♥♥* ✰ දුරකතනය නිවැරදිව භාවිතා කරමු !!! ✰ *♥♥

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ♥♥* ✰ දුරකතනය නිවැරදිව භාවිතා කරමු !!! ✰ *♥♥

    CALL ගන්නා විට දුරකතනය නිවැරදිව භාවිතා කරන අකාරය | PROPER WAY TO USE A PHONE WHEN CALLING​
    businessman-thumbs-down-angry-suit-cell-phone-iPhone-300x300.jpg

    නීරෝගීව දිවි ගෙවිම අපගේ පැතුමයි. එහෙත් නොසිතා අප විසින් කරන දේවල් නිසා අපේ සෞඛ්‍ය තත්වය අඩපණ වෙයි. අද කියන්න යන්නේ Call ගන්නා විට දුරකතනය නිවැරදිව භාවිතා කරන අකාරය ගැනයි. මේක අපේ ගොඩක් මල් කඩන අයටනම් වැදගත් වෙයි.

    ජංගම දුරකතන හෝ සාමාන්‍ය දුරකතන භාවිතා කරන බොහෝ දෙනෙක් පුරුදුව සිටින්නේ දකුණු කන අසලින් දුරකතනය තබාගෙන කතාබහ කිරීමටයි. ජංගම දුරකතනයකින් රැහැන් දුරකතනයකට වඩා විකිරණ පිටවීම සාමාන්‍ය දෙයක්. එත් මේ කියන්න යන්නේ ඔබත් දුරකතනය දකුණු පස කන පැත්තේ තබාගෙන කතාබහ කරන අයෙක් නම් එය ඔබගේ සෞඛ්‍යට අහිතකර බවයි. දකුණු කනත් මොළයත් අතර ඍජු සම්බන්ධයක් පවතින අතර දුරකතනයෙන් පිටවන විකිරණ වලින් මොළයට ඇති බලපෑමත් වැඩිය.


    usa+mobile+on+right+ear.jpg



    ඒ නිසා වඩාත් හොදම විසදුම වන්නේ දුරකතනය වම් කන අසලින් තබාගෙන කතාබහ කිරීමයි.

    අපේ තරුණ තරුණියන් බොහෝ වෙලාවට ආදරය කරන්නේ දුරකතනය හරහාය. දුරකතනය කන අසල තබාගෙන මල් කඩන්න යන කාටත් තමන් කොයිතරම් වේලාවක් ෆොනේ එක කනේ තියාගෙන ඉන්නවද කියන එකත් අමතකයි. එත් දැන්නම් ඒ ගැන නොසිතා බෑ නේද? ඒ නිසා මල් කඩුවට නම් කමක් නැහැ. හැබැයි වම් කන තමයි තෝරාගන්න ඕන. එහෙම නොසිතුවොත් ඔබගේ මොළයට සිදුවන හානියත් වැඩි වේවි.

    phoneDemo.jpg

    ජංගම දුරකතනය භාවිතයේදී ඔබ අවධානය යොමු කල යුතු තවත් දෙයක් වන්නේ දුරකතනයේ බැටරිය එක පෙන්වන කොටසයි. ඔබගේ දුරකතනයේ බැටරිය පෙන්වන කොටසේ ඇත්තේ එක් රේඛාවක් නම් ( එක බැටරි කනුවක් නම්) එන ඇමතුම් සදහා පිළිතුරු දෙන්න එපා. මන්දයත් එවැනි අවස්ථාවක දුරකතනයයෙන් නිකුත්වන විකිරණ දහස් ගණනකින් වැඩිවේ.

    මෙහි සදහන් කර ඇත්තේ දුරකතන භාවිතයේදී අපි අතින් එදිනෙදා සිදුවෙන වැරදි ක්‍රියා කිහිපයකට නිවැරදි විසදුම් කිහිපයකි. නිරෝගීව ජීවත්වන්නට ඔබත් කැමතිනම් මේවා අනුගමනය කරන්න.

    අනෙක් අයත් දැනුවත් කිරීම ඔබ සතුයි යාලුවේ !!!
    අප කාගේත් යහපත සදහා උපුටා ගත්තකි​
     
    • Like
    Reactions: Deadmau5 and nitrox