☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ara Denim brand ekak thiyenne ban CK kiyala
    CK කියන්නෙ ඒකම තමා ඉතිං..:dull:

    සිතින් ඉවසන්න බෑ...

    සිතින් ඉවසන්න බැයිනං ඉතිං ප** ඉවසපන් අපේ මොකෝ...

    පීදෙන ගොයමේ නෑඹුල් සුවඳන් ඔකඳ වෙලා
    එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැළට වෙලා
    දුනුකේ ඉහිරුණු නිල් තනපියසේ වාඩි වෙලා
    මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා

    ගමට ඇසෙන්නට කවිය කියූවත් රසට ගොතා
    කොහොම කියන්නද මගේ කවිය මම කෑගසලා
    කවිය මගේ හඬ නොනැගේෙ, හිත පතුලේ කව සැඟවේ

    වැටකොටු බැඳ ඇති පැළට උඩින් මගෙ ඉගිල්ලිලා
    මගේ කවිය ගැන ඔබට කියනවද වසන් වෙලා
    මඩිත්තනේ, පොඩිත්තනේ පැලේ දොරෙන් වරෙව් අනේ

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳකඩ පහනක කැටයම් ඔපලා
    පාවෙන දේදුණු ලැඟුම් ගනී
    කැලැතුණු රසයක පැන ආ බුබුලක්
    අකුරු වැලක් දෙහදක ලියැවේ
    යුගයෙන් යුගයක නොමියෙන දහනක
    දිවියක පදනම මතුවෙද්දී
    නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
    සියුමැලි කැකුළක් මැලවෙද්දී

    දහසක් පෙති මත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙනයන බින්ඳූ
    ගව්වක් ඉහළට ගොනුකොට රඳවා
    පොපියන දෙතොලක් එහි කැන්දූ
    අහසත් ගුගුරා කළුවක් වපුරා
    ඒ හා මුහුවුණු වැහි බින්ඳූ
    ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
    තවකෙක් ඈ වෙත හද රැන්දූ

    හදවිල ඉපැදුණු කැකුළක් නොකලට
    නටුවෙන් ගලවා දුරක යවා
    ලිහිණිය තෙත්කොට ගිළිහුණු කඳුළක්
    සත්සමුදුරකට මුහුව ගියා
    ඔබට උරුම ඌ රිඳුණු තැවුණු හද
    එක්ටැම් මැදුරක කවුළු අරා
    රුවන් විමානෙන් පියඹා එනතුරු
    පොපියන හදවත සිටී බලා
    සිටී........ බලා.........

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කැරකෙන රෝදේ පුංචි කරත්තේ
    ඉඳගෙන මම ඉන්නේ
    පදික වේදිකා පසුකර යන්නට
    තල්ලු කරන් පුතුනේ

    පැඳුරු පාවහන් කුඩ නිමවාලා
    දවසේ වියදම සරි කරවලා
    අඳුර වැටෙන්නට කලින් ගෙදරට
    තල්ලු කරන් පුතුනේ

    කිරිකැටි දෙඅතේ සවිබල වියැකේ
    පමා වුණොත් අප මහමඟ තනිවේ
    අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
    තල්ලු කරන් පුතුනේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඹ මල් රේණුවක් තරම්
    මා ගැන සෙනෙහේ තිබුණා නම්
    අද මේ විලස මට දුකක්
    නුඹ මට දෙයිද රත්තරන්

    පුන්සඳ තරම් නැති වුවත්
    අටවක සඳ තරම්වත්
    නුඹ මට එළිය උනා නම්
    නුඹ මට එළිය උනා නම්

    සාගරය තරම් නැති වුවත්
    තණ අඟ පිණි බිඳුව තරම් වත්
    නුඹ මට සිසිල උනා නම්
    නුඹ මට සිසිල උනා නම්

    __________________

    මට තහනම් මල් කැකුළෙන් සුවඳ පැතුවට
    මට දැනෙන්නෙ ඒ මලේම සුවඳ අපමණ
    වැට මායිම් පසුකෙරුවත් සුවඳ මඳනළ
    සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල

    උස අත්තක උඩට වෙලා පිපුණු නුඹ ගැන
    බලා ඉන්න සඳළුතලේ සිටුවරුන් මැද
    ඔච්චම් කර අතු වහළින් හිරු එබෙන මට
    මැඳුරේ දොර විවර වෙයිද නුඹ බලන්නට

    දැණෙනා දුක කවියක් වී නුඹට කියන දින
    උඩු මහලේ කවුළු දොරෙන් නුඹට ඇසේවිද
    වැටකොටු බැඳි උයන්තෙරක හැඩට පිපුණ මල
    සැඩ සුළඟට අරන් යයිද මටත් හොරෙන් හෙට
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉර බැස යන හැන්දෑවට ගල් බැම්ම දිගේ
    හැමදාමත් තනියෙන් මම සිතුවම් ඇන්ඳේ
    ගල් බැම්මට මුහුද ඇවිත් හැපෙනවා වගේ
    ඔයා කිව්වෙ මම බැම්මයි ඔබ මුහුද වගේ

    ඔයාකිව්ව මුහුද තවම බැම්මෙ හැපෙනවා
    ඒත් ඔයා වෙන තුරුළක සුවය විඳිනවා
    රැල්ල බැම්මෙ හැපී සොඳුරු රටා මවනවා
    ඉස්සර අපි දෙන්න වගේ මටම හිතෙනවා

    ගල් බැම්මෙදි ඔබේ රූපෙ මැවිලා පේනවා
    පේන පේන හැම තැනටම සිත දිව යනවා
    ක්ෂිතිජ ඉමේ ඉරු ඇවිදින් සිනා සලනවා
    රැල්ල ඇවිත් මාව තෙමලා විහිලු කරනවා

    ____________________________

    දුටුව දා පටන් ගුරුසිත නොරිදා ඉන්න
    සිතුව දියණියේ නුඹෙ ඇස් කඳුළින් මොකද
    පොත් මිටියට හිස නමාලා අඬන්නෙ ඇයිද
    සියළුදෙනා පාසල නිමවෙලා ගොස් ඇත

    හැමදාමත් පාසල වෙත හිනැහිලා උදේ
    එනමඟ බලමින් ඉන්නේ ගුරුතුමා ඔබේ
    නොහිතන පැත්තකින් දකින දියණිය මාගේ
    පෙම්වතා නොවෙයි මම ගුරුතුමයි පන්තියේ

    ශිල්ප සතර කියාදෙන්න ආවෙ සතුටකින්
    සැඟව යන්න වෙනවා දරුවනේ නුඹලගෙන්
    නොලැබෙන දේ පතනා දියණියක් ඇත දුකින්
    කිලිට නොකර මගෙ ගුරුසිත යනවා මං අරන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සඳකඩ පහනක කැටයම් මැකුණට
    ලස්සන නොමැත එදා
    නොකෙරූ වරඳට දඬුවම් වින්දට
    සෙනෙහස අහිමි වෙලා

    අන්සතු උයනක මල්පෙති තලලා
    නීතිය ඉඳිරියෙ මගේ හිත
    කඳුළැලි මල් පිපි කළුවර උයනක
    ඇස තනි වෙලා අද

    ලොවට වරද ඇති කළ වරදක් නැති
    මගෙ රත්තරන් හිත හැඬුවා දහස් වර

    ගැස්සුණු මේ හිත ඉස්සර වීලා
    ලස්සන මගෙ හිත ගිණි ගෙන
    ලස්සන මගෙ ලොවෙ පිච්චෙන සෙනෙහස
    මට හිමි වෙලා අද

    අඳුර අහිමි නැති එළියක් හිමි නැති
    අළු පැහැ දිලෙන සඳ නොලැබෙයි එළිය හෙට
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දහසක් පෙති මත රහසක් කොඳුරා
    තුඩින් තුඩට ගෙනයන බින්ඳූ
    ගව්වක් ඉහළට ගොනුකොට රඳවා
    පොපියන දෙතොලක් එහි කැන්දූ
    අහසත් ගුගුරා කළුවක් වපුරා
    ඒ හා මුහුවුණු වැහි බින්ඳූ
    ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
    තවකෙක් ඈ වෙත හද රැන්දූ

    :growl::growl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කොයි කොතනින්ද..:eek:
    දෙතොල් තෙලි තුඩින් රස හැඟුම් තවරලා
    කොපුල් තල දිගේ හෙමින් අතුරලා
    මෙලයට තුරුළුවී හිතේ ඉඩ අරන්
    පෙම් සිතුවමක් මැවූ සුපෙම් සිත්තරී
    නුවන් කැල්මකින් නුරා වර්ණ දී
    ජීවිතේ කලා අසපුවක් කෙරූ සොඳුරී
    :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ දුන් කිරිවල උණුසුම හින්දයි
    මගෙ හදවත ගැහුණේ
    ඒ උණුහුම අද අහිමිව මා හද
    නතර වෙලා අම්මේ

    දුටු හැම දසුනම රන් වී දිලුණා
    මගෙ සඳ මා ළඟ උන් පෙරදා
    අමාවකයි අද මගෙ දිවි අහසම
    අම්මා දුර හින්දා, අම්මා දුර හින්දා

    රන් සලුපිලි හා නික කුමටද මට
    ඔබ තුරුළේ උණුසුම නැතිදා
    සත්සමුදුර තරණය කර එනු මැන
    මගෙ සිතුවිලි මැකිලා, මගෙ සිතුවිලි මැකිලා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    කොයි පනටද ආදරේ.
    Bollywood%20Celebs%20Ramp%20Walk%20at%20The%20Girl%20Child%20Fashion%20Show_48.jpg
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඹ මල් රේණුවක් තරම්
    මා ගැන සෙනෙහේ තිබුණා නම්
    අද මේ විලස මට දුකක්
    නුඹ මට දෙයිද රත්තරන්

    පුන්සඳ තරම් නැති වුවත්
    අටවක සඳ තරම්වත්
    නුඹ මට එළිය උනා නම්
    නුඹ මට එළිය උනා නම්

    සාගරය තරම් නැති වුවත්
    තණ අඟ පිණි බිඳුව තරම් වත්
    නුඹ මට සිසිල උනා නම්
    නුඹ මට සිසිල උනා නම්

    __________________

    මට තහනම් මල් කැකුළෙන් සුවඳ පැතුවට
    මට දැනෙන්නෙ ඒ මලේම සුවඳ අපමණ
    වැට මායිම් පසුකෙරුවත් සුවඳ මඳනළ
    සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල

    උස අත්තක උඩට වෙලා පිපුණු නුඹ ගැන
    බලා ඉන්න සඳළුතලේ සිටුවරුන් මැද
    ඔච්චම් කර අතු වහළින් හිරු එබෙන මට
    මැඳුරේ දොර විවර වෙයිද නුඹ බලන්නට

    දැණෙනා දුක කවියක් වී නුඹට කියන දින
    උඩු මහලේ කවුළු දොරෙන් නුඹට ඇසේවිද
    වැටකොටු බැඳි උයන්තෙරක හැඩට පිපුණ මල
    සැඩ සුළඟට අරන් යයිද මටත් හොරෙන් හෙට

    කිස් කරන්න එපා කියල එකෙක් පොස්ට් එකක් දාල තිබුන මතක නැත්ද බොල.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ මඟ වැරදියි යන මං නොපෙනෙයි
    තනි වී දෙවිඳුන් නැති දෙවොලේ
    කවුරු යඳින්නද කවුරු පතන්නද
    හිරු සඳුවත් නැති මිහිමඩලේ

    සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
    බොඳ සෙවනැලි පාවෙයි නිල් දිය රැළි අතරේ
    දං පඳුරේ මංකඩ ළඟ ගොම්මන් අඳුරේ
    දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

    හඬා දොඩා කීවත් දුක කවුරුද ඇසුවේ
    ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුළැලි දැවුණේ
    මන්දාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
    කින්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ
    _______________________________________

    විසිරුණු තරුපත් සිඳුනා හිම පිණි පවණක් සැළුනා
    දිගැසියේ යන්තම් සිත මගෙ කිතිකැවුණා
    පිණි නිල්ලේ සිත්තම් වන පෙම් ඉඟි ලැබුණා

    සිතුවිලි කළඹක් දැනෙනා හඳ මෘදු හැගුමන් ගෙනෙනා
    සැනසුමේ ඉන්නම් ළය මත හිස සතපා
    නෙතු කැල්මේ ඇත්නම් මගෙ ළඟ නුඹ සැමදා

    වහින්න මුතු වැස්සක් වහින්න මුතු වෑස්සක්
    සිත පහන්ව ඉන්නේ පැතුම් ලංවෙලා සඟවා
    වහින්න මුතු වෑස්සක් වහින්න මුතු වෑස්සක්
    හද වහන්ව ඉන්නේ සුපෙම් ඉටුවෙනා නොදොඩා

    නෙතු කොනේ කඳුළු ඉණුවේ නැත මා
    පැතු ලෙසේ සුවඳ රැඳුනේ සඳා
    හදගැඹේ නුඹට ඉඩ නැත්තේ දසන්තේ
    නුඹ මගේ සොඳුරු මතකේ රැඳුණා

    රුව මැවේ දුරක ක්ෂිතිජේ හා
    දුක හිතේ නුඹව නොලැබේ කියා
    හිත මගේ නුඹට පුද දුන් ඒ වන්තේ
    සඳ රැයේ හැඟුම පමනී සැලුණේ
    _______________________________________

    සඳුද අවදියෙන් තරුද අවදියෙන්
    මේ නිශාන්තයේ
    ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි
    තනි වුණ වසන්තයේ

    සීතල ඇතිරුණි මිහිරිය ළය මත
    කොඳ කෙමි පිපිරුණි මධු පුරවා
    උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
    ඔබ ළඟ නැතිවම
    අද මා තනිවම

    පහන් නොදැල්වෙන ඔබෙ පැල්පත තුළ
    නිදිමත අඩනෙතු පිය සනහා
    මගේම කඳුළක් වී පිණි බිඳු ලෙස
    ඔබෙ කවුළුව ළඟ පිපි මල් පෙති මත

     
    Status
    Not open for further replies.