කන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ
මාදන් බෝවිටියා රස දන්නේ
නින්දේ දුටු සිහිනය එළි වන්නේ
සැන්දෑ කුමරිය ගඟට බසින්නේ
පුරා උදුළ ඇගෙ වත සොමි තුල්ලා
සරා සඳක් සේ සිත බැඳි ලොල්ලා
නුරා බසක් දී හද එහි දල්වා
පුරා බඳුන් වී සතුට ගෙනැල්ලා
නවම් මහේ මගෙ පැලට වඩින්නේ
උවම් මොටද ඉන් දුක් දුරු වන්නේ
දෑත සුරළ් ගී රබන් වයන්නේ
ගීත සවන් හේ බඳුන් පිරෙන්නේ