☸ සියල්ල සම්මුතියකි - නිවන ශුන්‍යතාවයකි ☸

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    මේක මගේ අවබෝධය උඩු යටි කරපු ලිපියක්. මම මෙච්චර කල් හිතන් ඉඳියේ මේ ලෝකේ - ඇත්ත, විද්‍යමාන කියන්නේ පරමාර්ථ 4 සහ අනිත් සේරම හීනාර්ථ ප්‍රඥප්ති කියලා. ඒත් මම වැරදියි .... කියවලම බලන්න spoil කරන්නේ නෑ ..... පටිච්චසමුප්පාදය, සම්මුතිය, පරමාර්ථය, ඇත නැත භාවය හෙවත් ද්විකෝටිය ගැන විස්තර වෙන්නේ ....

    -----------------------------------------------------------------------

    බුදු දහමට අනුව පටිච්ච සමුප්පාද න්‍යාය යනු " මෙය ඇති කල්හි මෙය වෙයි(ඉමස්මින් සති ඉදං හෝති ), මෙය හට ගත කල්හි මෙය හටගනියි(ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති), මෙය නැති කල්හි මෙය නැතිවෙයි(ඉමස්මින් අස්ථි ඉදං න හෝති), මෙය නිරුද්ධ වූ කල්හි මෙය නිරුද්ධ වෙයි(ඉමස්ස නිරෝදා ඉදං නිරුජ්ජති)" යන ප්‍රසිද්ධ ඉගැන්වීමයි. මෙහි ඉමස්මින් සති ඉදං හෝති සහ ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති යන පාලි ඉගැන්වීම තුලින් පෙන්වා දෙන්නුලබන්නේ සම්මුතියට අනුව "ඇත" යන සංකල්පයයි. මෙය ජන ව්‍යවහාරයට අනුව හටගැනීම, ඉපදීම, විද්‍යාමාන වීම, යනුවෙන් භාවිතා වනුලැබේ. "ඉමස්මින් අසති ඉදං න හෝති සහ ඉමස්ස නිරෝදා ඉදං නිරුජ්ජති යන පාලි ඉගැන්වීමෙන් 'නැත යන ඉගැන්වීම සම්මුතියට අනුව පෙන්වා දෙනු ලැබේ. ජන ව්‍යාවහාරයට අනුව මෙය නැතිවීම, නිරුද්ධවීම, නොපෙනියාම ආදිය වහරනු ලැබේ. මෙම බුද්ධ ඉගැන්වීම සම්මුති ලෝකයේ නිර්දේෂවන්නකි. පරමාර්ථ වශයෙන් මෙම ඉගැන්වීම නිර්දේශ නොවන්නකි. තථාගතයන් වහන්සේ දේශනාකරන ලද්දේ පරමාර්ථ සාදනයෙන් පසු ධර්මය කියා එකක් ද නොමැති බවය. එම පරමාර්ථ සාදනය සඳහා පමණක්ම බුද්ධ ඉගැන්වීම ගත යුතු බවත් ඉන්පසු ධර්මයත් සම්මුතියක් බව තේරුම් ගතයුතු බවත් "කුල්ලුපමන් වෝ හික්ඛවේ ධම්මං ..." යන ඉගැන්වීමෙන් පැහැදිලි කරනු ලැබේ.

    ඇත, නැත, යන සංකල්ප දෙක පරමාර්ථ දේශනයට අනුව ප්‍රඥප්ති දෙකකි. සැබැවින්ම බුද්ධ දේශිත පරමාර්ථයට අනුව ලෝකය කියා දෙයක් නොමැත. ලෝකය යනු සම්මුතියකි. සිතින් මවා ගන්නා ලද බොරුවකි. ශූන්‍යාතාව යනු බුද්ධ දේශිත පරමාර්ථය බව දත යුතුය. පරමාර්ථය දත් පුද්ගලයා හට පටිච්ච සමුප්පදයක් ද නොමැත. පටිච්ච සමුප්පාදය වනාහි සම්මුතියේම කොටසකි. සම්මුති ලෝකයක් තුල සිටින සත්වයාට සම්මුතිය තුලින්ම යතාර්ථය අවබෝධ කරවීමට කළ දේශනයණයකි පටිච්ච සමුප්පාදය. ශුන්යතාවබෝධය (පරමාර්ථය, නිවන) සඳහා සම්මුති ලෝකයේ සිටින්නාවූ සත්ත්වයින් විසින් පටිච්චසමුප්පාදය උපයෝගීකරගනු ලබන්නේ එය සම්මුති ලෝකයේම කොටසක් බැවිනි. සිතින් මවාගත් සම්මුති ලෝකයකට "ඇත, නැත" යන භාවිතය නොගැලපෙන්නකි. සැබවින්ම නැති දෙයකට " ඇත, නැත යන පද කෙසේනම් භාවිත කල හැකිද? පරමාර්ථයට අනුව එසේ භාවිතා කල නොහැකිය. එමනිසා ශුන්‍යතාවය ඇත, නැත යන භාවිතයෙන් තොර වුවකි. ඇත නැත යන භාවිතයක් නැත්තේ නිවනෙහි හෙවත් පරමාර්තයෙහි පමණකි. මිරිඟුව භ්‍රාන්තියක් පමණකි. පරමාර්ථ වශයෙන් එහි ජලය නොමැත්තේය. නැත්තාවූ යමකට ඇත, නැත කියා භාවිතා කිරීම මෝහය නිසා සිදුවන්නකි. නමුත් සම්මුතියෙහි සිටින පුද්ගලයා මිරිඟුව සඳහා "ඇත" යන භාවිතය කරයි. මිරිගුව තිබු තැනට පුද්ගලයා ගිය විට නැත යන භාවිතය කරයි. මෙය සම්මුති ලෝකයේ සාධාරණ භාවිතයකි. මක්නිසාද යත් එම පුද්ගලයා මෝහය තුල සිටින හෙයිනි. නමුත් එම පුද්ගලයා මිරිඟුව වශයෙන් දුටුවේ සැබෑම ජලය ද? එතන ජලය තිබුනේද? ලෝකයෙහි පවතින්නාවූ සම්මුතීන්ගේ විකාර රුපී තත්වය හේතුයෙන් එම පුද්ගලයා ජලය වශයෙන් මිරිඟුව දුටුවේය. එම මිරිඟුව සඳහා ඇත, නැත, භාවිතය පරමාර්ථයට අනුව නොගැලපෙන්නකි. ශුන්‍යතාවය යනු ඇත, නැත යන දෙකෙන්ම තොර වූ පරමාර්තාවබෝධයයි.

    පටිච්ච සමුප්පාද ධර්මය විශ්ව ව්‍යාපී ධර්මයකි. නමුත් මෙම පටිච්ච සමුප්පාදය ද සම්මුති ලෝකයටම අයත් වුවකි.මක්නිසාද යත් පටිච්ච සමුප්පාද ධර්මය පරමර්තය තුල හෙවත් නිවන තුල නොමැත්තේය. එමනිසා තථාගතයන් වහන්සේ විසින් "යමෙක් යතාර්තාවබෝධයෙන් පසු ධර්මය ද අත්හල යුතුයැයි" යන දේශනාවෙන් අදහස් කරන ලද්දේ සතයාවබෝධයත් සමඟම ධර්මයද සම්මුතියක් බව අවබෝධ කරගත් හෙයිනි. පටිච්ච සමුප්පාදය හෙවත් එම න්‍යාය මුළුමහත් සම්මුති විශ්වයටම පොදු වුවකි. කොටින් කියතොත් මේ සියල්ලම භ්‍රාන්තියකි. නින්දෙහි සිටින්නා විසින් දකිනු ලබන සිහිනයක් බඳුය. පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයට අනුව පටිච්ච සමුප්පන්න ධර්මයෝ හටගනිති. අංග දොළොසකින් යුත් පටිච්ච සමුප්පාදය වනාහි ඉමස්මිං සති ඉදං හෝති යන පටිච්ච සමුප්පාද න්‍යායට අනුව හටගනු ලබන ධර්ම සමුහයකි. එමනිසා ද්වාදසායතන පටිච්ච සමුප්පාදය "පටිච්ච සමුප්පන්න ධම්ම නාමයෙන් ගතයුතුය. මෙම පටිච්ච සමුප්පන්න ධම්ම ද සම්මුති ලෝකයට අයත් එවාමය. ඒවා පරමාර්ථයට අයත් නොවන්නේය. පරමාර්ථය අවබෝධය කල වූ චිත්තයට මෙම පටිච්ච සමුප්පාදය හෝ පටිච්ච සමුප්පන්න ධම්ම අයත් නොවන්නේය. රහතන් වහන්සේ වනාහි යතාර්ථය අවබෝධ කල පුද්ගලයකි. එමනිසා ඔහුගේ චිත්තයට පටිච්ච සමුප්පාදය සාධාරණ හෝ පොදු නොවන්නේය. මක්නිසාදයත් උන්වහන්සේ සම්මුති ලෝකය මායාවක් , සිහිනයක්, විඤ්ඤප්ති මාත්‍රයක්, පමනක් බව ප්‍රත්‍යක්ෂ කළ හෙයිනි.

    පටිච්ච සමුප්පාද න්‍යායට අනුව හටගන්නා වූ අවිජ්ජා යනු මෝහය, නොදැනීම , අවිද්‍යාව, යනුයි. මෙම අවිජ්ජා ව හෙවත් නොදැනීම සම්මුති ලෝකය පිලිබඳ නොදැනීමයි. සම්මුතිය යනු සිහිනයක්, මායාවක් මානසික මවාපෑමක් බව නොදැනීමයි. මුළුමහත් විශ්වයම මඤ්ඤනවක් සිතින් මවා ගත්තාවූ දෙයක් බව අවබෝධ නොකිරීම අවිජ්ජාවයි. අවිජ්ජාව අවබෝධ කිරීම පරමාර්තාවබෝධයයි. විජ්ජා උදපාදී යනු අවිජ්ජාව අවබෝධකිරීමෙන් ලබන ඵලය හෙවත් පරමාර්තාවබෝධයේ උදාවයි. මම, මගේ ආත්මය වශයෙන් ගැනීම ම සම්මුතියේ කොටසකි. මම කියා කෙනෙක් නැත, ආත්මය කියා දෙයක් නැත, යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් දේශනාකරන ලද්දේ මුළුමහත් සම්මුති ලෝකයම මායාවක් ,සිහිනයක්, සිතින් මවාගත් දෙයක් වීම නිසාය. සියලු සත්තවයෝම සංසාර නමැති යහන මත නිදාගෙන සිටින විට ඔහුන් විසින් දකිනුලබන සිහිනය නම් මේ ලෝකය හෙවත් විශ්වයයි. එම සිහිනය තවදුරටත් නොදකිනුලබන්නේ, රහතන් වහන්සේ ,පසේ බුදු රජාණන් වහන්සේ, සම්මා සම්බුදු රජාණන් වහ්සේ විසිනි.විශ්වයම ශුන්‍යතාවයකි. ඇත, නැත යන භාවිතයෙන් තොර වූ ශුන්‍යතාවබෝධය යනු අවිජ්ජාව පලාදැමිමයි එනම් විජ්ජාවේ හටගැනීමයි. විද්‍යවබෝධය යනු යතාර්තාවබෝධයයි. යතාර්තාවබෝධය යනු නිවන් ප්‍රත්‍යක්ෂ කිරීමයි. ශුන්‍යතා වශයෙන් අවබෝධ කල පුද්ගලයා හට තව දුරටත් ක්ලේශයන්ගේ හටගැනීමක් නොමැත. මෙහි පුද්ගලයා යනු ද ශුන්‍ය ධර්මයකි.

    යතාර්ථය එසේ උවත් සත්ත්වය හට මේ සම්මුතිය තුල ජිවත් වීමට සිදුවී ඇත. පුද්ගලයා හට "මම කියා කෙනෙක් නැත " යන හැඟීමෙන් ඔහුට හෝ ඇයට අනුන්ගේ ගෙයට වැද අනුන්ගේ ඇඳකට ගොඩවී නිදාගැනීමට නොහැකිය. සියල්ල අනිත්‍ය , දුක්ඛ අනාත්ම වුවත් සත්වයා තවමත් සම්මුතිය තුල සිටින හෙයින් ඔහුට හෝ ඇයට එමං සම්මුති ධර්මවලට ගරුකිරිමට සිදුවෙයි. නමුත් මේ සියල්ල ඔබ දකින සිහිනයේ කොටස් බව දැනගත යුතුය. එමනිසා ඒ සියල්ල යතාර්ථය නොවන බවද දැනගතයුතුය. සංඛාර යනු අනාදිමත් කාලයක සිට ගොඩ නැගු ලෝකයයි. මෙය ගොඩ නැගුවේ අවිජ්ජාව හේතුකටගෙනය. විඥ්ඥානය යනු අවිජ්ජාව හෙවත් සිහිනයේ එක කොටසකි. කොටින්ම අංග දොළසකින් යුත් පටිච්ච සමුප්පන්න ධම්ම සියල්ලම සිහිනයේම කොටස්ය. එමනිසා සියලු ධර්ම සම්මුති ලෝකයට අයත් ඒවා වන අතර ඒ සියල්ල සම්මුතියක් සිහිනයක් බව අවබෝධකිරිම නිවනයි. එවිට පුද්ගල, සත්ව, ධම්ම ඇත, නැත, ආදී වශයෙන් කිසිඳු ව්‍යවහාරයක් නොමැත.සළායතන යනු හුදෙක් සම්මුතියේම කොටසකි. සළායතනවලට මුණගැසෙන බාහිර ලෝකය ද සම්මුතියේම කොටසකි. මේවා හේතුන් හටගන්නා වූ විඥණාන්ද සම්මුතියේම කොටස්ය. ඉන්ද්‍රිය මගින් ලබන ප්‍රත්‍යක්ෂය ද සම්මුතියේම කොටසකි. එමනිසා මේ සියල්ලම සම්මුතියකි. එනම් මායාවකි, සිහිනයකි, විඥ්ඥපති මාත්‍රයකි, සිතේ මවාගත්තා වූ සංකල්ප ගොඩකි. සිත යනු ද මයාවේම කොටසකි. එය එසේ වුවත් සම්මුතිය තුලින්ම පරමාර්ථය ප්‍රත්‍යක්ෂ කලයුතුය. ධම්ම, බ්‍රහ්ම, සර්ව බලධාරී දේව, විශ්වය, ලෝකය, යන මේ සියල්ල සංසාර නමැති යහනෙහි අවිජ්ජාව නැමති නින්දෙන් සිටින විට සත්වයා විසින් දකිනු ලබන සිහිනයකි. තථාගතයන් වහන්සේ මෙසිහින තවදුරටත් නොදකියි.මක්නිසාදයත් උන්වහන්සේ එය සිහිනයක් මුලාවක් මායාවක්, ශුන්‍යතාවයක් බව ප්‍රත්‍යක්ෂය කළ හෙයින් මහා සිහිනයක අතරමන් වූ සත්වයින්ව, ඔහුන් දකින සිහින ධර්මයන්ම උපයෝගී කරගනිමින්, යතාර්තාවබෝධය කරවීමට උත්සහ කරනු ලැබේ. ඇත නැත යන ද්විකොටිය මත පදනම් වූ බටහිර විද්‍යාවත් ද්ර්ශනයත් පලා දමන්නාවූ එකම පරමාර්ථ ධර්මය ශුන්‍යයතවයයි. ශුන්‍යතව ඇත නැත යන ද්විකොටියෙන් තොර වුවකි. විද්‍යාවටත් දර්ශනයටත් කොටින්ම විශ්වයටම ඇත නැත යන භාවිතය භාවිතා කළ නොහැකිය. මක්නිසාදයත් එසේ දෙයක් යමක් කෙනෙක් නැති හෙයිනි. මෙය අවබෝධ කිරීම සතයවබෝධයයයි.

    ඉන්ද්‍රිය ප්‍රතය්ක්ෂ්‍ය හා අනුමානය භ්‍රාන්තියකි. මායාවකි, අවිජ්ජාවකි. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය මත පමණක් පදනවූ භෞතිකවාදීන්ගේ සියලු මත බොරුවකි, අවිජ්ජාවකි. යතාර්තවබෝධයෙන් පසු මනේන්ද්‍රිය ද එම සම්මුතියේම කොටසක් බව ප්‍රත්‍යක්ෂ වනු ඇත. එමනිසා ඉපදීමක්, පැවතීමක්, මිය යාමක්, ඇත,නැත, යන භාවිතයක් නිවන තුල නොමැත. මෙය වනාහි අවිජ්ජාව පලාදමිමයි. රහතන් වහන්සේ අවිජ්ජාව පලාදැමු උතුමෙකි. එමනිසා උන්වහන්සේ හට පටිච්ච සමුප්පාදය අදාළ නොවන්නේය. එහෙත් රහතන් වහන්සේගේ සිරුර පටිච්ච සමුප්පාදයට යත් වන්නේය. මක්නිසාදයත් සරීරය වනාහි සම්මුතියේම කොටසකි. බුදු පසේබුදු මහා රහත් උතුමෝ සම්මුති ලෝකයේ හිටියත් උන්වහන්සේලා දියෙන් උද විත් දියේ නොවී තිබෙන නෙලුම් පුෂ්පයන් බඳුය. බුද්ධාදී මහරත් උතුමෝ සම්මුති ලෝකයෙන් එතර වූ නිසා ලෝකෝත්තර නම් වෙති. එනමුත් සම්මුතියේ ලෝකයේ තවදුරටත් සිටින්නේ සත්වග එයින් අවදි කරවිමටය. රහතන් වහන්සේගේයයි කිවූ භෞතික සිරුරද අවසානයේ සම්මුති ලෝකයේම එනම් සිහිනයේම කොටසක් බව පසක් කරවයි. එමනිසා මේ සම්මුති ලෝකයට අයත් සියල්ල අවිජ්ජා නින්දෙහි සිටින විට දකින සිහිනයෙහි කොටස් බව අවබෝධකට යුතුය.

    බටහිර විද්‍යාව ද වනාහි අවිජ්ජා නින්දෙහි සිටින විට දකින සිහිනයේ කොටසක් බව දැනගත යුතුය. කුම විද්‍යාඥයෙක් හෝ අලුත් අලුත් දෑ නිර්මාණය කිරීම යනු අපගේ සිහිනය පුළුල කිරීමකි. විද්‍යාඥයා ද අපගේ සිහිනයේම කොටසකි ඔහු කරන සියලු දේම අපගේ සිහිනයේ කොටස්ය. කොටින්ම ඒ සියල්ල අවිජ්ජාව බව දතයුතුය. ගුරුත්වාකර්ෂණය, චුම්බක ශක්තිය, ආදී සියල්ල මායාවකි. සිහිනයකි. මුලාවකි. මවාපෑමකි. යතාර්ථය යනු ඒවා සියල්ලම ශුන්‍ය බව ප්‍රත්‍යක්ෂ කිරීමය. නමුත් මේ සියල්ල සම්මුතියක්, මවාපෑමක්, සිහිනයක්, වුවත් යතාර්තාවබෝධය වන තුරු ඒවා අප විසින් භාවිතා කරනු ලබමු. රහත් හෝ ලෝකෝත්තර යනු මේ සිහිනලෝකය ශුන්‍ය බව අවබෝධ වීමෙන් සිදුවන්නකි. එය ලෝකයෙන් එතරවිමයි. ලෝකයෙන් එතවූ පුද්ගලයා හට අල්ලාගැනීමට හෝ ගැටීමට ලෝකයක් නැති හෙයින් තෘෂ්ණාවක් හෝ බහුවිධ කෙලෙස් හට නොගනියි. යතාර්තවබෝධයෙන් පසු ලෝකය, පුද්ගලයා, කෙලෙස් කියාද දෙයක් නොමැත. ඔබ අවිජ්ජා නින්දෙන් අවදි වන තුරු සම්මුති ලෝකය සත්‍යයක් බව වැටහෙන්නේය. නින්දෙහි දී ඔබ දකින සිහිනය බොරුවක් නොව සත්‍යයක් බව සිතන්නසේමය. ඔබ විසින් දකිනු ලබන සිහිනය අවදි වන තුරු යතාර්ථයක් බව සිතන්නා සේමය. බුදු පසේ බුදු මහා රහත් උතුමන්ගේ සියලු ප්‍රයත්නය අවිජ්ජා නින්දෙහි සිටින ඔබගේ අවදි කිරීම පිණිසය...

    -----------------------------------------------------------------------


    ධර්මය කියවන්න කියවන්න තමා තේරෙන්නේ, ප්‍රත්‍යක්ෂ වෙන්නේ @Fiona Dabare කියන්න හදන දේ ... එකම අවුල @Fiona Dabare කියන දේ එකපාරටම අල්ලගන්න අමාරුයි, click වෙන්නේ නෑ, Intellectual මදි, ධර්මාවබෝධය මදි නිසා වෙන්න ඇති. මේ වගේ ගොඩක් සරල මට්ටමකට යන පැහැදිලි කිරීමක් ඕනි වෙනවා. Anyways You are a great කල්‍යාණ මිත්‍රයෙක් @Fiona Dabare

    ✍️ උපුටා ගැනීම
    පුජ්‍ය කඩවතමඩුවේ ධම්මින්ද ස්වාමින් වහන්සේ (සද්ධම්මාචරිය, රාජකීය පණ්ඩිත, බි.ඒ. එම් .ඒ.)
    https://thebuddhistconcept.blogspot.com/2015/04/blog-post.html?m=1
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,809
    113
    "අත්ථි, භික්ඛවෙ, තදායතනං, යත්ථ නේව පඨවි, න ආපෝ, න තේජෝ, න වායෝ, න ආකාසානඤ්චායතනං, න විඤ්ඤාණඤ්චායතනං, න ආකිඤ්චඤ්ඤායතනං, න නේවසඤ්ඤානාසඤ්ඤායතනං, නායං ලෝකෝ, න පරලෝකෝ, න උභෝ චන්දිමසූරියා."



    "Monks, there is a dimension where there is no earth, no water, no fire, no wind; no dimension of the infinitude of space, no dimension of the infinitude of consciousness, no dimension of nothingness, no dimension of neither perception nor non-perception; no this world, no other world, no moon, no sun. There, monks, I say there is no coming, no going, no staying, no passing away, no arising."
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    TLDR;

    අරහතන් වහන්සේලා, පසේ බුදුන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ සම්මුති ලෝකයෙන් මිදුණු අය. ඉපදීම ජීවත්වීම මිය යාම ඔවුනට අදාල නෑ, ඔවුන් සිටින්නේ ලෝකෝත්තරභවයක, නමුත් ලෝක සත්ත්වයාට මහානුකම්පාවෙන් ඔවුන් සම්මුති ලෝකය සමග ගනුදෙනු කරනවා ධර්මාවබෝධය කරවීම පිණිස.

    කොටින්ම ධර්මය, බුදුහාමුදුරුවෝ, පටිච්චසමුප්පාදය, කුසල් අකුසල් පින් පව් මේ මුකුත් පරමාර්ථය හෙවත් නිවනේ නෑ ... මේ සියල්ල සම්මුති ලෝකයේ පෘථග්ජනයාට හමුවන මායාවන්. අප සම්මුති ලෝකයෙන් පරමාර්ථය හෙවත් නිවන අවබෝධ කර ගැනීම සම්මුති ලෝකය තුළින් සිදුකළ යුතුය.

    ඇත නැත හෙවත් ද්විකෝටිය පටිච්චසමුප්පාදය සමඟ ගලපා ඇත්තේ සම්මුති අර්ථයෙන්.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,809
    113
    TLDR;

    අරහතන් වහන්සේලා, පසේ බුදුන් වහන්සේලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ සම්මුති ලෝකයෙන් මිදුණු අය. ඉපදීම ජීවත්වීම මිය යාම ඔවුනට අදාල නෑ, ඔවුන් සිටින්නේ ලෝකෝත්තරභවයක, නමුත් ලෝක සත්ත්වයාට මහානුකම්පාවෙන් ඔවුන් සම්මුති ලෝකය සමග ගනුදෙනු කරනවා ධර්මාවබෝධය කරවීම පිණිස.

    කොටින්ම ධර්මය, බුදුහාමුදුරුවෝ, පටිච්චසමුප්පාදය, කුසල් අකුසල් පින් පව් මේ මුකුත් පරමාර්ථය හෙවත් නිවනේ නෑ ... මේ සියල්ල සම්මුති ලෝකයේ පෘථග්ජනයාට හමුවන මායාවන්. අප සම්මුති ලෝකයෙන් පරමාර්ථය හෙවත් නිවන අවබෝධ කර ගැනීම සම්මුති ලෝකය තුළින් සිදුකළ යුතුය.
    Man kivve uba ara liwwa ewa paya ganan wedak ne kiyala passe terei kiyala :P
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    *නැත* කියන තැන් වලට *තිබිලම නැ* කියලා රිප්ලේස් කරානම් තව හොදයි මොකද මේක ලියබු කෙනා සන්නිවේදනය කරන්න හදන අදහස වෙනුවට බහුතරක් ගන්නේ,

    මම නැ, ලෝකේ නැ.. කියන ^නැත^ අන්තයෙන් නැත්තම්.
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,470
    67,809
    113
    *නැත* කියන තැන් වලට *තිබිලම නැ* කියලා රිප්ලේස් කරානම් තව හොදයි මොකද මේක ලියබු කෙනා සන්නිවේදනය කරන්න හදන අදහස වෙනුවට බහුතරක් ගන්නේ,

    මම නැ, ලෝකේ නැ.. කියන ^නැත^ අන්තයෙන් නැත්තම්.
    තිබිලම නැ kiyana ekath තිබිලම නැ :P
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    කියන ^නැත^ අන්තයෙන් නැත්තම්.

    සරලව ඔය ඇත නැත - ද්විකෝටිය
    සම්මුති වශයෙන් සත්වයාට ධර්මාවබෝධය සඳහා පහසුව පිණිස දේශනා කරලා තිබුණට,

    පරමාර්ථයේදී හෙවත් නිවනෙහි ඇත නැත භාවය නැති වෙන්නේ ඇතිවෙන්න නැති වූ කෙනෙකුත්,
    නැති වෙන්න ඇතිව තිබූ කෙනෙකුත් නෑ කියන,
    සියල්ල මායාවක් කියන අදහසේ න් නේද ?
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පරමාර්ථයේදී හෙවත් නිවනෙහි ඇත නැත භාවය නැති වෙන්නේ ඇතිවෙන්න නැති වූ කෙනෙකුත්,
    නැති වෙන්න ඇතිව තිබූ කෙනෙකුත් නෑ කියන,
    සියල්ල මායාවක් කියන අදහසේ න් නේද ?

    ඇත/ නැත පනවන්න බැරි වෙනව ඇත/ නැත තිබිලම නෑ කියලා දැක්කහම (යෝනිසෝ මනසිකාරය)
    *සියල්ල* කියන තැනම මුකුත් කියන්න බැරි වෙනවා

    සියල්ල මායාවක් කියද්දිම, සියල්ල ඇත වෙලා ඉවරයි
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113



    සම්මුති ලෝකයේ සිට ලෝකෝත්තර අවබෝධයට, පරමාර්ථයට - නිර්වාණ අවබෝධයට ගමන් කරනවා කියන එක එක මේ වගේ. නිවනට ලං වෙන්න වෙන්න, ගොඩක් දේවල් ඒ යන මාර්ගයේදී හැලෙනවා, හලාගන්න ඕනි. අන්තිමට අපේ අවබෝධය විතරයි නිවනට ළඟා වෙන්නේ. අනිත් සියල්ල හැලෙනවා, ගැලවෙනවා, නිරුද්ධ වෙනවා ( සක්කාය දිට්ඨිය ඇතුළු සියලු සංයෝජන ධර්ම )
     
    • Like
    Reactions: NRTG

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo


    ලෞකික ලෝකයේ සිට ලෝකෝත්තර අවබෝධයට යනවා කියන එක මේ වගේ. නිවනට ලං වෙන්න වෙන්න, ගොඩක් දේවල් ඒ යන මාර්ගයේදී හැලෙනවා, හලාගන්න ඕනි. අන්තිමට අපේ අවබෝධය විතරයි නිවනට ළඟා වෙන්නේ. අනිත් සියල්ල හැලෙනවා ගැලවෙනවා ( සක්කාය දිට්ඨිය ඇතුළු සියලු සංයෝජන ධර්ම )


    හැලෙන්න පටන් ගන්නේ සෝවාන් වුනාට පස්සේ, ඊට කලින් බලෙන් හලන්න යන එක වෙන්නේ හලලා ඉවර කරන්න බැරි දෙයක්
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,670
    8,902
    113
    kandy
    නිවන කියන්නේ ශුන්නත්වය නෙවෙයි කියලා මම අහලා තියනවා .. මොකද අනාගාමී යෝගාවචරයෙක්ට නිවන අරමුණු වෙනවා ලු . ශුන්නත්වය හෙවත් කිසිවක් නොමැති නම් අරමුණු වෙන්නේ නෑ කියල.
     
    • Like
    Reactions: NRTG and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    නිවන කියන්නේ ශුන්නත්වය නෙවෙයි කියලා මම අහලා තියනවා .. මොකද අනාගාමී යෝගාවචරයෙක්ට නිවන අරමුණු වෙනවා ලු . ශුන්නත්වය හෙවත් කිසිවක් නොමැති නම් අරමුණු වෙන්නේ නෑ කියල.
    ශුන්‍යාත්වය / කිසිවත් නොමැතිකම අවබෝධ වීම අරමුණු වීම නිවන වෙන්න බැරිද ඉතින් ?
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,670
    8,902
    113
    kandy
    ශුන්‍යාත්වය / කිසිවත් නොමැතිකම අවබෝධ වීම අරමුණු වීම නිවන වෙන්න බැරිද ඉතින් ?
    කිසිවක් නොමැති නම් අරමුණු වෙන්න දේකුත් නෑ නේද .අරමුණු කරන්න දෙයක් නැති නම් මාර්ගයක් තියෙන්න පුළුවන් ද ... ඕක පැහැදිලිව තේරෙන්නේ දර්මය ගොඩක් ගැඹුරින් හොයපු අයට .. බුදු හාමුදුරුවෝ කියලා තියනවා නිවන අරමුණු කරලා වඩන්න පුළුවන් එකක් කියලා .. ඕක අපි හිතන තරම් මොකුත් නෑ වගේ සරල කාරනාවක් නෙවෙයි ..
     
    • Like
    Reactions: Yeezus and NRTG