☺☺☺☺↨↨↨SeaHorse☺☺☺☺↨↨↨

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
☺☺☺☺↨↨↨SeaHorse☺☺☺☺↨↨↨

REP++ DENNA HODANAM

The-Coral-Sea-Bimini-Bahamas-plants.jpg

පිරිමි සතුන් ගැබ් ගන්නා බවක් ඔබ කවදාවත් අසා තිබේ ද? එය කිසිසේත් විය නොහැකි දෙයක් යැයි ඔබට සිතෙනු ඇත. එහෙත් මුහුදේ වසන මත්ස්‍ය වර්ගයක් වන මුහුදු අශ්වයාගේ පිරිමි සතා ගැබ් ගෙන පැටවුන් බිහි කිරීමේ කාර්යය ඉටු කරයි.
seahorse.jpg

මේ සතා සාමාන්‍ය අශ්වයෙකු මෙන් විශාල සතෙකු නොවේ. අශ්වයෙකුට සමාන වන්නේ දිගු හොම්බක් සහිත උගේ මුහුණයි.
ව්‍යාප්තියකැනඩාවේ සිට තස්මේනියාව දක්වා වූ මුහුදු තෘණ කඩොලාන සහ කොරල් පර සහිත බොහෝ වෙරළාසන්න සමුද්‍ර තීරයන්හි, මුහුදු අශ්ව විශේෂ දක්නට ලැබේ.
images

අපේ රටේ වෙරළාසන්න සමුද්‍ර තීරයේ ද උන් ජීවත් වේ. දැනට මෙම සත්ව විශේෂ 35ක් පමණ සොයා ගෙන තිබේ.
seahorses-1.jpg
seahorses6.jpg

ඔවුන් සත්ව විද්‍යාත්මකව හිපෝකැම්පස් (Hipocampus) ගණයට අයත් වේ. ලොව දිග ම මුහුදු අශ්ව වර්ගය වන්නේ නැගෙනහිර පැසිපික් සාගර ප‍්‍රදේශයේ වසන හිපෝකැම්පස් ඉන්ජෙන්ස් (Hipocampus ingens) ය. කුඩා ම මුහුදු අශ්වයා වන්නේ නව කැලිඩෝනියාව ආසන්න මුහුදේ කොරල් ආශි‍්‍රතව වසන හිපෝකැම්පස් බාගිබන්ටි (H bargibanti) ය. උගේ සිරුරේ කොරල්වල මෙන් උඩට මතු වුණු ගොඩැලි ඇත. තමන් වසන පරිසරයට ගැලපී ආරක්‍ෂාව සලසා ගැනීම සඳහා මේ අපූරු සත්ව වර්ගය විවිධ අනුවර්තන පෙන්නුම් කරයි. ඉහත කී මුහුදු අශ්වයා කොරල්වලට සම පෙනුමක් ගන්නා හෙයින් කොරල් අතර සිටිනා විට හඳුනා ගැනීම අපහසු වේ. හිපෝකැම්පස් හිපෝකැම්පස් මුහුදු අශ්වයින් ගේ හමෙන් පිටතට විහිදුනු ප‍්‍රසර ඇති නිසා මුහුදු තෘණ අතරේ සිටින විට ඌව හඳුනා ගැනීම දුෂ්කර ය. මේ නිසා ඌව සතුරන්ගේ නෙත් රවටා ආරක්‍ෂා වීමට ඉඩ සැලසේ. බොහෝ මුහුදු අශ්ව වර්ගවලට වාසිය කරන පරිසරයට හරියට ම ගැලපෙන පරිදි වර්ණය වෙනස් කර ගැනීමේ හැකියාවක් ද ඇත. මේ නිසා සුදු, කහ, රතු, දම් සහ කොළ ආදී විවිධ වර්ණවලින් උන් සැරසෙනු දැකිය හැක.
හැසිරීම හා ආහාරමුහුදු අශ්වයින් වැඩි වශයෙන් හැසිරෙන්නේ මුහුදු තෘණ හා කොරල් පර ආශි‍්‍රතව ය. උන්ට තම වලිගයේ කොන මුහුදු තෘණ පත‍්‍රවල දවටාගෙන සෘජුව සිටිය හැකි වේ. උන්ට පිටේ ඇති වරල (පෘෂ්ඨිය වරල) උපකාර කරගෙන ජලයේ පිහිනා යන්නට ද පුළුවන. උන් පිහිනා යන්නේ ඉතා සෙමිනි. පිරිමි සතුන් ගැවසෙන්නේ වර්ග මීටරයක පමණ කුඩා වපසරියක් තුළ ය. ගැහැනු සත්තු ඊට වඩා වැඩි ඈතක සැරි සරති. එම නිසා ජීවිත කාලය පුරා එක්ව වසන මුහුදු අශ්ව දෙමහල්ලන්ට ආහාර අවශ්‍යතා සපුරා ගන්නට අවශ්‍ය ඉඩකඩ ලැබේ. මුහුදු අශ්වයන්ගේ ආහාරය වන්නේ ඉස්සන් කකුළුවන් වැනි කවච සහිත සතුන් ය. කුඩා පැටවු සත්ව ජලාවාංග සහ පිලා අවදියේ පසුවන කවචධර සතුන් ආහාරයට ගනිති.
seahorse-sex.jpg

ලිංගික චර්යාවන්මුහුදු අශ්වයින් පෙන්නුම් කරන්නේ සත්ත්ව ලිංගික හැසිරීම්වල උඩු යටිකුරු වීමකි. ඒ මාතෘත්වය දරන්නේ පිරිමි සතා වන හෙයිනි.
seahorse.jpg

සාමාන්‍යයෙන් මත්සයින්ගේ පිරිමි සතුන් පැටවුන් රැක බලා ගැනීමේ කාර්යයෙහි නිරත වේ. මුහුදු අශ්ව පිරිමි සතාට ඊට එහා ගිය වගකීමක් පැවරේ. උගේ සිරුරේ වලිගය ආරම්භ වන ප‍්‍රදේශයේ කොපුවක් වැනි ව්‍යුහයක් පිහිටා තිබේ. පිරිමි සතා ශුක‍්‍රනු නිපදවන අතර ගැහැණු සතා එම කොපුවට බිත්තර දමයි. මෙම සංසර්ගික කි‍්‍රයාවට ගතවන්නේ තත්පර කීපයක් පමණි. බිත්තර සංසේචනය වී පැටවුන් ඇතිවන්නේ කොපුව තුළ ය. පැටවුන්ට පෝෂණය සැපයෙන්නේ පියාගේ සිරුරිනි. ඇතැම් ගැහැනු සත්තු බිත්තර සිය ගණනක් දමන හෙයින් පැටවුන් ද සිය ගණනක් බිහි වේ. දින විසි ගණනක් ගත වී පැටවුන් බිහිවන තුරු ගැහැනු සතා පිරිමි සතා අසල ම ගැවසේ. කුඩා ම මුහුදු අශ්ව විශේෂ වරකට ඇතිවන පැටවු ගණන දහසකටත් අඩු වේ. ඇතැම් මුහුදු අශ්ව විශේෂ වරකට දහසකට අධික පැටවු සංඛ්‍යාවක් බිහි කරති.මත්ස්‍ය ලෝකයේ එක පත්නි ව‍්‍රත්‍ය (එක භාර්යාවක් පමණක් තබාගැනීම) රකින එක ම මත්ස්‍ය වර්ගය මුහුදු අශ්වයා ය. ඇතැම් පක්‍ෂීන් අතර ද මේ ලක්‍ක්‍ෂණය ඇතැයි සලකන නමුත් සහතික වශයෙන් ම එසේ වන්නේ දැයි දැන ගැනීම දුෂ්කර ය. එහෙත් මුහුදු අශ්වයින් පතිවත රකින බව සහතික වශයෙන් නිශ්චය කිරීමට හැකියාව තිබේ. ඒ බිත්තර දැමු පසු ගැහැනු සතාගේ සිරුර හැකිලි පිරිමි සතාගේ සිරුරේ ඇති කොපුව මහත් වී, ඔවුන් සංසර්ගයේ යෙදුනු බව පැහැදිලිව පෙන්නුම් කරන හෙයිනි.
පැවැත්මට ඇති තර්ජනමුහුදු අශ්වයන්ට මත්ස්‍ය අපනයන ක්‍ෂේත‍්‍රයේ ඉතා වැදගත් ස්ථානයක් හිමි වේ. ඊට හේතුව මේ අහිංසක සත්වයනින් වානිජ වශයෙන් කාර්යයන් ගණනාවකට ම ප‍්‍රයෝජනයට ගැනීමයි. ආහාරයක් වශයෙන් ජනපි‍්‍රය වීම නිසා රසවත් වූ විවිධ ආහාර සැකසීමට උන් යොදා ගැනේ. ආසියාවේ ඇතැම් රටවල වාජීකණ ඖෂධ ඇතුළු විවිධ ඖෂධ වර්ග නිෂ්පාදනය සඳහා මුහුදු අශ්වයින් යොදා ගැනේ. මේ හැරුණු කොට මත්ස්‍යාගාරවල අලංකාරයට අලෙවි කරන මත්සයකු ලෙස ද මේ සතුන් භාවිතා කෙරේ. මිලියන ගණනින් මෙම සත්ව වෙළඳාම කෙරෙන හෙයින් එය උන්ගේ පැවැත්මට තර්ජනයක් වී තිබේ. මුහුදු අශ්වයින් ජීවත්වන වෙරළාසන්න මුහුදු තීරවල ජලය දූෂණය වීම නිසා ද උන් වැනසී යාම සිදු වේ. මේ නිසා සිරුරින් පමණක් නොව චර්යාවන්ගෙන් ද අපූරු ලක්‍ෂණ පෙන්නුම් කරන මුහුදු අශ්ව පරපුර ආරක්‍ෂා කර ගැනීම කෙරෙහි ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අවධානය යොමු විය යුතු කාලය එළඹ තිබේ.