නෙතු නොරිදන මළ හිරු බැස යන්නේ
දෙනියේ මේ මා බෝඹු නෙලන්නේ
කාට පුදන්නද දැහැටි හදන්නේ
මාගේ තනියට කෙකටිය පූදින්නේ
මා වවුලන් පිට මල් හැදුනා දෙන්
කනත්ත පැත්තේ කොක්කු ලගිද්දෙන්
වෙනදා ගෙපලට ආ ගිය කුඹලා
ගොම්මන් අඳුරෙන් යන්න ගියා දෙන්
කමතේ ඉස්මත්තේ ඇළ අයිනේ
කවුදෝ මේ ළඟ නැවත බලන්නේ
කාට දකින්නද මල් ගෙන එන්නේ
කලුවර වැටෙද්දි දුර නොපෙනෙන්නේ
නෙතු නොරිදන මළ හිරු බැස යන්නේ
දෙනියේ මේ මා බෝඹු නෙලන්නේ
කාට පුදන්නද දැහැටි හදන්නේ
මාගේ තනියට කෙකටිය පූදින්නේ
දෙනියේ මේ මා බෝඹු නෙලන්නේ
කාට පුදන්නද දැහැටි හදන්නේ
මාගේ තනියට කෙකටිය පූදින්නේ
මා වවුලන් පිට මල් හැදුනා දෙන්
කනත්ත පැත්තේ කොක්කු ලගිද්දෙන්
වෙනදා ගෙපලට ආ ගිය කුඹලා
ගොම්මන් අඳුරෙන් යන්න ගියා දෙන්
කමතේ ඉස්මත්තේ ඇළ අයිනේ
කවුදෝ මේ ළඟ නැවත බලන්නේ
කාට දකින්නද මල් ගෙන එන්නේ
කලුවර වැටෙද්දි දුර නොපෙනෙන්නේ
නෙතු නොරිදන මළ හිරු බැස යන්නේ
දෙනියේ මේ මා බෝඹු නෙලන්නේ
කාට පුදන්නද දැහැටි හදන්නේ
මාගේ තනියට කෙකටිය පූදින්නේ












