☣☣ මඤ්ඤං උයන ☣☣

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිස් කරන්න එපා කියල එකෙක් පොස්ට් එකක් දාල තිබුන මතක නැත්ද බොල.
    ඒ තොලක් දැම්මොත්නේ..:dull:

    එක හිතක් නුඹට පෙම් කරමින් දුක් විඳින තරම්
    ඒ හිත ගාවට නුඹට එන්න බැරිද රත්තරං
    තව වරක් නුඹේ රුව දකින්න මඟ බලන නෙතින්
    කඳුළක් වී නුඹ ඈතට යන්නෙපා මගෙන්

    පෙම් කරනා තරම් නුඹට මගේ හදවත
    නෙත තෙමුණේ ඒ හින්දද රැයේ හෙමිහිට
    එක මොහොතක් ඔබ නොමැතිව බැන්ඳ ප්‍රේමෙට
    දුක හිතුනා කියාගන්න බැරි තරම් මට

    හිත නොරිදා හිටියා නම් ඇවිත් මා ළඟ
    දුර ඈතට පාවීලා යාවි තනිකම
    තව දවසක් නතර වෙලා මගේ ඇස් ළඟ
    හිනැහෙනවද ආදරයෙන් බලා මා දෙස
    _______________________________________

    සීත රැයේ හිනැහෙන මගෙ පොඩි සුරංගනාවී
    ලෝභ හිතෙන පුංචි හිතක් ඇති කුමාරිකාවී
    හීන අරන් නෙත අද්දර නුඹ පවන් සලද්දී
    ආසයි මට නම් බලන් ඉන්න මගේ කුමාරී

    නොදැක ඉන්න බෑ ඒ තරමට මා බැඳුණා
    නිදන සයනයේ උණුසුම වී ඔබ උන්නා
    උදේ හවස මට සිරියාවයි නුඹ සැමදා
    කවුරුත් නොදුන්න ආදරයක් මට දුන්නා

    නිසල රාත්‍රිය සොඳුරු කරන් ඔබ පායා
    මේ මගෙ නිවසම සඳරැස් දහරින් නාවා
    හිනැහෙන පුන්සඳ මගෙ පණනළ මට සේමා
    පුංචි කුමාරියේ සඳා ඔයා මගෙ වේවො
    _______________________________________

    හිත ඔබ විමසා නෙත නිදි නොලබා
    තනිකමින්ම රෑ ගෙවුණා
    මගෙ දෑස ඔයා එනතුරුම සොයා
    හැමදාකම මඟ බැලුවා

    ඔය ඇස් දෙක මා ළඟ නැවතී
    මා දෙස බැලුවා නම් සීතල රෑ මගෙ තුරුළට වී
    මා ගැන සිතුවා නම් හිත නොරිදා රත්තරනේ
    නුඹ මට පෙම් කෙරුවා නම්

    දුක දැනුණම ඔබ මට ළං වී වඳනක් කීවා නම්
    තනිය මකා මගෙ ළඟ දැවටී
    සෙනෙහස පෑවා නම් හිත නොරිදා රත්තරනේ
    නුඹ මට පෙම් කෙරුවා නම්
    :(:(

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තුරුළු කරන් ආදරයෙන් සිඹින්න ඇත්නම්
    ඕන දුකක් සුදු මැණිකේ මම ඉවසන්නම්
    ළඟ ඉන්නට එක මොහොතක් මට හිමි නැතිනම්
    පාලු අඳුරු මගේ ලෝකයේ මම තනි වෙන්නම්

    ගව් ගාණක් දුර ඈතක ඔබ ඉන්න නිසා
    දකින්න නෑ ඔය දෙනෙතේ සිනා මල් කතා
    විඳගන්නට රෑ සිහිනෙන් සිත හැඬූ නිසා
    සුවඳ පොඳක් ළඟ තියලා නුඹ ඇවිත් ගියා

    මතක් වෙලා ආදරයේ අතීත සැමරුම්
    කඳුළු පිරෙනවා දෙනෙතට නුඹෙ රුව මැවෙමින්
    ඉන්නට බෑ එක මොහොතක් දුරට වෙලා නම්
    රත්තරනේ එන්නද හෙට නුඹ සොයාන මං
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    avatar276569_29.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1644438

    හාදුවකින් මිලියන 80 බැක්ටීරියා හුවමාරු වේ:rolleyes::rolleyes:

    මට තියන ලෙඩේ හොදයි කියලා හිතෙන්නේ මේවා අලුතෙන් හොයා ගනිද්දී තමයි:lol::lol:
    අම්මටසිලි.. මොකක්ද ලෙඩේ..? :(
     
    Status
    Not open for further replies.