව්වට කිට්ටු වුණා.

    ඒ බව දැකලා මගේ හිතේ ගැස්ම වැඩි වුණේ මටත් නොකියාමයි.

    "අනේ බලන්නකෝ සඳුනි , මෙයා බයවෙලා වගේ ඔයා දිහා බලං ඉන්න හැට්"

    මගේ සිහින ලෝකේ චාරිකාව

    නිමා වුණේ එයාගේ යාළුවෙක්

    මාව පෙන්නලා කරපු විහිළුව නිසා.

    මාව සීතල වුණා.

    ලැජ්ජාව වැඩි වුණත්

    ඒ ලස්සන ඇස් දෙකෙන් ,

    මගේ ඇස් දෙක අයින් කරගන්න

    මගේ හිත මට ඉඩ දුන්නේම නැහැ.

    "කෙල්ලො දැකල නැතුව වගේනේ බලන්නේ ; මාර කුකුළෙක් වගේ.පරිස්සමෙන් සඳුනි"

    ඒ පාර තවත් ඇනුම් පදයක්.

    මේ කෙල්ලන්ගේ කටවල් නං

    හොඳටම වැඩියි.හැබැයි ඒ දඟකාර

    කටවල් වලට පිං සිද්ධවෙන්න

    මම එයාගේ නම දැනගත්තා ; " සඳුනි ....."

    මම එයා දිහා බලං හිටියා

    වැඩියි කියලා මට තෙරුණේ

    ටික වෙලාවක් ගියාමයි.

    මම හෙමිහිට බිම බලාගත්තේ

    හිතේ ඇතිවෙච්ච ලැජ්ජාව වහගන්න හිතාගෙන.
    තොට පිස්සුදහ් හුත්තොහ් ? :lol:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    "ඉතිං ඔයාගෙ නම කිව්වේ නෑනෙ මට"

    එයා හිනාවීගෙනම මගෙන් අහනවා.ඒ හිනාවට අදටත් මම ආසයි.ඒ ලස්සන ඇස් කොහොම අමතක කරන්නද?හිනාවෙනකොට ඒ සුදු මූණේ තිබ්බ අහිංසකකම....
     
    Status
    Not open for further replies.