අඹ මල් රේණුවක් තරම්
මා ගැන සෙනෙහේ තිබුණා නම්
අද මේ විලස මට දුකක්
නුඹ මට දෙයිද රත්තරන්
පුන්සඳ තරම් නැති වුවත්
අටවක සඳ තරම්වත්
නුඹ මට එළිය උනා නම්
නුඹ මට එළිය උනා නම්
සාගරය තරම් නැති වුවත්
තණ අඟ පිණි බිඳුව තරම් වත්
නුඹ මට සිසිල උනා නම්
නුඹ මට සිසිල උනා නම්
__________________
මට තහනම් මල් කැකුළෙන් සුවඳ පැතුවට
මට දැනෙන්නෙ ඒ මලේම සුවඳ අපමණ
වැට මායිම් පසුකෙරුවත් සුවඳ මඳනළ
සිපගන්නට ඇයි තහනම් මා පැතූ මල
උස අත්තක උඩට වෙලා පිපුණු නුඹ ගැන
බලා ඉන්න සඳළුතලේ සිටුවරුන් මැද
ඔච්චම් කර අතු වහළින් හිරු එබෙන මට
මැඳුරේ දොර විවර වෙයිද නුඹ බලන්නට
දැණෙනා දුක කවියක් වී නුඹට කියන දින
උඩු මහලේ කවුළු දොරෙන් නුඹට ඇසේවිද
වැටකොටු බැඳි උයන්තෙරක හැඩට පිපුණ මල
සැඩ සුළඟට අරන් යයිද මටත් හොරෙන් හෙට