කොළඹ කොටුවට නුදුරු දුම්රිය මාර්ගයක් ආසන්නයේ නිවසක බින්න බැසීමට කැමති තරුණයෙකුට මනාලියක් සොයයි.
මීගමු කෝච්චි පාරේ නම් ජා ඇල දක්වාත්, ප්‍රධාන මාර්ගයේ ගම්පහ වේයන්ගොඩ දක්වාත්, කැළණිවැලි මාර්ගයේ කොට්ටාව දක්වාත්, මුහුදුබඩ මාර්ගයේ දකුණු කළුතර දක්වාත් සළකා බැලේ.
විශාල පවුල් බරින් තොර වීම මනා වන අතර මාගේ වැටුප සාමාන්‍ය රාජ්‍ය සේවක ලිපිකරුවකුගේ වැටුපට සමාන වේ. රැකියාව අස්ථිර වුවත් වසර දහයක පටන් මේ අස්ථිර රැකියාවේ කිසිවෙකුත් ඉවත් කොට නැත. බැංකු ණය ලබාගැනීමටද හැකිය.
යුවතිය විශාල මංගල උත්සව ආදිය ගැනීමට අකමැති වීම විශාල සුදුසුකමක් වන අතර (අවශ්‍යනම් ලක්ෂයක් දෙකක් වියදම් කර කුඩා මගුලක් ග හැක.) ගෙවල් සැදීමට සහ කාර් එකක් ගැනීමට මෙම වැටුපෙන් නොහැකි වන බැවින් ඒවා ගැන විශාල බලාපොරොත්තු නොමැති ගැහැනු ලමයෙකු වීමද වටිනා සුදුසුකමක් වේ.
විවෘත මනසක්,මනා සිරුරක්..හුරුබුහුටි කයක්, දගකාර ජීවිතයක් වැනි ලක්ෂන වලට ලකුනු නොලැබෙන අතර (තිබුනාට කම් නැත) ආවේනික ගන්ධයක් සිරුරෙන් හමයි නම් එයට මා අකමැති බව කණගාටුවෙන් වුවද පවසන්නට කැමතිය.
ගෙදර දොර වැඩ නොදැනීම ගැටලුවක් නොවන අතර දෑවැද්ද නොසලකා හැරේ.. දෑවැද්ද ලෙස ඉතා කැමැත්තෙන් යමක් ලැබේනම් මවුපිය කැමැත්තට පිටුපෑම, සම්ප්‍රදායට ගැරහීම යුතු නොවන බැවින් එයට එකග වෙමි.
රැකියාවක් නොමැතිව නිවෙස්වල සිටින විට නැති ප්‍රශ්ණ උත්පාදනය විය හැකි බැවින් කවරහෝ තරාතිරමක රැකියාවක් තිබිම හොදය.
කේන්ද්‍රයේ යෝනිය කුමක්දැයි මට වැදගත් නැත, නමුත් දෙමාපියන් වැඩිහිටියන් සහ පරම්පරා කුට්ටමේ අය කේන්දර ගැන විශ්වාස කරයි නම්ඒ සදහා කේන්දරයක් තනාගැනීමේ පහසුකම මට ඇති බැව් සතුටින් දන්වා සිටිමි.
නිතර දුරකථනයෙක් කතාකිරීමට අකමැති හෙයින්ද, ප්‍රේම කර පළපුරුද්ද නොමැති බැවින්ද මා හට සුළු කාලයක්හෝ ප්‍රේම කිරීම කල නොහැකි යැයි සිතමි. එබැවින් හමු වූ විගස පහසු කාල වේලාවන් අනුව කසාදම බැදීමට හැකිනම් එය වඩාත් සුදුසු වේ.
මේ දැන්වීම පළ කරන්නේ මා විසින්ම වන අතර කසාද බැදීමට උවමනාව ඇත්තේද මා හටය. දෙමාපිය නෑදෑ යාලු මිත්‍රයින්ගෙන් කසාදය කිසිදු බලපෑමක් සිදු නොවන අතර අප නිවසට යන එන විට සංවරව හැසිරීමට බොහෝ ගැහැනු ලමුන්ට අපහසුවක් නොවේ යැයි සිතමි.