♂ & ♀

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    ගැහැනු පිරිමි බව එන්නේ සෛල සංඥාවකින්



    සතුන්ගේ ලිංගිකත්වය තීරණය වීම හා ලිංගික අවයව සෑදෙන ආකාරය පුදුම සහගත බව පර්යේෂකයෝ පෙන්වාදෙති.
    සර්පයන්ගේ හා කටුස්සන්ගේ ලිංගේන්ද්‍ර දෙක බැගින් පිහිටා ඇතත් පක්ෂීන්ගේ සහ මානවයන්ගේ ඇත්තේ එක් ලිංගික අවයවයක් පමණි.
    පර්යේෂකයන් පවසන්නේ සත්ත්වයන්ගේ සිරුරේ ඇති සෛල මගින් නිකුත් කරන සංඥා හේතුවෙන් ලිංගික අවයව පිහිටි ස්ථානය තීරණය කෙරෙන බවයි.
    සර්පයන්ගේ හා කටුස්සන්ගේ ලිංගික අවයව විකසනය වන්නේ පසුපස පාදවල ඇති සෛල වලිනි. කිරිබී වැඩෙන මිනිසා ඇතුළු සතුන්ගේ ලිංගේන්ද්‍රය ආරම්භ වන්නේ ශරීරයේ බඳ පත්ලේ ඇති වලිග ගොබයෙනි.
    කලලයේ පිහිටන බහිස්‍රාවීය මාර්ග සෛල වලින් ලිංගේන්ද්‍රිය සෑදීමේ සංඥා නිකුත්වීම සිදුවේ. ගුද මාර්ගයේ පිහිටීම පවා තීරණය වන්නේ මේ සංඥා ලැබෙන ආකාරය අනුව බව විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන ඇත.
    හාර්වඩ් විශ්වවිද්‍යාලයෙ ප්‍රවේණි විද්‍යා මහාචාර්ය ක්ලිෆර්ඩ් ටැබින් පවසන්නේ කළලයේ එක්තරා කොටසක් ලිංගේන්ද්‍රියේ පිහිටීම සම්බන්ධයෙන් වගකීම දරන බව තමා සොයාගත් බවයි.
    ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය මගින් කරණ ලද තවත් අධ්‍යනයක දී ප්‍රතිදීප්ත සලකුණු කරණයක් මගින් කලලයේ සෛල සළකුනු කැර ඇත. ඉන් පසුව එම සෛල වර්ධනය වන්නේ කෙසේ ද යන්න හඳුනාගෙන තිබේ. ඒවා අධ්‍යයනය කරමින් මේ පර්යේෂණ සිදුකැර ඇත.





    orgin-2.jpg


    Orgin-4.jpg
     
    • Like
    Reactions: sbbuddhika