☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවි ගැටෙනා බිම් තලය පුරා
    යුධයේ ගිණිදැල් පැතිරෙන්නේ
    දුක් විලාපයයි මිනිසුන්ගේ
    යුධ වැදී කුමට මේ එකම පොළව මත
    එකම ලෙයින් අප සැදුනේ
    එකම සුසුම් ළය රැඳුනේ

    ඔබත් මමත් හිඳිනා මේ ලොව තුළ
    කඳුළ සුසුම් කුමකට දෝ
    ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස නොව
    එකෙකු ලෙසින් සිතමූ
    හෙටින් උදාවන ලෝකය සැමටම
    සවදායක කරමූ

    සාර කෙතේ අස්වනු පිඹිදෙන්නේ
    පුතුනි ඔබේ නමටයි
    ඔබේ පියාගේ දෑත රත්තරං
    පුතු ලඳ දෙව් පිහිටයි

    සඳ මඬලේ සිට තරු මඬලේ සිට
    දිවැස් හෙලන පුතුනේ
    බලාගන්න පුත බලාගන්න පුත
    ලස්සන ලක් දෙරණේ

    සුසුම් පොඳක් වී ළඟින් හිඳින්නම්
    තරුවක් වී පෙර ගමන් කරන්නම්
    කොවුල් හඬින් පෙම් ගීත ගයන්නම්
    නුඹෙ සිත අද්දර සඳා රැඳෙන්නම්

    වතුසුදු මල් පිපි පැහැසර උයනක
    නුඹේ සුවඳ රැදි සමනල තටුවක
    රටා පොඳක් වී සැදී බැඳෙන්නට
    පිරූ පෙරුම් මදි ඔබ ලැබගන්නට

    හද මත්කල මදිරාවේ
    ඔබ සතපා හැම යාමේ
    දිවි ගමනේ මිණි පහනේ
    සේසත වී සෙනේහේ

    කඳුළු පොඳක් ඔබ දෑසේ
    නොසලනු මැන මා වෙනුවෙන්
    සංසාරේ නෙක වාරේ
    මා වෙලුනා ඔබ සුරතේ

    මුළු රෑ මා නොනිදා ඊයේ
    සිතුවේ ඔබ ගැන දෑස වසා
    වරදට ලෝකේ කලමුත් සාපේ
    ඔබ නෑ වරදී දයාවියේ

    කඳුළැලි දෑසේ නෑ රඳවා
    කිසිදා ඔබගේ ජීවිතේ
    නොසැලෙනු ආයේ මා හඬවා
    තනි වී නෑ ඔබ මේ ලෝකේ

    මල් පොකුරක් පොඩි දෑතින් අරගෙන
    දුටුවද ඈ අර හිනැහෙන ලස්සන
    සෙල්ලම් ගෙයි මනමාලි වගේ
    දුටුවද ඈ අර හිනැහෙන ලස්සන
    සෙල්ලම් ගෙයි මනමාලි වගේ

    රතුමල් ඔසරිය නැතිවට ගෙයි ඔබ
    කේන්ති ඇයි ඔතරම්
    ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
    ඇඳගෙන හරි මනරම්

    හොරැහින් බලා යන්නෙ නොබලා වගේ
    මම දන්නවා සොඳුර මැණිකේ අගේ
    සතුටයි දුකයි හොඳට පුරුදුයි ප්‍රියේ
    මට දෙන්න ඔබෙ ආදරේ
    පිළිගන්න මගෙ ආදරේ

    ඔබ පෑව හසරැල්ල මට තේරුණා
    ඒ රන් සිනා රැල්ලෙ රස බේරුණා
    සෙවනැල්ල ලෙස ඉන්න මම දන්නවා
    ඔය දෑත මට දෙන්න මම ගන්නවා

    විහඟ මිහිරාවේ මෘදු හඬින රාවේ
    කොතැන තිබුණිද ඒ අද ගයන මේ ගී

    ගුමු ගුමව වදුලේ සිලි සිලිය සුළගේ
    මුනු මුනුව නදියේ කසු කුසුව ගඟුලේ
    අදයි මට ඇසුනේ

    ආවෙමී සැරිසරා
    මා ඔබෙයි දිවිතුරා
    ලැගුම් ලබාලා
    ඉන්න සැනහී ආරාධනා

    කවුරුද පාවී පාවී තුරුළු වුණා
    ආදර හැඟුමින් ආරාධනා
    මා හඳ පිබිදී පිබිදී අවදි වුණා
    සිහිනෙන් මල් පිපුණා

    ඔබ ලඟ ඉන්නට ඔබ ලැබගන්නට
    මා හට නොමැත වරම්
    මිහිපිට මාහට නැහැ වෙන සතුටක්
    ඔබ රුව දකින තරම්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු ළඳකී මෙමං

    අතගිලි බැඳුනේ ඇයි මේ විලසින්
    ඔබ හමුවෙන්න කලින්
    සෙනෙහස ඔබගේ කෙලෙස විඳින්නද
    අන්සතු ළඳකී මෙමං

    සැමදාම කීවේ මාගේ කියා
    සඳ සාවියේ ඇයි තනි වී ඔයා
    මේ බිම් අනන්තේ සැඟවී පිපාසේ
    පෙම් මාලිගාවේ තනිවී එදා

    මා වෙනුවෙන්ම නූපන් මනාලී
    වේදනා උරුමයි මගේ රන් කුමාරී

    රජකුල පෙළපත එයින් කමක් නෑ
    එන්න එපා අතු පැළට මගේ
    රන් අතු පැඳුරයි මේ මගෙ අරණයි
    අපට අගෙයි අපෙ පුංචි පැලේ

    අසෝකමාලා මමයි ස්වාමිනේ
    අසෝක මල් වනයේ
    රනේ රුවට රූ සපුව දිලෙනමුත්
    මා ඡන්ඩා ලියකී මා ඡන්ඩා ලියකී

    ගමනින් බිමනින් ඇය මියුලැසියයි
    තෙපුලින් ඇය සැලලිහිණි කුමරියයි
    පින්බර පෙනුමෙන් පරවි රැජිනියයි
    පින්බර රැඟුමින් බඹර යුවතියයි

    ගත බබලයි රන්වන් රන් වැල සේ
    වත බබලයි රන්වන් පුන්සඳ සේ
    නෙතු බබලයි රන්තරු යුවලක් සේ
    සිත බැඳුනයි මල් කැකුළිට රහසේ

    මැදුරේ දොරඟුළු ලූ නියා
    අඳුරේ මා තනි වූ නියා
    මට සිහි වෙනවා මේ දැන් වාගේ
    නෑ මා හැඬුවේ එදා

    රන් මසු නැහැ කියා මා දිලිඳුයි කියා
    කීවා මට තව මතකයි ඒවා

    පෑහීමක් නෑ නොකෙරන දීගේ
    සෙවනැල්ලත් ඇඳලූ
    දවල් වැටුණු වල එදා වැටුණෙ රෑ
    හිතහොඳ වැඩි කමලූ

    අහසින් තරුවක් කඩා වැටෙනවා
    තරුව කතා නෑ අහසයි වැලපෙන්නේ
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා
    මලේ කතා නෑ සුළඟයි වැළපෙන්නේ

    අපගේ කැදැල්ලේ උණුසුම් තුරුල්ලේ
    දුව උන්නෙ තුරුළේ වෙලී
    මේ කුරිරු ලෝකේ සැනෙකින් වෙනස් වී
    මගෙ ජීවිතේ තනි කලේ

    මගෙ චූටි සුදු මල් කුමාරී
    අද ඉන්නෙ කොහෙදෝ ඔයා
    සඳ තාරකා හිරු තරහා වෙලා
    මගෙ පුංචි දූ තනිවෙලා

    තුරුළිය අතු ඉති මුකුළු කලා
    මල් මල් සෙමර සලා
    ලිහිනි ගිරා නුරා රසේ
    ඉඳහිට කිචි බිචි කියනු ඇසේ

    රොන් සොයා පියඹන සමනලියක සේ
    සිතු ලෙස සරණෙමි වන පියසේ
    රොන් සොයා පාවෙලා පාවෙලා

     
    10885370_605756126222880_5559152859687632366_n.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ජේමිස්බන්ඩා007;17673953 said:

    අනේ බන් මේකේ දේශපාලනේ ගැන කියන්න එපා.... එලට ෆිට් එකේ ඉන්නවා කට්ටිය... අන්තිමට මේකත් වලි ගොඩක් වෙයි....