☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මම කැමතිම සින්දුව මේක...

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙළා හස රැහැනින්
පෙළයි මා මුදා සුව දැහැනින්

සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තළා මා සිත පලා ගිය ඔබ
දවලයි මා - අද
තනි වෙනා මොහොතින්

උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම් - ඔබ
මැකී යනු මතකින්

---------------------------------------------------------------------------------------------------------
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය -
ගායනය - සුනිල් එදිරිසිංහ
loweth ne aah..:love::love::love:
uparimay
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කලා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

නොයිදුල් තොල්පෙති අතරෙන්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කදුලැලි ගෙනාව

මා සඳට කැමති බව...

එක්ටැම් ගෙයි සිරගත කර
සමනලියක අනාත
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වෙදනාව

සඳුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව
දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...

සීතල ඇතිරුණි මිහිරිය ළය මත
කොඳ කෙමි පිපිරුණි මධු පුරවා
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
ඔබ ළඟ නැතිවම
අද මා තනිවම

සඳුද අවදියෙන්.........

පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුළ
නිදිමත අඩනෙතු පිය සනහා
මගේම කඳුළක් වී පිණි බිඳු ලෙස
ඔබෙ කවුළුව ළඟ පිපි මල් පෙති මත

සඳුද අවදියෙන්.........
 

thanujaka

Well-known member
  • හිතුවෙවත් නැති දවසක හිතන්නැතුවම ළංවුනා
    අතීතයේ දුර ඈතක ආදරේ මග වැරදුණා//

    මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී..
    නුඹෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී...
    කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී....
    මල් යහනෙන් බැස පළයන් ප්‍රභාවතී...
     

    thanujaka

    Well-known member
  • සඳුද අවදියෙන්
    තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ
    ඔබ ළඟ නැති තව
    දිනක් ගෙවී යයි
    තනිවුන වසන්තයේ...

    සීතල ඇතිරුණි මිහිරිය ළය මත
    කොඳ කෙමි පිපිරුණි මධු පුරවා
    උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
    ඔබ ළඟ නැතිවම
    අද මා තනිවම

    සඳුද අවදියෙන්.........

    පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුළ
    නිදිමත අඩනෙතු පිය සනහා
    මගේම කඳුළක් වී පිණි බිඳු ලෙස
    ඔබෙ කවුළුව ළඟ පිපි මල් පෙති මත

    සඳුද අවදියෙන්.........

    අරලිය ලන්දට හඳ පායන කොට
    තුරුලිය මල් වට බඹරු බමන විට
    සියසියසිය දහසට ඇගිලි ගනිනා මට
    ඔබ ගැන සිහිවෙනවා
    එතකොට ගී පද ලියැවෙනවා...

    රඹවන් හේනේ කරල් පැසෙන කොට
    අඹ මල් ගානේ ගිරව් හඬන විට
    දොඹ තුරු මානේ සෙවණ දකින මට
    ඔබ ගැන සිහිවෙනවා
    එතකොට සිතිවිලි ඉගිලෙනවා....

    දඬුවැල් බෑ මී සුවඳ දැනෙන කොට
    පඬුවන් අහසේ තරු පායන විට
    හැඬුමට නොහැකිව දෑස වසන මට
    ඔබ ගැන සිහිවෙනවා
    එතකොට සිහිනය උපදිනවා...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    අරලිය ලන්දට හඳ පායන කොට
    තුරුලිය මල් වට බඹරු බමන විට
    සියසියසිය දහසට ඇගිලි ගනිනා මට
    ඔබ ගැන සිහිවෙනවා
    එතකොට ගී පද ලියැවෙනවා...

    රඹවන් හේනේ කරල් පැසෙන කොට
    අඹ මල් ගානේ ගිරව් හඬන විට
    දොඹ තුරු මානේ සෙවණ දකින මට
    ඔබ ගැන සිහිවෙනවා
    එතකොට සිතිවිලි ඉගිලෙනවා....

    දඬුවැල් බෑ මී සුවඳ දැනෙන කොට
    පඬුවන් අහසේ තරු පායන විට
    හැඬුමට නොහැකිව දෑස වසන මට
    ඔබ ගැන සිහිවෙනවා
    එතකොට සිහිනය උපදිනවා...

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමණයි.. ඔබ අනන්තයි...

    වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ,
    මධු විතක් උතුරන තැනක් ඔබ,
    තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ,
    පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ...

    අඩ සඳත් සැඟවෙන තැනත් ඔබ
    රළ පෙලත් පෙරළෙන තැනත් ඔබ
    සිසිලසක් දනවන තැනත් ඔබ
    උණුසුමක් ගෙන එන තැනත් ඔබ...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං මම එලාග සතියේ කරනවා සුසංගිතා කැමති සින්දු තියනවා නම් දෙන්න. හැබැයි හැම එකක්ම දෙන්නම් කියලා පොරොන්දු වෙන්න බහ.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මගෙ හද මඩල මල් යහනකි ප්‍රභාවතී..
    නුඹෙ හද මඩල කටු යහනකි ප්‍රභාවතී...
    කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී....
    මල් යහනෙන් බැස පළයන් ප්‍රභාවතී...
    :(:(
    සිත සිහිනයකී නෙත එක රැයකී

    යළි සසඳන්න බැරී
    පාලුව තනිකම විඳගත හැකිනම්
    ලන්වුණු උන් දුර ගියද ලොවේ
    එක්වන්නට බැරි නම්:dull:
     

    thanujaka

    Well-known member
  • අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ
    ඔබමැ පමණයි.. ඔබ අනන්තයි...

    වෙණ තතක් හැඬවෙන තැනක් ඔබ,
    මධු විතක් උතුරන තැනක් ඔබ,
    තෙලි තුඩක් දැවටෙන තැනක් ඔබ,
    පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ...

    අඩ සඳත් සැඟවෙන තැනත් ඔබ
    රළ පෙලත් පෙරළෙන තැනත් ඔබ
    සිසිලසක් දනවන තැනත් ඔබ
    උණුසුමක් ගෙන එන තැනත් ඔබ...

    පිය සටහන් මැකී නොමැත තව
    මා ආ දිගු ගමනේ
    මගේම පියවර මත පිය තබමින්
    ඔබ එනු දුටුවෙමි මා ලුහුබඳිමින්

    ගිරි ශිකර මුඳුන් වල
    වන ලැහැබේ අතු අග
    දෝංකාර දුන් එදා ගැයූ ගී මා ඔබට ගැයූ ගී
    ඇසේද තවමත්
    ඇලේ දොලේ ගලනා ගීයේ
    පිය සටහන් මැකී නොමැත තව

    රළු බොරලු ගමන් මග
    වැලි තලා වැනිය අද
    හැරී බලමි මම් ඔබේ ඇසින්
    ඔබ නොදුටු ඇසින්
    නොයේ මතුවට
    ඔබත් මමත් හමුවන දවසක්
    පිය සටහන් මැකී නොමැත තව
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මචං මම එලාග සතියේ කරනවා සුසංගිතා කැමති සින්දු තියනවා නම් දෙන්න. හැබැයි හැම එකක්ම දෙන්නම් කියලා පොරොන්දු වෙන්න බහ.

    ai youtube ekata hena gahalada?
    uba tiya ganin:P
    mama reta weda machan next week:nerd:
     

    thanujaka

    Well-known member
  • :(:(
    සිත සිහිනයකී නෙත එක රැයකී

    යළි සසඳන්න බැරී
    පාලුව තනිකම විඳගත හැකිනම්
    ලන්වුණු උන් දුර ගියද ලොවේ
    එක්වන්නට බැරි නම්:dull:
    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
    හැංගිලා අඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
    තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
    වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා:nerd::nerd::nerd:
    උම්බෑ කිය කියා මරණ බයේ
    කිරිටික මුලදි බොයි පස්සේ මරා කයි
    මිනිසා දරුණු ඇයි මේ එළඳෙන නසයි
    උම්බෑ කිය කියා මරණ බයේ

    බැරි බර පටවලා කෙවිටෙන් තල තලා
    කුර ගෙවෙනා තුරා මැරෙනා තෙක් දිරා
    රෑ දහවල් උදේ විඳ විඳ දහ වදේ
    නිරයේ දුක දකී දරු පවුලම රකී
    අන්තිමේ මේ ගොනා මස්කර විකුණනා
    කඩයට පවරනා මිනිසයි තිරිසනා
    කවදාදෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ

    දරුවට මව නැතී දෙවරුවෙ කිරි දෙතී
    ගොම ටික පොහොර වෙයි ගොඩමඩ සරු කෙරෙයි
    මැරුනත් නොනැවතී හමටද බැට දෙතී
    කවදාදෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ

    ________________________

    දවසක් මං පාර දිගේ
    ඔහේ ඇවිදගෙන ගියා
    වෙන කරන්න දෙයක් නැති හින්දා
    ඔහේ ඇවිදගෙන ගියා

    මහරජානො පාරෙ වඩිනකොට
    එකත්පසව ඉන්න උනා
    සැක හිතිච්ච තව කෙනෙකුව
    තාප්පෙකට හේත්තු කලා

    වැල්ලවත්තෙ කුණු කානුවෙ
    පිච්ච මලක් පාවෙලා ගියා
    ජාතික අභිමානෙ හින්දා
    ඒක අමතක වෙලා ගියා

    පාර මැද්දෙ මහ දවාලෙ
    කෙනෙකුට වෙඩි තියල ගියා
    පත්තරේට ලිපියක් ලියයලු
    පස්සේ ආරංචි උනා

    මාවත් පහුකරගෙන වේගෙන්
    බඩු මිල ඉදිරියට ගියා
    ටීවි කඩේ ළඟ පොරකන කට්ටිය
    මැච් එක බලනව දැක්කා

    මගෙ යටි පතුල් පැලෙනකන්
    ලේ ගලලා රිදෙනකන්
    ඔහේ ඇවිදගෙන ගියා
    ඔහේ ඇවිදගෙන ගියා

     
    Status
    Not open for further replies.