සාරාංශය --
බුදු දහමේ, සම්බුද්ධ දේශනාවේ සඳහන් වන පරිදි විනය පිටකය මහා වග්ගට්ට කතාව අනුව මේ සංකර සමාජයේ විවිධ ලිංගික දිශානතිය සහිත පුද්ගල කොට්ඨාශ 5 ක් දක්නට ලැබේ.
පණ්ඩක - සමාජ සම්මුතියට අනුව අසම්මත අසාමාන්‍ය ලිංගික චරියා සහ ආශාවන් සහිත පුද්ගලයින් මෙම නමින් හඳුන්වයි.
එවැනි පුද්ගල කොට්ඨාස පහක් පිළිබඳව ධර්මයේ සඳහන්ව ඇත
1. ආසිත්ත පණ්ඩක - අනුන්ගේ අංගජාතය මුවින් ගෙන සතුටු වන පණ්ඩකයින් - සමලිංගික ( Gay )
2. උසුය පාණ්ඩක - අනුන් ලිංගිකව හැසිරෙනු දැක සතුටු වන පණ්ඩකයින්
-------------------------------------------------------------------------------
3. ඕපක්කමික පණ්ඩක - ලින්ගෙන්ද්‍රයක් නැති හෝ අප්‍රාණික පණ්ඩකයින්
4. පක්ක පණ්ඩක - පක්ෂයකට, කාලයකට විකෘති ලිංගික, සම ලිංගික ආශාව වැඩි වන පණ්ඩකයින් ( සඳ ඇති නැති කාල වලට. )
5. නපුංසක පණ්ඩක - ස්ත්‍රී හෝ පුරුෂ අනන්‍යතාවයක් නොමැති ( Trans )
මොවුන් අතරින් පැවිද්ද, උපසම්පදාව ලැබීමට අවසර හිමිවනුයේ ආසිත්ත පණ්ඩක සහ උසුය පණ්ඩකයින් හට පමණි.
~ විනය පිටකය පාරාජිකා පාලිය
~ සමන්ත අට්ඨකථාව