☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,397
    2
    3,258
    113
    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි
    ගිමන් නිවාලන සුළං රැලක් වී
    ඔබේ සිනා මට පවන් සලයි


    අසරණ වී මා ජීවිත කතරේ
    අන්ධකාරයේ සැරිසැරුවා
    ඔබේ නිහඞ නෙත ඈත ක්ෂිතිජයෙන්
    උදා වෙලා මට අත වැනුවා


    දෑසට නොපෙනෙන ගණ නිල් අඳුරේ
    ඔබේ හදින් මා දෙස බැලුවා
    දෑසට නොපෙනෙන මා හද පතුලේ
    සුන්දරතාවය ඔබ දුටුවා


    ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
    ආදරයෙන් මා වෙත පිදුවා
    ඒ මොහොතෙම තව සිය දහසක් මල්
    මා වටකර හැමතැන පිපුණා

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් ක්ලැසික් තමයි වැඩියහ ආස. ඒවගේම සිංදු එක්ක ජීවිතේ ගොඩක් දේවල් ආවර්ජනය වෙනවා.

    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
    මම සිනාසුනා
    පුළුන් පොදක් කළ මා ළඳකි වාසනා
    නම මෝනාලිසා...

    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි...

    උපුල් නුවන් විදහා...

    ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
    තුරුල් වුණා ඈ හිරිපොද හැඟුම් සලාලා
    පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
    දුටු උවනයි නිසල කළේ මා හද ජාලා...
    අනිවාර්යෙන්ම මචං.. ඊයෙත් මං ඔය ගැන කතා කලා.. ගීත එක්ක අපේ ජීවිතේ ගොඩක් දේවල් සම්බන්ධයි බං..:(

    අතීතය සිහිනයක් පමණයි හැබෑ දුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියොවක් නෑ..

    තැනූ මන්දිර බිඳී වැටුණත් නෙතේ කඳුළක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලඳත්
    හිතේ කිලුටක් නෑ..

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,397
    2
    3,258
    113
    අනිවාර්යෙන්ම මචං.. ඊයෙත් මං ඔය ගැන කතා කලා.. ගීත එක්ක අපේ ජීවිතේ ගොඩක් දේවල් සම්බන්ධයි බං..:(

    අතීතය සිහිනයක් පමණයි හැබෑ දුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියොවක් නෑ..


    අනිත්‍ය බව පසක් කරන යතිවර ගේය පද රචනය
    11.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවාර්යෙන්ම මචං.. ඊයෙත් මං ඔය ගැන කතා කලා.. ගීත එක්ක අපේ ජීවිතේ ගොඩක් දේවල් සම්බන්ධයි බං..:(


    ඔව් මචං එහෙම සිංදුවක නම් මියුසික් එක ටිකක් ඇහුනත් ඇති ඇගම හිරි වැටෙනවා.

    සුළඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා මා පැතූ පතුම්...

    පාසලේදි මා දිහා නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුණේ

    ගී පොතේහි මා ලියූ ශෝක ගීතයේ
    උල්පතයි ඔබේ නෙතින් හෙලු බැලුම් ප්‍රියේ...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි
    ගිමන් නිවාලන සුළං රැලක් වී
    ඔබේ සිනා මට පවන් සලයි


    අසරණ වී මා ජීවිත කතරේ
    අන්ධකාරයේ සැරිසැරුවා
    ඔබේ නිහඞ නෙත ඈත ක්ෂිතිජයෙන්
    උදා වෙලා මට අත වැනුවා


    දෑසට නොපෙනෙන ගණ නිල් අඳුරේ
    ඔබේ හදින් මා දෙස බැලුවා
    දෑසට නොපෙනෙන මා හද පතුලේ
    සුන්දරතාවය ඔබ දුටුවා


    ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
    ආදරයෙන් මා වෙත පිදුවා
    ඒ මොහොතෙම තව සිය දහසක් මල්
    මා වටකර හැමතැන පිපුණා

    :love::love::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනිත්‍ය බව පසක් කරන යතිවර ගේය පද රචනය
    11.gif
    11.gif


    ගොඩක් ක්ලැසික් සිංදු වල මාරම තේරුමක් තියෙන්නෙ බං.. පිස්සු හැදෙනවා..
    උඹ දන්නවද "දවසක් පැළ නැති හේනේ" සිංදුවෙ තේරුම..?
    ඇඬෙනවා ඒක අහද්දි..:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචං එහෙම සිංදුවක නම් මියුසික් එක ටිකක් ඇහුනත් ඇති ඇගම හිරි වැටෙනවා.

    සුළඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා මා පැතූ පතුම්...

    පාසලේදි මා දිහා නෙත් කොනින් බලා
    ඒ කියූ රහස් කතා නෑ සැබෑ වුණේ

    ගී පොතේහි මා ලියූ ශෝක ගීතයේ
    උල්පතයි ඔබේ නෙතින් හෙලු බැලුම් ප්‍රියේ...
    :(
    ඔව් බං මටත් සමහර සිංදු අහන්න බෑ.. පපුව හෝස් ගාලා යනවා.. ඒ සිංදුව ඇහෙනකොට සමහර අතීත සිද්ධි මතකෙට එනවා.. හිතින් කොච්චර අමතක කරලා දාලා තිබුණත් ඒ සිංදුවක පොඩි කෑල්ලක් ඇහුනොත් ඉවරයි..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිවාර්යෙන්ම මචං.. ඊයෙත් මං ඔය ගැන කතා කලා.. ගීත එක්ක අපේ ජීවිතේ ගොඩක් දේවල් සම්බන්ධයි බං..:(

    අතීතය සිහිනයක් පමණයි හැබෑ දුවඳක් නෑ
    එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
    මෙදා වියොවක් නෑ..

    තැනූ මන්දිර බිඳී වැටුණත් නෙතේ කඳුළක් නෑ
    සිනහ වෙන්නට වරම් නොලඳත්
    හිතේ කිලුටක් නෑ..

    සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
    ලොවේ පැරදුම මිසක කිසිදා
    ලැබූ දිනුමක් නෑ

    pissu+මිතුරාge pixhu taste eka
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :(
    ඔව් බං මටත් සමහර සිංදු අහන්න බෑ.. පපුව හෝස් ගාලා යනවා.. ඒ සිංදුව ඇහෙනකොට සමහර අතීත සිද්ධි මතකෙට එනවා.. හිතින් කොච්චර අමතක කරලා දාලා තිබුණත් ඒ සිංදුවක පොඩි කෑල්ලක් ඇහුනොත් ඉවරයි..

    pissu+මිතුරාge pixhu taste eka

    :)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :(
    ඔව් බං මටත් සමහර සිංදු අහන්න බෑ.. පපුව හෝස් ගාලා යනවා.. ඒ සිංදුව ඇහෙනකොට සමහර අතීත සිද්ධි මතකෙට එනවා.. හිතින් කොච්චර අමතක කරලා දාලා තිබුණත් ඒ සිංදුවක පොඩි කෑල්ලක් ඇහුනොත් ඉවරයි..

    ඔව් මචං. ඒකට සිදුවේ තේරුම අදාල වෙන්නෙත් නෑනේද. තේරුම වෙනස් වුනත් ඒවගේ සිංදුවලට මාර බලයක් තියන්නේ. එක තත්පරෙන් අපිව හැගීම්බර කරන්න පුලුවන්
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,397
    2
    3,258
    113
    11.gif


    ගොඩක් ක්ලැසික් සිංදු වල මාරම තේරුමක් තියෙන්නෙ බං.. පිස්සු හැදෙනවා..
    උඹ දන්නවද "දවසක් පැළ නැති හේනේ" සිංදුවෙ තේරුම..?
    ඇඬෙනවා ඒක අහද්දි..:(
    බිරිඳකගේ සෙනෙහේ ගියා යෝධ ඇලේ නැම්මේ :yes: වතුර බහිනවා කියලා තේරෙන්නේ නැති යෝධ ඇල වගේ බිරියගේ සෙනෙහේ පල්ලම් බහිනවා... ඒත් අම්මාගේ?:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඳුරේ තනි වී සුසුමේ දැවටී
    කවුදෝ හැඬුවා රහසින් ඇසුණා
    ඇයි දෝ තනි වී අඳුරේ මැදිවී
    කවුදෝ ඇසුවා රහසින් අමතා

    සඳ පානේ රෑ යාමේ සඳ කැල්මක් සේ
    ආලෝකේ පෑවා දෝ ඔබ ළං වීලා
    සැනසී ගී ආලෝකේ සඳ කැල්මක් සේ
    පෑවා පෑවා පෑවා පෑවා

    මල් යායේ ගී රාවේ මත් බඹරුන්ගේ
    මේ යාමේ පාවේවී රැව් නැංවීලා
    නොඇසූ ඒ ගී රාවේ රස රහසක් සේ
    පාවී ආවා පාවී ආවා

    :(

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචං. ඒකට සිදුවේ තේරුම අදාල වෙන්නෙත් නෑනේද. තේරුම වෙනස් වුනත් ඒවගේ සිංදුවලට මාර බලයක් තියන්නේ. එක තත්පරෙන් අපිව හැගීම්බර කරන්න පුලුවන්
    මියුසික් එක ඇහුණත් ඇති බං.. එහෙම් පිටින්ම අතීතයට යනවා.. මං සමහර සිංදු අහන්නෙත් නෑ..:(

    pissu+මිතුරාge pixhu taste eka
    ඇයි උඹ සිංදු අහන්නැද්ද..?:sorry:

    බිරිඳකගේ සෙනෙහේ ගියා යෝධ ඇලේ නැම්මේ :yes: වතුර බහිනවා කියලා තේරෙන්නේ නැති යෝධ ඇල වගේ බිරියගේ සෙනෙහේ පල්ලම් බහිනවා... ඒත් අම්මාගේ?:(:(:(


    ඕක අහලා බලපං.. ඇස් වලට කඳුළු එනවා..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,397
    2
    3,258
    113
    වන්නි වන පෙතේ
    ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ
    වෙසතුරු සදිසි පියවරුන්
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්


    කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
    ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්
    ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
    බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්


    කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
    මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මියුසික් එක ඇහුණත් ඇති බං.. එහෙම් පිටින්ම අතීතයට යනවා.. මං සමහර සිංදු අහන්නෙත් නෑ..:(


    ඇයි උඹ සිංදු අහන්නැද්ද..?:sorry:




    ඕක අහලා බලපං.. ඇස් වලට කඳුළු එනවා..

    :(:(:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඳුළු හුරතල් වැඩි ද මන්දා
    පුංචි දේටත් ඇඬෙන හින්දා
    හීන කවදත් මැකෙන හින්දා
    හදේ ගැඹුරුම තැනෙක රන්දා
    කඳුළු දුක රහසේම වින්දා

    මලෙක මොලකැටි සුමුදු පෙති මත
    ලියූ සෙනෙහස රිඳුම් දෙන සඳ
    පලාගෙන නෙත් පියන් නොදැනිම
    කඳුළ වැටුණා අහිංසක ලෙස

    නපුරු වී පෙම් විමන් බිඳලන
    හිතක් කොතරම් නපුරු ඌවද
    කඳුළු හිනැහෙන විටදි නෙතු අඟ
    අසරණයි යළි තනයි පෙම් ලොව

    =====================

    මල් වැහි සේ වැහි වැටුණා වේ
    හී දඬු පිපුණා වේ ඔබ මා ළඟ නම්
    සීතල ඇසිපිය සැලුවා වේ රිසි සේ හැමුවා වේ
    මා ඔබ ළඟ නම්

    හෙමිහිට ඇහැරෙන මල් මකරන්දේ
    මී බඳු ඔබ වේ නම්
    නළියන සුළඟේ තැවරී ඇවිදින්
    ඔබ මත දැවටෙන්නම්

    සීත රැයේ එන විසිරෙන සිසිලේ
    ඔබ ලැමැදේ ඉන්නම්
    නොසැලෙන ඉඟි ඇසිපිය යට රහසේ
    සිහිනය වෙන්නම් මං

    =====================

    සෙනෙහසකට අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා
    සීමාවක් මායිමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනි වී

    කැකුළක් සිඳුනෙම් හදවත පිපුණූ
    පඳුරෙත් කටු මත විස තිබුණා
    බිඳුනොත් බඳුනක පිළියම් කරනට
    බැරි කැළලක් මතු වී පෙණෙනා

    පවකින් පෙර අත්භවයක සිදු වූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිඟු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා

    =====================

    සඳ දිය දෙව්න සේ සිනහව පිපුණාම
    නුඹ කොයිතරම් සුවඳද මගෙ හිත ගාව
    දෑකුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
    හමු වී වැළපෙමුද මෙලෙසින් හැමදාම

    නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම
    දිලිසෙන්නේද පුරපස වී සඳ පාන
    ඒ හඬ ඇයිද ඇගෙ වත වී ගොළු රෑක
    දියවී ගිහින් රැඳුනේ තරු ඇස ගාව

    ළය මත පිපුණු උනුසුම් සුසුමක සුවඳ
    සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව
    කඩඉම ළඟ ඉඳන්වත් නුඹ හැමදාම
    මට අතවනාපන් නළියන නළ සේම
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,397
    2
    3,258
    113
    කඳුළු හුරතල් වැඩි ද මන්දා
    පුංචි දේටත් ඇඬෙන හින්දා


    අසංකගේ මේ සින්දුවත් පට්ට

    ගැලූ දිය කඳ හැපී බිඳුනා
    තිසා වැව් බැම්මේ
    ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
    තිසා වැව් ඉවුරේ


    එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා
    මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
    රන් පියුම නැති දා
    විල් තලය හැඩ නෑ


    පැතලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා
    ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ
    පව් කෙරුව හින්දා
    වෙන්ව යන් නොහඬා