සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඞ නෙත ඈත ක්ෂිතිජයෙන්
උදා වෙලා මට අත වැනුවා
දෑසට නොපෙනෙන ගණ නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වටකර හැමතැන පිපුණා
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි
අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඞ නෙත ඈත ක්ෂිතිජයෙන්
උදා වෙලා මට අත වැනුවා
දෑසට නොපෙනෙන ගණ නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා
ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වටකර හැමතැන පිපුණා



වතුර බහිනවා කියලා තේරෙන්නේ නැති යෝධ ඇල වගේ බිරියගේ සෙනෙහේ පල්ලම් බහිනවා... ඒත් අම්මාගේ?