☻ඇයගේ දිනපොත☻

DeeJaY101

Member
Dec 29, 2012
481
159
0
Colombo





ඇයගේ දිනපොත :

අද රෑ අරයා හරි අමුතුයි කියලා මට හිතුනා. අපි උදේ කතා වෙලා හිටියේ අද රෑ කෑම ගන්න හොද රෙස්ටුරන්ට් එකකට යන්න. මම අද මුලු දවසම යාලුවෝ එක්ක ෂොපින් කලා,ඉතින් මට හිතුනා මම ගෙදර එන්න ටිකක් පරක්කු උන නිසා එයාට තරහා ගිහින් කියලා,ඒත් එයා ඒ ගැන මොකුත්ම කිව්වේ නෑ. එයා මා එක්ක කතා නොකර බලාගත්තු අත බලාගෙන හිටිය නිසා මම කිව්ව කොහේ හරි නිස්කලංක තැනකට ගිහින් කතා කර කර ඉමු කියලා.එයා ඒකට කැමති උනා,ඒත් මගේ එක්ක කතා කලේ හරිම අඩුවෙන්. ඉතින් මම එයාගෙන් ඇහුවා මොකද්ද ප්‍රශ්ණේ කියලා,ඒත් එයා කිව්වා කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා.
ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා එයා දුකෙන් ඉන්නේ මගේ වැරැද්දක් නිසාද කියලා,ඒත් එයා කිව්වා එයා දුකෙන් නෙවේ ඉන්නේ,මම කිසිම වරදක් කලේ නෑ ඒ ගැන හිතන්න එපා කියලා.
අපි ගෙදර එන අතරමගදි මම එයාට කිව්වා මම එයාට ගොඩක් ආදරේ කරන බව,ඒත් එයා යන්තමින් හිනා වෙලා දිගටම කාර් එක ඩ්‍රයිව් කලා.මට හිතා ගන්න බෑ එයා ඒ හැසිරුන විදිහ,ඇයි එයා මගේ දිහා බලලා "මමත් ඔයාට ගොඩාක් ආදරෙයි වස්තුව" කියලා කිව්වේ නැත්තේ?
ගෙදර ආවාම නම් මට හිතුනා එයාට මාව එපාම වෙලා කියලා,මගේ දිහා බැලුවෙවත් නෑ ටී වී එක දාගෙන ඒක බලන්න පටන් ගත්තා,වචනයක්වත් කතා කලේ නෑ. ඉතින් මම ටික වෙලාවකින් ඇදට ගියා,විණාඩි 15කින් විතර එයත් ඇදට ආවා,ඒත් එයාගේ හිත තිබුනේ වෙන කොහෙවත්,එයාට ඉක්මනට නින්ද ගියා.
මම හොදටම ඇඩුවා,මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියලා,මට හොදටම විශ්වාසයි එයාගේ හිතේ දැන් ඉන්නේ වෙන කෙනෙක්,අනේ මම ජීවත් වෙලා වැඩක් නෑ.


ඔහුගේ දිනපොත:
ෂික්...ලංකාව අදත් මැච් එක පරාදයි..:no::no::no: