♥ නෙතු හැඩුවා ඔබට හොරා ♥

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-05.jpg


    05.png


    හිරු පිපී එන අසිරිමත් උදෑසනකින් ෆොක්ස්හීල් වල අසිරිය හාත්පස පුරා විහිදී තිබිණි. ධාවන පථය ළගින් මෙන්ම ඈතින්ද අතුරු සිදුරු නොමැතිව පරිසරය පුරා මහා ජන ගංගාවක් පෙළ ගැසී සිටියහ. මුලු මහත් කදු සහිත භූමිය පුරා පෙනෙන්නට තිබුනේ එකම හිස් ගොඩකි. තරගය ඇරඹිමට තිබුණේද තවත් විනාඩි කිහිපයකි. අවසන් වරටත් තම යතුරු පැදිය නිසියාකාරව ක්‍රියා කරන්නේදැයි අවිනාශ් ක්ෂනික සෝදිසියක් කරගත්තේය. අභ්‍යන්තරයෙන් මෙන්ම මතුපිටින්ද කිසියම් වූ දෝෂයක් ඔහුට හසුවුණේ නැත. සියල්ලම ඉතා හොද තත්වයෙන් පැවතීම ඔහුගේ සිතට ගෙනාවේ කිව නොහැකි තරම් වූ සහනදායී හැගීමකි. එහෙත් මොකක්දෝ අහඹු නොසන්සුන්කමක්, වෙන කවරදාකටවත් වඩා අවිනාශ්ගේ සිත පුරා නලියන්නට පටන්ගෙන තිබිණි. එය අවිනාශ්ටම දිරෙව්වේ නැත. සියල්ල ඉතා හොදින් පැවතීමද එක්තරා ආකාරයක ගැටලුවක්ය. එය නොකියා කියන්නේ කොතැනක හෝ අවුලක් ඇති බවය

    එහෙත් මේ හාත්පස පුරා පෙනෙන දැවැන්ත මිනිස් ගංගාව අතරේ කුමන හෝ තැනක හිද දිලීකා ද මේ තරගය නරඹනු ඇති බවට අවිනාශ් විශ්වාස කළේය. ඇය පැමිණෙන බැව් කිහිප වතාවක්ම සපථ කර කීවාය. එසේම ඩී.ජේ සොයුරන්ද මේ සෙනග කන්දරාව අස්සේම මිශ්‍ර වී සිටිනවා ඇත. එසේම තමාට මරණිය තර්ජනය එල්ල කළ අයවලුන්ද ඒ අතරේම සිටිනවා විය හැක. එහෙත් ඒ පිළිබදව නම් අංශු මාත්‍රයක බයක් කෝ කැලඹිමක් ඔහුගේ සිතේ තිබුනේ නැත. ඔහු තම ඉසව්ව කෙරෙහි දැඩි අවධානය යොමු කළේය.

    යතුරු පැදි විවෘත අංශයේ 200 CC තරගයට ඔහු සමග තරගකරුවන් දහසය දෙනෙකු පෙළ ගැසී සිටියහ. පසුගිය වසරේ පැවැත්වූ තරගාවලියේදි වේගවත්ම ධාවකයා ලෙස ලැබූ අතිමහත් ජනප්‍රසාදය මැදින් ඉතා විශාල කුසලානයක් දිනාගත් අයුරු ඔහුට මැවී පෙනෙන්නට විය. ගියවර තරගය තිබුණේ තමාත් ජෙරමුත් අතරය. එහෙත් මෙවර තවමත් ජෙරම්ගේ යතුරු පැදිය, තරගයට අවතීර්ණ වී තිබුණේ නැත. තමා අරතරම් දේවල් කියා තිබියදීත්, ඔහු තරගයට ක්‍රීඩා නොකිරීම ගැන අවිනාශ් ගේ සිතට ආවේ ජෙරම් පිලිබද දැඩි කලකිරීමකි. ඔහු අති මහත් බියගුල්ලෙකු බව ආයේ හෝදන්නට දෙයක් නොමැත.

    තරගය ආරම්භ කිරීමට දෙන්නා වූ සංඥාව දීමට තිබුණේ තවත්ත තත්පර කිහිපයකි. අවිනාශ් ඇක්සලේටරය කර කවන ගමන්, තම සිත සැහැල්ලුවෙන් තබා ගත්තේය. මුලු මහත් පරිසරයම යතුරු පැදිවල ගිගුම් හඩින් පිරී පැතිරී යන්නට පටන්ගෙන තිබිණි. ධාවන පථයේ තිරස් අතට ඇද ඇති ආරම්භක රේඛාව ආසන්නයටම යතුරු පැදි ගෙන යන අවිනාශ් මොහොතකට වටපිට බැලුවේය. තමා සිටින ස්ථානයේ සිට තවත් යතුරු පැදි හතරකට එහායින් තමාගේ වර්ගයේ නිල් පැහැති සුසුකි වර්ගයේ යතුරු පැදියක් තිබෙනු දැක අවිනාශ්ගේ සිත මදක් චංචල විය. ජෙහාන් නොයෙක් වර කියූ නිල්පාට සුසුකි යතුරුපැදිකරු දැන්, මේ මොහොතේ තමාත් සමග එක පෙලට සිටීයි. පසුගිය දිනවල මේ හා සමාන යතුරු පැදියකින් පුහුණුවීම් කළද, මේ යතුරු පැදියේ සිටිනා පුද්ගලයා පිළිබදව වගතුග සොයා නොබැලීම ගැන අවිනාශ් තමාටම සාප කරගත්තාය. ඔහුගේ සිතේ දැන් ඇතිවී තිබුණේ එකම ගැටලුවකි. ඒ මේ කවුරුන්ද යන්නයි. ඒ ගැටලුව වඩ වඩාත් සිතේ පැල්පදියම් වෙද්දී තරගය ආරම්භ වන සංඥාව ක්ෂණයකින් ලැබිණි.

    වටපිටාවම ගිගුම් හඩින් නද දෙද්දී යතුරු පැදි සියල්ලම එක රොත්තට ඉදිරියට ඇදිණි. සිතීමට හෝ සිත සිතා හිදීමට තරම් කාලයක් අවිනාශ්ට නොතිබිණි. පළමු, දෙවන වටවලදී පිටුපසින් සිටීම වඩා හොද වූවත් එය පසුකාලීනව අවාසියක් බැව් අවිනාශ් දැන සිටියේය. එහෙත් මෙවර ඔහු තම ක්‍රමය අවිවාදාත්මක වෙනසකට මුලදීම තල්ලු කර දැමුවේය. ඒ රලු වැලි මාර්ගය, වෙනදාටත් වඩා මෙවර ප්‍රවේසම් වන ලෙසට ඔහුට අනතුරු ඇගවීමක් කළ හෙයිනි. එසේම තමන් නොහදුනනා අලුත් තරගකරුවන් කිහිප දෙනෙකුද ලොකු ජවයකින් තරගයට අවතීර්ණ වී ඇති බැව් ඔහු දුටුවේය.

    ගියවර ජයග්‍රහනය සිතේ ශක්තියෙන් හා ජවයෙන් පිරිපුන් අනතුරුදායක මට්ටමේ ජයක් වුවද මෙවර තරගය ජය ගැනීමට නම් එයට වඩා වැඩි යමක් අවැසි බැව් දෙවන වටය ආරම්භයේදීම අවිනාශ්ට දැනුණි. යතුරු පැදි සියල්ලම එක පොදියට තරගයට කඩා වැදී තිබිණි. කොයි මොහොතේ හෝ එකකට එකක් එකිනෙක ගැටී අනතුරට ලක්විය හැකි බැව් නරඹන්නෝ ත්‍රාසයෙන් යුතුව සිතූහ. එය එතරම්ම තරගකාරී ස්වභාවයක් ගත් තරගයක් විය

    අනෙකුත් තරගකරුවන් අභිබවා තම අත්දැකීම් උපයෝගි කර ගනිමින් අවිනාශ් ඉදිරියට ඇදෙමින් සිටියහ. එහෙත් ඔහු තවම, ඔහුගේ අනතුරුදායක මට්ටමට ළගාවී සිටියේ නැත. ගියවර නම් මේ වනවිටත් ඔහු එම වේගයකට වරින් වර ළගාවී තිබූ නමුත්, මෙවර තත්වය ඊට බොහෝ වෙනස් වී තිබිණි. එමනිසාම අවිනාශ් අනතුරුදායක නොවන මට්ටමේ උපරිම වේගයකින්, තම යතුරු පැදිය ධාවන කිරීමට වග බලාගත්තේය.

    කෙසේ වුවත් නිල් පැහැති සුසුකි යතුරු පැදිය පැමිණියේ ඔහුට මදක් පසුපසට වෙන්නටය. එය පැදවූ යතුරුපැදිකරු අවිනාශුත් ඔහුත් අතර පරිතරය, එකම මට්ටමකින් තබා ගැනීමට උත්සාහ දරමින් සිටියේය. එසේම එය නිසියාකාරව මෙතෙක් සිදුකරන්නටද ඔහු සමත්ව සිටියේය. අමතක කර දැමිමට උත්සාහ කලත් තරගය තුළදීම අවිනාශ්ගේ සිතට ක්ෂනයකින් ගලා ආවේ තමාට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් කිහිපය පිළිබදවය. ඒ ඇමතුම් කෙසේ වුවත් මෙන්න මේ තත්පරය දක්වාම තමාට කිසිදු අනතුරකින් තොරව තරගයේ යෙදීමට හැකියාව ලැබී ඇත. අවසානයට ඇත්තේද තව වට කිහිපයක් පමණි. මුළු මහත් යතුරු පැදි සමූහය කිසියම් එකම අරමුණක් ඔස්සේ ධාවනය වනු පෙනේ. එහෙත් ඒ එකම අරමුණ ජයග්‍රහණය නොවන බැව්, තරගයට සහභාගී වූ තරගකරුවන් දෙදෙනෙකු අනිවාර්‍යයෙන්ම දැන සිටියේය. එහෙත් ඒ තරගකරුවන් දෙදෙනාට අවිනාශ් ඇතුලත්ව සිටියේ නැත.

    තරගයට ප්‍රවේගකාරී ලෙස හැඩ ගැසීමට දැන් වේලාව එළඹ ඇති බව අවිනාශ්ට දැනුණි. ඔහු තම සුපුරුදු ක්‍රිඩා රටාව අනුගමනය කරමින් කා හටවත් සිතා ගැනීමටත් ඉඩක් නොතබාම, තම යතුරු පැදිය ඉතා අනතුරුදායක ලෙස ඉදිරියට ගත්තේය. එසේම ඒ තත්පරයේම හමුවූ තියුණු නැම්මක් සහිත වූ කදු ගැටය මතින්, ඔහු අනෙකුත් තරගකරුවන් අභිබවා, අහස දෙසට ඉදා අවදානම් සහගත පිම්මකට යතුරු පැදිය ගෙන ගියේය. නැවතත් රලු වැලි මාර්ගය වෙතට ඉතා සමබරව ඔහු පහත්වන විට අවිනාශ් නියත වශයෙන්ම අංක එක ස්ථානයට පත්වී සිටියේය. අවිනාශ්ගේ එම අහස් පිම්මත් සමගම අනෙකුත් යතුරු පැදිකරුවන් කලබලයට පත්වූවා වැනිය. ඔවුන් සියලු දෙනාම එකාවන්ව මාරාවේශ වී අවිනාශ් පසුපස එළවන්නට ගත්තාය. අවිනාශ් බලා සිටියේද මෙන්න මේ උද්වේගකර අවස්ථාව එළඹෙනා තුරුය. මෙවැනි අවස්ථා පැමිණි පසු සිතේ ඇතිවන උණුසුම හා ජවය සමගින් තවත් අහස් පිමි ඕනෑ තරම් පැනිය හැක. නරඹන්නන්ගේ ඔල්වරසන් හඩ දැන් දැන් ඉතා ඝොෂාකාරී ලෙස ගලා හැලෙන්නට පටන්ගෙන ඇත.

    අවසාන වට දෙකට ලංවෙද්දී අවිනාශ්ගේ තරගකාරී ස්වභාවයට මුහුණ දීමට කිසිවෙකුත් අසලකවත් සිටියේ නැත. අඩුම තරමේ අර නිල් පැහැති සුසුකි යතුරුපැදිකරුවත් සිටියේ නැත. ඔහු නිරතුරුවම තමා සමග එකම පරතරයකින් පැදිය පදවාගෙන ආවද තමාගේ අනතුරුදායක අහස් පිම්මෙන් පසුව ඒ යතුරුපැදිකරු සෑහෙන තරමේ පසුබැසීමකට ලක්ව ඇති බැව් අවිනාශ් දුටුවේය.

    එහෙත් එසේ සිතා තම සිත සනසා ගන්නට අවිනාශ්ට හැකිවූයේ ඉතා සුළු කාලයකට පමණි. වැලමිටි වංගුවක් ඉතා සුළු ලිස්සීමක් හෝ නොමැතිව, සතුටු දායක ආකාරයෙන් ගත් අවිනාශ්ට තමාගේ පිටුපසින්ම එන නිල් පැහැති යතුරු පැදිය දක්නට ලැබිණි. ඒ යතුරුපැදිකරු ළග තිබූ වේගය, අවිනාශ්ට සිතා ගැනීමට හැකිවූයේ නැත. ඔහු පිඹගෙන එන ආකාරයට නම් ගියවර ජෙරම් සගම මුහුණ දීමට සිදුවූ අභියෝගය මෙවර මේ නිල් පැහැති යතුරුපැදිකරු සමග මුහුණ දීමට සිදුවන බවක් අවිනාශ්ට දැනුණි. ඒ කෙසේ වුවත් අවිනාශ් තම යතුරුපැදියේ වේගය තව තවත් වැඩිකර ගැනීමට වග බලා ගත්තේය.

    තමා යතුරුපැදිය මත සිටියදී නම් කිසිවෙකුටත් තමාව පසුකර යා නොහැකි බැව් අවිනාශ් ඉතා හොදින් දැන සිටියේය. ඔහුගේ ප්‍රබල ආත්ම විශ්වාසයද වූයේ එයයි. එහෙත් මේ පිටුපසින් එන තරගකරු, ඒ ආත්ම විශ්වාසයට සෑහෙන තරමේ පහරක් එල්ල කරන්නට සැරසෙයි. එය කිසිසේත්ම ඉඩදිය නොහැකි බව, ඔහු තමාට සපථ කරගත්තේය.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවිනාශ් යතුරුපැදියේ වේගය තවත් වැඩි කරද්දී පිටුපසින් ආ තරගකරුගේ උපරිම වේගයට ඒ තරගකරු පත්ව ඇතිබවත් පෙනිණි. ඔහු තරග කලේස අසීරුවෙනි. අවිනාශ්ගේ මේ අනතුරුදායක වේග මට්ටම ඔහුට ඔරොත්තු නොදෙන්නාක් වැනිය. ඒ බැව් ක්ෂනයකින් වටහා ගත් අවිනාශ්ගේ මුවේ සාඩම්බර මදහසක් පැතිරී ගියේය. එහෙත් ඒ මදහසට ආයුෂ තිබුණේ ඉතාම කෙටි කාලයකි. නිල් පැහැති සුසුකි යතුරු පැදිය පසු කරමින්, තමා දෙසට විදුලි වේගයෙන් ලංවන රතු පැහැති යතුරුපැදියක් අවිනාශ්ගේ නෙතට හසුවූයේ ඒ මොහොතේදීය. ඒ පාර තවත් ඉහල මට්ටමේ ප්‍රතිවාදියෙක්... ඒත් මේ කවුද..? අවිනාශ්ට සිතා ගැනීමට හැකියාවක් නොතිබූ එකම දේ වූයේ, රතු පැහැති යතුරුපැදිකරු තුළ තිබූ අධික වේගවත් ධාවන රටාවයි. මේ හඹා එන විදියට නම්, ඔහු තමා ආසන්නයට ඉතා සුළු මොහොතකින් ළගා වන බැවි අවිනාශ්ට වැටහිණි. ඒ වනවිටද අවිනාශ් තම උපරිමයට ඉතා ආසන්නව සිටියේය. මින් එහාට තවත් වේගයක් නැත. කළ යුත්තේ වැළමිටි වංගු වලදී වේගය අඩාල නොකර ගැනීමයි. එහෙත් එයට ඉතා මුවහත්වූ ඉවසිමක් මෙන්ම ඉතා සුමට යතුරු පැදි පාලනයක් අවැසිය. සුළු අතපසු වීමකින් යතුරු පැදිය ලිස්සා යාමට හෝ ධාවන පථයෙන් වෙනත් දිසාවකට විසිවී යාමට පුළුවන.

    එහෙත් අවිනාශ් ඒ කිසිවක් ගැන සිතුවේ නැත. ඔහුගේ සිතේ තිබුණේ මෙම තරගයේ ජයග්‍රහණය ගැන පමණි. දහස් සංඛ්‍යාත නෙත් අතරේ, මේ මහා ජනගංගාව මධ්‍යයේ කොහේ හෝ තැනක තම සිත කිති කැවූ ආදරණිය දෙනෙත් විශ්මයෙන් බලා හිදින වග ඔහු දැනගත්තේය. ඒ දෙනෙතට ආඩම්බරය මුසු විශිෂ්ඨ ගනයේ ජයග්‍රහණයක් ලබා පෙන්වීම ඔහුගේ එක් අරමුණක් විය.

    ඉදිරියේ තිබූ වැලමිටි වංගුව ආසන්නවෙත්ම රතු පැහැති යතුරු පැදිය එක පිම්මේ පිඹගෙන, තමාට ඉතා ආසන්න වී ඇති බැව් අවිනාශ් නෙත් කොනින් දුටුවේය. රතු පැහැති යතුරු පැදියට ආසන්නයෙන්ම, නිල් පැහැති සුසුකි යතුරු පැදිකරුත්, කරට කර සටනක් සෙමින්, සීරුවෙන් වුවද අවිනාශ්ට ලංවීමට සමත්ව සිටියේය. වඩාත් තර්ජනයක් අපතේ හැරියේ නැත. ඔහුට ඔවුන් දෙදෙනාම ප්‍රතිවාදීන්ය. කෙසේ වුවත් මේ වනවිට ඔහු ඉතා ඉහළින්ම තම සුපුරුදු ක්‍රීඩා රිද්මයට අවතීර්ණ වී සිටියේය.

    පැමිණ සිටින දහස් සංඛ්‍යාත නරඹන්නන් දැන සිටි එකම දෙය වූයේ අතුරු අන්තරාවක් හෝ වෙන බාහිර බලපෑමක් සිදු නොවුවහොත් අනිවාර්‍යයෙන්ම මේ විදුලියක් පරිද්දට තම යතුරු පැදිය මෙහෙයවන ජේත්තුකාරයා තරගය ජයගන්නා තම යතුරු පැදිය මෙහෙයවන ජේත්තුකාරයා තරගය ජයගන්නා බවයි. අවිනාශ්ටද තම ජයග්‍රහණය පිළිබද සැකයක් නොවීය. එහෙත් පසුපසින් පැමිණෙන යතුරුපැදි දෙකම තමාට ඉහල නයේ තරගයක් දෙන බැව් අවිනාශ්ට පැහැදිලිවම පෙනිණි. ගියවර ප්‍රතිවාදියා වූ ජෙරම් පිළිබදව අවිනාශ් අතැඹුලක් සේ සියල්ල දැනසිටියද, මෙවර මේ ප්‍රතිවාදීන් දෙදෙනා කවුරුන්දැයි කීමට පවා අවිනාශ් නොදැන සිටියේය. එය ඔහුගේ පැත්තෙන් සිදුවූ අති විශාල අත්වැරැද්දක් විය.

    තරගයේ උච්චතම අවස්ථාව එළඹෙමින් තිබිණි. තත්පර ගණනාවකදී එකවරම සිදුවූ දෙය පිළිබදව අවිනාශ්ට කෙසේවත් සිතා ගැනීමට පුළුවන් වූයේ නැත. කුමක් හෝ අතපසු වීමකින් හෝ වෙනත් සිදුවීමකින් අවිනාශ්ගේ යතුරු පැදියේ වේගය අඩාල වූ අතර, දෙවන ස්ථානයේ තිබූ රතු පැහැති යතුරු පැදිය ඔහුගේ යතුරු පැදියේ වදින නොවදින පරතරයට පැමිණයේය. එසේ ආසන්නයටම ආ රතු පැහැති යතුරුපැදිකරු නිකං බලා සිටියේ නැත. ඔහු තව වම් පාදය මදක් ඉහලට කොට ඔසවා අවිනාශ්ගේ යතුරු පැදිය පිටුපස මඩ ආවරණයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කලේය. අවිනාශ්ගෙ තිබූ ක්ෂනික ක්‍රියාකාරීත්වය නිසාම එම පහර අසීරුවෙන් වලක්වාගත්තද, රතු පැහැති යතුරුපැදිකරු තම දෙවන පහරට සූදානම් වන අයුරු අවිනාශ් දුටුවේය. ඒ අතර ඉදිරියෙන්ම තිබුණේ ඉතා විශ්ෂ්ඨ ගනයේ අහස් පිම්මකට සූදානම්ව පැවති උස් කදු ගැටයයි.

    කලින් වතාවේ අවිනාශ් අනෙක් තරගකරුවන්ගෙන් මිදී ඉදිරියට ගියේ මේ කදු මුදුනේදී පෙන්වූ දස්කම් නිසාමය. ඔහුගේ අරමුණූ වූයෙත් ඉක්මනින් එතනට ළගා වීමටය. එහෙත් එතනට ළගාවීමට ප්‍රථමයෙන් තමන්ට නැවතත් ප්‍රහාරයක් එල්ලවන බැව් අවිනාශ්ට වැටහී තිබිණි. මින් පෙර කිසිදු අවස්ථාවක සිදු නොවී ඇති මෙවැනි ප්‍රහාරයකට මුහුණ දිය යුත්තේ කෙසේදැයි අවිනාශ්ට සිතාගත නොහැකි විය. තමා වටා දැවැන්ත ආරක්ෂක වළල්ලක් ඩී.ජේ සොයුරන් විසින් දැමුවද, මේ ආකාරයේ නොසිතූ ප්‍රහාරයක් පිලිබදව සිතා නොබැලීම පිලිබදව අවිනාශ් තමාටම සාප කරගත්තේය.

    තමාගේ යතුරුපැදියට ආසන්න වුවද රතු පැහැති යතුරු පැදිකරුට තමාව අභිබවා යාමට හැකියවක් නොමැති බව අවිනාශ් දැන සිටියේය. එහෙත් එය එසේ වූවාට එයට වඩා වැඩි විනාශයක් තම යතුරු පැදියේ පිටුපස බදට පහර දී ඔහුට සිදුකල හැකිය. එයින් සිදුවන්නේ, අවිනාශ්ගේ යතුරු පැදිය ඔහුත් සමගම රලු ධාවන පථයේ පෙරලී යාමය. ජයග්‍රහණය පිළිබද සිහිනයද ඉන් හමාර වනු ඇත. අවිනාශ් සිටියේ ඒ පිළිබද දෙගිඩියාවෙනි.

    කදු මුදුන ඉතා ආසන්නයේම පෙනෙන්නට ඇත. ඉන් අනතුරුව ඇත්තේ අවසාන මීටර් හාරසීයයි. රතු පැහැති යතුරුපැදිකරු අවිනාශ් කදුගැටයේදී අහස් පිම්මට ආසන්න වෙත්ම අවිනාශ්ගේ යතුරු පැදියට බොහෝ සෙයින් නැවත වරක් ලංවිණි. ඔහු ලක ලැහැස්ති වන්නේ ඉහල අහසේදී තමාට එරෙහි අවසාන ප්‍රහාරය දියත් කිරීමට වග අවිනාශ් සිතාගත්තේය. යතුරුපැදියේ වේගය අඩාල කර, ඔහුගේ පහර වැලැක්වුවහොත් ඒ සුලු මොහොතේ ප්‍රමාදයෙන් තමාට ජයග්‍රහණය අහිමිවනු ඇත. අවිනාශ්ගේ සිතට අලුත් ජවයක් එක්කර ගත්තේය. රතු පැහැති යතුරුපැදිකරුට වඩා තමාගේ අහස් පිම්ම ඉතා ඉහල එකක් වුවහොත් තමා ඔහුගෙන් ප්‍රහාරයක් ලැබීමේ සීමාවෙන් එහා සිටින බැව් අවිනාශ්ට අවබෝධ විය. එහෙත් එය එසේ වන්නේ, රතු පැහැති යතුරුපැදිකරුට තම යතරුපැදිය ඉහළට එසවීමට ඇති හැකියාව මතය.

    කෙසේ වුවත් යතුරුපැදි දෙක කරට කර සටනක නියැලෙමින් කදු ගැටය මුදුනින් අවසාන අහස් පිම්ම උදෙසා හින් අවකාශයට එකම මොහොතේ ඉදිරියට පීනුහ. ඒ මොහොතේම, තවත් ඇග කිලිපොලා යන ආකාරයේ සිදුවීමක් සිදුවිය. එනම් මෙතෙක් වේලා කරලියට පැමිණ නොතිබූ නිල් පැහැති සුසුකි යතුරුපැදියත්, ඒ අවස්ථාවේදීම අති ප්‍රබල පිනුමකින් ගුවනට මුසුවීමය. ඇත්තෙන්ම එය ඇගේ රෝම කූප කෙලින් කරවනා ආකාරයේ ක්‍රියාදාමයක් විය. විශේෂත්වය වූයේ නිල් පැහැති යතුරුපැදිකරු තම යතුරුපැදිය මෙහෙය වූයේ අවිනාශ්ගේ යතුරුපැදියත්, රතු පැහැති යතුරුපැදියත් අතර මැද්දට වීමයි. එය ඇත්තෙන්ම අවිනාශ්ගේ ජයග්‍රහණය ස්ථිර කිරීමට මෙන්ම, අවිනාශ්ව බේරා ගැනීමටද ඉහළ අහසින් පැමිණි දේවදූතයෙක් බදු විය.

    අනපේක්ෂිතව සිදුවූ දෙයින් රතු පැහැති යතුරුපැදිකරු තිගැස්සී ගියේය. සිදුවූයේ කුමක්දැයි සිත එකතු කර විමසා බලන විට, අවිනාශ් දිනුම් කණුවද පසුකරමින් සිටියේය. ඒ සමගම නිල් පැහැති යතුරුපැදිකරුත් ඔහු පිටුපසින්ම දිනුම් කනුව පසු කළේය. අවට රැස්ව සිටි දහස් ගණනක් වූ ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් මෙන්ම කෑ කෝ ගැසීම් ද නිසා මොහොතකට ෆොක්ස්හීල් අහස් තලයද ගිගුම් දුන්නේය. කන් බිහිරි කරවනා තරමේ ප්‍රීති ඝොෂා අවටින් නැගෙද්දි අවිනාශ් ධාවන පථය අයිනකට කර නවතා තිබූ නිල්පැහැති යතුරුපැදියේ හිමිකරු වෙතට යතුරුපැදියෙන්ම ලංවිණි. එහෙත් රතු පැහැති යතුරුපැදිකරු පිළිබද සලකුණක් හෝ ධාවන පථයේ තිබුණේ නැත. ඔහු තුන්වැනියා ලෙස තරගය හමාර කළ බැව් අවිනාශ් දැන සිටියේය. එහෙත් මේ වනවිට ඔහු සලකුණුකුදු නොතබා මීදුමක් සේ අතුරුදන්ව ඇත.

    "වෙරි ගුඩ් රයිඩින්ග්.. ඉට්ස් අ වොන්ඩර්ෆුල්.. ඔයා මට දිපු හෙල්ප් එකට තෑන්ක්ස්.. තෑන්ක්ස් අ ලොට්.."

    අත් ආවරණය පිටින්ම තම අත, නිල් පැහැති යතුරුපැදිය පැදවූ ධාවකයා දෙසට යොමු කරනා ගමන් අවිනාශ් කීවේය. තමාගේ ජයග්‍රහණයෙන් සියයට පනහක්ම මොහු සතු බැව් අවිනාශ් දැන සිටියේය. එසේම තමාගේ අහස් පිම්මේදී අනේකාගේ ප්‍රහාරයෙන් තමා බේරුනේ ඔහු තම නිල් පැහැති යතුරුපැදිය, අනෙකාට එරෙහිව හරස් කළ නිසා බවත්, අවිනාශ් හොදින්ම දැන සිටියේය.

    නිල් පැහැති යතුරුපැදිය පැදවූ තරගකරුත්, අවිනාශගේ කතාවට හිස සොලවමින් තම දකුණත අවිනාශ් වෙතට දිගු කළේය. ඒ මොහොතේම වම් අතින්, මෙතුවක් තමාගේ මුළු මුහුණම ආවරණය කර තිබූ හෙල්මටය ගලවා දැමිය. හෙල්මයට ඉවත් වීමෙන් පසුව තම දෑස ඉදිරියේ ජීවමාන වූ රුව දැකීමෙන් අවිනාශ් මොහොතකට සසලව ගියේය. තමාගේ දෑස දුටු දෙය ඔහුට අදහා ගන්නට නොහැකි විය. තමා සමග කරට කර සටනක් දී තමාව අනතුරින් ගලවා ගත්තේ මේ තරගකරුද..?

    "ඕ.. ගෝඩ්.. මේ කෙල්ලෙක්නේ..."

    අවුරුදු විසි හතරක් වූ සොදුරු ජීවිතයේ මේ තරම් අරුම පුදුම දෙයකට අවිනාශ් කිසි ලෙසක මුහුණ පෑවේ නැත. දෑස් ඉදිරියේ හුන් යුවතිය දැක විනාඩි ගණනාවක් ගිය තැන, ඔහු ඉතා අපහාසුවෙන් කතා කිරීමට අවැසි වචන යොදා ගත්තේය. මෙය නම් පුදුමයෙනුත් පුදුම වන තරමේ කතාන්දරයකි.

    "ඔයා කෙල්ලෙක් වෙලත්, මාත් එක්ක හරි හරියට ෆයිට් එකක් දීපු එක ගැන මං ආඩම්බර වෙනවා. ඇත්තටම මට මේක අදහාගන්න බෑ. මං කීයටවත් හිතුවෙ නෑ ඔයා කෙල්ලෙක් කියලා... මට.. මට.. මේක විශ්වාස කරන්නත් බෑ.."

    අවිනාශ්ගේ කතාවට යුවතියගේ මුහුණේ ඉතා පියකරු සිනහවක් ඇදී ගියේය..

    "ඇයි ඔයාට මාව කෙල්ලෙක් වගේ පේන්නෙ නැද්ද..?"

    හිස මදක් පසෙකට ඇල කරමින් සොදුරු ආශක්ත බවකින් යුතුව ඇය එය ඇසූ විලාසය අවිනාශ්ගේ සිත දෙගිඩියාවකට පත්කර දැමුවේය.

    "කෙල්ලෙක් විත්තිය නම් ලස්සනට පේනවා.. ඒත් මං ඒ බව දන්නෙ, ඔයා හෙල්මට් එක ගැලෙව්වමනේ.. කොහොම උනත් මං ආයෙත් පාරක් ඔයාට කියනවා තැන්ක් යූ වෙරිමච් කියලා.. ඒ මාව ආරක්ෂා කලාට.."

    "ඔව්.. ඒක බලාපොරොත්තුවෙන් තමයි මං මෙතන නැවතිලත් හිටියේ. ඔයාගෙ තෑන්ක්ස් එක මං හදවතින්ම බාරගන්නවා. ඔයා වෙනුවෙන්.. ඔයා වගේ ස්පෙෂල් රයිඩර් කෙනෙක් වෙනුවෙන් ඒ වගේ දෙයක් කරන්න ලැබීම මට හුගක් ලොකු සතුටක්. ඇත්තටම කවුද ඒ ඔයාට ඇටෑක් කරපු රයිඩර්..?"

    "මං දන්නෑ.. මිනිහා කවුරු උනත් මාව බිමට සමතලා කරලා දාන්නයි හැදුවේ. ෆයිනල් රවුන්ඩ් එකට එනකන්ම මං මිනිහට චාන්ස් එකක් දුන්නෙ නෑ. ඒ අන්තිම ජම්ප් එකේදි මිනිහා කොහොම හරි චාන්ස් එකක් ගත්තා. ඒ වෙලාවෙයි ඔයා, මිනිහයි මායි අතරට වීල් කරේ.. එහෙම නොවුණා නම් අද මට කප් එකත් නෑ.. මං මෙතනත් නෑ.."

    නැවතත් ස්තුති පූර්වකව අවිනාශ් ඇය දෙස බැලුවේය. ඒ වනවිටත් ඉතා සිත්ගන්නා සුළු සිනාවක් ඒ රත් දෙතොල මත ඇදී තිබිණි. ඇය අවිනාශ් දෙස බලා සිටියේ ඔහුව ගිල දැමීමට මෙනි. ඇය නෙතට කෙතරම් ප්‍රිය උපදවන රුවැත්තියක් වුවත්, ඔහුගේ සිතට ඒ හැගීම එක්කලේ තරමක නොසන්සුන්කමකි. සමහර විට ඒ ඇයට උපතින්ම දායාද වී තිබූ හිත හිරිවට්ටන තරමේ රූමත්කම නිසාවෙන් බව අවිනාශ් නිකමට මෙන් සිතුවාය. ඇත්තටම ඇයට තිබුණේ ඕනෑම තරුණයෙකු නොසන්සුන් කරනා ආකාරයේ රූමත්කමකි.

    "කොහොම උනත් අපි මේක පොලීසියට කිව්වොත් හොදයි නේද..?"

    අවිනාශ් සිතුවිලි අතර සැරිසරද්දී ඇයගේ සිතට ඇවිත් තිබුනේ, ඔහු සිතුවේවත් නැති අදහසකි. එය කිසිසේත්ම කරන්නට අවැසි දෙයක් නොවේ. පොලීසිය මෙයට මොහොතකටවත් ගාවා ගත යුතු නැත. ඔවුන් ගාවා ගැනීමෙන් වෙන්නේ කරදර දෙගුණ තෙගුණ වීමය.

    "ඒ කිව්වයි කියලා වැඩක් වෙන්නෙ නෑ.. මොකද කාටවත් ඔප්පු කරන්න බෑ.. මිනිහා මට ඇටෑක් කලා කියලා.. ඒක ක්ෂනිකව කරපු දෙයක්.."

    "ඒත් ඉතිං මං ඒක දැක්කනේ.. මං ඒක පොලීසියෙදි කියන්නම්.."

    "ඔයා ඒක නොදැක්ක ගානට ඉන්න.."

    අවිනාශ් තරමක් තදින් කීවේය. අනවශ්‍ය ලෙස කරදර ඇගේ දමා ගන්නා යුවැත්තියන්ට ඔහු කැමැත්තක් දැක්වූයේ නැත. කෙල්ලන් සිටිය යුත්තේ ඔවුනට හිමි ලාලිත්‍යය සමග නිදහසේය.

    කෙසේ වුවත් මේ දීර්ඝ කතාබහ අතරතුරේදි, තමා ඇය, කාගේ කවුරුන්ද යන්නවත් නොදන්න බව අවිනාශ්ට වැටහිණි. තමා මෙතුවක්ම ඇය හා සංවාදයදී ඇත්තේ, ඇය නන්නාදුනනා කෙනෙකු ලෙස සලකාගනෙය. අවිනාශ්ට වැටහුණු දෙය ඇයටද වැටහුණා සේය. ඇය එය ග්‍රහණය කරගත් ආකාරය පුදුමාකාරය. ඇයට, තමාගේ සිතිවිලි මේ තරම් ඉක්මනට දැනෙන්නේ කෙසේදැයි ඔහු පුදුමයට පත්විය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මුලින්ම මාව අදුන්වලා දෙන්න බැරි උනාට සොරි. මං ශිරෝමි.."

    "මං.. අවි....."


    "ඔයා අවිනාශ්.. මං ඒක දන්නවා..."


    ඇය තමාගේ නම දැන ගැනීම පිළිබදව අවිනාශ් පුදුමයට පත්වූයේ නැත. එය අවිනාශ්ගේ සිතට සතුටක් එක් කළේය. ෆොක්ස්හීල් යතුරු පැදි ධාවන තරග අතරේ, තමාගේ නම නොදත් ප්‍රෙක්ෂකයෙක් හෝ දාවන ශූරයෙකු හිදීමට ඉඩක් නොමැති බැව් ඔහු ආඩම්බරයෙන් සිතුවාය.


    "එහෙනම්.. මං දැන් යන්නයි යන්නේ.. චේන්ජ් එකක් දාගෙන පොඩි රෙස්ට් එකක් ගන්නත් ඕනි.."


    "ප්‍රයිස් ගිවින් එකට එනවනේ..."


    "අනිවාර්‍යයෙන්ම.. චැම්පියන් නැතුව කොහොමද ප්‍රයිස් ගිවින් එකක් තියෙන්නේ..?"


    "ඒක නෙමේ.. ඇයි ඔයා මට කිව්වෙ.. ඔයාට ඇටෑක් කරපු එක නොදැක්කා වගේ ඉන්න කියලා..?"


    "දැක්කා වගේ හිටියොත්.. ඔයාට අනතුරක් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. ඒකයි මං එහෙම කිව්වේ.."


    රොමේෂිට තවත් සිතන්නට බොහෝ කරුණු කාරනා ලබාදී අවිනාශ් යතුරුපැදිය සුමටව හරවා ගත්තේය. දසතින් නැගෙනා දැවැන්ත ඔල්වරසන් හඩ මෙයට විනාඩි ගණනාවකට කලින් තමාට නොඇසුණේ මන්දැයි අවිනාශ් පුදුමයට පත්විය. බොහෝ විට තමාගේ සිතුවිලි ලෝකයේ සිරවී තිබෙන්නට ඇත්තේ, අසම්මතයක් වූ ෂිරෝමි පිළිබදවත්. තමාට වෙන්නට ගිය අනතුර පිළිබදවත්ය.


    යතුරුපැදිය නවතා, තම කාර්මිකයන් හිදිනා තැනට අවිනාශ් හෙමින් සීරුවේ පියවර එසවිය. ධාවන තරගයට ඔහුට සහය දුන් බොහෝ දෙනෙකු ඒ වෙලාවේදි ඔහුට සුභ පැතූහ. තමාගේ කාර්මිකයන් අතරට වී ඩිල්ෂාන් ඔහු දෙස බලා සිටිනවා අවිනාශ් දැක්කේ අන්තිමටය..


    "මුකුත් අවුලක් නෑ නේද...? මගෙන් සුභ පැතුම්.."


    "නැත්තෙමත් නෑ..."


    ක්ෂනිකවම අවිනාශ්ගේ මුවින් පිටවූ වචන ඩිල්ෂාන්ගේ පපුව ඇතුලටම හාරාගෙන ගියේය. ඔහු තමාගේ සුබ පැතුම් බාරගත්තේ නැත. එය තමාට කළ මදිපුංචිකමක් නොවේද..? එසේත් නැත්නම් අසාමාන්‍ය අනතුරු ඇගවීමක පළමු පියවරවත්ද..? අවිනාශ් සමග තිබූ සියලු හිතවත්කම් පසෙකලා ඩිල්ෂාන්ගේ සිතේ දැවැන්ත කෝපයක් ඉවුරු තලන්නට විය.


    "අවිනාශ්.."


    "ඇයි...?"


    "මගෙත්එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද..?"


    සම්භාවනීය අමුත්තන් රැදී සිටි වේදිකාවට, මදක් ඔබ්බෙන් වූ තැනිතලාවට අවිනාශ්, ඩිල්ෂාන්ව කැදවාගෙන ගියෙය..


    "ඔයත් එක්ක මට ප්‍රශ්නයක් නෑ.. ඒත් රේස් එකේදි මට ඇටෑක් එකක් ආවා.. අන්න එතනයි ප්‍රශ්නෙ තියෙන්නේ.."


    "ඇටෑක් එකක්..?"


    ඩිල්ෂාන්ගේ මුහුණ මහා විස්මයකින් ඇලලී ගියේය. ඔහුට කිසිවක්ම සිතා ගැනිමට නොහැකිව තිබිණි. අවිනාශ්ට උවමනා ප්‍රමාණයටත් වඩා ආරක්ෂාවක් ලබාදී තිබියදීත් ඔහු තමාට අනතුරක් සිදුවන්නට ගිය බව කියයි. එය එසේ වන්නට කොහෙත්ම බැරි බව ඩිල්ෂාන් දැන සිටියේය. එනිසා නැවත ඔහු, අවිනාශ් දෙස බලද්දී ඔහුගේ මුහුණේ සැකයේ සේයා බර ගණනක් විය..


    "ඩිල්ෂාන්ගෙ මූණෙන් පේන්නෙ මං කියන දේ වෙන්නබෑ කියලා වගේ දෙයක්.. ඒත් වෙන්න බැරි දෙයක් තමයි වුණේ. මං හිතපු නැති වොලවක ඒ ඇටෑක් එක ආවේ.. ඒත් මගේ වාසනාවට, මගේ උදව්වට කෙනෙක් ආවා, ඒකයි මං බේරුණේ.."


    "අවිනාශ් කියන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ.."


    "ඔයා රේස් එක දිහා බලන් හිටියා නම් ඔයා දකින්න ඇති රතු පාට බයික් එකක් එක්ක මං ලොකු ෆයිට් එකක් දෙනවා.."


    "ඔව්.. මං දැක්කා.. හැමෝම කතා වුනේ ඒ ගැන.."


    "හැමෝම කතා උනත්, අන්තිම ස්කයි ජම්ප් එකේදියි, ඊට කලින් රවුන්ඩ් එකේදියි මිනිහා පයින් ගහලා මාව පෙරලලා දාන්නයි හැදුවේ.. උං නියම වෙලාවම ලස්සනට තෝරගෙන තිබුණා. මිනිහගෙ ඒම් එක සාර්ථක උනා නම් මට සොරිම තමයි.. කාටවත් ටාගට් නොවී.. ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හොද දක්ෂයෙකුට විතරයි.. වැඩිය ඕන්නෑ.. මාව ගාඩ් කරන්න හිටපු ඔයාවත් ඒ සින් එක දැකලා නෑ කියන්නෙ කොහොම ගේමක්ද එතන යන්න ඇත්තේ..?"


    අවිනාශ්ගේ වචන පෙළ තමාගේ කම්මුල මැදට එල්ල කළ දැවැන්ත අතුල් ප්‍රහාරයක් සේ ඩිල්ෂාන්ට දැනුණි. මෙය නම් මහා නින්දාවකි. ඇත්තමය. මේ නින්දාවෙන් නම් ගැලවිය යුතුමය. තමා මොහු වෙනුවෙන් කළ කී දෑ සියල්ල මේ නින්දාවෙන් සේදී ගොස් ඇත.


    "මං හැමදෙයක් ගැනම හොදට ඇහැ ගහගෙන හිටියෙ අවිනාශ්.. මං විතරක් නෙමෙයි.. මගේ විශ්වාසවන්ත කීප දෙනෙකුත් මං ග්‍රවුන්ඩ් එක වටේට තියලයි තිබුණෙ.. ඇත්තටම මං බලන් හිටියෙ ඔයයි, අර කෙල්ලයි අතරෙ තිබ්බ ෆයිට් එක දිහා.. මුලින්ම හැමෝගෙම අවධානෙ තිබුණෙ ඒ දිහාටනේ.. පස්සෙනේ රතු බයික් කාරයා ආවේ.."


    "ඒක ඇත්ත.. ඒ උනත් ඒ කෙල්ල හන්දයි මං බේරුනේ.. නැත්නම් මගේ කෑලිත් නෑ.. හොද වෙලාවට ඒ කෙල්ල මායි, රතු බයික් කාරයයි අතරට වීල් කරා.. මං දැන් ටිකකට කලින් ඒ ගෑනු ළමයත් එක්ක කතා කරලයි ආවේ.."


    ඉන් අනතුරුව එතනින් එහාට ඔවුන් අතරේ කතාබහකට අවශ්‍ය පසුබිම් සකස් වූයේ නැත. දන්නා මෙන්ම නොදන්නා බොහෝ දෙනෙකු හතර අතින්ම මතුවී අවිනාශ්ට සුබ පතන්නට විය. මද වෙලාවක් ගිය තැන අවිනාශ් වටපිට බලද්දී ඩිල්ෂාන් ඔහු අසල සිටියේ නැත. ඒ වෙනුවට ඔහුගේ නෙතු අසල හුන් රුවැත්තිය දුටු අවිනාශ්ගේ සිතෙහි කුමක්දෝ නුහුරු හැගීමක් ගලා ගියේය..


    "මගේ උණුසුම් සුභ පැතුම්.."


    දිලීකා, අවිනාශ්ගේ දෑතම අල්ලා ගන්නා ගමන් තම කොපුල් තල ඔහුගේ කම්මුල් මත තමා සුභ පැතුවාය. ඇය මේ මොහොතේතමා වෙත පැමිණේවියැයි අවිනාශ් සිතුවේම නැත. මේ තරම් ජන ගංගාවක් බලා සිටියදී ඇය තමාව සිප වැළද ගත් හැටි.. ඇය වැනි සියුමැලි යුවතියකට එබදු ශක්තියක් සිතේ කොතැනක හෝ තිබෙන්නට හැකිදැයි අවිනාශ්ට සිතා ගැනීමට හැකිවූයේ නැත. අනේක් දෙය නම් ඇයගේ සොහොයුරන් මේ ධාවන පථය පුරා කොහේ හෝ තැනක සිට උකුසු දෑසින් මදෙසට නෙත් විවර කර බලා සිටිනා බව ඔහු දන්නේය. එසේ තිබියදී ඇය කළ මේ දෙය සමහර විටක ඔවුන්ගේ කෝපය අවුලවන්නට සමත් වනු ඇත. ඩිල්ෂානුත් සිටියේ මේ ළගමය. බොහෝ විට ඇය එනු දැක ඔහු මග හැර යන්නට ඇත.


    "කොහොමද මගේ රයිඩ් එක..? ඔයා සතුටු උනාද..?"


    උපුල්වන් දෙනෙත් සැනෙකින් බිමට බරවිය. මෙතුවක් මද සිනාවෙන් පිරී තිබූ මඩල, ඇය තමාගෙන් වහන් කර ගත්තේ මන්දැයි සිතා අවිනාශ් බොහෝ සෙයින් කැළඹුණේය. කොතැනක හෝ වැරැද්දක් සිදුවී ඇත. එහෙත් දැනුවත්ව නම් තමා අතින් ඇයට වැරැද්දක් වූයේ නැත. එමනිසා ඇයව සැනසීමට ඔහු ඉක්මන් විය. සුසිනිදු නිකටින් අල්ලා ඉහළට එසවූ අවිනාශ් ඒ දෙනෙත් තුළට එබී ගත්තේය. ඔහු සිතුවා නිවැරදිය.


    "ඇ.. ඇයි දිලී...?"


    අවිනාශ්ගේ ලොකු ආමන්ත්‍රණයෙන්, දිලීකාගේ කොපුල් තල රත් පැහැයට හැරුණි..



    "ක.. කවුද අර ඔයත්තෙක්ක කතා කර කර හිටපු ගර්ල්...? ඔයා අදුනන කෙනෙක්ද..?"


    අවිනාශ්ට සැනෙකින් කාරණය වැටහිණි. මද සිනාවකින් පිටවී යන්නට ආවද ඔහු ඉය ඉක්මනින් නවතා ගත්තේය. මේ එළඹි තිබෙන්නේ තදබල ඉරිසියාවේ උත්කෘෂ්ඨ හොරාවයි..


    "එයා මේ රේස් එක පැද්ද කෙනෙක් නේ...."


    "රේස් එක පැද්ද හැමෝම ඔයත්තෙක්ක කතා කලේ නැහැනේ.."


    "මං නෙමේනේ දිලී කතා කරේ.. ඒ ගර්ල් ඇවිත් මාත් එක්ක කතා කරේ.."


    "නෑ.. නෑ.. මං බලන් හිටියා අවිනාශ්.. ඔයයි ගියේ එයා ළගට.. ඔන්න මීට පස්සෙ නම් ඔයා, එයා එක්ක කතා කරන්න යන්න එපා හොදද..?"


    දිලීකාගේ කතාවෙන් අවිනාශ් පුදුමයට පත්විය..


    "ඇයි ඒ..?"


    "එයා හොද නෑ..."


    "හොද නෑ...?"


    "ඔව්.. එයා හොද නෑ.."


    "ඔයා එයාව දන්නවද දිලී...?"


    "නෑ.................."


    "එහෙනම් ඔයා කොහොමද කියන්නෙ එයා හොද නෑ කියලා..?"


    "ඒ ගර්ල් ඔයත්තෙක්ක කතා කලේ ඔයාගේ ඇගේ එල්ලීගෙන.. එයාට ටිකක් පැත්තකට වෙලා වැදගත් විදියට ඔයත්තෙක්ක කතා කරන්න තිබුණනේ.. අනේ මං කැමති නෑ අවිනාශ් ඒකට.. එයා එතන හිටියෙ හරියට ඔයාව අයිතිකරගෙන වගේ.. ඔයාගෙ තනි අයිතිය එයාට තියෙනවා වගේ.."


    අවිනාශ්ගේ සිතට දැනුණේ ප්‍රීතියක් සමග මුසුවූ සහනදායී හැගීමකි. තමා සිතූ දෙය සියයට සියයක්ම නිවැරදිය. ඇයගේ සිතෙහි තමා කෙරෙහි ඇති ලෙංගතුකම මේ ආකාරයෙන් හෝ පිට පැනීම කොතරම් ආශ්වාදජනකද..?


    "මාව තාම කාටවත් අයිති නෑ දිලීකා.. මම අයිති මට විතරයි.."


    අවිනාශ් තම යන වචනය පැවසුවේ මදක් බර කොටය. දිලීකා වහා හිස උස්සා ඔහු දෙස බැලුවේය..


    "තාම...?"


    "ඔව්.. තාම.."


    එතනින් එහාට ඔවුන් දෙදෙනා ලෙංගතු කතා බහක යෙදීමට පුංචි ඉඩක් හෝ ලැබුනේ නැත. ලොකු තාත්තා, ලොකු අම්මා හා ජෙහාන් ඇතුලු මිතුරන්, නරඹන්නන් බොහෝ ගණනක් විවෘත භූමිය හරහා අවිනාශ් කරා එමින් සිටියහ. ඔවුන් මෙලෝ සිහියක් පතක් නැතිව අවිනාශ් වට කරගනිද්දී, දිලීකා ඔහු වෙතින් ඉවතට නික්මුණාය. මේ සියලු දෙය දෙසම, අලු වෘකයෙකුගේ බදු ඉතා තීක්ෂන දෙනෙතකින් දැඩි වෛරයකින් බලා සිටි බැව් අවිනාශ්වත්, දිලීකාවත්, එතන රැස් වී සිටි කිසිවෙකුවත් දුටුවේ නැත. අවාසනාව ඇරඹිමට, අංශු මාත්‍රයක සිදුවීමක් හෝ පුංචි ඉඩකඩක් හොදටම ඇතිය. අලු පැහැති දෙනෙත බලා සිටියේ ඒ සොදුරු මොහොත කොයි මොහොතේ එළඹේදැයි කල් මරමින්ය. එහෙත් ඒ මොහොත සිතූ තරම් ලෙහෙසියෙන් එළඹෙන්නේ නැති වගත්, තමාම මැදිහත් වී එය උදා කරගත යුතු බවත් ෆොක්ස්හීල් ධාවන පථයේ උද්වේගකරම තරගය අවසානයේ ඔහු සිතා ගත්තේය..


    *****************************


    "ඇත්තටම මචං.. මං මගේ මුළු ජීවිත කාලෙදිම දැක්කෙ නැති, ඇගේ මයිල් කෙලින් හිටෝපු රයිඩ් එකක් තමයි උඹ මේ පාර දුන්නේ.. මට හුස්ම ගන්නත් අමතක වෙලා වගෙයි හිටියේ.. කියලා වැඩක් නෑ අවිනාශ්.. කියලා වැඩක් නෑ.. ඒක ඉස්තරම්ම ටීම් වර්ක් එකක්.."


    ආපසු එන ගමනේදී ජෙහාන්ගේ මුවින් තොරතෝංචියක් නැතිව ගලා ගෙන ආ වර්ණනාත්මක වදන් අවිනාශ්ගේ සිතට ප්‍රීතියක් එක්කර දුන්නේය. තව මාස ගණනාවක් යනතුරු ඔහු දිගට හරහට මෙය නැගම කියවනු ඇත. ඒත් ඒ සේරමත් හරි.. ඔහු අර අවසානයට කීවේ කුමක්ද..?


    "ටීම් වර්ක් එකක්...?"


    "නැත්නම් ඒකට වෙන මොකක්ද කියන්නේ..? ඊට එහා ගියපු හොද වචනයක් ඒකට තියෙනවද..? උඹයි, අර කොලු බාගෙ කෙල්ලයි එකතුවෙලා, අර තුන්වෙනිය වෙච්චි එකාට මාර ගේමක්නේ දුන්නේ.. ඇත්තටම ඌ ප්‍රසන්ට් එක ගන්නවත් ආවෙ නැත්තෙ ඇයි..? උඹලා දෙන්නා ඌට ෆයිනල් රවුන්ඩ් එක එපා කෙරෙව්වා.. අර කොලු බාගෙ කෙල්ල ඌ ඉස්සරහට වීල් කරේ නැත්නම්. ගේමක් බලාගන්න තිබ්බෙ.. කේල්ල කරපු වැඩේ ෆවුල් නැද්ද අවිනාශ්..?"


    "මොකක්.. ෆවුල්....?"


    අවිනාශ්ගේ දෑස විශ්මයෙන් මහත්විය. ජෙහාන් මේ කියන්නෙ මොනවා..?


    "ඔව්.. ඇයි දැන් මං කියපු එකේ මොකක් හරි වැරැද්දක් තියෙනවද..?"


    "ඒ කියන්නෙ උඹ දැක්කෙ නෑ ඌ මට ඇටෑක් කරනවා...?"


    එවර විස්මයෙන් දෑස මහත් වූයේ ජෙහාන්ගේය. අනතුරුව ධාවන පථයේදී සිදුවූ කුදු මහත් සියලු දෑ අවිනාශ් තම මිතුරා ඉදිරියේ දිග ඇරියේය. අදහා ගැනීමට හීනෙකින්වත් නොසිතන කතාවකට ජෙහාන් කන්දීගෙන හිටියේ කටත් ඇරගෙනමය..


    "උං එහෙනම් තර්ජනේ වගේම, වඩෙත් ආරම්භ කරලා තියෙනවා.."


    "ඔව්.. මං හිතුවෙත් නැති වෙලාවක.. හොද වෙලාවට අර කෙල්ල ආවේ.. නැත්නම් ඌ මට ගේම් එක ගානට දෙනවා.. කවුරු උනත් ජෙහාන් ඒකා ඉන්ටර් නැෂනල් ස්පෝර්ට්මන් කෙනෙක්.. කිසිම කැතක් නැතුව ඒකා මට චැලේජ්න් කරා.."


    "මේක.. මේක එහෙම ලේසියෙන් ඉවර වෙන එකක් නෑ.. අපිට පරිස්සම් වෙන්න වෙයි.."


    "ඔව් මටත් දැන් එහෙම හිතෙනවා.. උංගෙ තර්ජනේට මං පිටින් ගියපු හන්දා උං මට අනිවා ඇටෑක් එකක් දෙයි.."


    ජෙහාන්ගේ බියපත් දෑස මග හරිමින් අවිනාශ් ඈත මෑත බැලුවේය. ජෙහාන්ගේ සිත බියවී තිබුණද.. කට නම් අවුලක් කරගෙන තිබුනේ නැත..


    "රේස් එකේ තුන්වෙනියා කවුද කියලා හොයාගත්තා නම් මේ හැමදේටම උත්තරේ ලැබෙයි කියලා බොට හිතෙන්නෙ නැද්ද..?"


    "ඒක ඉක්මනට එළිවෙයි.. මං ඒ ගැන ඩිල්ෂාන්ට කිව්වා.. දැන් ඩිල්ෂාන් අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නේ.. ඒත් ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා.."


    "ඒ මොකක්ද..?"


    "මගේ ඇටෑක් එකට ඩී.ජේ ගෘප් සම්බන්ධයි කියලා පුංචි ආරංචියක් තියෙනවා.."


    "මොනවා...?"


    "ඔව් ජෙහාන්.. මේ කතන්දරේ සෑහෙන්න අවුල් ගුහාවක්.. ඒ වගේම පැටලිච්ච නූල් බොලයක්.. මේකෙ කොන හොයාගත්තොත් කවදා හරි පැටලිල්ල දිග ඇරගන්න පුළුවන් වෙයි. ඒත් තාම කොනවත් හොයාගන්න බැරිවෙලයි තියෙන්නේ.."


    "උඹ මේ මොනවද කියන්නේ..? ඩී.ජේ ගෘප් කියන්නෙ ඒ තරම්ම ගුනමකුවො ජාතියක්ද..? උඹ උංගෙ නංගිව බේරුවා කියලවත් උංගෙ හිතේ නැද්ද..?"


    "මං දන්නෑ... ඒත් මං ඩී.ජේ ගෘප් එකෙන් විස්වාස කරන්නේ ඩිල්ෂානුයි, දිලීකයි විතරයි.. අනිත් තුන්දෙනා මට ෂුවර් නෑ.. විශේෂයෙන් අර බාලම එකා.."


    "ඌ කොහොමත් අමුනුස්ස පාටයි නේ.. ඇත්තට මට නම් වෙලාවකට හිතාගන්නත් බෑ.. අර සුරංගනාවි මේ යක්කුන්ගෙ සහෝදරියක් උනේ කොහොමද කියලා"


    "මටත් එහෙම තියෙනවා. ඒත් මේ යක්කු කොයි තරම් අන්ඩර් වර්ල්ඩ් ගේම් දුන්නත්, දිලීකාට පණ ඇරලා.. එයාට නියපොත්තක සීරීමක්වත් වෙන්න ඉඩ තියන්නෙ නෑ."


    "ඒත් එදා.. උඹ දිලීකව බේරගත්තා.."


    "ඔව්.. ඒක තමයි මගේ හොදට හිටියේ.. එහෙම නොවුණා නම් අද මට ඩී.ජේ ගෘප් එකත් එක්ක වෙනම හැප්පෙන්න වෙනවා.."


    ඇතිවී තිබෙන්නා වූ තත්වය සමගම, අවිනාශ්ගේ සිතින් තරගයේ ජයග්‍රහණය සමග ගැටී ඇ උන්මාදනීය සතුට කෙමෙන් කෙමෙන් දියවී බොදවී යන්නට විය. ඒ සෑම දෙයකටම විශේෂිත වූ එක්තරා හේතුවක් විය. මක් නිසාද යත් සියල්ලම ඇරඹුණේ ෆොක්ස්හීල් තරගාවලියත් සමග වූ නිසාය. අවිනාශ්ද නොපෙනී සතුරන්ගෙන් ප්‍රහාරයක් බලාපොරොත්තුව සිටියේය. කොයි මොහොතේ හෝ එය සිදුවනු ඇත. එහෙත් මේ සිංහ හදවතේ බියක් නම් නොමැති බව වෙන කාටත් වඩා හොදට අවිනාශ් දැන සිටියේය..තත එය එසේ වූයේ ඒ හදවත හිමි වූයේ අවිනාශ්ට නිසාය..



    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-06.jpg


    06.png


    ෆොක්ස් හීල් තරගාවලිය නිමවී දින දෙකක් නික්ම ගියද, අවිනාශ් බලාපොරොත්තු වූ පරිදි කිසිවක්ම සිදුවූයේ නැත. ඒ කියන්නෙ තමා සිතූ පරිදි මෙය ඒතරම් ගත යුත්තක් නොමැති තර්ජනයක් බවද..? අඩුම තරමේ තරගය අවසාන වීමෙන් පසුව නික්ම ගිය ඩිල්ෂාන්වත්, අවිනාශ්ව හමුවීමට පැමිණ තිබුණේ නැත. වරක් හෝ දෙවරක් ඔහු ඩිල්ෂාන්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවද ඩිල්ෂාන්ගේ දුරකථනය ක්‍රියාවිරහිත කර තිබිණි. දිලීකාව මුණ ගැසීමට අවිනාශ්ගෙන් සිතේ දැඩි කැමැත්තක් තිබුණද එයට අවස්ථාවක් උදාවූයේ නැත. කෙසේ වෙතත් දිලීකා දැකගැනීමට, ඩිල්ෂාන්ගේ නිවසට යා යුතු බැව් සිතට දැනෙද්දී ඔහුගේ සිතේ පැණ නැගුණේ, කිසියම් වූ නොරිස්සුමකි..


    එහෙත් මේ නොරිස්සුම මැදින් වුවත් තමාට දැනෙනා මේ සොදුරු හැගීම, දිලීකාටත් දැනෙනවා යැයි තමාට සිතිය හැකිද..? ඇය තමා දුටු විට ලෙංගතුකමින් කතාබහ කරනවා විය හැකිය. තරගයට පෙරදින පැමිණ තමාට සුභ පතා ඉදිරියේ ඇතිවිය හැකි අනතුර පිළිබදව තමා දැනුවත් කළ බවත් සැබෑය. එහෙත් ඒ සියලු දෙයම ඇය කළේ, තමා ඇයව අර නරුමයින්ගෙන් බේරා ගැනීම නිසා එයට කෘතඤ්ඤතාවය පුද කිරීමට විය හැකිය.


    දිලීකාව දැක බලා ගැනීමට සිතේ ඇශාව ඇති මහත් වුවත් අවිනාශ්ගේ සිත කළඹා දැමුවේ එම සිතුවිලි කන්දරාවයි. අනෙක් දෙය නම් ඩිල්ෂාන් මෙතුවක් දවස්, තමා හමුවීමට නොපැමිණිමයි. දිලීකා සම්බන්ධයෙන් මෙන්ම, එතනත් කුමක් හෝ ගැටලුවක් පැන නැගී ඇති බැව් අවිනාශ්ගේ සිතට තරයේම දැනී තිබිණි. ඩිල්ෂාන්ට අනිවාර්‍යයෙන්ම කුමක් හෝ අවුලක් පැන නැගී ඇතුවාට කිසිම සැකයක් නැත. එසේ නොමැති නම් ඩිල්ෂාන් වැනි විශ්වාසවන්ත පුද්ගලයෙකු මෙලෙස එකවරම නිහඩ වන්නේ නැත. මොනවා වෙන්නට හෝ ඩ්ල්ෂාන්ව ප්‍රථමයෙන් හමුවුවහොත් නරකද යව සිතුවිල්ල සිත උඩටම විත් නතරව මග බලා සිටියේය.


    එහෙත් අවිනාශ්, ඩිල්ෂාන්ව හමුවීමට පෙර ඔහු හමුවීමට සිකිසේත්ම බලාපොරොත්තුවක් තනා නොතිබූ කෙනෙකු අවිනාශ්ව හමුවීමට පැමිණ සිටියේය. නිවසේ ආලින්දයට වී වටපිට බලමින් සිටි අමුත්තිය දුටු අවිනාශ්ගේ දෑස විසල් වී ගියේය..


    "රොමේෂි..?"


    "ම්.. එහෙනම් චෑම්ප්ට මගේ නම අමතක නෑ."


    "අපි හම්බවෙලා වැඩි දවසක් ගියේ නෑනේ."


    "ඒ කියන්නෙ වැඩි දවසක් ගියා නම් මාව අමතක වෙනවා කියන එක..?"


    "ම්.. එහෙම වෙන්නත් පුළුවන්.. ඒත් ඔයා මට ලොකු උදව්වක් කරපු හින්දා එහෙම අමතක වෙන්න විදියක් නෑ.. අනික මොන දේ උනත් මගේ හිතේ කෙළහි ගුණය කියන දේ තියෙනවා.."


    "හම්මෝ.. මං හිතන් හිටියට වැඩිය ඔයාට කතා කරන්න පුළුවන් නේ.."


    "අයි මං ගොළුවෙක් කියලද හිතන් හිටියේ...?"


    "අනේ නෑ....."


    රොමේෂි ආලින්දයේ සිටම නිවස තුළට එබී බැලුවාය. අවිනාශ්ගේ පරික්ෂාකාරි බැල්මට එය වහා අසුවිය. මේ වෙලාවෙ ඇයව නිවස තුලට ගැනීම හරිද යන පැනය ඉදිරියේ අවිනාශ් මදක් නතර වී බලා සිටියේය. රොමේෂි ඔහුගේ ෆොක්ස්හීල් ජයග්‍රහණයට පාර කපා තිබුණද, මේ අවස්ථාවේදී අවිනාශ්ගේ සිත ඔහුට අනතුරු ඇගවුවේය. අවිනාශ් තත්පරයකට රොමේෂිවත්, දිලීකාවත් තරාදියක දෙපැත්තට දමා සිතින් කිරා මැන බැලුවේය. එහිදි දිලීකාගේ පැත්ත බොහෝ සෙයින් බර වැඩිවූ අතර, රොමේෂි තුළ ඇත්තේ සෙල්ලක්කාරකමක් මුසු අනුරාගයට වඩාත් ලංවූ ඉරියව් බැව් ඔහුගේ තීක්ෂණ දෙනෙත වහ වහා අදුනා ගත්තේය.


    "අවිනාශ්ට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවද..?"


    අවිනාශ් යමක් කියන්නට ප්‍රථම ගෙට ඇතුළු වී සෝපාවෙහි අසුන්ගත් ෂිරෝමි ඇසුවාය.


    "ඇයි...?"


    "ඇයි කියලා අහන්නේ..? එහෙම අහපු එක වැරදිද..?"


    "වැරැද්දක් නම් නෑ.."


    "එහෙනම් ඉතින් උත්තරයක් දෙන්නකෝ.."


    "ඒ ඇයි.."


    "එහෙම තමයි.."


    "ඔන්න.. ඔන්න.. ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් නෑ කියලා නම් බොරුවට කියන්න එපා. අඩුගානේ දහ දොළොස් දෙනෙක් හරි, සමහර විට ඊටත් වැඩියෙන් හරි ඇති.."


    මේ සොදුරු රුවැත්තිය තමා මැන ඇති වැරදි මිම්ම ගැන අවිනාශ්ගේ සිත තුළින් පැණ නැගුණේ දැඩි නොරිස්සුමකි. එහෙත් උණු හින්දා බොන්නටත් බැරි, කිරි හින්දා අහක දාන්නත් බැරි තත්වයක් තමාට ඉදිරියෙන් ඇති බැව් ඔහු වටහා ගත්තේය. කෙවෙුවත් කිරි වුණත් තමාට දිරවන්නේ නැත්නම් අහක දැමීම අවිනාශ්ගේ සිරිත බැව් බොහෝ දෙනෙකු දැන සිටියෙ නැත. ඔහුට ආවේණික වූ එඩිතර ගතිගුණ මෙන්ම අන් අය සතු නොමැති වූ හොද පුරුදු බොහෝ ගණනාවක් අවිනාශ් තුළ විය. ඔහුගේ උසස් සිතිවිලි වලට මූලික හැඩ තල නිර්මාණය වූයේ ඒ ඇසුරෙනි. එසේ නොමැති නම් මෙවැනි අවස්ථාවක, මෙවැනි රුවැත්තියක් සමග තනිවූ වෙනත් තරුණයෙකු සිටියා නම් මේ වනවිට සිදුවිය යුතු සියල්ලම සිදුවී අවසානය. ඉතිරිව ඇත්තේ විවාහ රෙජිස්ටාර් ළගට යෑම පමණකි. එහෙත් අවිනාශ් එවැනි අයකු නොවේ. ඔහු බලා සිටියේ රොමේෂි නිවෙසින් පිටවී යනතුරුය.


    "ඇයි අවිනාශ්... සද්ද නැත්තේ..?"


    "මං මේ ඔයා කතා කරනකල් බලන් හිටියේ..."


    "ඉතිං මං අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බවුනේ නෑ නේ.."


    "මොකක්ද..?"


    "බලන්න ඉතිං.. ඒකත් ඔය ඩිංගට අමතක උනාද..? හරිම ළමයෙක් තමයි.. මං ඇහුවෙ ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවද කියලා.."


    "ඔව්.."


    දෙවරක් නොසිතාම අවිනාශ් කියා දැමුවේය. අවදානමක් පැමිණියහොත් එය පසුවට කල් තැබිය හැක. පසුව පැමිණෙන අවදානමට වඩාමේ උදාවී ඇති වර්තමානය භයානකය.


    "මං හිතුවා.. මං හිතුවා.. අනේ අවිනාශ්.. මට දැනගන්න පුලුවන්ද කවුද ඒ වාසනාවන්තිය කියලා.."


    "ඒක තාම රහසක්.. ඒ දේ ඔයාට කියන්න ඕන කියලා මං හිතන්නෑ.. ඔයාගෙ ප්‍රශ්නෙට හොද උත්තරයක් හම්බ උනානේ.."


    "එහෙම හරි නෑ අවිනාශ්.. අපි දැන් හොද යාළුවොනේ.. මාත් ඔයාට හුගාක්ම කැමතියි.. සමහරවිට ඔයාගේ ගර්ල් ෆෙන්ඩ්ටත් වැඩිය මං ඔයාට කැමති ඇති. සමහර විට ඔයාගෙ ගර්ල් ෆෙන්ඩ්ටත් වැඩිය මං ඔයාට ආදරෙත් ඇති.."


    රොමේෂිගෙන් පිටවූ වදන් වලින් අවිනාශ් මොහොතකට තිගැස්සී ගියේය. තමා සිතූ ආකාරය අතිශයින් නිවැරදිය. ඇය ක්‍රියා කර ඇත්තේ යම් අරමුණක් සිතේ තබාගෙනය. එය මේ මොහොතේ සැකයකින් තොරව කරළියට පැමිණ තිබෙයි. තමා මේ මොහොතේ වඩාත් ඉවසිලිවන්ත විය යුතු බව ඔහු තම සිතට තරයේ දැනුම් දුන්නේය.


    "ඒක නම් මං දන්නෑ රොමේෂි. මට එහෙම දෙයක් දැනිලත් නෑ.. අනික මං ඔයාව දන්නෙත් ෆොක්ස් හීල් රේස් එක ඕපනින් දවසෙ ඉදලා.. බලන්න තවම දවස් කීයද..? ඔහොම දැකලා දවසකින් දෙකකින් හිතට එන අදහස් සම්පූර්ණයෙන්ම වරදින්න පුළුවන්.."


    "එහෙම වෙන්නෑ අවිනාශ්.."


    "ඇයි...?"


    "ඔයා මං දන්නෙ අවුරුදු ගාණක ඉදලා හන්දා.. සමහර විට ඔයාගෙ ජීවතේ ඔයා නොදන්න දේවල් පවා මං දන්නවා ඇති.."


    "ඔයා මොනවා ගැනද මේ කියවන්නේ..?"


    "මං ඒවා පස්සෙ දවසක කියන්නම්. ඔයා විශ්වාස කරන්න.. මං ඔයාව අවුරුදු පහකටත් වැඩි කාලෙක ඉදලා ඉතාම හොදට දන්නවා කියලා. ඒ වගේම ඔයාට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් නෑ කියලා මට ඕන තැනක දිව්රලා කියන්නත් පුළුවන්. මොකද මේ ගෙවිල ගියපු අවුරුදු පහ ඇතුළෙදි ඔයා ගර්ල් කෙනෙක් එක්ක, හොටෙල් එහෙකටවත් යනවා මට අහුවුනේ නැති හින්දා.."


    "ඒ කියන්නෙ ඔයා මාව ෆලෝව් කරා කියන එකද..?"


    "ඔව්.. මං ඔයා ගැන හුගක් හෙව්වා.."


    "ඇයි.. ඒ...?"


    "කෙලින්ම, කොටින්ම කියනවා නම් ඔයාව දැකපු ඉස්සෙල්ලම දවසෙ ඉදලම, මං ඔයාට ආදරේ කරපු නිසා.."


    අවිනාශ්ගේ සිතේ මෙතුවක් වේලා සන්සුන්කමින් නිස්කලංකයේ බැදී තිබූ බැමි එකින් එක බිදී යන්නට පටන් ගත්තේය. කතාව පටන් ගත් ආකාරයට මෙහි මෙවැනි අවසානයක් ඇති යැයි ඔහු කිසිවිටක නොසිතුවේය. රොමේෂි මේ කිසිදු බියක් සැකයක් නැතිව කියන්නේ, ගතවූ අවුරුදු පහ තුළ තමාගේ කුදු මහත් සෑම කටයුත්තක්ම පිටපස ඇය ආ බව නොවේද..? එසේම ඇය ඉතා එඩිතරව, ඉතා විශිෂ්ඨ ආකාරයෙන් කතාව මැදදීම සැහැල්ලුවෙන් එය ඉදිරිපත් කළාද කිවහොත් අවිනාශ් මොහොතකට ගල් ගැසුණේය..


    "ඔයා මට ආදරේ කරාට වැඩක් නෑ රොමේෂි.."


    "ඇයි...?"


    "මං ආදරේ කරන කෙනෙක් ඉන්න හන්දා.. අපි හුගාක් ආදරෙන් ඉන්න හන්දා.."


    රොමේෂිගේ මුහුන බලා සිටියදීම සුදුහැලි පැහැයට හැරිණි. එහෙත් ඇය දක්ෂ ලෙස තම හැගීම් සගවා ගත්තේය..


    "මං ඒක පිළිගන්නෑ අවිනාශ්.."


    "ඇයි...?"


    "මට ඒ වගේ ආරංචියක් ඇවිල්ලා නැති හින්දා.. අනික තාමට ඔයාට කෙල්ලෙක් නෑ කියලා මං ස්ථීරෙටම විශ්වාස කරන හින්දා.."


    "එහෙනම් ඉතිං මට කරන්න දෙයක් නෑ.. ඔයා ඕන දෙයක් හිතාගන්න.."


    "මට එයාව මීට් කරන්න පුළුවන්ද..?"


    "ඒ ඇයි..?"


    "මට විශ්වාස කරන්න පුළුවන් එතකොටයි.."


    "ඒ කියන්නෙ ඔයාට මාව විශ්වාස නෑ.."


    "නෑ අවිනාශ්.. මං ඔයාව විශ්වාස කරන්නෙ ඔයාව මට ලැබුණාම.."


    "රොමේෂි.. ඔයා මොනවද මේ කියන්නේ...?"


    "මං කියන්නෙ මට හිතෙන දේ වගේම දැනෙන දේ.."


    "එහෙම උනා කියලා ඔයාට පුළුවන් කමක් නෑ මට බලපෑම් කරන්න.. ඔයා මට ලේසියෙන් අමතක කරන්න බැරි උදව්වක් කරපු බව ඇත්ත.. ඒත් ඒක තුරුම්පුවකට අරගෙන මගේ ජීවිතේට බලපෑම් කරන එක මට සෑහෙන්න කේන්ති එන වැඩක්.."


    රොමේෂි, අවිනාශ් දෙස එක එල්ලයේම බලා සිටියාය. ඇය සිටින්නේ තමාට වහ වැටී ඇති ආකාරයටය. මේ අවස්ථාවේදී ලොකු අම්මා, ලොකු තාත්තා හෝ නිවසට එනවා නම්..? දෙදෙනාම උදෑසන බණ්ඩාරවෙල ගොස් එන්නට ගිය ගමන තවමත් නැත..


    "දැන් කවුරු හරි ගෙදරට එනව නම් හොදයි කියලා නේද ඔයා හිතන්නේ..?"


    අවිනාශ්ගේ සිත මහා පුදුමයකට පත්විය. ඇය තමාගේ සිතුවිලි පවා ක්‍රියා කරන ආකාරය හදුනාගෙන ඇති හැඩය. මෙවර නම් තමාට ගණුදෙනු කරන්නට වී ඇත්තේ ඉතා අමාරුකාරියක සමග බවත් ඔහු වටහාගත්තේය. විවෘත අංශයේ තරගවලදී, ඉතාම අවදානම් සහගත ක්‍රියාවලට නිරන්තරවම ප්‍රිය කළ අවිනාශ්, මේ අවදානම සමග ගැටීම ඒ තරම් ප්‍රිය කළේ නැත. මෙය නම් අන්තර් ජාතික තත්වයේ අවදානමකි.


    "කොහොමද මේ වෙලාවේ ඔයාගෙ ඔය කියන, ඔයා මනෝමෙන් හිතන් ඉන්න, හැබැහින් පැත්ත පළාතක නැති ගර්ල් ෆෙන්ඩ් මෙහෙට ආවොත්..? මං මේ වගේ ඔයාට ළංවෙලා ඉන්නවා දැක්කොත් එයාට මොනවා හිතෙයිද..?"


    "එ.. එයා මං ගැන වරදවා හිතන්නෑ..."


    එහෙත් සත්‍ය තත්වය එය නොවේ කියන්නට අවිනාශ් දැන සිටියේය. වැරදිලාවත් දිලීකා මෙතෙන්ට අහම්බයකින් හෝ පැමිනියේ නම් සිදුවන විනාශයේ තරම රිට්චර් පරිමාපකයේ අගය 08කටත් වැඩි වැඩිවූ සුනාමි දෙක තැනක් තරම් වනු ඇත. අවිනාශ්ගේ සිත වේවලා ගියේය. රොමේෂි මෙතනින් නොයන්නෙ ඇයි..? සමහර විට ඇය තම නිදන කාමරයට වුව යාමට පුළුවන. කෙසේ හෝ රොමේෂිව නිවසින් පිටකර ගත යුතුය. එහෙත් එයට පෙර ඇයට අවිනාශ්ගේ සිතිවිලි දැනුනා සේය.


    "ඔයා වරදවා හිතන්නැති, ඉරිසියාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැති, කෙසේ ප්‍රහීන කරපු ඔයාගෙ ආදරණිය ගර්ල් ෆෙන්ඩ් උපාසිකාව මට අදුන්වලා දෙන්න හොදේ.. මං කරපු දේ උදව්වක් කියලා ඔයා හිතනවා නම්, මං ඔයාගෙන් ඔයා කිව්ව දේ බලාපොරොත්තු වෙනවා.. එහෙනම් චෑම්ප්.. ඔයා බය කර කර මං තවත් මෙතන ඉන්නෙ නෑ.. ඕනවටත් වැඩිය මං ගැන හිතන්න දේවල් මං ඔයාට කිව්වා. ඒ ගැන ඔයා කල්පනා කරන්න. මං ඔයාට කොයි තරම් මැච් වෙනවද කියලත් හිතන්න.."


    "මං ආයෙත් ඔයාට කියන්නේ, ඒක වැඩක් වෙන්නෙ නෑ කියලා.. මං මැච් කරගත්තු කෙනෙක් ඉන්නවා.."


    "ඒක මට නම් අදාල දෙයක් නෙමෙයි අවිනාශ්. මොකද පහුගිය අවුරුදු පහ ඇතුළෙදි එයා මේ රවුන්ඩ් එක ඇතුලේ හිටියෙ නෑ කියන එක මට විශ්වාසයි. මං යනවා අවිනාශ්.."


    අවිනාශ්ගෙ සිතට සැනසීමක් අත්කර දෙමින් රොමේෂි නැගී සිටියාය. ඒ තම දකුණත අවිනාශ් වෙතට දිගු කරමින්ය. අවිනාශ් එය තම දකුණතින් මිරිකා ඇයට සමුදෙද්දී, මෙතුවක් වේලා සිදු නොවූ, එහෙත් සිදුවෙතැයි අවිනාශ් බලාපොරොත්තු වූ දෙයම සිදුවිය.


    "අවිනාශ්..."


    ආලින්දයත් සාලයත් අතර වූ දොර ළගින් ඇසුණු කටහඩින් අවිනාශ්ගේ අත රොමේෂි අතින් ගිලිහී ගියේය. එහෙත් රොමේෂි එය වහා අල්ලා ගත්තද, අවිනාශ් නැවතත් ඇයගේ අත ගසා දැමුවේය.


    "ඩිල්ෂාන්.. හදිසියේම..?"


    "ඔව්.. මං ඔයාව හම්බවෙන්නයි ආවේ.."


    ඩිල්ෂාන් කීවේ, රොමේෂි දෙස ඉතා හොදින් බලමින්ය. මැය, තමාට හොදට දැක පුරුදු වුවත් එහෙත් ඇය කවුදැයි කියා ඔහුගේ මතකයට නැගුනේ නැත.


    "එන්න ඩිල්ෂාන් ඇතුළට.."


    "ඕන්නෑ.. අපි එළියෙ ඉම්මු.. ඇතුලෙ ගෙදර අයත් ඉන්නවනේ.."


    "ගෙදර නම් කවුරුත් නෑ.."


    "ම්.."


    තමාගේ කට වැරදුන වග අවිනාශ්ට මොහොතකට හැගී ගියේය. ඩිල්ෂාන් දෑස් කුඩා කර නැවතත් රොමේෂි දිහා බැලුවේය. වෙනත් අයෙකු නම් සියවරක් වුව ඇය දෙස බැලුවාට කම් නැත. එහෙත් ඩිල්ෂාන් යනු දිලීකාගේ සොහොයුරාය. විසදාගන්නට බැරි ගැටලුවක් ඇත්තේ එතනය..


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "රේස් එකෙන් පස්සේ, ඩිල්ෂාන් ගැන කිසි නිව්ස් එකක් ආවෙ නෑ.."

    තවත් විනාඩි ගණනක් ගෙවී රොමේෂි නිවසින් පිටව ගියා පසු අවිනාශ් කටහඩ අවදි කළේය. රොමේෂිගෙන් පිටව යාම සිතට සැනසීමක් කලා ආවද ඊට වඩා දහස් ගුණයක බරක් පපුවට දැනෙමින් තිබිණි. ඩිල්ෂාන් මෙය කෙලෙස වටහා ගනු ඇතිද..? ඔය එය කෙසේ දිලීකාට පවසනු අතිද..? ඇය එය කෙසේ පිළිගනු ඇතිද..? ආදී පැනයන් සිතෙන්ම පැන නගින්නට වූ කළ අවිනාශ් දෙලොවක් අතර අතරමං විය. තමා අඹමල් රේනුවක වරදක් නොකල බැව් සැබෑය. එහෙත් මේ කිසිවකුත් එය සුළුකොට නොතකනු ඇත.

    "පහුගිය ටිකේ මං පොඩි වැඩ වගයකට හිරවුණා. ඔයාට කියන්න දෙයක් මගේ ළග තියෙනවා. ඒත් ඒක ෆෝන් එකෙන් නොකියා ඔයාව හොයන් ආවෙ ඒක වැදගත්ම හින්දා. ඒත් ඒ ආපු එකේන ඔයාට ලොකු බාධාවක් උනා කියලා මට හිතෙනවා.."

    "එහෙම ප්‍රශ්නයක් නෑ.."

    "කෙල්ල මට දැකලා පුරුදුයි.. කවුද ඒ..?"

    ප්‍රධාන මාතෘකාව පසෙකින් තමා ඩිල්ෂාන් අතුරු මාතෘකාව මුලට ගත්තේය.

    "රේස් එකේදි මට සපෝර්ට් කරපු කෙල්ල.."

    "එහෙනම් රේස් එකටත් වැඩිය කතන්දරේ දුර ගිහිල්ලා වගේ.. "

    "නෑ ඩිල්ෂාන්.. එයා නිකං ඇවිත්.. අපි අතරෙ එහෙම දෙයක් නෑ.."

    "එහෙනම් කොහොම දෙයක්ද තියෙන්නේ.. ගෙදර කවුරුවත් නැති වෙලාවේ.."

    වෙන අයකු විසින් මෙය ඇසුවේ නම් හොද දෙකක් කියා මෙතනිනුත් එලවා හමාරය. එහෙත් මේ ඉදිරිපිට සිටින්නේ දිලිකාගේ සොහොයුරාය. කෙසේ වුවත් තමාට තිබුණේ රොමේෂි පැමිණි වෙලාවේම ඇයව පිටමං කිරීමටය. එහෙත් නොමැති නම් පාර අයිනට ගොන් ඇය හා කතා කිරීමටය. එවිට කිසිවෙකුත් මෙසේ වරදවා වටහා නොගන්නවා ඇත. මින් මතු නම් තමා මෙවැනි දුර දිග නොබලා, නොසිතා කරන ගොන් වැඩ නම් නොකරනු ඇත. මේ වූ හරිය හොදටම ඇතිය.

    "හරි... හරි.. ඔය තරම් අවුල් වෙන්න ඕන නෑ.. ඒවා ඔයාගේ පෞද්ගලික දේවල්.. මං නිකං කිව්වේ.. අපි දැන් කතාවට බහිමුකෝ.."

    "ඔයා වැරදි විදියට හිතන්නෙ ඩිල්ෂාන්.."

    "මට හිතෙන දේ මෙතෙන්ට අදාලා නෑ.. මං ඔයාට කියන්න ආවෙ මෙන්න මේ දේ.."

    තවදුරටත් මේ ගැන කතා කිරීමෙන් පලක් නැත. ඩිල්ෂාන් ඔහු දුටු දෙයින් යම් කිසිවක් තීරණය කරන්නට ඇත. තමා නිකරුනේ මහන්සි වී පලක් නැත. එහෙත් තවත් විනාඩි ගණනකින් දිලීකාට මෙය ආරංචි වනු ඇත. රොමේෂි සමග කතාවට නොයන්න යැයි තමාගෙ අතේ එල්ලී කුඩා ළදැරියක සේ ඇය කියූ සැටි, ඔහුගේ දෑස් ඉදිරියේම මැවී පෙනුණේය.

    "කියන්න මං අහන් ඉන්නේ..."

    සැමදේම පසෙකින් තමා අවිනාශ්, ඩිල්ෂාන්ගේ දෙසට හැරුණේය. ගිය හකුරට හඩා පලක් නැත. තියෙන කොත්තු රොටිය හෝ රැකගත යුතුය. යන මතයේ අවිනාශ් මේ වනවිට රැදී සිටියේය.

    "අපි හිතුවට වැඩිය වැඩේ ටිකක් සීරියස්.."

    "ඒ කියන්නේ..?"

    "ඔයාට ඇටෑක් කරපු එකා ගැන මං හොයාලා බැලුවා.. ඒත... මට හොයාගන්න පුළුවන් උනේ ටික දුරක් යනකල් විතරයි.."

    "ඇයි.. ඒ...?"

    "ආරක්ෂක අමාත්‍යාංශය මිනිහව ගාඩ් කරනවා.."

    "මොනවා...?"

    "ඔව් අවිනාශ්.. අපිට දැන් හැප්පෙන්න වෙලා තියෙන්නේ ඒ වගේ ලොකු යුනිට් එකක් එක්ක.. ඒක හින්දා අපි හෙමින් සීරුවෙ අයින් වෙන එක ශරීර සෞඛ්‍යට හොදයි.. නැත්නම් ඔයා, මං, මගේ මල්ලිලා, තව මගේ ළග ඉන්න අය. මේ හැමෝම මේ වැඩෙන් විනාශ වෙලා යයි.."

    ඩිල්ෂාන්ගෙ කතාවට අවිනාශ්ගෙ සිතට කිසිදු සතුටක් එක් කලේ නැත. ඔහු කියන්නා සේ මේ තර්ජනයට නිකම්ම නිකං ආයාලේ යාමට ඉඩ දිය යුතු නැත. එහෙත් එය කරන්නේ කෙසේද..?

    "එතකොට කවුද මේ මිනිහා...?"

    "මට හිතෙන විදියට...?"

    "ඔව්..."

    "මට හිතෙන විදියට ආරක්ෂක අමාත්‍යාංශයෙ ඉහලම කෙනෙක්ගෙ පුතෙක්.. ඒත් ඒ කාගෙද කියලා අපිට දැනගන්න උං ඉඩතියලා නෑ. කෝකටත් අපි හැමෝම හොදට පරිස්සමි වෙන්න වෙයි කියලා මගේ හිත අනතුරු අගවනවා.."

    ඩිල්ෂාන් කියන දේ අවිනාශ්ගේ සිතට එක්කලේ සියුම් චකිතයකි. මෙවැන්නක් ඔහුට කිසි දිනෙක දැනී තිබුණේ නැත.

    "ඔය තරම් ලොකු යුනිට් එකක් ඉදලත්, ඇයි උං ඔය විදිහට හැප්පෙන්න ආවේ..? උංට තිබුණනේ ෆේස් ටූ ෆේස් ඇටෑක් කරන්න.. නිකං ෆෝන් කෝල් නොදී පිරිමි වගේ මගෙත් එක්ක හැප්පෙන්න.."

    "උංගෙ පිරිමිකම ගැන මෙතන ප්‍රශ්නයක් නෑ. ඒ ආපු රයිඩර් කවුරු උනත්, ඔයත්තෙක්ක අන්තිම තත්පරේ වෙනකල් ෆයිට් එකක් දුන්නනේ මං ඔය, ඔයාට කිව්වේ දැනට වෙලා තියෙන දේයි, සමහර විට ඉස්සරහට වෙන්න තියෙන දේයි.. මොකද ඔයාට කරදරයක් වෙනවා බලන් ඉන්න මට බෑ.."

    "දැන් ඩිල්ෂාන් කියන්නෙ මට මොනවා කරන්න කියලද..?"

    "මට මුකුත් තේරෙන්නෙ නෑ.. මගේ ඔලුවත්තෙක්ක අවුල් වෙලයි තියෙන්නේ.. මේක මහ අවුල් ජාලාවක්.."

    මුළු පළාතක්ම හින නැමූ, නම කියූ සැනින් මිනිසුන්ගේ මුහුණ වෙනස් කළ, ඔවුන්ගේ හද ගැස්ම වැඩි කල කල්ලි නායිකයෙකුගේ දියාරු වදන් ඉදිරියේ අවිනාශ් ගල් ගැසී බලා සිටියේය. ඩිල්ෂාන් මේ කිව්වේ මොනවාද..?

    "ඒ කියන්නෙ ඩිල්ෂාන්ට මෙතන කිසිම දෙයක් කරන්න බෑ කියලද..?"

    "මට ඒකට හරි උත්තරයක් දෙන්න බෑ.. මං මෙච්චර කාලයක් හරි ඔයත්තෙක්ක රැදිලා හිටියෙ ඇයි කියලා කියන්න ඔයා හොදටම දන්නවනේ.."

    "ඔව්.. ඒ දිලීකා හින්දා.."

    "හරියටම හරි.. ඒක එහෙම නොවුණ නම් මං අද මෙතන නෑ.."

    "වෙන්න පුලුවන් ඩිල්ෂාන්.. එහෙම නොවුනා නම්.. හුගාක් වෙලාවට අද ඔයත් අර රයිඩර්ගෙ පැත්තෙ ඉදියි.. හරියට ඔයාගෙ මල්ලිලා වගේම.."

    "මල්ලිලා...?"

    ඩිල්ෂාන්ගෙ දෑස ඉදිරියට නෙරා එන හැටි අවිනාශ් බලා සිටියෙ සතුටිනි. තවදුරටත් මේවා සගවා තබා ගැනීමෙන් තමාට අත් වන සුගතියක් නැත.

    "ඔයා මට උදව් කරන එක මං විශ්වාස කරනවා.. ඒක ඔයා හදවතින්ම කරන දෙයක්.. ඒත් මට ඔයාලගෙ මල්ලිලව විශ්වාස නෑ.. එයාලා මේ ගැන ඔයාට වැඩි දෙයක් දන්නවා කියලා මං විශ්වාස කරනවා.."

    "අවිනාශ්.. ඔයා මාව තරහා කරගන්නයි හදන්නේ..? මගේ මල්ලිලා කවදාවත් ඒ වගේ පහත් වැඩ කරන්නෙ නෑ.. මොන යාලුකම තිබ්බත්, මොන තර්ජනේ ආවත් අපි ඒ බාරගත්තු වැඩේ හරියට කරනවා.."

    "කමක් නෑ.. මම කිව්වෙ ඇත්ත.. මේ දේට ඔයාලගෙ මල්ලිලා ගෙන් එක්කෙනෙක්වත්..?"

    අවිනාශ් කතාව නතර කර ඩිල්ෂාන් දෙස බැලුවේය..

    "ඔව්.."

    "එක්කෙනෙක්වත් සම්බන්ධ නැත්නම්, ඔයා ඔය නිතරම් කියන, මං ඔයාගේ නංගිට කරපු උදව්ව, අමතක කරලා දානවා ජීවිතේමට.. ඒ වගේ දෙයක් කවදාවත් උනේ නෑ වගේ.. ඒ වගේම ඔයාවත් දිලිකවත්.."

    ඩිල්ෂාන් වහා හිස ගස්සා අවිනාශ් දෙස බැලුවේය. මේ තරම් විශ්වාසයකින් තමාගේ සොයුරන් ගැන අනපේක්ෂිත කතාවක් කියන මේ ජේත්තුකාරයා දෙස ඩිල්ෂාන් පුදුමයෙන් බලා සිටියේය.

    "ඔයාට ඒ තරම් ෂුවර්..?"

    "ෂුවර් නැත්නම් මං දිලීකාවත්, ඔයාවත් අමතක කරනවා කියලා කියන්නෙ නෑනේ..."

    "එහෙනම් මට ඒ ගැන හොයන්න වෙනවා.."

    "තවත් දෙයක් තියෙනවා ඩිල්ෂාන්.."

    "ඒ මොකක්ද..?"

    "මං කියපු දේ ඇත්ත උනොත් ඔයා මොකද කරන්නේ..?"

    "මං තාම එහෙම දෙයක් ගැන හිතුවෙ නෑ අවිනාශ්. මං තාමත් හිතන්නෙ එහෙම දෙයක් වෙන්න බෑ කියලා. මොකද රේස් එකට කලින් ඉදලම මං ඔයාව ගාඩ් කරන්න බාරදිලා තිබුනේ දෙවනි මල්ලිට. ඔයාට සීරීමක්වත් වෙන්නෙ දෙන්නෙ නැතුව එයා ඔයාව බලාගෙන තිබුණා. වෙන මුකුත් ඕන් නෑ.. ඔයාගෙ සුසුකි බයික් එකයි, කවසාකි බයික් එකයි දෙකම, කිසිම ප්‍රශ්නයක් නැතුව ගාඩ් කරලා තිබුණා. ඒත් රේස් එක ඇතුලෙදි වෙච්ච දේට අත දාන්න ඉඩක්, මටවත් මල්ලිලාටවත් තිබ්බෙ නෑ. ඒ අපි හිටියෙ ට්‍රැක් එකෙන් පිට හින්දා. ඒත් මං ඒ අතපසුවීමත්, වගකීමත් බාරගත්තා. ඒකයි රේස් එකෙන් පස්සෙත් මං ඔය ගැන හෙව්වේ.. හරි නම් රේස් එකෙන් පස්සේ මගේ ඩියුටිය ඉවරයිනේ.."

    "ඔයාගෙ ඩියුටිය ඉවර නම් අපි තවත් මේ ගැන කතා කරලා වැඩක් නෑනේ.. ඒකෙන් වෙන්නෙ ඔයාගෙ කාලෙයි, මගේ කාලෙයි දෙකම විනාශ වෙන එක.."

    "මං කියන දේ ඔයා වැරදියට බාරගන්නේ.."

    "නෑ ඩිල්ෂාන්.. මේ තමයි හරි විදිය.."

    "ඒ ඔයාට.. මට නම් මේ විදිය හරිම නෑ.."

    තවත් වචනයක් නොදෙඩූ ඩිල්ෂාන් වහ වහාම අවිශාන්ගේ නිවසින් පිටව ගියේය. ඔහු තව ටික වේලාවක් හෝ රැදී සිට යනු ඇතැයි අවිනාශ් සිතා සිටියද එය මහා පුහු සිතුවිල්ලක් විය. කෙසේ වුවත් අවිනාශ්ට වඩා ඩිල්ෂාන්ගේ සිත කැලඹී තිබුණේය.

    ******************************

    දිගින් දිගටම සිදුවෙමින් පැවතියාවූ නොසන්සුන් සහගත සිද්ධීන් නිසා අවිනාශ්ගේ සිතට සහනයක් ලැබී තිබුනේ නැත. අඩුම තරමේ උණුසුම් තරගයක ජයග්‍රහණයෙන් පසු සිතට ඇතිවන ඉමහත් ප්‍රීතිය මෙවර ඔහු වෙලා ගත්තේද නැත. බොහෝ වෙර වෑයමින් ලැබූ මේ ෆොක්ස්හීල් ජයග්‍රහණය කරදර රාශියක මුල බැව් ඔහුටද දැන් දැන් දැනෙමින් තිබුණේය.

    ආරක්ෂක අමාත්‍යාංශයේ තරගකරු පිළිබදව ආරංචියක් ඉන් පසුව ලැබී තිබුණේද නැත. තරගයට පෙර අවිනාශ්ට හා ජෙහාන්ට තර්ජනය කළ කිසිවෙකුත් ඉන් පසුව කටක් ඇර තිබුණේද නැත. ගෙවී යමින් තිබුනේ ඉතා අසහනකාරී කාල සීමාවකි. ඒ අහසහනාරීකමට යටින් කුමක් හෝ මර උගුලක් හෙමින් සීරුවේ ක්‍රියාත්මක වෙමින් යන බව නම් අවිනාශ්ගේ සිත පතුලින්ම ඔහුට අනතුරු අගවා තිබිණි. මේ පිළිබදව කතාබහ කිරීමට තරම් සුදුසු පුද්ගලයෙක් අවිනාශ් ළග සිටියේද නැත. ලොකු අම්මාට හෝ ලොකු තාත්තාට මේ ගැන අංශු මාත්‍රයක දෙයක් හෝ නොකියා හිදීමට ඔහු ප්‍රවේසම් සහගත විය. ඔවුන්ගේ අහිංසක සිත් බියෙන් තැත් ගැන්වීමට හෝ කලබල කිරීමට අවිනාශ්ට කිසිවිටෙක අවැසි නොවීය.

    ******************************

    තවත් දිනක් උදාවෙද්දිම අවිනාශ්ගේ ජංගම දුරකථනය හැඩවිණි. ඒ මොහොතේ නිවසින් පිටතට යාමට සූදානම් වූවා පමණි. තිරය මත සටහන් වූයේ නුහුරු නුපුරුදු අංකයකි. එහෙත් එතුලින් ඇසුණු කටහඩ ඔහුගේ සිත පස්වනක් ප්‍රීති ප්‍රමෝදයට පත් කලාය..

    "දිලීකා..."

    "මං ඔයාට ප්‍රසන්ට් එකක් ගෙනැල්ලා ඇති.."

    "ප්‍රසන්ට් එකක්...?"

    "ඔව්.. ඔයාලගෙ ගෙදර දොර ඉස්සරහා.."

    "මේ... වෙලාවේ...?"

    "ඔව්.. ඔයා දොර ඇරලා බලන්නකෝ..."

    ඇමතුම විසන්ධි විණි. දිලීකාගේ අංකය, ජංගම දුරකථනයට ගබඩා කරගන්නා ගමන් අවිනාශ් අඩියට දෙකට ඉදිරිපස දොර වෙතට දිව ගියේය. දිලීඛා බොහෝ විට නොසිතූ දේ කිරීමට හපනෙකි.

    දොර ඇරිය විගස ඔහුගේ නෙතට හසුවූයේ, ඉතා සොදුරු දම් පැහැති මල් පොකුරකි. බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේද, ඇල්ල නමුණුකුල මාර්ගයේද ඕනෑ තරම් මේ මල් පිපී තිබෙනු ඔහු දැක ඇතත් ඒවා මේ තරම් සොදුරු බැව් ඔහුගේ සිතට දැනී තිබුණේ නැත. අතු ඉති බොහෝ ගණනාවකින් යුක්ත වූ එම මල් පොකුර අවිනාශ් සෝතට ගෙන තම ලයට සිරකර ගත්තේය. මල් පොකුරත් රැගෙන නිවස තුළට යාමට සැරසෙත්ම, ඔහුගේ සිතේ මෙතුවක් පැන නොනැගි ගැටලුවක් වහ වහා පැණ නැගුණේය. එනම් මේ මල් පොකුර රැගෙන පැමිණියේ කවුරුන්ද යන්නයි.. මෙය කෙසේ මෙතනට පැමිණුනේද යන්නයි..

    "අවිනාශ්...?"

    ළගින්ම ඇසුණු කටහඩින් අවිනාශ්ගේ දෑතේ සිරවී තිබූ මල් පොකුර බිමට ඇද වැටිණි. ඉතා සොදුරු සිත්තමක් බදු වූ රුවැත්තිය අවිනාශ්ගේ දෑස මානයේ පෙනී සිටියාය.

    "මල් ටික ලස්සනයිද..?"

    අවිනාශ්ගේ සිතට කිසිදු වචනයක් ගලා ආවේ නැත. සිතට අපමණ සතුටක්, සැනසුමක් ගෙන එන සොදුරු සමනළිය දෙස ඔහු ඇසිපිය නොහෙලා බලා සිටියේය. ඇයව තුරුළට ගෙන, මේ සුදු මුහුණ රතු වනතුරු ඉඹගෙන ඉඹගෙන යන්නට ඔහු පෙරුම් පිරුවේයි. සමහර ඇම්ඩන් ගනයේ, කොල්ලන් කියන්නා සේ ලස්සන කෙල්ලෙක් ඇතිවනතුරු ඉඹ, ඉන්පසු පොලීසි ගානෙ ගියත් හිතට දුකක් නැත.

    "ඔහොම ගෑණු ළමයි දිහා බලන්න එපා.. එයාලට එතකොට හරියට අප්සට් යනවා.."

    "සොරි..."

    "සමාවක් දෙන්න බෑ.."

    "ඇයි...?"

    "ඇයි කියන්නේ..? රේස් එකෙන් පස්සෙ මාව අමතකම කරලා දැම්මෙ ඇයි..?"

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කවදාවත් නෑ දිලී.. මං කියන දේ ඔයා විශ්වාස කරයිද මංදා. ඔයාව හම්බවෙන්න විදියක් නැතුවයි මං හිටියේ. ඔයාගෙ අයියලා උනත් ඔයාව කොයි තරම් ගාඩ් කරනවද..?"

    "මං ඕවා පිළිගන්නෙ නෑ.. ඕවා ඔක්කොම බොරු කතා.."

    "ඇයි දිලී එහෙම කියන්නේ..?"

    "හිතේ තියෙනවා නම් කොහොම හරි හම්බවෙන්න පුළුවන් නේ.."

    "ඒ කොහොමද..?"

    "හරියට මේ වගේ.."

    දිලීකාගේ වචන අවිනාශ්ගේ පපුව ඇතුළටම කඩා වැදුනි. ඇය කියූ දේ කොතරම් නිවැරදිදි..? තරුණියක වී ඇයට තමාව හමුවීමට කිසිදු බියක් සැකක් නොමැතිව මෙසේ පැමිණිමට හැකිනම්, තමා ඒ දේ කරන්නට මෙතෙක් කලක් බලා සිටියේ ඇයි..? කිසිදා නොදැනුණ තරමේ බයක් අවිනාශ්ගේ සිතට ඇතුලු විය. ඇය සිතන්නේ තමා බියගුල්ලෙකු බවද..? ඒ සිතුවිල්ලම අවිනාශ්ගේ සිත මහා මෙරක් සේ තලා පෙලා දැමීය..

    "දිලී..."

    "ම්..."

    "ඔහොම දේවල් කියනකොට මගේ හිත හුගාක් රිදෙනවා.. ඇත්තටම ඔයාව හම්බවෙන්න විදියක් නෑ කියලා හිතන් හිටියා මිසක්, හම්බවෙන විදියක් ගැන මං කල්පනා කලේ නෑ. ඒ වැරැද්ද මං සම්පූර්ණයෙන් බාරගන්නවා.."

    සුසිනිදු දෑතම තට අතට සිර කර ගන්නා ගමන් අවිනාශ් ඇයගේ මුහුණට එබුණේය. ඒ සොදුරු වත කමලේ පිරී ඉතිරී යන අවිහිංසක ආදරයේ සමනළ සේයා, අවිනාශ්ගේ මුළු හදවත පුරාම, කිති කවා දග දැමුවේය.

    "අනේ.."

    අවිනාශ් ඇයව තම තුරුලට ඇදගත්තේ දෙවරක් නොසිතාමය. තමත් නම් සිතට මේ දුක දරන්නට බැරිය. සිතේ ඇති සියලු දේ ඇයට කියා, තමන් විනාශ වි ගියත් කමක් නැත. ඒ ඔහුගේ සිතට එබුණු පළමු සිතිවිල්ලයි. මොන තුන් ලෝකය එරෙහිව ආවත් තමාගෙන් මේ සොදුරු රුවැත්තිය වෙන් කිරීමට නොහැකි වනු ඇත.

    "ම... මට ඔයාව නැතුව බෑ අවිනාශ්..."

    සෑහෙන තරම් පහත් ස්වරයකින් දිලීකාගේ කටහඩ ගලා ගියද එය අවිනාශ්ගේ ආත්මය තුළට උරා ගත්තේය. ඔහුගේ සිතේ වූ ප්‍රීතිය ඉවුරු තලා ගියේ තමන්ගේ සිතිවිල්ලත් එයම වූ නිසාය. එහෙත් තමාගෙන් පෙර ඇයගෙන් එය පිටවීම ගැන ඔහු පසුතැවිල්ලට පත් කළේය. ඒ සමගම තවත් දෙයක් ඔහුට පසක් විය, ඩිල්ෂාන්, රොමේෂි සම්බන්ධව කිසිදු දෙයක් තම නැගෙණියට කියා නැති බවය.

    "ඔයාට වගේම මටත්.."

    "ඒ කිව්වේ...?"

    "මටත් ඔයා නැතුව බෑ දිලී.. නිතරම ඔයාව මතක් වෙනවා.. හිතට හරියට වද දෙනවා.."

    අවිනාශ් එය කියූ හැගීමබර ආකාරයට දිලීකාගේ දෙඇසට කදුළු බිදු දෙකක් ගලා විත් තිබිණි. ඇයගේ මුහුණ පිරී තිබුණේ කියාගත නොහැකි වූ සිහිනමය සතුටකිනි. මෙය, මේ වදන් තමා කොයි තරම් කාලයක් තිස්සේ බලාපොරොත්තු වූ දෙයක්ද..?

    "අ... අනේ..."

    සිතට දැනෙනා, පිරෙනා ආදරය අදහාගත නොහැකි, දිලීකා අවිනාශ්ට තවත් වරක් තුරුලු වූවාය.

    "ඇ.. ඇයි දිලී.."

    "මං ඔයාට ආදරේ කරන්න ගත්තේ, ඔයා මාව අර තිරිසන්නුන්ගෙන් බේරගත්තු දවසෙ ඉදලා. එදා ඉදලා අද වෙනකොට දවස් කීයක් නම් ගෙවිලා ගිහින්ද..? අනේ අපරාදේ අවිනාශ්. අපි දවස් කොයි තරම් කාලයක් නාස්ති කරලද..? අනේ ඇයි ඔයා මීට කලින් මගේම උනේ නැත්තේ.. මං කොයි තරම් නම් බලන් හිටියද..? ඔයාව නොදැක මං මාස කීයක් නම් ඉන්න ඇද්ද..? ඒවා මතක් වෙනකොට හරියට දුක හිතෙනවා.."

    "ගිය දේවල් ගැන කතා කරලා වැඩක් නෑ දිලී. අපි ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන කතා කරලා අපි ඒවා අපේ පැත්තට හරව ගමු.."

    "ඔයා මට ආදරෙයි නේද..?"

    දිලීකාගේ වතෙහි වූයේ අමුතුම සුදුමැලි පැහැති පෙනුමකි. එය අවිනාශ්ගේ ආදරය දෙගුණ තෙගුණ කර දැමීමට සමත් විය.

    "ඔව් දිලී.. මං මගේ ජීවිතේටත් වඩා ඔයාට ආදරෙයි..."

    "හ්... හ්ග්.."

    ඇසිල්ලකින් දිලීකාගේ දෑස නැවතත් කදුළින් බරවී කොපුල් තල දිගේ පහළට රූරා වැටෙන්නට විය.

    "ඇ.. ඇයි දිලී..?"

    "ඒ.. ඒ තමයි.. මං මගේ ජීවිතයෙ අහපු ලස්සනම වචන ටික..! ඒ වචන ටික, මං මගේ ජීවිතේටත් වැඩියෙන් ආදරේ කරන ඔයාගෙන් අහන්න ලැබිච්ච එක කොයි තරම් සතුටක්ද..? අ.. අනේ මේ සතුට හැමදාම තියෙයි නේද...?"

    "ඔව් දිලී... මේ සතුට හැමදාම තියෙයි.. ඒ සතුට අපි හැමදාම ආරක්ෂා කරගමු.."

    "අ.. අපිට හැම පැත්තෙන්ම ප්‍රශ්න එයි.. ම.. මට ම.. මතක් වෙනකොටත් බයයි.."

    "බයවෙන්න එපා.. මම හැමදේටම දැන් ඉන්නවනේ.. ඔයාවත් මමවත් වෙනස් වෙන්නෙ නැත්නම් මොන ප්‍රශ්නෙ ආවත්, ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි හැමදාම ආදරෙන් ඉදිමු.."

    පුංචි ළදැරියක සේ තුරුළට වී උණුසුම සොයනා මේ රුවැත්තිය, දෝතින්ම අල්ලාගෙන අවිනාශ් සිප ගත්තේය. ඇයද සිටියේ එයම බලාපොරොත්තුවෙනි. මොහොතකින් අවිනාශ්ගේ දෙවුරේ එල්ලී, තම රෝස පැහැති දෙතොල අවිනාශ් වෙතට දිගු කරද්දී, අවිනාශ් පමා නොවී ඒ සොදුරු මුව මී, මහත් ලෝබකමකින් උරා බීවේය. එතැන් සිට ගලා ගියේ වඩාත් ආදරණිය වූත්, වඩාත් අනුරාගික වූත් විනාඩි ගනනකි. එහෙත් එය එසේ වූවා කියා, අවිනාශ්වත් දිලීකාවත් තම සීමාවෙන් ඉක්මවා නොයාමට තරම් ප්‍රවේසම් සහිත වූහ. ඔවුන් අතර තිබූ අවබෝධය ඉතා ඉහළ මූලික අඩිතාලමද එය විය.

    "ඔයා කොහොමද ආවේ..?"

    අතිශය තෘප්තිමත් වූ විනාඩි ගණනකින් පසුව අවිනාශ් නැවත වතාවක් දිලිකාගේ වත සිප ගනිමින් ඇසුවේය. දිලීකා සිටියේ තව තත්පරයක් හෝ වැඩියෙන් අවිනාශ් සමග රැදෙන අටියෙනි. අද මේ පැමිනි ගමන ගැන ඇය සිටියේ කියාගත නොහැකි තරම් සොදුරු චිත්තාවලියක මිහිර විදගනිමින්ය.

    "ම්.. හරි නරකයි.."

    "ඇයි...?"

    "දැන් තමයි ඒක අහන්නේ..?"

    "සොරි..."

    "සමාවක් දෙන්නම බෑ.."

    "එහෙනම්.."

    "දෙනවා මෙන්න මෙයින් එකක්.."

    ඇය නැවත අවිනාශ්ව තමා වෙතට ඇදගෙන ලෝක විනාශය අදයි.. කරනා දෙයක් අදම කරන්න.. කියන පරිද්දට ඉඹගෙන ඉඹගෙන යන්නට වූවාය. අවිනාශ් ඇයගේ දගකාරකම දෙස බලා සිටියේ සතුටිනි.

    "ඉතිං කියන්නකෝ.."

    "මොනවද...?"

    "කොහොමද ආවේ..?"

    "කැබ් සර්විස් එකක.. මං කිව්වා හරියටම පැයකින් විතර උඩ බෙන්ඩ් එක ළගට එන්න කියලා.."

    "ෂහ්... කෙල්ල එහෙනම් සෑහෙන්න ප්ලෑන් කරලයි ඇවිල්ලා තියෙන්නේ.. හොදයි.. වැරදිලාවත් මං හිටියෙ නැත්නම්..?"

    "මගේ හිතට දැනෙන දේවල් වරදින්නෙ නෑ අවිනාශ්.. හොද සිතිවිලි වලින් දෙයක් හිතුවොත් ඒ දේ හරියනවාමයි.. ඔයාව දැක්ක දවසෙ ඉදලම මං හිතුවෙ පැතුවෙ ඔයාගෙම වෙන්න.. ඉතිං ඒක හරි ගියානේ..."

    ගිරවියක සේ නිදහසේ දොඩනා මේ සියුමැලිය ගැන අවිනාශ්ගේ සිතේ පිරී ඉතිරී තිබුණේ කියාගත නොහැකි ලෙන්ගතු ආදරයකි. ඇයව කෙදිනකවත් අහිමි කර නොගන්නා බවට ඔහු තමාටම දිව්රා ගත්තේය.

    "අපි ආයෙ කවදද හම්බවෙන්නේ..?"

    "ඒක නෙමේ දිලී ප්‍රශ්නේ..?"

    "එහෙනම්...?"

    "කොහොමද හම්බවෙන්නෙ කියන එකයි.."

    ඒ ප්‍රශ්නෙ තිබූ ගැටලුකාරී බව පරයා නිවසේ සීනුව දාන වෙන හඩ ඇසුණි. අවිනාශ් හා දිලීකා මුහුණින් මුහුණ බලාගත්තේ එකවරමය. නැවතත් සීනුව නාද වන්නට පටන් ගත්තේය..

    "කවුද දන්නෑ..."

    තමාටම කියා ගනිමින් අවිනාශ්, දිලීකා වෙතින් මිදුනේය. යන්න එපා.. යැයි හගවන බැල්මක් දිලීකාගේ වතෙහි සටහන් වී තිබිණි.

    "ඔයාගෙ ලොකු අම්මලද දන්නෙ නෑ.."

    "ලොකු අම්මයි, තාත්තයි නම් මේ වෙලාවෙ කීයටවත් එන්න විදියක් නෑ.. බලමුකෝ.."

    "දොර අරින්න එපා අවිනාශ්.."

    එක්වරම ගොස් දොර හැරීමට තරම්, අවිනාශ් කිසිවිටෙකත් සිතා සිටියේ නැත. දොර මැදින් සවිකර ඇති ඩෝ විවර් එක තුලින් ඔහු නිවසින් එළියට නෙත් යොමු කළේය. දුටු දසුනින් ඔහු ත්‍රස්තව ගියේය. අවිනාශ් වහ වහා දිලීකා වෙතට පැමිණ ඇයගේ අතින් ඇදගෙන නිවසේ පිටුපසටම වාගේ වෙන්නට තිබූ නිදන කාමරයක් වෙතට පියමැන්නේය..

    "ඇ.. ඇයි අවිනාශ්..?"

    "මං මේ කියන දේ අහලා බයවෙන්න එපා.."

    අවිනාශ් වචන පිටකළේ රහසිනි. දිලීකාගේ දෑස මහත් වූ බියකින් විසල්ව ගියාය.

    "මොකක්ද වෙලා තියෙන්නේ..? කවුද ඇවිත් තියෙන්නේ..?"

    "ඔයාගෙ අයියලා දෙන්නෙක් ඇවිත්.."

    "මොනවා...."

    "ඔව්.. තුන්වෙනියයි, හතරවැනියයි.."

    දිලීකාගේ දෑසි බියපත් පෙනුම උඩින් මොහොතකින් ඇදී ගියේ මොකක්දෝ දැඩි බවකි. ඇයගේ සිතට හදිසියේම කිසියම්ම ජීවයක් එක්කාසූ වූවාක් වැනිය.

    "එ.. එහෙනම් එයාලා මාව ෆලෝ කරලා.."

    "මට පේන්නෙත් ඒ වගේ.. ඔයා මේ කාමරේට වෙලා ඉන්න. මං ඉතුරු හරිය බලාගන්නම්.."

    "ඒක තේරුමක් වෙන්නෑ අවිනාශ්. මට මෙතනින් පිටවෙන්න තැනක් කියන්න.. මොකද නැත්නම් මං ආපු කැබ් එක එයාලට අහුවෙයි.."

    සොදුරු වූ ආදරය ඇරඹුමේදි ඇදී ආ ප්‍රශ්න පත්තරය නිසා අවිනාශ්ගේ සිතේ වූයේ කැළඹීමකි. ඩිල්ෂාන් පැමිණියේ නම් මෙය කෙසේ හෝ නිරාකරණය කරගන්නට තිබිණි. එහෙත් මේ පැමිණ ඇති දෙදෙනා සමග කිසිදු ගණුදෙනුවක් බේරාගත නොහැකි බව, ඔහු නිවැරදිවම වටහාගෙන සිටියේය..

    "කැබ් එකේ ප්‍රශ්නයක් නෑ දිලී. ඔයා මේ කාමරෙන් ඉන්න. අයියලා නෙමේ පොලීසිය ආවත් මං ඔයාව අහුවෙන්න දෙන්නෙ නෑ... මං ඔයාව ගාඩ් කරනවා.."

    "ඒ වචන ටිකම මට ඇති අවිනාශ්.. ඒත් දැන් මම යන්න ඕන.. ඔයාව අමාරුවෙ දාන්න මං කැමති නෑ.."

    "ඒ කිව්වේ..?"

    "එයාලා තව හුග වෙලාවකට මෙතනින් යන්නෙ නෑ.. එච්චර වෙලා මං හිරවෙලා ඉන්න නරකයි..."

    දිලීකාගේ කතාවේ ඇති නිවැරදි භාවය, අවිනාශ්ට වහා වැටහිණි. ඒ අතර නිවසේ සීනුව දිගින් දිගටම නාද වන්නට විය. කවුරුන් හෝ එකෙකු සීනුව උඩ ඔලුව ඔබාගෙන හිදිනා ආකාරයක් අවිනාශ්ගේ සිතේ මැවෙද්දී ඔහු දිලීකාත් සමග සිටි කාමරයේ පිටි පැත්තෙන් දොර හෙමින් සීරුවේ විවෘත කර ගනිමින් එළියට පැමිණියේය. නිවසින් මදක් පිටුපසට වන්නට පිහිටා තිබූ එම කාමරයෙන් පිටවීම වඩාත් ආරක්ෂාකාරී විය. හොදින් වටපිට බැලූ අවිනාශ්, දිලීකාවත් නිවසින් පිටතට ගත්තේය. එන ඕනෑම ආකාරයේ ගැටලුවකට මුහුණ දීමට ඒ වනවිට ඔහු අදිටන් කරගෙන සිටියේය.

    අනිත් පිට බලන්න>>
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "එන්න.."

    අවිනාශ් වහ වහා ඇයගේ අතින් ඇදගෙන නිවසේ පිටුපස වූ තාප්පය වෙතට ලංවිණි. එතැන මල් වැල් රාශියකින් හා වෙනත් හැඩතල තිබූ, උද්‍යාන අලංකාරයට සිටුවා තිබූ ගස්වලින් ආවරණය වූ නිහඩ තැනක් විය.

    "ඔයා මොකක්ද කරන්න හදන්නේ..?"

    "කතා කරන්න වෙලාවක් නෑ දිලී.. මගේ පිටට කකුල තියලා මේ තාප්පෙන් පැනගන්න.. ඉතිරු හරිය පස්සෙ බලාගමු.."

    දිලීකාගේ මුහුණ සුදුමැලි වී ගියාය. තාප්පෙන් එහා පැත්තට පැනීමට ඇය සිහිනයකින්වත් සිතුවේ නැත. වෙන කළ යුතු දෙයක් නොමැති බවද ඇයට පෙනේ. කෙසේ හෝ අවිනාශ්ගේ පිටට පය තබා තාප්පය මතට ඇය නැගුණේද සෑහෙන තරමේ අසීරුතාවයකිනි. එහෙත් එතැන සිට පාරට පැනීමද කළ නොහැක්කක් ලෙස ඇයට පෙනුණි. කෙසේ වුවත් ඒ අසීරු දෙයටද අවිනාශ් ක්ෂනයකින් ඉදිරිපත් වූයේය. දිලීකා තාප්පය මතට නැගගත් පසු අවිනාශ් තම ස්කයි ජම්ප් එක යතුරුපැදිය නොමැතිව ක්‍රියාත්මක කළේය. දිලීකාගේ මුහුණ මහා විශ්මයකින් පිරී යද්දී අවිනාශ් සිටියේ තාප්පයෙන් එහා පැත්තේය..

    "ඉක්මනට බහින්න.."

    අවිනාශ්ගෙ පිටට අඩිය තමා, අසීරුවෙන් බිමට බැසගත් දිලීකා ඔහුගේ අතින් ඇද තමා දෙසට ළංකර ගත්තේය.

    "මාව ඉක්මනට හම්බවෙන්න..."

    අවිනාශ්ගේ කම්මුලට තම දෙතොලින් උණුසුම් හාදුවක් පිදූ දිලීකා ඉක්මන් ගමනින් ප්‍රධාන මාර්ගය වෙත ඇවිද ගියාය. අවිනාශ් ඇය දෙසම බලා සිටියේ යම්කිසි මොහොතක ඇයට උදව්වක් අවශ්‍ය වේ යැයි සිතූ හෙයිනි. එහෙත් අතුරු මාර්ගයට මදක් එහායින් නතර කර තිබූ සුදුපාට කැබ් රිය ද, දිලීකා එයට නැගුණු ආකාරයද අනතුරුව එය පිටත්ව යන අයුරුද අවිනාශ් දුටුවේය. සියල්ලම ඉතා හොදින් නිමා කළ විට සිතට දැනෙන අපූරු සංතෘෂ්ටිය ඔහු මේ වෙලාවේ අඩුපාඩුවක් නොමැතිව විදිමින් සිටියේය. එය යතුරුපැදි ධාවන තරගයක් ජයග්‍රහණය කලාටත් වඩා ඉහළ සතුටකි..

    "මොකක්ද ප්‍රශ්නේ..?"

    අතුරු මාර්ගයේ සිට නිවසට ආ අවිනාශ්, ඒ වනවිටත් නිවසේ ගේට්ටුව ඉදිරියේ රැදී හුන් තරුණයන් දෙදෙනෙකු ගෙන් විමසීය. දිලීකාගේ සොයුරන් දෙදෙනා රැදී සිටියේ නිවසේ ප්‍රධාන දොර අසලය. අවිනාශ්ගෙන් පිටවූ වදන් සමගම සියලු දෙනාම විමතියෙන් ඔහු දෙසට හැරුණි. පැමිණ සිටි සියලුදෙනාම දෙස වෙන වෙනම බැලූ අවිනාශ් තම මුවගට මද සිනාවක් නගා ගත්තේය.

    "අවිනාශ්... ගෙදර නෙමෙයිද හිටියේ..?"

    ප්‍රශ්නය පැන නැගුනේ ඩී.ජේ ගෘප් හී තුන්වෙනියාගෙනි. දිලිකාගේ සොදුරු වතට අංශු මාත්‍රයක හෝ සමානකමක් නොදැක්වූ ඒ මරුමුස් මුහුණ දෙස අවිනාශ් එක එල්ලයේම බැලුවේය.

    "නෑ.. ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..?"

    අවිනාශ් දෙවන වරටත් ඇසුවේය. ඩී.ජේ ගෘප් හී හතරවැනියා වඩාත් තීක්ෂනව ගෙවත්ත දිහා බලනා ගමන් අවිනාශ් දෙසත් බැලුවේය.

    "ප්‍රශ්නයක් නම් තමයි.. ඒත් ඔයා ගෙදර හිටපු නැති හන්දා ප්‍රශ්නෙ ඉවරයි වගේ.."

    "මට තේරුන් නෑ.."

    සියල්ල වඩාත් හොදින් තේරුම් ගත්තද, කිසිවක් ගණන් නොගන්නා තාලයට අවිනාශ් කියා දැමුවේය. එය ඩී.ජේ ගෘප් සොයුරන් දෙදෙනාටත් වහා තේරුම් ගිය ආකාරයකි. ඔවුන් සෑම දෙයක්ම වඩා හොදින් මෙන්ම වඩාත්ම නරකින් තේරුම් ගන්නා ආකාරයේ පුද්ගලයෝ වෙතී.

    "නොතේරෙන එක හුගාක්ම හොදයි.. ගෙදර කවුද ඉන්නෙ අවිනාශ්..?"

    තමා ඩී.ජේ සොයුරන් නිවසට ගියදා ඔවුන් හා තමන් අතර තිබූ බැදීමත්, අද වනවිට එයට සිදුවි ඇති හානියත් අවිනාශ් අවබෝධ කරගෙන සිටියේය. කෙසේ වුවත් මේ දිග හැරෙන ප්‍රශ්න පත්තරය අවිනාශ්ට කොහෙත්ම දිරෙව්වේ නැත. ඒ සමගම පිටවූ ඔහුගේ වදන් වල යහපත් ප්‍රතිචාරද තිබුණේ නැත.

    "ඔයාලා මේ අපු ගමන ඩිල්ෂාන් දන්නවද..?"

    අවිනාශ්, හතරවැනියාගෙන් කෙලින්ම අසද්දී සොයුරන් දෙදෙනා මුහුණින් මුහුණ බලාගත්හ. ඔහු ඇසුවේ දවසේ වඩාත්ම වැදගත් ප්‍රශ්නය බැව් ඔවුන්ට හැගුණි. ඩිල්ෂාන්ගේ අනුදැනුම නොමැතිව කෙරෙනා වෙනත්, අත්තනෝමතික ක්‍රියාවන්ට වඩා මෙය වෙනස් ආකාරයේ එකක් බැව් ප්‍රථම වතාවට ඔවුන්ට වැටහෙමින් තිබිනි. ඩිල්ෂාන් තමන්ගේ වැඩිමහලු සහෝදරයා වූවද. ඩී.ජේ ගෘප් හී ප්‍රධානියා වුවද මේ තමන් ඉදිරියේ සිටිනා කිසිවක් ගණන් නොගන්නා ජේත්තුකාරයාට, ලෙංගතුකමක් දක්වන බැව් ඔවුන් අත්දැකීමෙන් දැන සිටියාය.

    "ඒක මෙතෙන්ට අදාල නෑ අවිනාශ්.. ගෙදර කවුද ඉන්නේ..?"

    පහසුවෙන් වුවත්, අවිනාශ්ගේ ප්‍රශ්නය මග හැරී තුන්වැනියා, අවිනාශ් වෙතට පළමු ප්‍රශ්නයම ඉදිරිපත් කළේය.

    "ඇයි මං ඒක ඔයාලට කියන්නේ..?"

    අවිනාශ් කිසිදු ආකාරයකින් බියට පත් කළ හැකි පුද්ගලයෙකු හෝ ශාරීරිකව තැලිය හැකි අයෙකු නොවන බවද ඔවුහු වටහාගෙන සිටියහ. මෙතෙන්ට පැමිණිමට පෙර ඔවුන් ඒ ගැන සාකච්ඡා කර තිබිණි. එය එසේ වුවත් එයට ඩිල්ෂාන්ගෙන් කිසිසේත්ම සමාවක් නොලැබෙන තරමට අවිනාශ් ඔහුගේ සිත දිනා ඇති බවත්, ඔවුහු දැන සිටියාය. එබැවින් සියල්ල කළයුතු වන්නේ ගින්දර සමග ක්‍රීඩාවක් කරන ආකාරයටය.

    "ගෙදර ඇතුලෙන් කතාබහ කරන සද්දයක් ඇහුණා. අපි හිතුවා අවිනාශ් ගෙදර ඇති කියලා.."

    "මං ගෙදර හිටියෙ නෑ කියලා ඔයාලට පේනවනේ.. ඉතිං... මේ ගේ ඇතුළෙ කවුරු හිටියත් ඔයාලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා.. අනික ඔයාලා අදුනන්නෙ මාවනේ.. ඉතිං මෙන්න මං ඉන්නවා.."

    "ඒත් අපි හොදින්ම අදුනන කෙනෙක් ගේ ඇතුළෙ හිටියොත්.."

    හොදින්ම යන වචනය හතරවැනියා බරකොට යෙදෙව්වේ දිලීකා සම්බන්ධයෙන් බැව් අවිනාශ් වටහා ගත්තේය. ඒ සමගම තුන්වැනියාගේ ජංගම දුරකථනය නාද වූ අතර එහි සටහන් වූ අංකය, හතරවැනියාගේ මූහුණට ලංකර ඔහු පෙන්විය..

    "දැන් මොකද කියන්නේ..?"

    ඇමතුම බොහෝ විට ඩිල්ෂාන්ගෙන් විය යුතු යැයි අවිනාශ්ට සිතුණි. පෙනෙනා පරිද්දට මේ පැමිණිම පිටුපස ඩිල්ෂාන් සිටින්නට කොහෙත්ම බැරිය. ඔහු මෙවැනි දෙකේ පංතියේ වැඩ කරනා අයෙකු නොවේ. අද ඩිල්ෂාන් පැමිණියානම් ඔහු කෙලින්ම අසන්නේ දිලීකා ඇතුලෙ ඉන්නවාද යන්නයි. ඒ අතින් මොවුන් දෙදෙනාම තාම පහළ අංශයේය.

    "අ... අපි නිකං ආ.. ආවේ.."

    අවිනාශ්, තුන්වැනියා දෙසට දෑස් දල්වා ගත්තේය. ඔහු අපහසුතාවයකට පත්ව ඇති බවක් පෙනේ..

    "නෑ.. නෑ.. ගෙදර හිටියෙ නෑ.."

    "ඇත්තමයි ලොකු අයියේ.. එයා ගෙදර නෑ.. ඕන්නම් ගෙදර ගිහිල්ලා බලන්න.. ඒකයි අපි හෙව්වේ.."

    "න්... නෑහ් ගෙදර ඉන්නවා..."

    "ෂිහ්.. මාර අප්සට් එකනේ.."

    "හරි හරි.. ලොකු අයියේ අපි දැන්ම එනවා..."

    "ඔව්.. ඔව්.. ඔව්..."

    "එහෙම දෙයක් නෑ ලොකු අයියේ..."

    "නෑ.. නෑ.. එයත් එක්ක ප්‍රශ්නයක් නෑ.."

    ඩී.ජේ ගෘප් හී තුන්වැනියා දුරකථනය විසන්දි කළේ මුහුණ අක්කරයක් පමණ කළු කරගෙනය..

    "කවුරු හරි ලොකු අයියට මැසේජ් එකක් දීලා අපි මෙතන කියලා.."

    "එතකොට නංගි කොහෙද..?"

    "එයා ගෙදර ඉන්නවලු.."

    "මොකක්..?"

    "ඒකනේ කාලා ඉන්න බැරි..."

    හෙමින් සීරුවෙ කතාබහ කළද ඒ කතා සියල්ලම අවිනාශ්ට ඇසෙයි. ඔහුට සිනාවක් පහළ වූයේ ඉබේටමය. එසේ නම් දිලීකා නිවසට ගොස්, ඩිල්ෂාන්ටද ඇමතුමක් දී කෙසේ හෝ සිද්ධීය විස්තර කර ඇත. මොවුන් දෙදෙනා කපා දැමූ පණුවන් සේ දගලන්නේ ඒ නිසාය.

    කෙල්ලත් කරන්නෙ මාර වැඩ තමයි.. ඒ අතින් නම් මටම කැපෙන කෙල්ලෙක්. කියලා වැඩක් නෑ.. අවිනාශ් තමාටම කොදුරා ගත්තේය.

    තවත් වචනයක් නොපවසා තුන්වැනියාත්, හතරවැනියාත් අනෙත් පිරිසත් අවිනාශ් වෙතින් ඉවත් වූහ. ඔවුන්ගේ මුහුණුවල කිසිදු තෙතමනයක් තිබුණේ නැත. කොයි මොහොතේ හෝ ඔවුන් දිලීකාවත් තමාවත් ඩිල්ෂාන්ගේ අතටම අසුකරදී වීරයන් වීමට බලා සිටින බැව් සක්සුදක් සේ පැහැදිලිය. මේ නැවුම් දවසේ උපන් සොදුරු ආදරය, මොවුන්ගෙන් වඩාත් පරිස්සම් කර ගැනීමට සිදුවන බවද, අවිනාශ්ට කියා දීමට කිසිවෙකුත් අවශ්‍ය වූයේ නැත.


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-07.jpg


    07.png


    ඩී.ජේ. ගෘප් හි බාල සොහොයුරන් දෙදෙනාගේ ආගමනයෙන් පසුව, මුල්ම සිදුවීම වූයේ අවිනාශ්ගේ ජංගම දුරකථනයට ලැබුණු නන්නාදුනනා ඇමතුමය.

    "චෑම්ප්..?"

    "ඔව්.."

    "දැන් ඔයාට නින්ද යනවා ඇති නේද..?"

    "ඔය කවුද කතා කරන්නේ..?"

    "මම කවුද කියනෙක තමුන්ට ප්‍රශ්නයක් කරගන්න එපා. ප්‍රශ්නයක් වෙන දේවල් හුගක් ඉස්සරහට තියෙයි.."

    "මං හිතන්නෑ.."

    "හිතන්නැති දේවල් වෙනවා.. මොකද අපි කියපු දෙයක් මෙච්චර කාලෙකට ඇහුවෙ නැත්තෙ තමුසෙ විතරයි.. ඒකෙ රිටර්න් එක, උණු උණුවෙම හරි පිලුනු වෙලා හරි එයි.. ඒක බලාපොරොත්තුවෙන් ඉන්නවා.."

    "තමුසෙලාට මොනවද ඕන..?"

    "අපිට ඕන දේ ගැන අපි කිව්වනේ..? ඒත් තමුසෙ ඒක ඇහුවෙ නෑ.."

    "තමුසෙ කියන්නෙ චැම්පියන් ෂිප් එක සම්බන්ධව නම් ඒක මං කාටවත් දෙන දෙයක් නෙමෙයි.. ඒක මගේ.."

    "කප් එක තමුසෙගෙ වෙන්න පුළුවන්.. ඒත් මතක තියාගන්නවා තමුසෙගෙ ජීවිතේ තියෙන්නෙ අපේ අතේ කියලා.. හහ්.. හහ්.. හා..."

    මහා නරුම හිනා හඩක් දුරකථනය පුරා ගලා හැලෙමින් තිබුණි. අවිනාශ්ගේ සිත පිරී තිබුණේ කියාගත නොහැකි තරමේ නොරිස්සුමකි. ඔහු ජංගම දුරකථනය මුළුමනින්ම විසන්ධි කර නිවසින් එළියට ආවේය. මින් ඉදිරියට කුමක් ඛළ යුතුදැයි ඔහුට නිනව්වක් තිබුණේ නැත. එහෙත් දේවල් සිද්ධවී ගෙන යන ආකාරය ඔහුට කොහෙත්ම දිරෙව්වේ නැත. සියල්ලන්ටම පෙර දිලීකාව හමුවිය යුතුය. එහෙත් එය කෙසේ කළයුතුදැයි ඔහුගේ සිතට වැටහීමක් නොවුණි. තමාගේ සෑම ක්‍රියාවක් පිළිබදවම කවරෙකු හෝ ඇස ගසා සිටිනා බව පමණක් දැනිණි. සිතට නැගී තිබූ නොරිස්සුම තවත් වැඩිවූයේ මේ නොපෙනෙනා සතුරා තවමත් තමාගේ ඇස් ඉදිරියට නොආ නිසාය.

    *************************

    "චියර්ස්..."

    ස්කොට්ලන්ඩ් ග්‍රෑන්ට්ස් වර්ගයේ විස්කි බෝතලයෙන් හලා ගත් මධුවිත ඉහළට ඔසවා ගත් සැවොම ප්‍රීතියෙන් මෙන් එකිනෙකාගේ මුහුණ දෙස බැලූහ. ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහල නිලධාරීන් කීප දෙනෙකුත්, මේ කතාවේ මීට පෙර කියැවී ඇති අලු පැහැති දෙදෙනෙකුත්, ෆොක්ස්හීල් තරගාවලියෙදී තෙවැනියාවූ විශිෂ්ඨ ගනයේ ස්කයි ජම්ප් කීපයක් කර, අවිනාශ්ට කරට කර තරගයක් දුන්නා වූ යතුරු පැදිකරුත් රවුම් මේසය වටා වාඩිවී සිටියාය. එතැන සිටි බොහෝ දෙනෙකු සිනාමුසු මුහුණින් යුක්තව සිටියත්, අලුපැහැති දෙනෙත තුළ වූයේ බලවත් නොරිස්සුමකි. ඔහු සිටියේ කෝපයෙන් දැවෙමිනි. මෙතරම් රාජ්‍ය ආරක්ෂාව තිබියදීත්, මෙතරම් පිරිස් බලය තිබියදීත්, මෙතරම් ධනයක් තිබියදීත්, තම අභමාර්ථය ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වීම ඔහු අපේක්ෂා භංගත්වයට පත්ව සිටියේය. මේ වටමේස සාකච්ඡා, දිගු දුර මෙහෙයුම් පිළිබදව ඔහු කැමැත්තක් දැක්වූයේ නැත. අලු පැහැති දෙනෙතට අවශ්‍ය වූයේ කෙලින්ම තම සතුරා වෙතට ගොස් තම ශක්තිය මුදා හැරීමටය.

    එහෙත් එයට මේ වටමේසයේ වාඩිවී සිටිනා, අමන මෝඩ හැත්ත ඉඩ දෙන්නේ නැත. අඩුම තරමේ තම ආශාවන්ට සරිලන පරිදි ෆොක්ස්හීල් තරගයටවත් සහාභාගි වන්නට ඉඩ දුන්නේ නැත. එයට සහභාී කරවූයේ විශේෂ බලකායේ සිටි අති දක්ෂතම යතුරුපැදි ධාවකයාය. එහෙත් ඔහුටත්, අවිනාශ් අසලකටවත් කිට්ටු කරන්නට හැකිවූයේ නැත.

    "පුතා... ඇයි අපිත් එක්ක තරහින් වගේ..?"

    "තරහා යන්නැද්ද අංකල්... දැන් දවස් කීයක්ද..? ඌ කප් එක උස්සලත් ඉවරයි.. අපි මෙහේ ඌට කෝල්ස් දිදී ගෑනු පාට් ඇක්ට් කරනවා. එක්කො මට රේස් එක පදින්න දෙන්න ඕන. මේ මනුස්සයව යවන්නෙ නැතුව.."


    අලු පැහැති දෙනෙතේ, සිතෙහි වූ ආවේගය පුපුරා ගියේ තුන්වැනියා වූ යතුරුපැදි ධාවකයාගේ දෙසට ඇගිල්ලක් දිගුවෙමිනි. එහෙත් තමාට එල්ල වූ චෝදනාව, බාර ගැනීමට ධාවකයා කැමැත්තක් දැක්වූයේ නැත. සියල්ලටම පෙර ඔහුගේ අභිමානය මහා ඉහළින් නැගී සිටියේය.

    "ඒ කතාව වැරදියි සර්... අන්තිම තත්පරේ වෙච්ච දේ හන්දයි මිනිහා බේරුණේ.. නැත්නම් කප් එක මගේ අතේ.."

    "මොනවා උනත් මිනිහා දිනුවනේ හලෝ.. ඌ අපි හැමෝටම ලස්සනට කොකා පේන්නුවා.. එච්චරයි..."

    අලු පැහැති දෙනෙත කතා කළේ අසීමාන්තික වූ කෝපයකිනි. සිත වෙව්ලවා දැමූ මේ කෝපය, ඔහුට පාලනය කර ගැනීට අසීරු සිමාවෙන් ඔබ්බට ගොස් තිබිණි.

    "මේ වගේ දේවල් වලට කලබල වෙලා බෑ ශානක පුතා.. ඔයා ඒ දේ තේරුම් ගන්න බලන්න.."

    "මොන තේරුම් මගුලක්ද අංකල්.. මොනවද මේ ගැනූ කරනවා වගේ ඇඹරි ඇඹරි දගලන්නේ.. ඌ අපේ කතාවට සෙට් උනේ නැත්නම්, ඌව ඉවරය් කරලා දැම්මා නම් ඉවරනේ.. තව අත ගගා ඉන්නේ.."

    "ශානක පුතා... ඔයාට තව ඉගෙන ගන්න හුගාක් දේ තියෙනවා.. කිසිම දෙයක් කලබල වෙලා හිතේ ආවේගයට කරන්න හොද නෑ.. එතකොට හැමදේම වරදිනවා.."

    "මට ඔය වැදි බණ ඕන්නෑ අංකල්.. මට ඕන වැඩ විතරයි.. ෂිහ්.. අපරාදේ මං මේ හැමදේම ඔයාලට කිව්වෙ.. මං තනියෙම කරා නම් ඔක්කොම ගොඩ දාගන්න තිබුණා.."

    ශානකගේ දැඩි කතාබහෙන් පසුව, පරිසරය පුරා පැතිර ගියේ ඉතා අදුරු නිහැඩියාවකි. ඒ නිහැඩියාව බිදී ගියේ වීදුරු වලට විස්කි වත් කරන හඩත්, හිස් වීදුරුව නැවතත් රවුම් මේසය මත තබන හඩිනුත්ය. කෙසේ වුවත් ශානකගේ පාලනයක් නොමැති කතාවට එහි හුන් බොහෝ දෙනෙකු තම අප්‍රසාදය ප්‍රසිද්ධියේම පල කළහ.

    "ශානක පුතා.. ඔයා මගේ බොස්ගෙ පුතා හින්දා මං ඔයාගෙ හිත රිදෙන්න දෙයක් කියන්නෙ නෑ.. ඒත් අපිට ඔහොම කතා කරන්න එපා.. මොකද අපෙත් හිත් රිදෙනවා.. ඒක කාටවත්ම හොද නෑ.. ඔයා හොදට මතක තියාගන්න.. ඔයා කරන වැඩ වලින් පටි ගැලවෙන්නෙ ඔයාගෙ තාත්තගෙ.. එයා කොයි තරම් ඉහල පුටුවකද ඉන්නෙ කියලා ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑනේ.. අපි උනත් මේ තරම් ප්‍රවේසමෙන් ඔයාට උදව් කරන්නෙ ඒ හන්දා.. මොකද...?"

    "මට ඕවා වැ......"

    "ටිකක් ඉන්න පුතා... මමයි දැන් කතා කරන්නේ.."

    ඉතා දැඩි හඩක්, ඉහළ නිලධාරියාගෙන් පිටවූ අතර, අලු පැහැති දෙනෙත විනාඩි කිහිපයකට නිහඩ කරන්නට ඒ හඩ සමත් විය.

    "අවිනාශ්.. අපේ යෝජනාවට කැමති වූණේ නැති එක ඇත්ත.. ඒත් එහෙම කියලා අපිට එයාව මරලා දාන්න බෑ.. එයා ජනප්‍රිය චරිතයක්.. හැමෝම ඒ ගැන හොයන්න ගන්නවා.. අනික රේස් එකේ ලාස්ට් රවුන්ඩ් එකේ වීඩියෝ එක ඉතා හොදින් බැලුවොත්, මගේ රයිඩර් කරන්න හදපු දේ අහුවෙනවා.. එතකොට.. මොකද වෙන්නේ... ඔය හැමදේම පුංචි කොනක් හරි අපේ මිනිස්ට්‍රි එක පැත්තට ගෑවුණොත්, කොහෙන් නතර වෙයිද කියලා කාටවත් කියන්න බෑ.. ඒක හින්දා කරන කියන හැමදේම ප්‍රවේසමෙන් කරන්න ඕන.. ඔයා මේකට සම්බන්ධයි කියලා ජර්නර්ලිස්ට්ල දැනගත්තු ගමන් ඇගිල්ල දික් වෙන්නෙ ඔයාගෙ තාත්තා දිහාවට.. ඔයා කැමති උනත් අපි ඒ දේට නම් කොහෙත්ම කැමති නෑ.. අනික, ඔයා කිව්වා වගේ අපිට නොකියා හිටිය නම් හොදයි කියලා.. අපිටත් දැන් දැන් හිතෙනවා ඔයාට උදව් කරන්න නොගිහින් හිටියා නම් හොදයි කියලා.. මොකද ඔයා ඔය කරන කියන දේවල් වලින් අපේ හිත් හුගාක් රිදෙනවා..."

    ඉතා ගාම්භිරව, බර හඩකින් ගලා ගිය එම කතාවෙන්, ශානකගෙ මුළු ආත්මයම දමනය කරන්නට හැකිවිය. තරුණයාගේ එඩිය හා ඔද තෙද මුලුමනි්නම බිදී ගිය සෙයක් දිස්විණි. නිකරුනේ කට මැත දොඩා මෙවැනි විශිෂ්ඨ ගනයේ නිර්භීත නිලධාරියෙකු අමනාප කර ගැනීමට ඔහු ඉක්මන් වූයේ නැත.

    "අංකල්.. කියන්නේ මට තවත් වෙලා බලන් ඉන්න කියලද..?"

    ඉහල නිලධාරියාගේ මුවෙහි ඉතා තෘප්තිමත් මදහසක් ඇදී සැනෙකින් මැකී ගියේය. යකඩය දැන් තමාට අවශ්‍ය ප්‍රමාණයට රත්වී ඇති බැව් විශ්වාසය.

    "ඔව්... ඔයාට තියෙන්නෙ කලබල නොකර බලන් ඉන්න.."

    "එතකොට චෑම්ප්ට මොකද වෙන්නේ..? අපි ඌව අයින් කරන්නෙ නැද්ද..?"

    "අයින් කරනවා කියන්නේ, මරනවා කියන එක නම් ඔයා හුගාක් පොට වරද්දගෙන පුතා.. මිනිහෙක් මරනවට වඩා වැඩිය, ඒ මිනිහට රිද්දන ක්‍රම මේ ලෝකෙ අනන්තවත් තියෙනවා.. හිතේ කේන්තියට ඌට දස වද දීලා මැරුවහම උගේ විදවීම එතනින් ඉවරයි.. පසුතැවීම තියෙන්නෙ අපිට.. ඒත් කොහොමද ඒ මිනිහා අවුරුදු ගානක් විදව විදවා ජීවිතේ අපෙන් ඉල්ලනවා නම්...? ඒ.. ඒ දේ බලන් ඉන්නකොට, ඔයාට වගේම අපිටත් ගල ගලා එන සන්තෝසෙ කොයි තරම්ද..?"

    ශානක එයට වචනයකින් හෝ සම්මාදන් වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේත් එයමය. ෆොක්ස් හීල් තරගයෙන් අවිනාශ් ඉවර කර නිතරගයෙන් ජයක් ලැබීමට පුල පුලා බලා සිටියේය.. අවිනාශ් සහභාගී වුවහොත් තමාට අයත් වන්නේ අන්ත පරාජයක් බැව් ශානක හොදින්ම දැන සිටියේය. කෙසේ වුවත් අවිනාශ්ට තර්ජනය කළ පසු, ඔහු තරගයට සහභාගී නොවි සිටිතැයි ශානක සිතා සිටියේය. ඒ ජෙරම් හා අවිනාශ් එකම මට්ටමට දමා සිතන්නට යාමේ වරදිනි. එහෙත් අවිනාශ් යනු, ජෙරම් වැනි බියගුල්ලෙකු නොවන බැව් ඔහු වටහා ගනිද්දී, වතරු මට්ටම නහයට ආසන්න තත්වයටම පැමිණ තිබිණි. කල යුතු වූ කිසිවක් තිබුණේද නැත.. සහභාගී වුවහොත් සිදුවන්නේ ඉතා ඉහළින්ම පරාජය වැළද ගැනීමටය. ආරක්ෂක බලකායේ විශිෂ්ඨ දක්ෂතා පෙන්වා ඇයි යතුරුපැදිකරු, විවෘත අංශයේ තරගයට යොමු කරන්නට සිදුවූයේ එබැවිණි. තමා ඉදිරියේ සිටිනා එම යතුරුපැදිකරු අවිනාශ් හා කරට කර සටනක් දෙමින් පෙන්වූ දක්ෂතා වලින් සියයට ගණනක්වත් පෙන්වීමට තමාට හැකියාවක් නොමැති බැව් අකමැත්තෙන් වුවද ඔහු පිළිගත්තේය.

    කෙසේ නමුත් අවසානයෙදී ශානක තම සිතට දිව්රුම් දී ගත්තේ තම වටා සිටිනා ඉතා ඉහල ගනයේ හැකියාවන් ඇති පුද්ගලයින්ට තවත් අවස්ථාවක් දී බලන්නටය. ඉන් පසුවත් තමා සෑහීමකට පත්වන ආකාරයේ දෙයක් සිදු නොවන්නේ නම් තමාම මේ අනතුරුදායක ක්‍රිඩාවට නැඹුරු වන්නටය.

    ****************************

    දිලීකා හමුවීමට නම්, කවරෙකුගේ හෝ සහායක් අවැසි බැව් දින දෙක තුනක් යද්දීම අවිනාශ්ට වැටහිණි. ඔහුගේ සිතට මුලින්ම ආවේ ජෙහාන්ය. එහෙත් ජෙහාන් වැනි කෙනෙකු කොතරම් විශ්වාසවන්ත වුවත්, කාර්යක්ෂමතාව අතින් ඒ තරම් ඉදිරියෙන් සිටියේ නැත. ඒ නිසාම වෙනත් විකල්පයක් ගැන සිතීමට ඔහුට සිදුවිය. අනෙක් කරුණ නම් ඩී.ජේ ගෘප්හි බාල සොයුරන් දෙදෙනා තම වටා එලන්නට තැන් කරනා දැලෙන්ද හීන් සීරුවේ ගැලවීමට අවශ්‍යව තිබූ නිසාය. ඒ දැලට හසුවී, ඩිල්ෂාන්ගේ ප්‍රියමනාප මුහුණ අදුරු කිරීමට අවිනාශ් තුල කිසිදු කැමැත්තක් තිබුණේ නැත. දිලීකාගේ පැත්තෙන් තමාට සහායක් හෝ යම් පමණක විශ්වාසයක් තැබිය හැක්කේ ඩිල්ෂාන් ගැන පමණක් ද බවද අවිනාශ් දැන සිටියේය. එහෙත් එහිදි කල් ඉකුත්වීමේ දිනය ගැන අවිනාශ්ට විශ්වාසයක් තිබුණේ නැත.

    හතර අතටම කල්පනා කර අවිනාශ් නිවසින් පිටවූයේ සිත එක අරමුණකවත් තබාගෙන නොවේ..

    "අ..වි..නාශ්.."

    ළමා ක්‍රීඩා පිටිය පසු කරන්නට වූයේ නැත. ළගින්ම ඇසුණු කටහඩින් ඔහු තිගැස්සී ගියේය. මේ වේලාවේ සිත කිසිසේත්ම බලාපොරොත්තු නොවූ රුවක් ඔහු අසල විය.

    "රොමේෂි.."

    ඇයගේ මුහුණ සතුටින් බැබලෙමින් තිබිණි. අනපේක්ෂිත මේ හමුවීමෙන් ඇය වඩාත් සතුටට පත් වී සිටිනවා වැනිය.

    "මං හිත හිතාමයි හිටියෙ අද කොහොම හරි ඔයාව දකින්න ලැබෙයි කියලා.. ඒක හරියටම හරි ගියා.. ඇත්තටම හරිම පුදුමයි.."

    "මට නම් පුදුමයක් නැහැ..."

    "ඇයි ඒ...?"

    "ඔයා සමහරවිට වෙනද වගේම මාව ෆලෝ කරන්න ඇති.."

    රොමේෂිගේ රූමත් මුහුණ මදක් ඇකිලී යනු අවිනාශ් දුටුවේය. තමා එල්ලකළ සියුම් පහර කම්මුල් පහරක් පරිද්දට ඇය බාරගත්තා වැනිය.

    "ඔයා එහෙමද හිතන්නෙ අවිනාශ්...?"

    "ඔයා කලින් දවසෙ කියපු දේවල් එක්ක එහෙමනේ හිතන්න වෙන්නේ"

    "එහෙනම් ඔයාට හුගාක් වැරදිලා අවිනාශ්.. ඔයාගේ අකමැත්තෙන්, බලෙන් මට කීයටවත් ඔයාව ලංකර ගන්න උවමනාවක් නෑ. ඔයාගෙ කැමැත්තෙන්ම, ඔයා මට ලංවෙනවා නම් තමයි ලස්සන.. මං ඒ දවස උදාවෙනකල් ආසාවෙන් බලන් ඉන්නවා.."

    "ඒ දවස කවදාවත් උදාවෙන්නෑ ෂිරෝමි.. මං ඔයාට එදත් කිව්වනේ, මට ගර්ල් ෆෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා.."

    රොමේෂිගේ මුහුණේ ඇදී ගියේ බරපතල ආකාරයේ පෙනුමකි. එහෙත් ඇය එය වහා සගවා ගත්තාය. තම සිතැගි, අවැසි වේලාවට එළිදක්වන්නටත්, නොඑසේ නම් සගවා ගන්නටත්, උපරිම දක්ෂතාවයක් මේ කොලු භාගයේ කෙල්ල තුළ පැවතුණි. එහෙත් අවිනාශ් නම් එහි කිසිදු විශේෂත්වයක් දුටුවේ නැත. අවිනාශ් තුළ වූ එකම දුර්වලතාවය එයම විය. එනම් තමාට අවශ්‍ය පුද්ගලයන් ගැන අවධානය යොමු කිරීමත් අනෙක් පුද්ගලයන් ගැන නොතකා හැරීමත්ය. එසේ වූ විට, අනවශ්‍ය පුද්ගලයින් ගෙන් වන හානිය නොසිතන මොහොතක සිදුවීමට විශාල ඉඩකඩක් ඇති බැව් ඔහු පිළිගත්තේ නැත. අනෙක් දෙය නම් රොමේෂිගේ රූමත්කම නොසලකා හැරීමයි..

    "හිත රිදෙන කතා අපි නවත්තමු අවිනාශ්...?"

    "හිත රිදෙන කතා ඔයානේ පටන් ගත්තේ..?"

    "හරි.. හරි.. සමාවෙන්න.. සමාවෙන්න.. ඉතිං කොහෙද මේ හදිසියේම දුවන්නේ..?"

    "මං යාලුවෙක් හම්බවෙන්න යන ගමන්.."

    "ගෑනු යාළුවෙක් නෙමේනේ.."

    කට කොනට නගා ගත් අමුතුම ආකාරයේ සිනාවක් සමග ෂිරෝමි, අවිනාශ්ගේ මුහුණ මැදට එබුණාය. ඒ දෑසේ වූ සොදුරු බැල්මෙන් හා ඇයගේ සිරුරේ වූ සිත් බදනා ඉරියව්වෙන්, අවිනාශ් මොහොතකට කැළඹීමට පත්විය.

    "රොමේෂි..? කොහෙද යන්නේ..?"

    ඇය යන තැන තමාට වැදගත් නොවුවත්, ඇයගේ ප්‍රශ්නය මග හැරීමට අවිනාශ් සමත් වූවාය.

    "යන්නෙ.. ඔයාව හම්බවෙන්න..."

    "මාව...?"

    "ඔව්.. ඔයාගෙ ගෙදරට.."

    ඔයාට පිස්සුද හලෝ මෙලෝ සිහියක් නැතුව මගේ ගෙදර එන්න.. යැයි කීමට දිව අගට ආවත්, අවිනාශ් බලවත් ආයාසයකින් එම වචන පේලිය නවතා ගත්තේය. නොරිස්සුම් සහගත හැගීමක් සිත උණුසුම් කරමින් ගලාගෙන ගියද ඔහුට කළ හැකි කිසිවක් තිබුණේ නැත. රොම්ෂිගෙන් ලද උපකාරය, ඔහුගේ මුවට ඉබී යතුරුලා තිබිණි. අනෙක ඇය තමාට කළේද එසේ මෙසේ උපකාරයක් නොවන බැව් අවිනාශ් සක්සුදක් සේ දැන සිටියේය. බොහෝ විට ඇයට, තරගයේ පළවැනියා වන්නටද අවස්ථාවක් තිබූ බැව්, දිගින් දිගටම කල්පනා කරද්දී අවිනාශ්ට ප්‍රථම වතාවට සිතුණි, රතු පැහැති යතුරු පැදිකරුත් එකට ගැටුණා නම්, එසේ ගැටෙන්නට ඉඩදී ඇය ඇයගේ ගමන ගියා නම් රොමේෂි බොහෝ විට පළමු ස්ථානයේ වැජඹෙන්නට තිබිනි. එහෙත් ඇය, ඇයගේ ජයග්‍රහණයට වඩා සිතුවේ තමාගේ ජීවිතය ගැනය. තමාගේ ජහග්‍රහණය ගැනය. එනිසාම තමාට දුර දිග බලා කතා බහ කරන්නට සිදුවන බැව් අවිනාශ් දැන සිටියේය. නැතිනම් එය මහා ගුණමකුකමක් වනු නිසැකය.

    "ගෙදර යන්න ඕනෙ නෑ නේ ෂිරෝමි.. මම මෙතන ඉන්නවනේ..."

    තෙතමනයක් නොමැතිව නැගෙන්නට ගිය කටහඩ ඔහු ආයාසයෙන් පාලනය කරගත්තේය. රොමේෂි හිස ඔසවා ඔහු දෙස බැලුවේ පුදුමයෙනි.

    "එහෙනම් ඔයා මගෙත්එක්ක ලන්ච් එකක් ගන්න එනවද..?"

    "කොහේටද..?"

    "අපි කොහේ හරි නිදහස් තැනකට යමු.."

    ඇය කීවේ බොහෝ සැහැල්ලුවෙනි. එහෙත් ඇය කියනා ආකාරයේ නිදහසක් අවිනාශ්ගේ සිතේ තිබුණේ නැත. දිලීකාගේ සුරතල් මුහුණ ඔහුට හතර අතින්ම මැවී පෙනෙන්නට විය.

    "අද බෑ රොමේෂි.. මං මේ හදිසි ගමනක් යන ගමන්.."

    "අද බැරි නම් කවදද..?"

    "වෙන දවසක.."

    අවිනාශ් කීවේ බලාපොරොත්තුවක් ඇතිව නොවේ. එහෙත් ඒ වෙනි දවස ඔහුගේ ජීවිතය මුළුමනින්ම කණපිට හරවන්නට උදාවන දවසක් බව මේ ජේත්තුකාරයා දැන සිටියේ නැත. ඇත්තෙන්ම දෛවය යනු පුදුමාකාර දෙයකි. දෙයක් සිදුවන්නට තිබේ නම්, එය කුමනාකාරයකින් හෝ සිදුවෙයි. සිදුවන දෙය හොදද නරකද කියා තීරණය කරන්නට හැකිවන්නේ එය සිදුවී අවසාන වූවාටත් පසුවය. එහෙත් එයටද සීමාවන් පවතින්නේ අප ඒ අවස්ථාවේ සිතින් කඩාගෙන වැටෙනා තත්වය අනුවය.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "වෙන දවසක කිව්වේ..?"

    "වෙන දවසක කිව්වෙ වෙන දවසක.."

    "ම්.. එහෙනම් ඒ දවසෙදි අපි අපේ ගෙදරදි ලන්ච් එක ගනිමු.. හොදේ.."

    "බලමු..."

    රොමේෂිගෙන් ගැලවීමක් නොමැති තැන අවිනාශ් කීවාය. එහෙත් ඒ පිළීතුරින් ඇය සෑහීමකට පත් වූයේ නැත. ඇය අවිනාශ්ගේ අතින් අල්ලාගෙන නැවතත් කතාව පටන් ගැන්මට උත්සාහ කළාය. අවිනාශ්ට ඒ වනවිට අවශ්‍යව තිබුණේ එතැනින් මග හැර යාමටය..

    "බලමුකො කියලා බෑ.. ඔයා ෆික්ස් කරන්න ඕන.."

    තුන්සිත පුරාම දිලීකා රගදෙද්දී තවත් යුවතියකට සිත යොමන්නේ කෙසේදැයි අවිනාශ් දැන සිටියේ නැත. ඔහු එම කලාව යාන්තමින් හෝ ප්‍රගුණ කර තිබුණා නම් මේ කතාව මෙයට වඩා අපූරු කතාන්දරයක් වීමට ඉඩ තිබිණි. එහෙත් සියල්ල වෙනස් වූයේ, අනාගතය තුළදී කාලකණ්ණිකමට ඉතිරිව තිබූ විනාඩි කිහිපයකිනි.

    "ඔයා ඔය කියන දවසට මට වෙන වැඩක් තිබුණොත් එන්න වෙන්නෙ නෑ ෂිරෝමි.. ඒක හින්දා ඔය පිස්සු වැඩේ අතාරින්න.."

    "මොනවා.. මේක පිස්සු වැඩක්..? ඔයත්තෙක්කල න්ච් එකක් ගන්නෙක පිස්සු වැඩක්.. ඔයා එහෙමද හිතන්නෙ අවිනාශ්.."


    ඇයගේ සිත බලවත් සේ පෑරි ගිය බැව් අවිනාශ් දුටුවේය. ඔහුගේ සිතට සියුම් අනුකම්පාවක් ගලා ආවේ ඔහුටත් හොර රහසේය. ඇය කෙලෙසක හැසිරුණත්, ඇය තමාට කළ ලෙංගතු උපකාරය අනුව, අඩුම ගණනේ ඇයගේ සිත නොරිදෙන ලෙසටවත් හැසිරිය යුතුය. ඇය හිතනා ආකාරයේ ආදරයක් තමාගේ සිතේ නොමැති බැව් සැබෑය. එහෙත් සෑම පිරිමියෙකුගේම සිතක් මෙන්ම අවිනාශ්ගේ සිතද ඇය කෙරෙහි යම් ලෙංකගුකමකින් යුක්ත වී යැයි පැවසීම බොරුවක් නොවේ.

    "හරි.. ඔයා කැමති දවසක් කියන්න.. මං එන්නම්.."

    අවිනාශ් තම ජීවිතයේ අතිශය වේදනාත්මක දිනය සදහා දෙවරක් නොසිතාම මංපෙත් විවර කළේයත රොමේෂීගේ දෙනෙත, කියාගත නොහැකි පැහැබර සතුටකින් පිරී තිබිණි. එහෙත් ඒ සතුට මතින්, තමා ජීවිතයටත් වැඩියෙන් ආදරය කළ ජේත්තුකාරයාගේ ඉරණම තීන්දු වෙන බවක් රොමේෂි කිසිසේත්ම දැන සිටියේ නැත. එසේ දැන සිටියා නම් ඇය මේ හමුවීම ගැන ලබන ආත්මයේවත් සිතන්නේ නැත. මන්ද යත් මේ සොදුරු හමුවීමෙන් රොමේෂී නම් වූ රුවැත්තියද මේ ආත්මයේ නම් ලැබූ දෙයක් නොමැති නිසාය.

    **************************

    රොමේෂිත්, අවිනාශුත්අතිශය තීරණාත්මක දිනයකට විවරනය ලබා ගනිද්දී, ළමා ක්‍රිඩාංගනයට මෙපිටින් ඔවුන් දෙස ද්වේෂයෙන් බලා සිටින අලු පැහැති දෙනෙතක්ද මේ නාටකයේ සිටියේය. ඒ ශානකය. ඔහු බලා සිටියේ අවස්ථාවක් උදාවනතුරුය. තම පියාගේ පහල නිලධාරින් කීවා සේ දෙයක් එක්වරම කර රිද්දනවාට වඩා සෙමින් සෙමින් රිද්දවීම වඩා ප්‍රතිඵල ගෙන දෙන්නක් බැව් ඔහු මේ වනවිට හොදින් දැනගෙන සිටියේය. එහෙත් ඔහුට කළ නොහැකි දෙය වූයේ අවිනාශ්ගේ මුහුණ දෙස මේ ලෙස බලා හිදීමෙන් සියල්ල ඉවසා දාරා සිටීමය.

    මේ සියල්ලමට මුල ෆොක්ස් හීල් තරගාවලියය. එය නොපවැත්වූයේ නම් මේ කිසිදු අවුලක් වන්නේ නැත. විවෘත අංශයේ තරගය, තමා ජයගන්නා බවට, තම සොදුරු පෙම්වතිය ඉදිරියේ පාරම් බෑ ශානකට, එම තරගාවලියට සහභාගී විමටවත් ඉඩක් නොලැබිණි. ඒ අවිනාශ්ගේ ඉදිරිපත් වීම නිසාය. එසේම ආරක්ෂක අමාත්‍යංශයේ යතුරුපැදිකරු ඉදිරිපත් කරන්නට සිදුවූයේ අවිනාශ් සමග සටනට ප්‍රහාරාත්මක තරගකරුවෙකු අවැසි නිසාමය. බොහෝවිට තමා ඒ තරගයට සහභාගි වූයේ නම් තමාට අත්වන ස්ථානය පිළිබදව බොහෝ පසුතැවීලිවීමට තමාට සිදුවනු ඇත. අවිනාශ් පළමු වටයේදීම තමා පසුකර යනු ඇත. ඒ ගැන දිගින් දිගටම සිහිපත්වෙත්ම ශානකගේ අලු පැහැති දෙනෙත පිරී ගියේ අවිනාශ් කෙරෙහි වූ මහත් වෛරයකිනි.

    ඒ සමගම තම ඇස් මායිමෙන් ඉවතට ඇදී යන අවිනාශ් ඔහු දුටුවේ අහම්බයෙනි. ඒ තරමට ඔහුගේ කල්පනාව දැඩි වී තිබිණි. කෙසේ වුවත් තමා අවිනාශ් පසුපස හඹා යා යුතුය. ඒ මොහොතේම රොමේෂි ඔහු සිටි දෙසට හැරුණාය. තමාගේ ඇස් මායිමේ සිටින සුරූපිණිය දුටු ශානක මදක් තිගැස්සුනි. තමා ඉදිරිපිට මේ ලබාදී ඇත්තේ ඉතා අනගි අවස්ථාවකි. අවිනාශ් සම්බන්ධයෙන් ප්‍රහාරයක් එල්ල කිරීමට ඇයව ඉත්තෙකු සේ යොදා ගැනීමට තමාට හැකිවනු ඇත. එම සිතුවිල්ල පවා ඔහුගේ සිතට එක් කළේ සුනම්‍ය වූ ප්‍රිතියකි. අත පුරා මුදල් මිටියක් දුන් පසු වෙනස් නොවන්නේ කවුද..? රත්තරං ආභරණ තුන හතරක් දුන් පසු වෙනස් නොවන්නේ මොන ගැහැණියද..? ගැහැණු සම්බන්ධයෙන් ඔහුගේ සිතේ වූයේ අඩුම අඩු ලංසුවකි. ඔහු සිතා සිටියේ ගැහැණුන් හැරෙන හැරෙන පැත්තට කතා කරන, කඩවසම් පුද්ගලයෙකුට ඕනෑ වෙලාවක නම්මාගත හැකි සත්ව කොට්ඨාසයක් බවය. එහෙත් එසේ සිතනා මෝඩයින්ගේ වටිනාකම, අර ලංසුවටත් වඩා පහල යන බැව් ශානක දැන සිටියේ නැත. ශානක සිතා සිටිනා ආකාරයේ නොවනා ගැහැනුන්ද බහුතරයක් සිටිනා බැව් ඔහු ඇදහූයේ නැත. දිලීකා මෙන්ම රොමේෂිත්, ඒ අතින් ඉතා ඉහල තත්වයක සිටියහ. ශානකට වැරදී තිබුණේ එතැනය. ඔහු සියලු ගැහැණුන් දමා තිබුනේ එකම ස්ථානයකටය.

    **************************

    "වැඩේ හරි.. හතරදෙනාම එළියට ගියා..."

    මෙතුවක් වේලා බලාපොරොත්තුවෙන් සිටි දුරකථන ඇමතුම අවිනාශ් වෙතට ලැබිණි.

    "ජෙහාන්.. උඹට ෂුවර්ද..?"

    "මොකක්ද..?"

    "එයාලා ගියේ ළගට නෙමෙයි කියලා.."

    "නෑ.. කොහේ හරි ටිකක් දුර ගමනක් වගෙයි දැක්කේ.. කරන දෙයක් ඉක්මනට.."

    දින කිහිපයක සිටම, දිලීකාගේ නිවස පේන මානයේ ඇති නිවසක නතරව සිටි ජෙහාන්, අවිනාශ්ට ඔත්තු සැපයීම සිදු කළේය. ඒ අතුරු අන්තරාවක් නොමති නම් දිලීකා හමුවීමේ අරමුණ ඇතිවය. එහෙත් ගතවූ දින කිහිපයේම ඩී.ජේ. සොයුරන් සියලු දෙනාම නිවසින් පිටව ගිය අවස්ථාවක් උදාවූයේ නැත. ඒ නිසාම දිලීකාට නිවසින් එළියට ඒමටවත් අවිනාශ්ට ඇයව හමුවීමටවත් අවස්ථාවක් උදාවූයේ නැත.

    "හරි.. තව ඩිංගකින් මං ඔතන.. ජෙහාන් උඹ දිගටම එලට් ඇලර්ට් එකේ ඉදපං.."

    "පරිස්සමින් අවිනාශ්.. දිලීකාගේ අයියලා ලෝක අංඩපාලයෝ.. උං ළගකදි ඉදන් කෙල්ලව සෑහෙන්න සැක කරනවා.."

    අවිනාශ් තවදුරටත් කතාව සදහා කාලය මිඩංගු කලේ නැත. ඔහු වහාම ක්‍රියාත්මක විය. මෙය ලෙහෙසියෙන් පහසුවෙන් ඉවත දැමිය හැකි අවස්ථාවක් නොවේ. දිලීකාගේ නිවසේ ප්‍රධාන ගේට්ටුවට සෑහේන තරමේ දුරකින්, අතුරු ගේට්ටුවක් ඇති බැව් කලින් පැමිණි එකම එක වතාවේදි අවිනාශ් දැක තිබිණි. නමුත් ඉදිරිපස ගේට්ටුව වසා ඇති ආකාරයට එයද වසා තිබිණි නම් යම් කිසි ගැටලුකාරී තත්වයක් ඇතිවනු නිසැකය.

    එහෙත් වාසනාව අවිනාශ්ගේ පැත්තේ විය. සොයිබය දමා තිබුණද එය කුමන හේතුවකට හෝ එහි ඉබි යතුරු ලා තිබුණේ නැත. අවිනාශ් තවදුරටත් බලා සිටියේද නැත. අලංකාරය උද්‍යානයක සිරිගත් වත්ත මැදින් ඔහු වහ වහා නිවස වෙතට ලංවිණි. අවිනාශ්ගේ ඉලක්කය වූයේ දිලීකාගේ නිවස ආසන්නයේම තිබූ අදුරු පටු කොරිඩෝවය. සියලු දෙයම කළ යුත්තේ සීරුවට බැව් අවිනාශ් දැන සිටියේය. සුළු අත්වැරදීමකින්, නැවත කිසිම දෙයක් මුලින් තිබූ ආකාරයට ගැනීමට නොහැකි වනු ඇත. සෑම දෙයක්ම විනාශවී යාමට එකම එක තත්පරයක් හොදටම ප්‍රමාණවත්ය.

    අදුරු කොරිඩෝව තුලදී අවිනාශ් නිරත්තරව පිටුපසට පමණක් අවධානය යොමු කළේ යම් කිසිවෙකු තමාගෙ පිටුපසින් පැමිණෙන බැව්, ඔහුගේ සිතට අනතුරු අගවා තිබීම නිසාය. කොරිඩෝවේ මැද හරිය වඩාත් අදුරු පැහැගෙන තිබිණි. අවිනාශ් පිටුපස බලා නැවතත් ඉදිරිය බලද්දි යම් කිසිවෙකු තදින්ම අවිනාශ්ගේ ඇගේ හැපී බිම ඇද වැටිණි. පෙනුමේ හැටියට වැටුනු පුද්ගලයා දිලීකාගේ යොහොයුරෙකු විය යුතුය. එහෙත් තමාට ජෙහාන් දැනුම් දුන්නේ ඔවුන් හතරදෙනාම නිවසින් පිටව ගිය බවය.

    අවිනාශ් මොහොතකට තිගැස්සී බලා සිටියේය. මෙය නම් කිසිසේත්ම බලාපොරොත්තු වූ ආකාරයේ සිදුවීමක් නොවේ. දිලීකාට තමා නොදන්නා තවත් සොහොයුරෙකු සිටීද..? එහෙත්, අවිනාශ්ගේ සිතුවිලි සියල්ල උඩු යටිකුරු වී ගියේ බිම ඇද වැටුණු පුද්ගලයාගේ කතාබහත් සමගය..

    "ලොකු අයියේ..."

    අවිනාශ්ගේ සිතට දැනුණේ අදහාගත නොහැකි ආකාරයේ සතුටකි. තමා අසළ මේ බිම වැටී සිටින්නේ දිලීකා නොවේද..? කෙසේ වුවත් ඇය සිතන්නේ තමා ඩිල්ෂාන් බවය. එහෙත් තමා හැදිනගත් විට ඇයගේ සිතේ පැන නගින සතුට, තමාගේ සතුටද ඉක්මවා යන බැව් අවිනාශ් දැන සිටියේය. ඔහු කටහඩ මදක් ගොරොසුකර කතාව පටන් ගත්තේය.

    "කොහෙද මේ යන්නේ..? හිතුවෙ නෑ නේද මට අහුවෙයි කියලා.. අර බයික්කාරයා හම්බවෙන්න නේද යන්නේ..?"

    කටහඩ ගැඹුරු කළද, කතාවේ අවසාන භාගයෙදී අවිනාශ්ට සිනහ යන්නට ආවේය. දිලීකාද ක්ෂණයකින් නැගී සිටියාය. තමා ඇයව බය ගන්වන්නට සිතුවා මදිය.

    "දෙ...දෙයියනේ... අවිනාශ්... මේ ඔයාද...?"

    තම සුසුම් හඩ පවා හදුනන ඇයට, කටහඩ වෙනස්කර කතා කිරීමෙන් පලක් නොවන බැව්, ඔහු මුලින්ම දැන සිටියේය. එහෙත් උත්සාහ කිරීමම වැදගත්ය. එය වතුරේ යාම වෙනමම දෙයක්ය.

    "කොහෙද රත්තරන් මේ හැංගි හැංගි දුවන්නේ..? ඔයා මාවත් හොදටම බය කෙරුවා.."

    "මට නම් අදහන්නත් බෑ.. ඔයානේ පැටියො මාව බයකලේ.. මං මේ ඔයාව හම්බවෙන්න යන ගමන්.. අයියලා කවුරුත් ගෙදර නෑ.."

    "ඒක දන්න හින්දා තමයි මං ආවෙ දිලී.."

    "අනේ.. ඔයා ආපු එක කොයි තරම් හොදද..? එන්න.. පහුගිය දවස් ටිකේ මං පිස්සුවෙන් වගේ හිටියේ.. ඇත්තමයි මං හීනෙකින්වත් හිතුවෙ නෑ ඔයා මෙහෙම එයි කියලා.."

    "කොහොම හරි මං ආවනේ දිලී..."

    "එ...න්....න...."

    සිහින් ස්වරයෙන් දිලීකා නැවතත් අවිනාශ්ට අඩ ගැසුවාය. තවත් ඉතිං සිත සිතා හිදින්නේ කුමකටද..? අතිශය සොදුරු වූ හැගීම් දස දහස් ගණනක් පිස පුරා රජයද්දී අවිනාශ් ඇය පසුපසින් පියමැන්නේය.

    "ඔයා කොහොමද රත්තරනේ ආවේ..? කවුරුවත් ඔයාව දැක්කෙ නෑ නේද..?"

    අවිනාශ්ගේ දෙකම්මුල් තම සුසිනිදු දෑතින් සිරකරගන්නා ගමන් දිලීකා ඇසුවාය.

    "ඒ කියන්නෙ ගෙදර සර්වන්ට්ල ඉන්නවද..?"

    "ඔව්.. හරිම පුදුමයි කවුරුවත් ඔයාව නොදැක්ක එක. මොකද අර ටැමිල් සර්වන්ට් නිතරම ඉන්නෙ වත්තේ.. ඒක නමේ ඔයා කොහොමද ආවේ...?"

    "පල්ලෙහා තිබ්බ පුංචි ගේට්ටුවෙන්.."

    "ආ...නේ..."

    "ඇයි දිලී...?"

    "අයියලා යනවා කියලා දැනගත්තාම, මමයි ඒක ගිහින් ඇරලා දාලා ආවේ.. මොකද එයාලා ගියාට පස්සෙ එතනින් පාරට පැනගන්න පුළුවන්නේ ඔයාව බලන්න එන්න.."

    සාමාන්‍ය ජීවිතයේ තමාට වඩා ඇය කොතරම් ඉදිරියෙන් සිටින්නේද යන්න අවිනාශ්ට තවත් වතාවක් පසක් විය.

    "අද නම් මම ඔයාට වැඩිය ඉස්සර උනා.."

    අවිනාශ් කීවේ ඉතා සෙමෙන් වුවද යාන්තමට සිනාසෙමිනි. දිලීකාගේ වතෙහිද පැහැදිලි මදහසක් ඇතිවී නැතිවී ගියාය.

    "එන්න.. අපිට අද ඕනවටත් වැඩිය වෙලාව තියෙනවා.."

    අවිනාශ්ගේ අතකින් ඇදගෙන දිලීකා ඇයගේ කාමරයට ඇතුලු වූවාය. ඉතා පිළිවෙලකට සෑම දෙයක්ම තිබූ දිලීකාගේ කාමරය, දුටු මතින්ම අවිනාශ්ගේ සිත පැහැර ගත්තේය.

    "ඉතිං කියන්නකෝ..."

    "මට ඔයා නොදැක ඉන්න බෑ දිලී.."

    අවිනාශ්ගේ කටහඩ මදක් වෙව්ලා ගියේය. සියලු දෑම සිතේ සිරකර තමා ගන්නවාට වඩා ඇය ඉදිරියේ නිදහස් කර හැරීම වඩා හොද බැව් ඔහු තේරුම් ගෙන තිබිණි. එක එල්ලයේම අවිනාශ් දෙස බලා සිටි දිලීකාගේ සොදුරු දෑසේ පිරීතිබුණේ ආදරයත්, අනුරාගයත්, හදිසියේ උදාවූ මේ අනග අවස්ථාව, උපරිම සතුටකින් ගතකිරීමේ අභිලාෂයත්ය.

    "මටත් එහෙමයි.."

    දිලීකා කීවේ රහසින් කොදුරන්නාක් මෙනි..

    "අපි දෙන්නා මේ ආදරේ ලගදි කොයි තරම් අසරණයිද දිලී.. බලන්න අපිට හම්බවෙන්න වෙලා තියෙන හැටි. ඒකටත් දවස් කීයක් බලන් ඉන්න ඕනෙද..? මගේ හිතට කිසිම නිදහසක් නෑ කෙල්ලෙ... "

    "හිරකාරියක් වගේ ගෙවන මේ ජීවිතේ මට දැන් එපාම වෙලා අවිනාශ්.. ඉස්සර නම් මට මේ කිසි දෙයක් දැනුණේ නෑ. මේ ගෙදර ඇතුළට වෙලා මං හිටියෙ හුගාක් සන්තෝසෙන්.. ඒත් ඔයාව හම්බ උනාට පස්සේ, මේ ලෝකෙ කොයි තරම් ලස්සනද කියලා දැනගත්තට පස්සෙ, මට මගේ හැගීම් හංගන්න බෑ.. තවත් මෙහෙම හිටියොත් මට පිස්සු හැදෙයි.."

    "අපි මේකට ඉක්මනට මොනවා හරි කරමු දිලී.."

    "ඒ කිව්වේ...?"

    "ඒක මං ඩිංගකින් කියන්නම්.. එන්නකො මගේ ළගට..."

    "ඇයි...?"

    දිලීකා ඇසුවේ අතිශය දගකාර හඩකිනි. මේ ගෙවී යන එක තත්පරයක්වත් අපතේ හැරීමට ඇති මහා ලෝබකමකින් ඇයගේ සිත වෙලා ගත්තේය.

    "ඇයි අහන්නේ.. ළගට එන්න කිව්වෙ ආදරේ කරන්න නේ..."

    "අපි ඈතින් ඉදගෙන ආදරේ කරමු...?"

    "ඈතින් ඉදගෙන..?"

    "ඔව්.. මෙච්චර දවසක් කරා වගේ.."

    "ම්.. එහෙනම් මම ගිහිල්ලා එන්නම්..."

    "අ.. අනේ ඇයි ඒ...?"

    "මං අපේ ගෙදර ගිහින් ඔයාට ආදරේ කරන්නම්.. ඔයා මෙහේ ඉදන් මට ආදරේ කරන්න.."

    අවිනාශ් කාමරයේ දොර කරා ඉක්මන් ගමනින් ආවේ. ඇය කුමක් කියන්දේදැයි බලමිනි. දිලීකාගේ දෑස පිරී තිබුණේ සොදුරු දගකාරකමකිනි.

    "හරිම හොරෙක් තමා.. ඔය ඉතිං යන්නද හදන්නේ..?"

    "ඔව්.. ඈත ඉදන් ආදරේ කරන්න එපායෑ.."

    "මෙච්චර ළගට ඇවිල්ලා...?"

    "මොනව කරන්නද.. ළගටවත් එන්න දෙන්නැති කෙල්ලෙක් එක්ක ඉතිං ආදරේ කරන්න වෙන්නෙ එහෙමනේ.."

    "දෙයියනේ.. මං එහෙම දෙයක් කිව්වද..?"

    "නැත්තං..."

    "අනේ... මං මොනවද කිව්වේ...?"

    "කටේ දිවේ ගෑවෙන්නැතිව කිව්වේ ඈත ඉදන් ආදරේ කරමු කියලා.."

    "දෙයියනේ.. විහිලුවක්වත් තේරෙන්නෙ නැද්ද..?"

    "දෙයියොන්ට විහිලු තේරෙන්නෙ නෑ නේ.."

    "අනේ ඔහොම බුම්මගෙන ඉන්න එපා.."

    "පස්මහ බැලුම් බලල බලලා අමාරුවෙන් ආවමහ, ඒ ඇවිත එය වගේ දෙයක් කිව්වහම හිතට හරිම සනීපයි.. මං යනවා දිලී..."

    අවිනාශ් කාමරයෙන් එළියට යන්න සැරසුණේය.. සිටි තැනින් වහා මෑත්වී දිලීකා, අවිනාශ් ළගට ආවාය. රූමත් මුහුණ මැදින් පායා තිබුණේ සාමාන්‍ය ප්‍රමාණයේ තරවටුවකි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "කොහේ යන්නද හදන්නේ...?"

    "කොහේ හරි දුර ඈතකට.."

    "දුර ඈතකට..."

    "ඔව්.. දුර ඈතකට.."

    "ඇයි අවිනාශ්...?"

    "ඈත ඉදන් ආදරේ කරන්න.."

    පිපිරෙන්නට ආ සිනාව මැඩගත් දිලීකා තම දෑත අවිනාශ්ගේ ශරීරය වටා යවමින් ඔහුට තුරුලු වූවාය. මේ සොදුරු උනුසුම විද ගැනීමට, මේ තුන් සිතම නලවන මිහිර විදගැනීමට, දින කීයක් නම් බලා සිටියාද..? කී දාහක් නම් සැලසුම් පිළියෙල කලේද..? ඒ සියල්ලේම අග්‍ර ඵලයක් නොසිතූ මොහොත තමගේ දෝතට පැමිණ තිබේ.. දිලීකා සිතුවේ අපමණ සතුටකිනි..

    "අපිට හැමදාම මෙහෙම හම්බවෙන්න තියෙනවා නම්..?"

    "මටත් හැම වෙලාවෙම එහෙම හිතෙනවා දිලී.. සමහරවිට.."

    "ඔව්.."

    "ඉස්සරහට මීට වඩා හොද කාලයක් අපිට එයි.."

    "මාත් එහෙම හිතනවා.. ඒත් ඒ හොද කාලෙ අද හෙටම එනවා නම් හොදයි නේද..? මට නම් දැන් මේක ඇතුලෙ හිරවෙලා ඉදලම එපා වෙලා. මොන දේ තිබ්බත් වැඩක් නෑනේ හිතේ සංතෝසෙ තිබබෙ නැත්තම්.."

    "හිතේ සංතෝසෙ තියෙන්න ඕන තමයි.. ඒත් මං කැමතියි ඔයා මෙහෙම ඉන්නවට.."

    "අ... අනේ.. ඇයි.. ඒ...?"

    දිලීකාගේ වතෙහි අදුරු මදහසක් පාවී ගියාය. අවිනාශ් නොදැක ගෙවන මෙම ජීවිතය තමා කොතරම් අප්‍රිය කරනවා දැයි දැන සිටියේ ඇයම පමණි.

    "එතකොට වෙන කොල්ලොන්ට ඔයාව පේන්නේ නෑ.. මගේ මැණික මට විතරයිනෙ පේන්නේ.."

    "හරිම නරකයෙක් තමා..."

    "ඒක නම් ඇත්තම තමයි.."

    "මොකක්ද..?"

    "හොදට ඉන්න කොල්ලෙක් උනත්, ඔයා ඉස්සරහා නරකයෙක් වෙනවා.."

    "ආ.. ඒ කොහොමද..?"

    "මෙන්න මෙහෙම..."

    අවිනාශ් ඇයව කිටි කිටියේ වැළදගෙන සිප ගත්තේය. සැබවින්ම එය උණුසුම් මතකයට මංපෙත් විවර කරලූ අනුරාගී විනාඩි ගණනාවක් විය. කාලය එතනින් වහ වහා පලා ගියේ විදුලි දුම්රියක්ප රිද්දටය..

    "ඉ..ති..න්..?"

    විනාඩි ගනනක් සේ ගෙවී ගිය පැයකට ආසන්න කාලයකින් පසුව, අවිනාශ් කටහඩ අවදි කළේය. එසේ අවදි කරන්නටද ඔහු ඇයගෙන් දෙතොල් මුදාගත්තේ මහත් ලෝබකමකිනි..

    "තව ටිකකින් අපිට ඈත්වෙලා යන්න සිද්ධවෙනවා කියලා දැනෙනකොට පපුවත්තෙක්ක රිදෙනවා.."

    "කෝ බලන්න.."

    අවිනාශ්, දිලීකාගේ උස් ළය මඩල වෙත තම දෑත දිගු කළේය..

    "නරකයා.."

    ඇය එසේ කියුවද අවිනාශ්ගේ දෑතගෙන තම පපුවට සිරකර ගත්තාය.

    "අයියල කොහෙද ගියේ දිලී.."

    "බිස්නස් වැඩ වගේකට කියලයි ගියේ..."

    "ඔයාට ෂුවර්ද..?"

    "එයාලා මට නම් කිව්වෙ නෑ.. වැඩකරන ගෑනු කෙනාට කියනවා මං අහගෙන.."

    "ඒක නෙමේ දිලී.."

    අවිනාශ්ගේ කටහඩේ බර ගතියක් විය. ඔහු ඔහු සැරසෙන්නේ වැදගත් යමක් කීමට බව දිලීකාට ඒ හොහොතේ වැටහී ගොස් තිබිණි.

    "මං ඇවිත් ඩිල්ෂාන්ගෙන් අහන්නද...?"

    "මොනවද..?"

    "මට ඔයාව දෙනවද කියලා...?"

    දිලීකාගේ සිතේ උතුරා ගිය සතුට ගැන කීමට ඇයට වචන තිබුණේ නැත. අවිනාශ් ගෙන් ඇය බලාපොරොත්තු වූ දේත් එයමය. ඔහු කෙතරම් ආරරණිය ලෙස තම සිතුවිලි හදුනාගෙන ඇතිදැයි ඇය සිතුවේ උණුසුම් වූ සිතුවිලි ගංගාවක් මැදිනි. සිතේ වූ සතුට පිට කර ගැනීමට මෙන් ඇය අවිනාශ්ගේ දෝතට පැන, ඔහුගේ මුහුණ ඉඹගෙන ඉඹගෙන ගියාය. අවිනාශ්ගේ සිතේ වූයේ මේ රුවැත්තිය හැකි තරම් ඉක්මනින් තමන්ගේ කර ගැනීමටය. එවිට රහසිගතව විදිනා මේ සොදුරු මිහිරියාව හිතේ හැටියට පූර්ණ වූ නිදහසකින් භුක්ති විදීමට හැකිවනු ඇත.

    "ඔ.. ඔය ඇත්තමද අවිනාශ්..?"

    "මං ඔයාට කවදාවත් බොරුවක් කියන්නෑ දිලී..."

    "අනේ ඔයා කොයි තරම් හොද කෙනෙක්ද අවිනාශ්.. ඔයාව මගේ ළගින් හැමදාම තියාගන්න පුලුවන් කියලා හිතෙනකොට.. මගේ හිතට දැනෙන සතුට ගැන කියන්න වචන නෑ.. මා..මාව මේ තරම් සතුටින් තියනවට ඔයාට ගොඩක් පින් අවිනාශ්.."

    දිපීනා පැවසුවේ හද පත්ලෙන්මය. එහෙත් හද පත්ලෙන් කියූ, පැතූ සතුටටත් පිනටත් වැඩි ආයුෂ තිබුණේ නැත. වයිබ්‍රේට් පහසුකම සලසා තිබූ ජංගම දුරකථනය සිහින් හඩින් දගලනු අවිනාශ්ට ඇනුණි. සිහින් තැති ගැන්මකින් සිත සලිත වූවාද අවිනාශ් දුරකථනය දෙස බැලුවේය. තිරය මත තිබුනේ ජෙහාන්ගේ අංකයයි..

    "කවුද අවිනාශ්..."

    දිලීකාගේ දෑසේ බියමුසු හැගීමක් ඇදී යනු අවිනාශ්ට පෙනිණි.

    "ජෙහාන්.."

    "කරදරයක්ද..?"

    "වෙන්න ඕන.. මං මිනිහව මග තියලයි ආවේ.."

    අවිනාශ් ජංගම දුරකථනය සක්‍රීය කලේය..

    "අවිනාශ්...?"

    "ඔව්.. අවුලක්ද..?"

    "පුළුවන් තරම් ඉක්මනට මාරු වෙයන්.. බාල එවුන් දෙන්නා අපිටට ආවා.."

    ඒ සමගම අධික වාහනයක් වේගයකින් නිවස දෙසට එන හඩ අවිනාශ්ට ඇසුනි..

    "දෙ.. දෙයියනේ... ක.. කවුරුහරි ආවා නේද..?"

    "ඔව්.. ජෙහාන් කිව්ව විදියට ඔයාලගෙ බාලම අයියලා දෙන්නා.."

    "අනේ.. අපි දැන් මොකද කරන්නේ..?"

    "ඔයා බය වෙන්න එපා දිලී.. හැමදේම මං බලාගන්නම්.."

    දිලීකාගේ බිය නැති කිරීමට අවිනාශ් කීවද ඔහුගේ සිතේ වූයේද සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි චකිතයකි. එහෙත් සියල්ලටම පෙර දිලීකා සන්සුන් කළ යුතුය.

    "ඒ... ඒ... උනාට.."

    "ඇයි දිලී...?"

    "මොකක් හරි සැකයක් නැත්නම් ඔයාලා ඔහොම එන්නෑ..."

    "ඒ කිව්වේ..?"

    "ප්‍රශ්නයක් නම් ලොකු අයියත් එන්න ඕන.. එයාව මග ඇරලා මේ දෙන්නා ඇවිත් තියෙනවා කියන්නෙ මොකක් හරි හොරයක් මෙතන තියෙනවා.."

    "අපි බලමුකෝ දිලී.. මට මෙතනින් එළියට යන්න තැනක් කියන්න.. මං මේ වෙලාවේ ගෙදර ඇතුලෙ ඉන්න හොද නෑ.."

    අවිනාශ් ඇයගේ මුහුණ දෙස බැලුවේය. එහෙත් දිලීකා සිටියේ කල්පනාවෙන් බර වූ දෑසකිනි. එහි ශංකාකූල බවක්ද යම් තරමකට විය.

    "යන්න එපා..."

    "ඒ කියන්නේ...?"

    ඇයගෙන් පිටවූ වචන වලින් අවිනාශ් පුදුමයට පත්විය..

    "මේ වෙලාවෙ යන්න එපා.. මං ඔයාව ඇතුලෙ කාමරේට දාන්නම්.. අයියලා මොනවද කියන්නෙ කියලා බලලා ඔයා එතනින් පිටවෙන්න... එයාලා මොනවට ආවද දන්නෙ නෑනේ.."

    කළ යුතු වූ හොදම දෙය එය නොවුණත්, මේ වෙලාවේ වෙන කරන්නට දෙයක් අවිනාශ්ට නොවීය. දිලීකාද තව දුරටත් බියපත්වී බලා සිටියේ නැත. ඇය අවිනාශ්ව අතින් ඇදගෙන ගොස් කාර්යාල කාමරය තුළට දමා දොර වසා දැමුවේය. එසේ දමන්නට ප්‍රථම අවිනාශගේ නලල ඉඹ ඔහුගෙන් සමුගන්නට ඇය අමතක කළේද නැත..

    Mathusambandai.gif



     

    blue_in_rio

    Well-known member
  • ඒ කොටසත් කියවලා ඉවරයි.අදම මේක ඉවර කරනවද උඹ ?තව කොටසක් විතර දාලා, හෙට ඉවර කරපන්......ඉක්මනට ඉවර උනාමත් අප්සෙට් වගේ...... :oo::oo::oo::oo::oo:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-08.jpg


    08.png


    "පොඩි අයියේ.. ඉස්සෙල්ලම බලපං නංගි ගෙදර ඉන්නවද කියලා.."

    කලු පැහැති ඩිෆෙන්ඩර් රථයෙන් බිමට පනිනා තම වැඩිමහලු සහෝදරයාට ඇසෙන්නට ඩී.ජේ ගෘප් හී හතරවැනියා කෑ ගැසීය.

    "ඒක තමයි බං මම මේ බලන්න යන්නේ..?"

    දත්මිටි කමින් පැවසූ තුන්වැනියා නිවස තුළට වහ වහා පියවර එසවිය. සොයුරන් හතර දෙනාම නිවසින් පිටව ගිය පසු, තම නැගණිය අනිවාර්‍යයෙන්ම නිවසින් එළියට යන බව ඔහු තුන් සිතින්ම අදහාගෙන සිටියේය. තමාට වරදින්නට විදියක් නැත. තමාගෙ සිතිවිලි නිවැරදිය. නැගණිය පෙනෙනතෙක් මානයක නැත.

    "නංගි ගෙදර නැත්නම් ලොකු අයියට කෝල් එකක් දෙමු.."

    "වැඩේට බහිමු.. මේ පාරත් අන්තිමට ඔයයි, මමයි වැරදි කාරයෝ වෙන්නේ.."

    "එපා.. එපා.. එයාව මේකට ගාව ගත්තොත් වැඩේ අවුල් වෙනවා.. දැනටමත් අපේ පස්සෙන් පන්නනවද දන්නෙ නෑ.."

    "ම්.. ඒකත් එහෙම නම්, අපි කෙලින්ම අවිනාශ්ලගෙ ගෙදර යමු.."

    "අන්න හරි..."

    ප්‍රීතියෙන් බැබලුන ඔවුන් දෙදෙනාගේ මුහුණු මලමිනියක් සේ සුදුමැලි වී ගියේ ඉදිරිපස දොකඩින් මතුවූ දිලීඛා දැකීමෙන්ය. තමන්ගේ උපාය සැලසුම් සියල්ලම එක පිට එක බිද වැටී යන අයුරු දැක, හතරවැනියා සිතෙහි උපන්නේ නොසංසිදෙන කෝපයකි.

    "පොඩි අයියෙ.. හදිසියෙම..?"

    "අපිට බඩු වගයක් ගෙනියන්න අමතක උනා.."

    "මං ඒත් බැලුවා මොකද මේ හදිසියෙම ආවෙ කියලා.."

    "ඔයා මේ කොහේවත් යන්නද..?"

    තුන්වැනියාගේ ප්‍රශ්නයට දිලීකාට මද සිනාවක් නැගුණි. ඒ මුහුණේ ඇදී ගියේ සමච්චල් සහගත පෙනුමකි. එය මුහුණප ුරා දුන් අතුල් පහරක් පරිදිය.

    "ඔව්.."

    "කොහෙද යන්නේ..?"

    "කොහෙට හරි යන්න ඕන.. ගෙදර ඇතුළටම වෙලා ඉදලා එපාවෙලා තියෙන්නේ.."

    "ඒක හරි.. ඒක හරි.. මේ හොයලා බලන එක අපිටත් එපාවෙලා තියෙන්නේ.."

    හතරවැනියා කටහඩ අවදි කළේ මන්දගාමී ස්වරයකිනි. දිලීකාට එය හරි හැටි ඇසුණේ නැත. ඇය දෙතොල් උල් කොට මොකක්ද..? කියා ඇසුවේ එබැවිනි. එහෙත් හතරවැනියා එම ප්‍රශ්නය මග ඇරියේය.

    "දැන් කාත් එක්කද යන්නේ..?"

    "කවුරුවත් ඕන නෑ.."

    "එහෙනම්...?"

    "ඔයාලා දෙන්නා ඉන්නවනේ.."

    "හපෝ දැන් නම් බෑ.. අපි දෙන්නම බිසී.. වරෙන් පොඩි අයියේ.."

    "ඔයාලා ඉතිං මාව කොහේවත් එක්ක ගිහිල්ලා නෑනේ. ලොකු අයියා විතරයි මං කියන දේ කරන්නේ.."

    දිලීකාගේ අදහස වූයේ සොයුරන් දෙදෙනා සමග නිවසින් මදක් ඈතට ගොස් එන්නය. එවිට අවිනාශ් කිසිදු අවහිරයකින් තොරව නිදහසේ පැනගන්නට පුළුවන. එහෙත් ඇයගේ අදහස් ව්‍යාවර්ත කරමින්, හතරවැනියා කලබලෙන් මෙන් ගෙතුළට වැදුණේය. දිලීඛාගේ වත සුදුමැලි වී යද්දී, තුන්වැනියා ද ඔහු පිටපසින් වැටූනේය..

    "ඔයාලා මාව එක්කයන්නෙ නැද්ද..?"

    ඉනට අත් දෙක තබා ගනිමින් දිලීකා කෑගැසුවාය. ගෙතුළට යමින් සිටි හතරවැනියාද, තුන්වැනියාද ඇයගේ හඩට එතනම නතර වූහ. සොයුරන් දෙදෙනා එකිනෙකාගේ මුහුණ දෙස බලා ගනිමින් යම් අදහසක් හුවමාරු කරගත්හ. එසේම ඔවුන් කතා කළේ පහත් හඩිනි.

    "මටව ගේම උඹටත් සැකයි නේද පොඩි අයියේ..?"

    "ඔව්.. මෙතන මොකක් හරි අවුලක් තියෙනවා.. නංගි උඹටයි මටයි කතා කරපු එකත් මට අල්ලන්නෙ නෑ.."

    "උඹට හිතෙන්නැද්ද..?"

    "මොනවද..?"

    "අවිනාශ් ගේ ඇතුළෙ ඇති කියලා..?"

    "හිතෙනවා.."

    "හිතෙනවා නම් ගිහින් බලමු.."

    "කොහෙද බලන්නේ..?"

    "නංගිගෙ කාමරේ මිස වෙන කොහේද..?"

    "අවිනාශ් හිටියොත්..?"

    "හිටියොත් නේද..?"

    හතරවැනියාගේ මුවින් පිටවූයේ අමුතුම අවක්ත රාවයකි. මොහොතකින් එය අමන ආකාරයේ සිනාවක් බවට පත්විය. දෑසින් මෙන්ම මුළු ඇගෙන්ම හිනාවෙන සොයුරා දෙස අනෙකා බැලුවේ අප්‍රසාදයෙනි.

    "මොකද උඹ හිනාවෙන්නේ..?"

    "හිනා යන ඒවනේ පොඩි අයියෙ උඹත් අහන්නේ.."

    "ඇයි..?"

    "හහ්... හහ්.. හා......"

    නිවසේ උඩුමහල දෙස බලමින් හතරවැනියා නැවතත් සිනාසුණේය. නිරන්තරවම සිතට නැගෙනා අනේක විද සිතුවිලි වලින් ඔහුම අමන්දානන්දයට පත්වූවාක් වැනිය.

    "උඹ අහන්නෙ ඇයි කියලද..?"

    "ඔව්.. මං ඇහුවෙ අවිනාශ් හිටියොත් මොකද කරන්නෙ කියලා.. එතන හිනාවෙන්න දෙයක් නෑ.. එතන තියෙන්නෙ ප්‍රශ්නයක්.."

    "හහ්.. හහ්.. හා... මොන ප්‍රශ්නයක්ද පොඩි අයියේ අපිට තියෙන්නේ.. අපේ පුංචි සමනලීට ඌව බන්දලා දෙන එකනේ.."

    "ඈ...?"

    "ඔව් පොඩි අයියේ.. උඹ කොහොමද කියලා නම් මං දන්නෙ නෑ.. ඒත් මං අවිනාශ්ට කැමතියි.. ඌ මාර හැන්ඩියා බං.. ඌ ළගින් ඉන්නකොටත් මාර ගතියක් තියෙනවා.."

    තම බාල සොයුරාගෙන් පිටවූ වදන් අදහාගත නොහැකිව තුන්වැනියා ත්‍රස්තව බලා සිටියේය.

    "දැන් ඉතින් වරෙන් යන්න අපේ අනාගත මස්සිනා පොඩ්ඩ හම්බවෙන්න.."

    "උඹට පිස්සුද පොඩි එකෝ.. ලොකු අයියයි, දෙවනි අයියයි උඹයි, මායි, පට්ට ගහයි.."

    "ප්‍රශ්නයක් නෑ බං.. අපේ පැත්තට නංගිත් ඉන්නවනේ.."

    "උඹ කොහොමද දන්නේ..?"

    "ඇයි පොඩි අයියේ.. අපේ පුංචි සුරංගණාවිගේ මූණේ දියවෙලා තියෙන ආදරේ අදුනගන්න බැරි තරමට මං පොට්ටයෙක්ද..? කතාව නවත්තලා වරෙන් අපි දෙන්නම මස්සිනා හොයමු.."

    නිවස දෙස වරින් වර බලමින් තම සොයුරන් දෙදෙනා, නොනැවතී කතා කරනා කතාබහ දෙස දිලීකා බලා සිටියේ අප්‍රමාණ වූ කැලඹිමකිනි. ඔවුන් දෙදෙනා යතොත් කෙලින්ම යන්නේ තමාගේ කාමරයට බව ඇය දැන සිටියාය. එහි නම් කිසිදු ගැටලුවක් නැත. එහෙත් වැරදිලාවත් කාර්යාල කාමරය පරික්ෂා කර බැලුවොත්..? ඇයට කිසිවක් සිතාගත නොහැකි විය. අවිනාශ්ට එහි සැගවී සිටින්නට කිසිදු තැනක් නොමැත. මොන දේ සිදුවූවත් තම සොයුරන්ගේ දෑතට හසුනොවිය යුතුය.

    "පොඩි අයියේ..?"

    ප්‍රමාද වන තත්පරයක් පාසා අවිනාශ් අනතුරේ බැව් දිලීකා දැන සිටියාය. දෙවරක් නොසිතාම ඇය එක් සොයුරෙකු ඇමතුයේ එබැවිනි. එහෙත් දෙදෙනාම ඇයට ප්‍රතිචාරයක් නොදක්වාම ගෙහි තුළට ඇතුලු වූහ.

    "නංගි බයවෙලා නේද..?"

    දිලීකාගේ කාමරය වෙතට පිවිසෙනා ගමන් තුන්වෙනියා අනෙකාගෙන් ඇසුවේය.

    "හ්ම්.. කෙල්ල හිතන් ඉන්නෙ අපි ලෙඩක් දාවි කියලා.. කමක් නෑ අපි ඒ විදියට ඇක්ට් කරමු.."

    දිලීකාගේ කාමරය පුරාම පරික්ෂා කළද ඔවුනට, ඔවුන් බලාපොරොත්තු වූ දෙය හමුවුයේ නැත. තමන් සොයන ජේත්තුකාරයා කොහේ සැගවී ඇත්දැයි තමන්ගේම නිවසේදීම ඔවුන් විස්මයට පත්ව ගොස් තිබිණි. මෙතන කුමක් හෝ අවනඩුවක් තිබේ. දිලීකා සිටින්නේද බියපත්වය. එහෙත් අවිනාශ් පිළිබදව සලකුණක් හෝ නැත. ඒසේ නම් වරද ඇත්තේ කොහේදැයි සිතාගත නොහැකිව ඔවුන් දෙදෙනා අන්දමන්ද තත්වයට පත්ව තිබිණි.

    "වැඩේ හරියන්නෑ බං.. මේ මනුස්සයා නෑ නේ.."

    "ඒකනේ පොඩි අයියෙ මාත් කල්පනා කලේ.."

    "අපිට අදත් වැරදුනාවත්ද පොඩි එකෝ..?"

    "මගේ හිතේ කියන්නෙම වරදින්න විදියක් නෑ කියලා.."

    "ඒත් අපි හොයපු කිසි තැනක මස්සිනා නෑ නේ බං.."

    "හැබැයි උඹයි මායි එක තැනක බැලුවෙ නෑ නේ පොඩි අයියේ.."

    "ඒ කොහෙද..?"

    "ලොකු අයියගේ ඔෆිස් කාමරේ.."

    "ඇත්ත නේන්නම්.."

    කාර්යයාල කාමරය හැරීමට ඔන්න මෙන්න තිබියදී දිලීකා ඔවුන් වෙත ආවාය.

    "ඇයි පොඩි අයියෙ කලබල වෙලා වගේ..?"

    එසේ අසද්දීත් දිලීකාගේ සිත වෙව්ලමින් තිබිණි. කලබල වී ඇත්තේ, ඔවුන් නොව තමා බැව් දිලීකා දැන සිටියාය. තව මොහොතකින් සියල්ලම අතේ පත්තුවනු ඇත. අවිනාශ් නිවසින් පිටව යාමටතැත් කරද්දීත්, ඔහු නවතා ගැනීම පිලිබද දිලීකා සිටියේ මහත් දොම්නසිනි.

    *******************************

    දිලීකා විසින් කාර්යයාල කාමරයට දැමූ, අවිනාශ් සිටියේ කල්පනාවක බරවූ දෑසිනි. එළියේ කිසිදු ශබ්දයක් නැත. මෙතැන් සිට කුමක් වේදැයි සිතාගත නොහැක. තමා හසුවී ඇත්තේ කිසිසේත්ම නොපැතූ ආකාරයේ අසීරු අවස්ථාවකටය. මේ කාර්යයාල කාමරයේ සැගවීමට කියා කිසිදු විශේෂිත තැනක් නොමැති බැව් වරක්, දෙවරක් වටපිට බලද්දීම අවිනාශ්ට වැටහී ගියේය. හදිසියේවත් කවරෙකු හෝ මේ කාමරයට කඩා වැදුනහොත් තමාට යන එනමං නොමැති වන බැව් ආයේ පහදන්නට දයෙක් නැත. හැකි ඉක්මනින් මෙම කාමරයෙන් පිටවිය යුතුය. ඔහුගේ සිත පුන පුනා කියු දේ එයය.

    එහෙත් ඒ සමගම තම ජංගම දුරකථනය දගලනු අවිනාශ්ට දැනුණි. මේ වේලාවේ කවරෙකු විය හැකිද..? බොහෝ වේලාවට ජෙහාන් විය හැක. එසේත් නැතිනම් දිලීකා විය යුතුය. අවිනාශ් වහාම දුරකථනය දෑතට ගත්තේය. තිරය මත සටහන් වී තිබුණේ ඩිල්ෂාන්ගේ අංකයයි.

    මේ වෙලාවේ ඩිල්ෂාන් තමාව අමතන්නේ ඇයි..? ඇමතුම සක්‍රීය නොකර සිටීමටද සිතා, අවිනාශ් පසුව එම අදහස අත්හැර ගත්තේය. පිටතට ඇසෙන නෑසෙන තරමේ පහත් හඩකින් අවිනාශ්, ඩිල්ෂාන්ව ඇමතුවේය. මෙය සමහරවිට තමා වෙතට වෙස් වලාගෙන පැමිණි ආශිර්වාදයක් වීමටත් පුළුවන..

    "අවිනාශ් කොහෙද ඉන්නේ..?"

    ගෙදර කියා කියන්නට සිතා අවිනාශ් එම අදහස වෙනස් කරගත්තේය. ඒ වෙනස් කිරීම කොතරම් සුවදායකදැයි අවිනාශ්ට වැටහුනේ ඩිල්ෂාන්ගේ ඊලග වදනිනි.

    "මම පොඩි වැඩක ඉන්නේ..?"

    "ම්... එහෙනම් මේක හරියන්නෑ.."

    "ඇයි ඩිල්ෂාන්... මොකක්ද ප්‍රශ්නේ..?"

    "මං ඔයාව හම්බවෙන්නයි ආවේ.."

    "ඩිල්ෂාන් කොහෙද ඉන්නේ..?"

    "ඔයාලගෙ ගෙදර ළග.. ඒත් ඔයා ගෙදර නෑ.."

    "ම්... මං කියන්නද එහෙනම්..? ඔයා ඉන්න තැනක් කියන්න.. මං එතනට එන්නම්.."

    "හරි මං දැන් කෙලින්ම අපේ ගෙදර යනවා.. ඔයා එතෙන්ට එන්න.."

    ඇමතුම විසන්ධි වී ගියේ අවිනාශ්ගේ ඉහලට ඇදගත් හුස්ම පොද පහතටවත් දමා ගන්නට ඉඩක් නොතබාය. එසේ නම් තමා වහාම ක්‍රියාතම්ක විය යුතුය. කොටින්ම ඩිල්ෂාන් පැමිණිමට ප්‍රථම මෙම නිවසින් පිටවිය යුතුය. නැතහොත් මේ සියලු මිතුරු සමාගම්, සදහටම අහෝසි වී යා හැක. දිලීකාගේ සොයුරන් දෙදෙනා පැමිණියේ මන්දැයි සිතන්නට ඔහු කාලයක් වැය කළේ නැත. ඉතා සීරුවෙන් දොර විවෘත කරගත් අවිනාශ් කාර්යයාල කාමරය ළග තිබූ පැසේජය ඔස්සේ කඩිනම් ගමනකට අවතීර්ණ විය. මෙහිදී තමාට හමු වුවහොත් හමුවන්නේ නිවසේ වැඩට හිදිනා අයවලුන් මිස වෙන කිසිවෙකුත් නොවන බව ඔහු දැන සිටියේය. දිලීකාගේ සොදුරු මන්දහාසය දසතින් මැවී පෙනෙද්දී. අවිනාශ්ගේ සිතට මහත් වූ දිරියක් ගලා ආවේය.

    පැසේජය ඔස්සේ අවසාන භාගයට ලංවෙද්දී, දිලීකාගේ කාමරය වෙතට කලබලයෙන් මෙන් පැමිණෙන් අඩි ශබ්ද කිහිපයක් අවිනාශ්ට ඇසුණි. මේ පැමිණෙන්නේ දිලීකාගේ සොයුරන් විය යුතුය. තමා කිසිසේත්ම නොපැතූ ආකාරයට, ඔවුන් හට තමා මුහුණට මුහුණ හමුවීයැයි. හදිසියේ කඩාපාත්වූ මේ අනපේක්ෂිත ව්‍යසනය ඉදිරියේ අවිනාශ් නොසන්සුන් වන්නට විය. මෙවැන්නක් ඔහු කිසිසේත්ම බලාපොරොත්තු වූයේ නැත. තවත් සිතන්නට තරම් කාලයක් ඉතිරිවද නැත. අවිනාශ්ගේ වම් පැත්තේ තිබුනේ තවත් කාමරයකි. දොර රෙද්දකින් ආවරණය වී තිබූ එය අගුලු ලා තිබිණි. අවිනාශ් වහ වහා දොර රෙද්දටත් දොරටත් අතර සිට ගනිද්දී, දිලීකාගේ සොයුරන් දෙදෙනා ඔහු පසුකර කලබලයෙන් ඉදිරියට ගියහ. තමා බේරුණේ අනූ නවයයි දශම නවයෙනුත් එහාට ගොස් බැව් සිතට දැනෙද්දී අවිනාශ්ගේ මුවගට සිහින් සිනාවක් ගලා ආවේය.

    *******************************

    තවත් බලා සිටීමේ කිසිදු තේරුමක් නැති වේ. මේ වනවිට ශානක හොදින්ම වටහාගෙන සිටියේය. තම සිතේ අවිනාශ්ට එරෙහිව දැවෙනා වෛරය, කෙසේ හෝ පිට කර දැමිය යුතුමය. එහෙත් මේ සියලු දෑටම ඉවසීම හොද ගුනාංගයක් වුවද, තම පියා යටතේ සිටිනා නිලධාරීන් මෙන් සියුම් මට්ටමේ ඉවසීමක් තමාට නොමැති බවද ඔහු දැන සිටියේය. අවිනාශ්ව ජීවන රංග වේදිකාවේ තරවදුටත් රදවා තැබිය යුතු නැත. මෙය වහාම නිම කර දැමිය යුතුමය. තමා මෙපමණ තරජ්නය කර තිබියදීත් තම වචනය තඹයකට නොසැලකූ මේ අහංකාර ජේත්තුකාරයාට මතක සිටින පාඩමක් ඉගැන්විය යුතුය.

    කළ යුතු හොදම දෙය කුමක්දැයි ඔහු මුල සිටම, අයන්නේ සිටම සිතන්නට පටග් ගත්තේය. දැඩි වෛරයකින් සිතිවිලි පිරි තිබූ නිසාම පැය ගණනාවක් ගියද ඔහුගේ සිතට හරියන ආකාරයේ විසදුමක් ගලා ආවේ නැත. එහෙත් සිතේ කේන්තිය මදක් පසෙක තබා නිරවුල්ව සිතන්නට යාමෙන් අවසානයෙදි ඔහුට සුදුසුම දෙය හමුවිය.

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවිනාශ්ට පහර දිය යුතුය. අතක් හෝ කකුලක් අනිවා කඩා දැමිය යුතුය. එසේත් නොමැති නම් ජේත්තුකාරයාගේ හැඩකාර මුහුණ ඇස්ඩ් පුහාරයකින් විනාශ කර දැමිය යුතුය. එහෙත් මේ සියල්ලටම තමාගේ මයිලක්වත් ගෑවී තිබිය යුතු නැත. ආරක්ෂක අමාත්‍යංයයේ නිලධාරීන්ගේ මටසිලිටු උපදෙස් ගැන ද ශානක වරක් දෙවරක් සිතා බැලුවේය. එසේ නම් මේ සියලු දෑම කිරීමට තවත් බළල් අතක අවශ්‍යතාවයක් ඇත.

    එසේ නම් මා කළ යුත්තේ ඒ බළල් අත සොයා ගැනීමය. ශානකගේ වාසනාවට ඒ බළල් අතේ හිමිකාරිය සැනෙකින් ඔහුට සිහිපත්විය.


    රොමේෂි..? ඉතා දරුණු ගනයේ මදහසක් අලු පැහැති දෙනෙත පුරා විදිහෙද්දී, ශානකගේ මුවින් ඒ දගකාරියගේ නම කිහිප විටක්ම කියැවිණි..

    ********************************

    ඩිල්ෂාන්ගේ කාර්යයාල කාමරයේ දොරෙහි රවුම් හැඩලය මත අත තැබූ තැන්වැනියා දොර සෙමින් විවෘත කලේය. දිලිකා ඒ දෙස බලා සිටියේ හුස්ම ගැනීම පවා අමතක කර දමමිනි. දැන් ඉතින් කළ යුතු කිසිවක් නැත. සිදුවන ඕනෑම දෙයකට මුහුණ දීමේ අපේක්ෂාවෙන් ඇය ඉදිරියට ආවාය. මේ අනපේක්ෂීත අවස්ථාවේ අවිනාහ් තනිකළ යුතු නැත. සියලුම වැරදි තමා බාර ගන්නවා ඇත. කිසිවෙකුටත්, තම සොදුරු ආදරවන්තයාට ඇගිල්ලක් දිගු කිරීමට අංශු මාත්‍රයක හෝ ඉඩක් තැබිය යුතු නැත. කාමර තුළට එඹණු තුන්වැනියාගේ මුහුණ සුදුමැලි වන හතරවැනියා අහම්බෙන් මෙන් දිටීය.

    "ඇයි පොඩි අයියේ..?"

    "කවුරුවත් මේක ඇතුලෙ නෑ බං.."


    බලාපොරොත්තු කඩවීමේ අනපේක්ෂිත වේදනාව තුන්වැනියා ගෙන් පිටවූ ඒ වචන ටිකේ හරි අපූරුවට දලුලා තිබිණි. හතරවැනියාගේ මුහුණද හතර අතටම තලා, හතරැස් කළ පරාට රොටියක් බදුවිය.

    කවුරුවත් මේක ඇතුලෙ නෑ බං.. යන්න දිලීකාට ඇසුණේ යාන්තමිනි. එය ඇයව ඉමහත් විශ්මයකට පත් කළා සේම ඉමක් කොනක් නොපෙනෙන සතුටකටද මංපෙත් විවර කර දුනි. තත්වය එසේ නම් අවිනාශ් සියල්ලන්ටම කලර්ස් පෙන්නා මෙතනින් පළා ගොස් ඇත.


    "මොකද මේ කට්ටියම කාමරේ ඉස්සරහා.."

    අනපේක්ෂිතව පිටුපසින් ඇසුනු කටහඩින් තිදෙනාම තිගැස්සී ගියහ. පැමිණ සිටියේ ඩිල්ෂානුත්, දෙවනි අයියාත්ය.

    "නිංක ලොකු අයියේ.."

    "නිකං..? නංගිත් මෙතන.."

    "අයියලා දෙන්නා මෙතන මොකද කරන්නෙ කියලා බලන්න මමත් ආවා.."

    ඩිල්ෂාන්, දිලීකාගේ දෙනෙතේ දෙස විනිවිද යන අයුරින් එබී බැලුවේය. ඇය වහා බිම බලා ගත්තාය.

    "හරි.. ඒ කතාව පස්සට දාමු.. මං මේ කියන්න යන දේ අපි හැමෝටම වැදගත්.."


    තම වැඩිමහලු සොයුරා මදක් කැළඹි ඇති බැව් සියල්ලන්ටම වඩා දිලීකාට වැටහී ගොස් තිබිණි. ඕනැ තරාතිරමක ගැටලුවක් ඉදිරියේ නොසැලී සිටින තම ලොකු අයියා මෙසේ අවුල් සගහත වී ඇත්තේ ඇයිදැයි දිලීකා සිතුවේ නොසන්සුන් වූ සිතිණි.

    "මං අවිනාශ්ට එන්න කිව්වා.."

    අවිනාශ්ගේ නම ඇසුණු සැනින්, තම සිරුර වෙව්ලා යනු දිලීකාට දැනුණි. එසේ නම් ඩිල්ෂාන්ගේ කැලඹිටම හේතුව අවිනාශ්ද..?

    "අවිනාශ්ට..?"

    "ඇයි ඒ..?"

    පුංචි අයියා සහ චූටි අයියා, ලොකු අයියා වෙතින් කෙලින්ම විමසනු දිලීකා දුටුවාය. ඇයටත් අවශ්‍ය වී තිබුණේ ඒ පැණයට පිළිතුරුය. මන්ද යත්, අවිනාශ් මේ කාර්යයාල කාමරයේ නැතුවාට, ඔහු මේ නිවස තුළම කොහේ හො තැනක සිටිතැයි ඇය විශ්වාස කළ බැවිනි. ඔහු කෙසේ හෝ මෙතැනට පැමිණේන්ද..?

    "හේතුව මොකක්ද කියලා මං අවිනාශ් ආපුවාම කියන්නම්.. මෙච්චර දවසකට මං නොකියපු දේකුත් තියෙනවා.. ඒකත් එතකොටම කියන්නම්.."

    "ලොකු අයියා.. මොනව ගැනද මේ කියන්නේ..?"

    "ඉස්සෙල්ලා අපි හැමෝම වාඩිවෙමු.. කෝ නංගි ඔයත් එන්න.."

    ඩිල්ෂාන්ගේ වදනින් දිලීකා පුදුම වූවාය. වෙනදාට ඔහු විහිලුවටවත් ඔවුන්ගේ සාකච්ඡා වලදි තමාව හවුල් කර ගන්නේ නැත. එහෙත් අද නම් එයට වඩා හාත්පසින්ම වෙනස් තත්වයක් උද්ගතවී ඇති බැව් නම් පැහැදිලිය. ඩිල්ෂාන් හැරුණු කළ අනෙක් සොයුරන්ගේ මුහුණුවල රැදි ඇති කුතුහලය ඇය දුටුවාය.

    "නංගිව ඇයි ලොකු අයියා...?"

    බොහෝ දෑ සිතේ සිර කර තබා ගැනීම මළ වදයක් සේ සිතා සිටිනා හතරවැනියා විමසීය. ඩිල්ෂාන්ගේ මුවෙහි පිපුනේ අපූරුම ආකාරයේ මදහසකි. එහෙත් දිලීකා නම් එය දැක්කේ ශෝකමත් ලෙසටය.


    "මේකයි.. මොනවා හරි ප්‍රශ්නයක් වෙලා අපිට අනතුරක් සිද්ධ වුනොත් අඩුගානෙ නංගි හරි මේකෙ හතර කොන දැනගෙන ඉන්න ඕන. එහෙම නැති උනොත් ඒක අපේ හතුරන්ට ලොකු වාසියක් වෙනවා. තේරුණාද..?"

    කිසිවෙකුත් කිසිවක් පැවසුවේ නැත. තම තමන්ගේ සිතිවිලි අතරම සිරවී ඔවුහූ අතරමංව සිටියහ. ඩිල්ෂාන් හැරුණු කළ අනෙක් සියලු දෙනාම සිතුවේ අනතුරක් අතළග බවය. බොහෝ විට ලොකු අයියා කළේ අනතුරු ඇගවීමක් විය හැකිය. එහෙත් හතරවැනියා නිහඩතාවය බින්දේ වෙනස්ම ආකාරයේ කතාබහකිනි.

    "කාටවත් අපිව හොල්ලන්න බෑ ලොකු අයියා.."

    "හොල්ලන්න බෑ..?"

    "ඔව්.. අපේ සමගිය තියෙන කල්.."

    "ඒක මං පිළිගන්නවා චූටි මල්ලි.. ඒත් සමගිය තිබ්බට, කවුරු හරි අපි හතර දෙනාවම විනාස කරලා දැම්මොත් ඒ සමගියත් එක්කම ඉවරනේ.."

    "ඇයි ලොකු අයියේ, මේ නෙගටිව්ම කතා කරන්නේ..?"

    "එහෙම කතා නොකර බෑ පොඩි මල්ලි.. අපි දැන්වත් අපේ තත්වෙ තේරුම් ගන්න ඕන.."


    "ඒ කියන්නේ..?"


    "මං හැමදේම කියන්නම්.."

    "කොයි වෙලාවෙද..?"

    "අවිනාශ් ආවාම.."


    "අවිනාශුත් මේකට සම්බන්ධයිද..?"

    "ඔව්..."

    දිලිකාගේ ගත මෙන්ම සිතත් සීතල වී ගියාය. සොයුරන්ගේ ක්‍රියා කලාපය ගැන ඇය ඒ තරම් තැකීමක් නොකළද අවිනාශ් මෙයට සම්බන්ධ යැයි දැනගත් වහාම නොසන්සුන් විය. එසේම, අවශ්‍යම අවස්තාවේදී අවිනාශ්ට මේ නිවසින් පිටව යාමට උදව් කිරීමට නොහැකි වීම ගැන ඇය සිටියේ බලවත් වූ දොම්නසකිනි.

    "ඩිල්ෂාන් ඔව් කීමෙන් පසුව කිසිවෙකුත් කතාවක් බහක් කළේ නැත. සියල්ලන්ටම සිතන්න බොහෝ දේ තිබිණි."


    "බයික් එකක සද්දයක් නේද..?"


    තුන්වැනියාගේ කටහඩින් ආලින්දයේ, නිහඩ බව බිදී ගියේය. සැවොම හිස් ඔසවා, මිදුල දෙස බැලුවේ එක වරටමය. දිලීකාගේ සිතට සිතන්නට පවා කාලයක් තිබුණේ නැත. මේ පැමිණ සිටින්නේ අවිනාශ් වන්නට නම් බැරිය. ඔහුට මේ තරම් ඉක්මනින් මෙතැනින් පිටවී, නැවතත් යතුරු පැදියද රැගෙන මේ නිවසට මෙතරම් ඉක්මනින් පැමිණිමට හැකි යැයි ඇය කිසිවිටක නොසිතුවාය.

    "ඔන්න මං ආවා.."

    සොයුරන් සතර දෙනාම සිටියදී දිලීකා වෙතට සුන්දර මදහසක් පුද දෙමින් අවිනාශ් කීවේය. ඒ සිනාව තමන්ට නොවන බවත්, එය තම නැගණියට බවත් සොයුරන් මනා සේ තේරුම් ගත්හ.

    "ඉතිං අවිනාශ්..."

    "ඔයාගෙ මැසේජ් එක හම්බවුණ ගමන්ම ආවේ...?"

    නැවතත් දිලීකා දෙස හොරැහින් බලනා ගමන් අවිනාශ් කීවේය. රත් පැහැ ගැන්වුණු කොපුල තල සගවා ගැනීමට මෙන් දිලීකා බිම බලා ගත්තේය.

    "මගේ වචනෙට ගරු කලාට හුගාක් ස්තුතියි..."

    "ගෙදර හැමෝම එකතුවෙලා ඉන්නේ.. මොකක් හරි සුභ කටයුත්තක්ද..?"

    අවිනාශ් ඇසූ දෙයට ඩිල්ෂාන් එකවරම පිළිතුරක් ලබා දුන්නෙ නැත. මෙය කෙසේ ආරම්භ කළ යුතුදැයි ඔහු මොහොතකට නිහඩවම කල්පනා කළේය. තවදුරටත් මේ සියල්ල සගවා තැබීමෙන් පලක් වන්නේ නැත. ඒ සගවා තැබීමෙන් බොහෝ දෙනෙකුට අනතුරක් සිදුවෙන්නට පුලුවන..

    "සුභ කටයුත්තක් නෙමේ.. ප්‍රශ්නයක්..?"

    "ප්‍රශ්නයක්..?"

    "ඔව් අවිනාශ්.. මේක ටිකක් බරපතල ප්‍රශ්නයක්.."

    "එහෙනම් ඉතින් අපි හැමෝම එකතුවෙලා මුහුණ දෙමු.. ඔයාලගෙ ඕනම දේකට මමත් ඔයාලා එක්ක ඉන්නවා.."

    අවිනාශ් කීවේ නැවතත් දිලීකා දෙස බලමිනි. ඒ ආදරය පිරුණු දෑසේ කැල්මන් දරා ගත නොහැකිව මෙවර බිම බලාගත්තේ අවිනාශ්ය. වෙනදාට දිලීකා නොමැතිව සාකච්ඡා කරන සොයුරන් අද ඇයත් කැදවාගෙන ඇත්තේ, තමාත් ඇයත් අතර ඇති සම්බන්ධය ගැන ඉව වැටීවත්දැයි අවිනාශ් මොහොතකට සිතුවේය. දිලීකාටද සිතී තිබුණේ එයමය. තත්වය එසේ නම් මේ සොදුරු සම්බන්ධතාවයේ සත්‍යය, සොයුරන්ටද පහදා දීමට දිලීකා මෙන්ම අවිනාශුත් වෙන වෙනම සිගා ගත්හ.

    "ඔයා එහෙම හිතන එක ගැන අපිට හුගක් සන්තෝසයි අවිනාශ්. දැන් මම කෙටියෙන් කතාවට බහින්නම්. ෆොක්ස් හීල් රේස් එකේදි අපි හතරදෙනාම ගාඩ් එකේ ඉදිද්දිත්, කවුරු නමුත් අවිනාශ්ට ඇටෑක් කලා. අවිනාශ් බේරුණේ අනූ නවයෙන්. ඒක ඇත්තටම පුදුම බේරීමක්. රේස් එකේ විඩියෝ එක ආයෙත් බලද්දි ඒක හොදටම පේනවා. බැහැයි, අවිනාශ් බේරුණේ සෙකන්ඩ් ප්ලේස් එක ගත්තු රොමේෂි හින්දා. ඒ කෙල්ල අවිනාශ්ට සිරාම ගාඩ් එකක් දුන්නා."

    දිලීකා මදක් අන්දමන්දව ගියාය. ඇය මෙවැනි දෙයක් ගැන, මොහොතකටවත් සිතා තිබුණේ නැත. ඒ රොමේෂි සම්බන්ධවය. එහෙත් තා මුල සිටම සිතා අනෙක් දෙය ඉතා නිවැරදි බැව් ඇය දැන සිටියාය. තහ හදේ උපන් කුළුදුල් ආදරය මුළුමනින්ම දිනාගත් මේ සොදුරු ජේත්තුකාරයාට කොතැනකින් හෝ අනතුරක් එල්ල වන බැව් ඇගේ සිතට දැනුනි. සිතට දැනුණු ඉව ඔස්සේ ඇය සැක කළේ තම සොයුරන්වය. බොහෝ වේලාවට ඒ සෑම දෙයක්ම දැන් දිග හැරෙනු ඇතැයි ඇයගේ සිත මුණු මුණු ගෑවාය.

    "කොහොම වුණත්, රොමේෂි එතෙන්ට ආපු එක අහම්බයක් නෙමෙයි.. ඒත් ඒකෙන් අවිනාශ්ට ඇටෑක් කරපු එවුන්ගේ වැඩේ ගැස්සුනා කියනෙක අපි හැමෝම දන්නවා.."

    "ඔය විස්තර දැනටමත් අපි දන්නවා ලොකු අයියේ..."

    තුන්වැනියා මැද්දට පනිද්දී, ඩිලෂාන් ඔහු දෙස රවා බැලීය. එහෙත් කතා කළේ දෙවැනියාය.

    "ඩිංගක් කට වහන් ඉදපන් පොඩි එකෝ.. කතාව තව ඉවර නෑ.. මේක අල ගිය, මුල ගිය, වැල ගිය තැන් සෑහෙන්න තියෙනවා.."

    "මේ කතන්දරේ වැදගත් වෙන්නේ මං මේ කියන්න යන හේතුව හින්දා. අවිනාශ්ට ඇටෑක් කලේ ආරක්ෂක අමාත්‍යංශයේ කවුරු හරි තදයෙක්. ඒත් ඒ පුද්ගලයා කවුද කියලා හොයාගන්නබ ැරි තරමේ බැරියර් එකක් උන් දාලයි තියෙන්නේ.."

    "දැන් ප්‍රශ්නෙ මොකක්ද ලොකු අයියේ...?"

    "ප්‍රශ්නෙද..? ඒක ප්‍රශ්නයක් නෙමෙයි.. ප්‍රශ්න ප්‍රශ්න පත්තරයක්ම තියෙනවා."

    "ඒ කිව්වේ...?"

    "ඇටෑක් කරපු එකා කවුරු උනත් ඌ තාම වැඩේ අතෑරලා නෑ.."

    "ඒ කියන්නේ...?"

    සිත මදක් චංචල වුවද, අවිනාශ් කෙලින්ම ඩිල්ෂාන් දෙස බැලුවේය. දිලීකාට නම් මේ ඇසෙන කතා සියල්ලම හීනයක් බදු විය. මේ සෑම දෙයම තම ආදරණිය පෙම්වතාට එරෙහි වී තිබීම ඇයට අදහා ගන්නට බැරි විය.

    "තව ඉස්සරහටත් ඇටෑක් එකක් අනිවා එයි..."

    "ඉස්සරහට...?"


    "ඔව්.. අනිත් දේ තමයි.. ඔයාට විතරක් නෙමෙයි, උං දැන් ඈටෑක් කරන්න හදන්නේ.. අපි හැමෝටමත් එක්කයි.."


    ඩිල්ෂාන්ගේ කතාවෙන් පුසුව මෙතෙක් වේලා අතරින් පතර ඇසුණු මුණු මුණුවද නැසී ගියේය. දිලීකා සිටියේ කිසිවක්ම කතාබහ කිරීමට නොහැකි තත්වයේය.


    "මංත්‍රීතුමා මේ ගැන දන්නැද්ද..?"


    මෙතුවක් වේලා නිහඩව සිටි හතරවැනියා, තම නිහඩ බව බිදගත්තේය.


    "මිනිහට මේ වෙලාවේ කරන්න පුලුවන් රෙද්දක් නෑ.. කොටින්ම ආරක්ෂක අමාත්‍යංශය ගෑවිලා තියෙන හින්දා මිනිහා ඒ පැත්ත බලාගෙන නිදාගන්නෙවත් නෑ. තේරුණාද පොඩ්ඩෝ.. මේ වැඩේ ගොඩ දාගන්න වෙලා තියෙන්නෙ අපිටමයි.."


    "තත්වය හුගක් බරපතලද ලොකු අයියේ..?"


    "ඔව්... නැත්නම් මං නංගිවත් අඩගහගෙන මෙතන මෙහෙම කතා කරන්නෙ නෑ"


    "අපි දැන් මොකද කරන්නෙ ලොකු අයියේ..?"


    "කිසිම දෙයක් කරන්න විදියක් නෑ.. අපිට වෙලා තියෙන්නෙ බලන් ඉන්න.."


    "බලන් ඉන්නෙක අපිට හුරු පුරුදු නෑනේ ලොකු අයියේ.."


    "කරන්න දෙයක් නෑ.."


    "අපට බැරිද මේකෙ ලීඩර්ව අදුනගන්න.."


    "මං කලිනුත් කිව්වෙ චූටි මල්ලි.. උං ඒ හැම හිලක්ම වහලයි තියෙන්නේ.."


    "මට තියෙන ප්‍රශ්නෙ ඩිල්ෂාන්.. ඇයි ආරක්ෂක අමාත්‍යංශයට මගේ මෙඩ්ල් එක ඕන උනේ..?"


    "මටත් ඒක හිතාගන්න බෑ.."


    "එතකොට මට ඇටෑක් කරපු එකා.. ඌද මිනිහා..?"


    "නෑ.. ඒකා අතකොලුවක් විතරයි.. මං රේසින් ලිස්ට් එකෙ රයිඩර්ස්ලගෙ නම් ටික බැලුවා.. මෑන්ගෙ අංකෙ විතරයි.. නමක් නෑ.."


    "එතකොට අපිට තියෙන්නෙ අකමැත්තෙන් හරි බලාගෙන ඉන්න.."


    "ඔව්.. මං ඉස්සෙල්ලත් කිව්වේ ඒකමයි.. ඒ වගේම මේ හැමදේම අතරෙ කියන්න ඕන දෙයක් තියෙනවා. මේ කතා කරපු හැම දේකටම වඩා වැදගත්.."


    ඩිල්ෂාන් උගුර පෑදුවේය. අවිශාන් ඇස් උස්සා වටපිට බලද්දී සෑම කෙනෙක්ම ඩිල්ෂාන් දෙස බලා සිටිනා අයුරු දුටුවේය. එහෙත් දිලීකාගේ දෙවනි අයියා, මේ නඩයේ වඩාත්ම උපේක්ෂා සහතග පුද්ගලයා වශයෙන් තමා සැලකූ පුද්ගලයා, තමා දෙස වඩාත් විපරමින් බලා සිටින අයුරු අවිනාශ්ගේ සිතට ගෙනාවේ නොසන්සුන් හැගීමකි.


    "මේ දේ මට කිව්වෙ අවිනාශ්.. මං අද ඔයාලා හැමෝම ඉස්සරහා ඒක අවිනාශ්ගෙන් අහනවා.."


    ඩිල්ෂාන් එන්නට හදන්නේ මොන සන්නියට දැයි අවිනාශ්ට සිතාගන්නට බැරිවිය. එය කුමක් වුවත්, සබවාදී දෙයක් නොවන බව නම් කතාව ඇරඹුමේදීම අවිනාශ්ට වැටහී ගියේය. දිලීකාගේ දෑසද අවිනාශ් වෙතටත් වැඩිමහලු සොයුරා දෙසටත් අනෙක් සොයුරන් දෙසටත් යොමුවිය.


    "මොකක්ද ඩිල්ෂාන්...?"


    "ඔයා කිව්වා.. මාවත්, දිලීකාවත් අමතක කරනවා කියලා. ඒ වගේම මගේ නංගිට කරපු උදව්වත් අමතක කරලා දානවා කිව්වා. ඒ වගේ දෙයක් උනේ නෑ වගේ.."


    දැන් නම් හැරවුම් ලක්ෂය පැහැදිලිය. ඩිල්ෂාන් තුරුම්පු ආසියාම ඇද අවසානය. තමට වන්නේ කාඩ් අත බිම තබන්නටද..? එසේ නැත්නම් ආසියාට සුලු කොලයක් බිල්ලට දී ඉතිරි කොළ ටික බලා කියා ගැනීමද..? අවිනාශ් සිත ශක්තිමත් කර ගත්තේය.


    "දැන් මොකක්ද ප්‍රශ්නෙ ඩිල්ෂාන්..?"


    "ඔයා ඔය කිව්ව හැමදේම අඩු ලංසුවට තිබ්බෙ එකම එක දෙයක් හන්දා.. ඒ ඔයාට ඇටෑක් කරපු කාළකන්නියා එක්ක මගේ මල්ලිලා සම්බන්ධයි කියලා විශ්වාස කරපු හින්දා..";


    අවිනාශුත්, ඩිල්ෂානුත් හැරුනු කල අනෙක් සියලු දෙනාගේම මුව වල් විස්මයෙන් විවර වුණි. මෙය කුමණාකාරයේ කතාවක්ද..? අවිනාශ් එසේ සිතුවේ කෙසේ..? ඩී.ජේ ගෘප් හී තුන්වැනියා සිතුවේ සංකාවෙනි..


    "ඔව්... මං එහෙම හිතුවා..."


    අවිනාශ් සියල්ලන්ගේම මුහුණ දෙස මාරුවෙන් මාරුවට බලමින් දැඩි විශ්වාසයකින් යුතුව කිව දැම්මේය. ඩිල්ෂාන් හා දිලීකා හැරුණු කල ඉතිරි සොයුරන් තිදෙනාම අදහාගත නොහැකි දෙයක් දුටුවා සේ ගල් වී බලා සිටියහ.


    "අ... අපි ඔයාට විරුද්ධව වැඩ කරා කියලා.. ඔ.. ඔයා හිතුවා...?"


    ඩී.ජේ ගෘප් හී බාලයා, ඉදිරියට විත් අවිනාශ්ගේ දෑතින් අල්ලා ගත්තේය. ඔහුගේ කටහඩ බිදී ගිය ආකාරයක් දිස්විණි.


    "ලොකු අයියා කියපු දේ හරි කියලත් ඔයා කියනවා.."


    තුන් වැනියාද ඉදිරියට ආවේය. මෙතනින් එහාට කුමකින් කුමක් සිදුවේද කියා සිතා ගැනීමට ඩිල්ෂාන්ට පවා හැකියාවක් තිබුනේ නැත. තම සොයුරන් සේම අවිනාශ්ද එක වචනයේ මිනිසෙකු බව, දැන් ඇස් පනාපිටම ඔප්පු වී හමාරය, අවිනාශ් කී දේ ඔහු කෙලින්ම පිළිගත් හැටි අපූරුය. ඔහු කිසිවිටක එයින් මිදෙන්නට උත්සාහ කළේ නැත.


    "අ... අපි ඔයාට විරුද්ධව මොනවද කරේ...?"


    "ඇයි ඔයා අපිට එහෙම කතා කරන්නේ...?"


    "අපේ නංගිව බේරගත්තු දවසෙ ඉදලා අපි හිතුවේ, ඔයාගෙ පණත් හරි අපේ පණත් හරි කියලා.."


    "එහෙම හිතපු අපි ගැන ඔයා ඔහොමද හිතන්නේ..?"


    හතර අතින්ම දැවැන්ත ප්‍රශ්න ගංගාවක්, අවිනාශ් වෙතට ඇද හැලුණි. ඩී.ජේ ගෘප් හි සියල්ලෝම අවිනාශ් තමන් ගැන සිතනා සැටියෙන්, මහත්වූ කලබලයකට නොසන්සුන්කමකට පත්ව සිටියාය.


    "මට එහෙම හිතන්න හේතු තිබුණා.."


    "හේතු...?"


    දෙවෙනියා, තුන්වැනියා හා හතරවැනියා ඇසුවේ එකම හඩිනි. අවිනාශ් මදක් නිහඩව සිටියේය..


    "අපේ ලොකු අයියා දැන් ටිකකට කලින් කිව්වා, ඔයාට මතකද, ඔයාට ඇටෑක් කරපු අයගෙන්, අපිටත් ඇටෑක් එකක් තියෙනවා කියලා.. අපි කවුරු මොනවා කිව්වත්, අපේ ලොකු අයියා බොරු කියන්නෑ.. එයා තමයි අපේ තාත්තටයි, අම්මටයි දෙන්නටම ඉන්නෙ අවිනාශ්.. ඉතිං එයා එහෙම කියද්දි, ඔයා කොහොමද කියන්නෙ අපි උං එක්ක එකතුයි කියලා.. උං හදන්නෙ අපිවත් නැති කරලා දාන්න.."


    "පොඩි එකෝ.. ඩිංගක් සද්දෙ වහලා ඉදපං.. එයාට කතා කරන්න දීපං. එයා කිව්වනේ හේතු තියෙනවා කියලා.. අපි දැනගන්න ඕනනේ මොනවද ඒ හේතු කියලා.."


    දෙවැනියාගේ හඩින් හතරවැනියා නිශ්ශබ්ද විය. දැන් වාරය එළඹි ඇත්තේ තමාට බැව් අවිනාශ් වටහා ගත්තේය. අනං මනං නොකියා කෙළින්ම කාරණයට බැසිය යුතු යැයි අවිනාශ් සිතුවේය.


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "මට ආපු තර්ජන ගැන මං ඩිල්ෂාන්ට කිව්වාම ඔයාලා හැමෝම මාව විශ්වාස කලා. ඒත් මට ට්‍රැක් එකේස් උං ඇටෑක් කරා.."

    "ඒක අහම්බයක් අවිනාශ්..."

    "ඔව්.. ඒත්.. උං ඒක කළේ හොදට ප්ලෑන් කරලා..."

    "ඒ උනාට ඔයාට මතකද ඔයාම කිව්වා, උං ඔයාට ඇටෑක් කරන්නේ, රේස් එක ඉවර උනාම කියලා.. මොකද දිනුම පැරදුම බලලා ගේම් එක ඉවර කරයි කියලා ඔයා හිතාගෙන හිටියා.. හුගාක් වෙලාවට අපිත් හිතාගෙන හිටියෙ එහෙමයි. ඒත් උං කැත විදියට රේස් එකේදි ඔයාට ඇටෑක් කරා..."

    "එතකොට ඔය හේතු විදියට ඉදිරිපත් කරන්නේ.. ඔය වෙච්ච ඇටෑක් එකට අපි සම්බන්ධයි කියලද...?"

    හතරවැනියා නැවතත් මැද්දට පැන්නේය..

    "නෑ.. එතන නෙමේ ප්‍රශ්නේ..?"

    "එහෙනම්...?"

    "ඔයාලා දෙන්නා හැම නිතරම මාව ෆලෝ කරපු එක.."

    ඩී.ජේ ගෘප් හි තුන්වැනියා හා හතරවැනියා දෙසට ඇගිල්ල දිගු කරමින් අවිනාශ් කීවේය. ඩිල්ෂාන්ගේ මුවින් අවක්ත රාවයක් පිටවිණි. දෙවණියා තීක්ෂන බැල්මක් හෙලුවේ දිලීකා දෙසටය. ඇය වහා බිම බලා ගත්තාය. තුන්වැනියාත්, හතර වැනියාත් එකිනෙකා දෙස බලා ඉගි කරගත් අතර, එම ඉගිවල සැබෑ අර්ථය කිසිවෙකුත් දැන සිටියේ නැත.

    "අපි ඔයාව ෆලෝ කරා..?"

    ඩී.ජේ ගෘප් හි තුන්වැනියා ඇසුවේ කිසිදු දෙයක් නොදන්නා අයුරිනි. දිලීකා එක එල්ලයේම බලා සිටියේ ඔවුන් දෙදෙනා දෙසය.


    "ඔව්.. ඔයාලා දෙන්නා ඒක පිළිගන් නැද්ද...?"


    අවිනාශ් ඇසුවේ අභියෝගාත්මක හඩිනි.


    "පිළිගන්න විදියක් නෑ.."


    "ඇයි නැත්තේ..? මං යන යන තැන ඔයාලා මගේ පස්සෙන් ආවා. මගේ ගැන බැලුවා.. එක දවසක් මගේ ගෙදරටත් ඇවිත්.. ගෙදර ඉන්නෙ කවුද කියලත් බලන්න හැදුවා.."


    එවර නම් ඩිල්ෂාන්ගේ දෑසේ මතුවූයේ තරවටු පෙනුමකි. අවිනාශ් කියන දෙය ඇත්ත නම් මේ කාණයේ තමා නොදැකි පැත්තක්ද තිබිය හැක.


    "ඇත්තද චූටි මල්ලි, අවිනාශ් කියන්නේ..? මගේ කීමට පිටින් ඔයාලා දෙන්නා ඔය කියන විදියෙ දේවල් කරාද..?"


    "ඔව් ලොකු අයියේ.."


    තුන්වෙනියාත්, හතරවැනියාත් එකාවන්ව උත්තර දුන්හ. එවන නම් ඩිල්ෂාන්ගේ ඇහි බැමි පවා ඉහල ගියේය. ඒ තම බාලයන් උත්තර දුන් එඩිතර විලාසය අනුවය..


    "ඇයි ඒ...?"


    ඩිල්ෂාන්ගේ තියුණු කටහඩ මුලු නිවස පුරාම පැතිර ගියේය. එම හඩෙහි තිබුනේ පහසුවෙන් ඉවත දැමීමට නොහැකි තරමේ දැඩි බවකි. දිලීඛා බියපත් දෑසින් පිරිමින් පස්දෙනා දෙසම බැලුවද, කිසිවෙකුත් ඇයගේ හැගීම් හදුනා ගත්තේ නැත. අඩුම තරමේ අවිනාශ් පවා ඇය දෙස බැලුවේ නැත. ඔහු බලා සිටියේ ඩිල්ෂාන්ගේ පැනයට ඔහුගේ සොයුරන් ලබාදෙන පිළිතුරු දෙසය.


    "අපි හිතුවෙ ඇත්තටම.."


    "ඔව්.. මොකක්ද හිතුවේ..?"


    "නංගියි, මෙයයි යාලු ඇති කියලා.."


    "මොකක්...?"


    "ඔව් ලොකු අයියේ.. අපි මෙයාගෙ පස්සෙන් විතරක් නෙමෙයි.. නංගිගෙ පස්සෙනුත් ෆලෝ කරා.."


    "ෂිට්.. මොනවද පොඩි එකෝ උඹලා මේ කරලා තියෙන්නේ..? උඹට මගෙන් කනේ පාරක් කන්න ඕන වෙලාද..? මගේ සහෝදරකම් ඇති වෙලාද..?"


    "නෑ ලොකු අයියේ.. වැරැද්දක් උනා නම් හැමෝම ඉස්සරහ අපි මෙයාගෙන් සමාව ඉල්ලන්නම්.."


    ඩී.ජේ ගෘප් හි හතරවැනියා, බිදුණු හඩින් එසේ කියද්දී, අවිනාශ්ගේ සිතට මහා මොකක්දෝ විය. අරමුණ කුමක් වුවත් ඔවුන් හඹා විත් ඇත්තේ නිවැරදි දෙය පිටුපසම නොවේද..?


    "සමාව ඉල්ලන එක ඩිංගක් තියලා මට කියනවද අවිනාශ්ගෙ පස්සෙන් ගිහින් මොනවද හොයාගත්තෙ කියලා.. මොනවම හරි දෙයක් හම්බවෙන්න ඇතිනේ.. මට දැනගන්න ඕන වැරදි පාරක ගිහින්, හරි උත්තරයක් හම්බවුණාද කියලා.."


    ඩිල්ෂාන් එසේ කීවේ අවිනාශ් දෙසත් දිලීකා දෙසත් වරින් වරේ බලමිනි.


    "නෑ ලොකු අයියේ.. එයාලා අතරෙ එහෙම දෙයක් නෑ.."


    තුන්වැනියා කීවේ බලාපොරොත්තු සුන්ව බිදුනු හඩිනි. තමා කැමති දෙයක් තමා වෙතින් ඈතට යාමේ විප්‍රෙයා්ගය එහි ගැඹුරින් තැන්පත් වී තිබිණි.


    "හැමදේම එච්චරද..?"


    "ඔව්.. ලොකු අයියේ.. වෙන කිසිම දෙයක් නෑ.. ඔයා කියපු දේවල් අපි අකුරටම පිළිපැදලා තියෙනවා.. මෙතන අපි කරන්න ගියේ අපේ ඉවට දැනිච්ච දෙයක් ඇත්තද කියලා බලන්න උත්සාහ කරපු එක. එහෙම නැතුව, අවිනාශ්ට ඇටෑක් කරන්න තරම් පහත් දෙයක් අපි හීනෙකින්වත් හිතුවෙ නෑ. මේ මූණ දිහා බලාගෙන අපිට එහෙම කරන්නත් බෑ.."


    "එහෙනම්.. හැමදේම එච්චරයි.. ඔයිට වඩා කියන්න දෙයක් අපි කාටවත්ම නෑ.. දැන් අපිට ඕන ඔයා මොනවද කියන්නෙ කියලා බලන්න.. ඔයාට ඕන නම් මේ හැමදේම පිළිගන්න පුළුවන්.. නැත්නම් එදා කිව්ව විදියටම ඒ මතයෙම ඉන්න පුළුවන්.. අපි ඔයාට ඇටෑක් කරන්න උදව් දුන්නා කියලා ඔයා හිතනව නම් ඒක ඔයාගෙ කැමැත්ත. ඔයාගෙ පිටිපස්සෙන් ඇවිත් අපි නිර්දෝෂයි කියලා, කිය කියා එන්න තරම් ඩී.ජේ ගෘප් එක බංකොලොත් වෙලා නෑ. ඔයාට වගේම අපිටත් අභිමානයක් තියෙනවා.. හැබැයි ඔය හැමදේම අතරින්, තවත් කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම ඔයාට කැමතියි කියන දේ.."


    "මටත් දෙයක් කියන්න තියෙනවා.."


    අවිනාශ්ගේ කටහඩේ වූයේ නොසැලෙන සැහැල්ලු බවකි. ඩිල්ෂාන්ගේ සිතටද යම්කිසි සහනයක් දැනෙන්නට පටන්ගෙන තිබිණි. මෙය නම් කුමක් හෝ සුභ කතාවක ආරම්භයකි.


    "ඒ මොකක්ද...?"


    "ඔයාලා දෙන්නා..."


    එසේ කියා අවිනාශ් ඩී.ජේ ගෘප්හි තුන්වැනියා සහ හතරවැනියා දෙසට ඇගිල්ල දිගු කළේය.


    "මාව ෆලෝ කරලා ඉවරවෙලා අන්තිමට කියාපු දේ වැරදියි.."


    "ඒ කිව්වේ...?"


    එවර ප්‍රශ්නය ඇසුවේ මෙතෙක්ව නිහඩව සිටි දෙවැනියාය. ඔහුට මෙහි අගක් මුලක් පැහැදිලි වූයේ නැත. මේ කියන දේවල්ද හරස් පද ප්‍රෙහේලිකා වැනිය.


    "ඒ කිව්වෙ, මං ඔයාලව සැක කරන තරමටම, ඔයාලා මගේ පස්සෙන් ඇවිල්ලත්, ඔයාලට ලැබුණු දේ ගැනයි.."


    "අපිට මුකුත් ලැබුණෙ නෑ නේ.."


    "ඒක හරි.. ඔයාලා හිතන විදිය.. ඔයාලට මුකුත් ලැබුණෙ නෑ කියන එක.."


    "අවිනාශ් කියන දේ අපිට තේරෙන්නෑ.. එයා කියන දේ උඹටවත් තේරෙනවද ලොකු අයියේ.."


    තුන්වැනියා කතාව පටන්ගත්තේ ඔලුව කසමින්ය..


    "ඔව්.."


    "මොකක්ද එයා කියන්නේ..?"


    "ඊට කලින් උඹයි, පොඩි එකයි මොනවද කිව්වෙ කියලා මතකද..?"


    "ඔව්... අපි කිව්වේ, නංගියි, අවිනාශුයි අතර අපි හිතපු විදියෙ දෙයක් නෑ කියලා.."


    "ඒක තමයි.. උඹලා එහෙම කියද්දී, අවිනාශ් කියනව උඹල හිතන විදිය වැරදියි කියලා.."


    "හප්පට සිරි.. ඒ කියන්නේ..? ඒ කියන්නේ..?"


    "ඔව්.. මමයි දිලීකයි අතරෙ එෆෙයාර් එකක් තියෙනවා...."


    අවිනාශ්, දිලීකා දෙසට තම දෑත දිගු කළේය. සොයුරන් සතර දෙනාම සිටියද ඇය එතැනින් නැගිට අවිනාශ් වෙතට නොපැකිලිව ආවාය. තමන්ගේ සම්බන්ධය සියල්ලන්ම ඉදිරියේ අවිනාශ් පැවසූ එඩිතර විලාසයට ඇය සිටියේ වශීකෘතවය. ඔහු කොතරම් ධෛර්ය සම්පන්නද..?


    "අපි දෙන්නා හිතනවා.. ඔයාලා හතරදෙනාගේම අශිර්වාදය අපිට හම්බවෙයි කියලා.. කොහොමටත් මුල ඉදලා ඔයාලා මට කැමැත්තෙන් හිටියේ.. ඔයාලගෙ විරුද්ධත්වයක් තියෙනවා නම් ඒකත් මට කියන්න.. ඒත්.. මට මගේ වස්තුව අමතක කරන්න කියන්නෙපා..."


    සොයුරන් සතර දෙනාගේම හදවත් මහත් ආනන්දජනක තත්වයට පත්ව තිබිණි. අවිනාශ්ව, වස්සිනා කර ගැනීමට තමන් සියලු දෙනාම එකාවන්ව කැමති බැව් ඔවුන්, ඔවුන් අතරම හෙලනා බැලුම් වලින් තේරුම් ගත්හ. මෙය නම් කවරාකාරයේ සංතෝසයක්ද..? අනෙක තම එකම සොයුරිය නිවැරදිම දෙය තෝරා ගන ඇති සැටි..


    "අමතක කරන්න කියලා කිව්වොත්..?"


    ඩිල්ෂාන්, දිලීකාත් අවිනාශුත් වෙතට එන ගමන් ඇසුවේය. ඔහුගේ මුහුණේද මද සිනාවක් ගැබ්වී තිබිණි..


    "කිව්වොත් නේද..?"


    "ඔව්.."


    "අපි මෙච්චර දවසක් හම්බවුණා වගේම හොරෙන්ම හම්බවෙනවා. අපි කීයටවත් මේක නවත්තන්නෙ නෑ.."


    "ඔන්න බලපං පොඩි එකෝ.. ඒ චැලේන්ජ් එක උඹට.."


    "ආයෙ මොන චැලේන්ජ්ද ලොකු අයියා. මේ දෙන්නා යාලුයි කියලා, මේ කටින් කියපු එකම මැදැයි.. ඉතිං එමු.. එමු මස්සිනා.. අපි මේ සංතෝසෙ සමරන්න ඕන.."


    ඩී.ජේ ගෘප් හි සොයුරන් සතර දෙනා එකවරම අවිනාශ් ඉදිරියට ආවේ ඔහුට සිතා ගැනීමටවත් සිතුවිල්ලක් ඉතිරි කර නොතබාය. අනතුරුව දිලීකාගේ කෑගැසීමද නොතකා ඔවුන් අවිනාශ්ව හිප් හිප් හුරේ කියා හතර පැත්තෙන්ම අල්ලා ඉගා වේගයෙන් උඩ දැමූහ. හිස් අහසට නිදහසේ විසිවී ගිය අවිනාශ් හතර ගාතයෙන්ම නැවතත් ඇද වැටුනේ ඩී.ජේ ගෘප් සොයුරන්ගේ දෑත් මතටය. අනතුරුව එක එකා තදින් වැළදගෙන, ඔවුන්ගේ සතුට උපරිම වශයෙන් අවිනාශ්ට දැක්වූහ..


    "මං හිතුවා මට ඩිංගක්වත් ඉතුරු වෙන එකක් නෑ කියලා.."


    සොයුරන් මදක් එහෙට මෙහෙට වෙනතුරු බලා සිටි දිලීකා අවිනාශ්ට ලංවූවාය.


    "මොනවද..?"


    "මොනවද තමයි.. ඔයාව..."


    ඇය එය කියූ සුරතල් ආකාරයට අවිනාශ්ගේ මුවට නිතැතින්ම සිනාවක් ගලා ආවේය.


    "ඔ.. ඔයා මටද හිනාවෙන්නේ..?"


    "ඇයි දිලී.. අද හිනාවෙන්න හොද දවසක් නෙමෙයිද..? ඔයාගෙ අයියලා මට කැමති වෙච්ච එක කොයිතරම් දෙයක්ද..? දැන් ඔයාටයි, මටයි හැංගි හැංගි හම්බවෙන්න ඕන්නෑනේ.."


    "මටත් අද හරිම සතුටුයි අවිනාශ්.. ජීවිතේ ඉස් ඉස්සෙල්ලාම පිරිමියෙකුට කියලා හදවත තුලින්ම ආදරයක් ඇති උනේ ඔයාට.. ඉතිං ඒ ආදරේ සදාකාලිකයි කියල දැනුණාම, මටත් ඒ සතුට ගැන කියන්න වචන නෑ.. ඒත් මං හිතුවෙ නෑ මේ වෙලාවෙ අයියලත් එක්ක ඔයා ඕක අහයි කියලා.."


    "මේ වෙලාව තමයි දිලී හොදම වෙලාව.. ආයෙ මේ වගේ වෙලාවක් එන්නෑ.."


    "මගේ අයියලා නිතරම බැලුවෙ මගේ සතුට.. අවිනාශ් අපරාදේ මං එයාලව සැක කරා.. මං හිතුවෙ එයාලා හදන්නෙ අපිට අනතුරක් කරන්න කියලා.."


    "දැන් ඉතින් ඔක්කොම හරි නේද..? ඔයාටයි මටයි හැමදාම සතුටින් ඉන්න පුළුවන්නේ.. ඒත්.. ඒත්.."


    "ඇයි දිලී..."


    "ඔයාලා හැමෝම ඉන්නෙ ලොකු අනතුරක කියලා ලොකු අයියා කිව්වා.. මට... බ.. බයයි..."


    දිලීකාගේ සිතේ සතුට කෙමෙන් කෙමෙන් වියැකෙන්නට විය. ඇය අවිනාශ්ගේ අත තද කර අල්ලා ගත්තාය.


    "බයවෙන්නෙපා දිලී ඕන අනතුරක් ආපුදෙන්.. දැන් අපි පස්දෙනෙක්ම ඉන්නවනේ.."


    ඒ වදන් වලින් නම් දිලීකාගේ සිතට යාන්තමට සැහැල්ලුවක් එක්විය. දුක්බර සිතිවිලි ඉවත දමා මේ සතුට සැමරිය හැකි මගක් අවිනාශ් මා කතාබහ කරගත යුතු යැයි ඈ අනතුරුව සිතුවාය..


    ***************************


    "යකෝ.. ඒකත් එහෙනම් ජයසිරි මංගලම්..."


    ඩිල්ෂාන්ගේ නිවස තුලදී සිදුවූ සියල්ලම අකුරක් නෑර අසා සිටි ජෙහාන් අවසානයේදි කෑගැසීය.


    "ඔව්.. ජෙහාන්.. ඒක නම් මංගලම් තමා.. තව වැඩි දවසක් මං මෙහෙම ඉන්නෙ නෑ.."


    අවිනාශ්ගේ මුහුණේ මතුවූයේ බැරෑරුම් සහගත පෙනුමකි. එය දුටු ජෙහාන් මදක් කැළඹුනේය..


    "උඹ කියපු දේ මට තේරුණේ නෑ මචං.."


    "මං කිව්වේ, වැඩි දවසක් යන්න කලින් දිලී මගේ ළගට ගන්නවා කියලා.."


    "ඒක මිසක්.. මාත් බය උනා, උඹ මේ මොනවද කියන්නෙ කියලා.. මගේ සුභපැතුම් මචෝ.."


    ජෙහාන් තම දයාබර මිතුරාව තදින් වැළද ගත්තේය. අවිනාශ්ට ඔහුගේ සිතැගි පරිද්දටම සොදුරු යුවතියක් යුවතියක් ලැබීම ජෙහාන්ගේ අමන්දානන්දයට හේතුවක් විය. ජෙහාන් එසේ අමන්දානන්දයට පත්වෙද්දී ඔහුටත් අවිනාශ්ටත් එහයින් ශානකගේ අලු පැහැති දෙනෙත වෛරයෙන් දැවෙමින් ඔවුන් දෙසට එල්ල වී තිබිණි. ගෙවී ගිය දින ගණන පුරා, එක තත්පරයක්වත් ශානක අපතේ හැරියේ නැත. ඔහු සිටියේ අවිනාශ් පිටුපසමය. ෆොක්ස් හීල් තරගයේදි යෝධ කුසලානය දෑතින්ම ඔසවද්දී අවිනාශ්ගේ මුවේ නැගුණු ආඩම්බර මද සිනාව, තවමත් තමාට සමච්චල් කරනවා යැයි ශානක සිතුවේ ද්වේශයෙනි.


    "උඹේ ඔය හිනාව මං සදහටම නැති කරලා දාන්නම්කෝ.."


    පියාගේ ඉහළ තනතුර නිසාම තමා සිතූ දෙයම කර පස්ස බලනා හිතුවක්කාර පුතුගේ ගණයට ශානක ඉතා සතුටින් ඇතුල් වී සිටියේය.


    "ජෙහාන්.."


    "ම්.."


    "උඹ අදුනනවද මෑන්ව.."


    "කවුද..?"


    "කලු සන්ග්ලාස් දෙක දාලා ඉන්නේ.."


    ජෙහාන් හැරී බැලුවේ සීරුවෙනි. එහෙත් ඒ වනවිටත් අවිනාශ් පෙන්වූ පුද්ගලයා එතන සිටියේ නැත.


    "කෝ කවුරුත් නෑනේ.."


    "ඌ තත්පරේට වාෂ්ප උනා එහෙනම්..?"


    "කවුද අවිනාශ් ඒ..?"


    "දැන් දවස් ගානක ඉදලා කවුරු හරි මගේ පස්සෙන් ෆලෝ කරනවා කියනෙක මට දැනිලා තිබුනා. ඔය මං පෙන්නුව මෑන් තමයි හුගක් වෙලාවට හිටියේ.."


    "ෂිහ්... මට මිනිහව බලාගන්න බැරි උනානේ.."


    "ඒක තමයි.. මිනිහගෙ තියෙන ටැලන්ට් එක.. මිනිහව ඩිංගක්වත් නෝට් වෙන්න ඉඩ තියන්නෙ නෑ.. අනික මිනිහව මතක තියාගන්න කියලා විශේෂ හැඩහුරුකමක් වත් නෑ.."


    "කෝකටත් උඹ පරිස්සම් වෙයන්.. කියන්න බෑනේ.. මොන හෙණ ගෙඩියක් පාත් කරන්න හදනවද කියලා.."


    ජෙහාන්ගේ කටහඩේ වූයේ බියමුසු හැගීමකි. එහෙත් අවිනාශ් එයට ප්‍රතිචාර දැක්වූයේ සිනහවකිනි.


    "හෙණ ගෙඩිය මොකක්ද කියලා නම් මං දන්නවා.."


    "මොකක්ද..?"


    "ආරක්ෂක අමාත්‍යංශයෙන් ආපු එකක්.."


    "න්... නෑහ්.."


    එතැන් සිට අවිනාශ් දැන් උද්ගත වී ඇති වර්ථමාන තත්වය පිළිබදව ජෙහාන්ට පහදා දුන්නේය. ජෙහාන් එය අසා සිටියේ අන්දමන්දව ගිය ස්වරූපයනි.


    "අවිනාශ්.."


    "ම්.."


    "මේක අහලා හිනාවෙන්න එපා.. උඹ ටිකක් මේ පළාත අතෑරලා ගියොත් නරකද..?"


    "අතෑරලා ගිහින්..?"


    "නෑ.. මං කිව්වෙ මේ ප්‍රශ්නෙ නිමෙනකල්.."


    "මේක ඉවරවෙන එකක් නෙමෙයි.. මට තර්ජනය කරපු එකා කවුරු උනත්, ඌ මේක ලේසියෙන් අතාරින එකෙක් නෙමෙයි.. අනික මට දිලීකා දාලා කොහේවත් යන්න බෑ.. මං යන්නෙත් නෑ ජෙහාන්.."


    "ඒ උනාට උං මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නෙ නෑනේ.. මේක ලේසි දෙයක් නෙමෙයි කොල්ලෝ.."


    "ඒක මං දන්නවා.. හැබැයි එහෙම කියලා මට කොහෙත්ම පැනලා යන්න බෑ.."


    "උඹට මං කියන දේ තේරෙන්නෙ නෑ.."


    "නෑ ජෙහාන් මට තේරෙනවා.. උඹ කියන්නෙ උං ෆේස් ටූ ෆේස් එන්නැති හින්දා වැඩේ භයානකයි කියලනේ..?"


    "ඔව්.. උං කොයි වෙලාවෙ ඇටෑක් කරයිද කියලා කවුද දන්නේ..?"


    "වෙලාව දන්නැති උනාට, උං ඇටෑක් කරයි කියන විශ්වාසෙ මට තියෙනවා.. මං කොහොමටත් ඒකට මූණ දෙන්න ඕන.."


    "මට තේරෙන්නෑ මචෝ.. උඹට වගේ සිහි බුද්ධියකින් මේ ප්‍රශ්නෙ දිහා බලන්න මං දන්නෑ. ප්‍රශ්නෙ වෙන්නෙ උඹට උනත්, මමත් අවුල් වෙලයි ඉන්නේ.. ඒත් මට හිතාගන්න බැරි, ඇයි උං තාමත් උඹේ පස්සෙන් එළවන්නෙ කියලා.. රේස් එක ඉවර වෙලත් දැන් කොච්චර කල්ද..?"


    "රේස් එක ඉවර උනාට හිතක පැසවන වෛරයට දින නියමයක් නෑ නේ බං.. ඒක සදාකාලිකයි.."


    ජෙහාන්, අවිනාශ්ගේ අතින් අල්ලා ගත්තේය. ඔහුගේ මුහුණේ මෙතෙක් වේලා පැවති බිය පහවී යම් හැගීම්බර බවක් එක් වී තිබිණි.


    "උඹ පරිස්සම් වෙනව වගේම, දිලීකවත් පරිස්සම් කරගනිං.. සමහර විට උඹට රිද්දන්න උං වෙන වෙන අතුරු මාර්ග හොයාගනියි.."


    ජෙහාන් පැවසූ දේ පිළිබදව, අවිනාශ් මෙතෙක් සිතා සිටියේ නැත. ඔහු සිතුවේ තමාත්, ඩී.ජේ සොයුරන්ටත් මේ නොදන්නා සතුරා පහර දෙයි කියාය. එහෙත් එතැනින් තවත් බොහෝ දේ ඇති වග මේ නොපෙනෙන සතුරා කල්පනා කර තිබෙන්නට පුළුවන. මේ ගැන ඩිල්ෂාන් සමග කතාබහ කළ යුතු යැයි අවිනාශ් සිතා ගත්තේය. ඇයට අඹ මල් රේණුවක තරමේවත් හානියක් වීමට ඉඩ නොදිය යුතුය..


    Mathusambandai.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Cover-09.jpg


    09.png


    නිවසට එන අතරේදි අවිනාශ් දැඩි සෝදිසියකින් ආවද, සැක කටයුතු කිසිවක් ඔහුට දක්නට ලැබුණේ නැත. තමා පිටුපසින් පන්නන පුද්ගලයා කවරෙකු වුවත්, ඔහු ඉතා සූක්ෂම ආකාරයට කටයුතු කරන බව පැහැදිලිය. එහෙත් මොන මොහොතක හෝ ඔහුට තමා ඉදිරියට පැමිණෙන්නට සිදුවන බැව් අවිනාශ් දැන සිටියේය. එහෙත් අවිනාශ්ට වැරදුන තැන එතන විය. ශානක, අවිනාශ් ඉදිරියට නොපැමිණියේ, ඔහු වටා වූ පියාගේ ආරක්ෂිත වළල්ල නිසාවෙනි. සැගවී පහර දීම ඉතා බියගුලු ක්‍රීඩාවක් බව ඔහු ඇදහුවේය. එහෙත් තමාට වඩා පරිනත, අත්දැකීම් බහුල චර පුරුෂයන්, ඔහුගේ ගමන වලක්වා තිබිණි. ශානකට කටයුතු කරන්නට වී තිබුණේ ඔවුන්ගේ අණසක යටතේය. ඔහු එයට නම් කිසි ලෙසක කැමැත්තක් දැක්වූයේ නැත. තම වේලාව එනතුරු ඉවසා හිදින්නට ඔහු අවසානයේදී හිත හදාගෙන තිබිණි.

    නිවසට පැමිණි වහාම, නිදහසේ ඩිල්ෂාන්ට ඇමතුමක් දෙන්නට අවිනාශ් සිතාගත්තේය. එහෙත් අවිනාශ්ට නිවසට ගොඩවන්නට ඉඩක් ලැබුණේ නැත. ඔහුගේ ජංගම දුරකථනය හඩ තලන්නට විය. ඇමතුම ලබා දී තිබුණේ ඩිල්ෂාන්ය.

    "අවිනාශ්.."

    "ඔව්.. මං මේ ඔයාට කෝල් එකක් ගන්න හැදුවා විතරයි.."

    "ඔයාට කියන්න දෙයක් තියෙනවා.."

    ඩිල්ෂාන්ගේ කටහඩේ වූ මද වෙව්ලීම අවිනාශ් වහා හදුනාගත්තේය. ඔහුගේ සිතට දැනුනේ මහා නොසන්සුන්කමකි. ඒ හැගීම මැදින්, අවිනාශ්ට දිලීකාගේ දිගු දෑස මැවී පෙනෙන්නට විය.

    "දි... දිලීට කරදරයක් නෑ නේද..?"

    ඔහු වහාම ඇසුවේය..

    "නෑ.. නංගිට නෙමෙයි.."

    "එහෙනම් කාටද..?"

    "බාල මල්ලිලා දෙන්නට.."

    "දෙයියනේ.. මොකක්ද වෙලා තියෙන්නේ ඩිල්ෂාන්..?"

    "ට්‍රක් එකක් මෙයාලා දෙන්නා කාරෙකෙන් යද්දි පැත්තකින් ඇවිල්ලා වද්දලා.."

    "ගොඩක් ඩැමේජ් ද..?"

    "පොඩි මල්ලිට ටිකක් අමාරුයි.. අයි.සී.යූ දාලා ඉන්නේ.."

    ටිකක් අමාරු නම් අයි.සී.යූ එකට දාන්නෙ ඇයි..? කියා අවිනාශ් ඇසුවේ නැත. තත්වය බරපතල බැව් අවිනාශ් වටහා ගත්තේය. ඔහුට යතුරු පැදිය, කකුල බිම තබා ඉහලින් හරවා ගැනීමට ගියේ තත්පරයකි. ෆොක්ස් හීල් ධාවන පථයේ යතුරු පැදිය හසුරනවාට වඩා වේගයෙන් අවිනාශ් රෝහල බලා ගියේය.

    ***************************

    රොමේෂි පසුවූයේ කියාගත නොහැකි තරමේ ලැතැවිල්ලකිනි. තරුණයන් කිහිප දෙනෙකු ළගින් ඇසුරු කර තිබුණද, දුටු පළමු දිනයේ සිටම ඇය අවිනාශ් කෙරේ කිසිදු කොන්දේසියකින් තොරව බැදුණාය. එතැන් සිට ඇයගේ මුළු ලෝකයම වූයේ අවිනාශ්ය. ඇය සිතූ පැතූ සෑම දෙයක්ම මුදුන් මල්කඩ වූයේ ඔහුය. යතුරු පැදි ධාවනයට ඇය සමත්කම් දැක්වූවද එය මෝටර් ක්‍රෝස් තරගාවලි සදහා වැඩි දියුණු කරගත්තේ අවිනාශ් නිසාමය. පුවත්පත්වල පලවූ සහ දුරතියා ගන්නා ලද අවිනාශ්ගේ ඡායාරූප සිය ගණනක් ඇය සතුව තිබිණි.

    ඔහු ගැන පළවූ ලිපි, ඔහු සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවල හඩ පටි පවා ඇය ළග සුරක්ෂිතව තිබිණි. ඇත්ත වශයෙන්ම ඇය සිටියේ අවිනාශ් කෙරේ උන්මත්තක භාවයෙනි. එය වැඩි දියුණු වූයේ නොසිතූ නොපැතූ මොහොතක තම සිත් ගත් දගකාරයාට උදව් කිරීමට ලැබීමෙනි. එය උදව්වකට වඩා ජීවිතයත් මරණයත් අතර ගණුදෙනුවක් විය. අවිනාශ්ට අනතුරක් වන බැව් ඉවෙන් මෙන් දැන ගත් පසු ඇය දෙවරක් නොසිතාම තම යතුරු පැදිය නොහදුනන සතුරා වෙතට යොමු කළේ එබැවිනි. එදින වාසනාව වූයේ ඇයගේ පැත්තේය. එහෙත් ඇය නොදැන සිටි දෙය නම්, නැවත කිසි දිනෙක මේ වාසනාව ඇය කරා නැවත නොආ බවයි.

    අවිනාශගේ සිතේ තවත් යුවතියක් ලැගුම් ගෙන ඇති බැව් ඔහුම පවසා සිටියදී ඇය සිය දහස් වතාවක් හදවතින් මැරි මරී ඉපදුණාය. එහෙත් ඒ සියල්ල වෙනුවට ඇය අවිනාශ්ට පෙන්වූයේ, ඉතා සොදුරු හසරැල්ලකි. කමක් නැත.. ඔහුට යුවතියන් දහසක් සිටියත් සිතේ ළැතැවිල්ලක් ගත යුතුව නැත. කළ යුත්තේ හෙමින් සීරුවේ ඔහුගේ සොදුරු හදවත දිනා ගැනීමය.

    අවුරුදු ගණනාවක් පුරා අවිනාශ් පසුපස පැමිණි මේ ගමනේ යම් කිසි සන්ධිස්ථානයකට දැන් දැන් පැමිණ ඇතැයි රොමේෂි දැන සිටියාය. අවිනාශ්ට දුරින් හිද ඔහුව බලාගත්, ඔහුට පෙම් කල තමාට දැන් ඔහු ළගට විත් ඔහුත් සමග කාලය ගත කරන්නට දෛවය ඉඩ සලසා දී ඇත. එසේ ඉඩ සලසා දුන්නත්, තවමත් අවිනාශ්ව තමා ළගට ගැනීමට රොමේෂිට හැකිවූයේ නැත. ඇයගේ සිතේ වූ ළැතැවිල්ලට මූලික හේතු කාරණාව වූයේ එයයි.

    *****************************

    හදිරි අනතුරු අංශයට අවිනාශ් යනවිටත්, බොහෝ දෙනෙකු එතන එක්රොක් වී සිටියහ. ඒ සියලු දෙනාම ඩී.ජේ ගෘප් සොයුරන් ළගින් ඇසුරු කළ අය වූහ. අවිනාශ් දුටු මහාව, හුන් තැනින් නැගිට ඩිල්ෂාන් ඉදිරියට ආවේය.

    "මල්ලිට කොහොමද..?"

    අවිනාශ් ඇසූ දෙයට ඩිල්ෂාන් කිසිවක් කීවේ නැත. ඔහු අවිනාශ්ගේ අතකින් ඇදගෙන රෝහල් පරිශ්‍රයෙන් පිටතට ඇවිදගෙන ආවේය.

    "ටිකක් අමාරුයි.."

    "කොහොමද මේක වුණේ..?"

    "එදා අපි කතා කරපු දේවල් ඔයාට මතකද අවිනාශ්.. මං කිව්වෙ ඔයාට කරපු ඇටෑක් එක දැන් අපේ දිහාටත් ඇවිල්ලා කියලා.. ඔයා ඒක ඒ තරම් විශ්වාස නොකලට මේ සිද්ධිය අපිට කරපු ඇටෑක් එකක්. එහෙමයි අපිට බාරගන්න වෙන්නේ.."

    "මට මේ මුකුත් හිතාගන්න බෑ ඩිල්ෂාන්.."

    "හිතන්න දෙයක් නෑ.. මේක බොහොම ඕනකමින් කරවපු ඇක්සිඩන්ට් එකක්.. මල්ලිලා දෙන්නා මරලා දාන්නයි හදලා තියෙන්නේ.. ඒත් දෙයියො බැලුවා වගේ ඒ දෙන්නා තාමත් ජීවතුන් අතර.."

    "ඔයාලටත් කවුරු හරි ඇටෑක් කරනවා කියනෙක ගැන හිතෙනකොටත් මගෙ ඔලුව අවුල් වෙනවා. දැන් එතකොට හැප්පිච්ච අනිත් වාහනේ ඇතිනේ. අපිට පුළුවන්නෙ එතකොට මේගෙ ගෑවිච්ච එවුන්ව අල්ලගන්න.."

    "නෑ අවිනාශ්.. අපි හිතනවට වැඩිය උං දක්ෂයි.."

    "මට තේරුණේ නෑ.."

    "හැප්පිච්ච අනිත් වාහනේ මුලින්ම ඉදලා තියෙන්නෙ කවුද දන්නෙ නෑ.. නමුත් පොලීසිය එනකොට ඒක ඇතුලෙ ඉදලා තියෙන්නෙ දිනපතා හොදට බාගයක් තුන් කාලක් බොන මනුස්සයෙක්.. ඒ යකාට ඩ්‍රයිවින් කියලා නාමයක් බෑ.. ඉතින් එතනම තේරෙනවා නේද කතන්දරේ යන්නෙ කොහොටද කියලා.. හප්පලා ඉවර කරලා දාලා උං ටික පැදුරටත් නොකියා මාරු වෙලා.."

    තත්වය ටිකෙන් ටික බරපතල වීගෙන එන බැව් ප්‍රථම වරට අවිනාශ්ට දැනෙන්නට පටන් ගත්තේය. ඩිල්ෂාන් කියන පරිස්සට මේ සියල්ලම වන්නේ තමා නිසා බවය. ඩී.ජේ ගෘප් එකට මේ දක්වාම කිසිදු පුද්ගලයෙක් අතක් උස්සා තිබුනේ නැත. එහෙත් ඔවුන් තමාට රැකවරණය දෙන්නට පටන් ගත් විගසම සියල්ල කණපිට ගැසී ඇත.

    "දිලී මේ ගැන දන්නව ඩිල්ෂාන්..?"

    "මං ටිකක් එහෙන් මෙහෙන් කිව්වා.. පිටින් ආරංචි වෙනවට වැඩිය ඩිංගක් කියලා තියන එක හොදයි නේ.."

    ඩී.ජේ ගෘප් හී තුන්වැනියා ඒ වනවිට රෝහල් වාට්ටුවට මාරු කර එවා තිබිණි. කතාබහ කිරීමට අපහසු තත්වයේ පසු වූවත් ඔහු ඩිල්ෂාන් හා අවිනාශ් සමග සිදු වූ සියල්ල සවිස්තරව පැවසීය. අසල වූ රෙස්ටුරන්ට් එකකට ගොස් නැවතත් කාරයට ගොඩවූවා පමණි. සිදුවූ කිසිවක් ගැන අවබෝධයක් ඇති කර ගැනීමට පෙර, හෙණ හඩක් පරිද්දෙන් ට්‍රක් රථයක්, ඔවුන්ගේ කාරය හප්පා ඇත. ට්‍රක් රථයේ ඉදිරිපස සවිකර තිබූ දැවැන්ත යකඩ බාර් එක නිසා කාරය දෙකට තුනට ඇඹරී විසිවී ගොස් ඇත..

    "ජීවිතේ බේරුණේ අනූනවයෙන් අවිනාශ්.. ට්‍රක් එකේ ආව කවුරු උනත් ඌ හැදුවෙ අපිව ඉවරයක් කරන්න... අපේ පොඩ්ඩට කොහොමද ලොකු අයියේ..?"

    "පොඩ්ඩගෙ කකුල් දෙකට තමා වැඩියෙන්ම ඩැමේජ්.. දෙයියන්ගේ පිහිටෙන් කකුල් දෙක කපන්නැතුව බේරගන්න පුළුවන් උනොත් හොදයි."

    ඩිල්ෂාන්ගෙ කතාවෙන් අවිනාශ් මොහොතකට අන්දමන්දව ගියේය. ඩී.ජේ ගෘප් හි හතරවැනියාගේ, ඉවසිල්ලක් නැති ආකාරයෙන් නිතරම සිටිනා, පාංඩු පැහැති මුහුණ අවිනාශ්ගේ මතකයට ආවේය. මේ අනතුරින් කකුල් දෙක අහිමි වුවහොත් ඔහු කෙසේ ජීවිතය රැගෙන යාවිද..?

    "එහෙම මුකුත් කරදරයක් වෙන්නෑ ඩිල්ෂාන්.."

    කීමට කිසි දෙයක් නොමැති වුවද අවිනාශ් කීවේය. කිය යුතුවූ කිසිවක් සිතට නැගෙන්නේද නැත. පැයක් පමණ රෝහලේ ගත කළ අවිනාශ් නැවත ඒමට සැරසුණේය. මේ ගමන්ම දිලීකාවද හමුවිය යුතුය..

    "අවිනාශ්..."

    ඩිල්ෂාන්ගේ අත අවිනාශ්ගේ උරහිස මතින් බරට තදවිය. ඒ මුහුණේ වූයේ අතිශයින් දැවෙනා කෝපාග්නියකි. ඔහු වචන සොයා ගැනීමේ පටලැවිල්ලක සිරවී සිටියේය.

    "මේක කෙරුවෙ මොකා උනත්, මං ඌට යහතින් ඉන්න දෙන්නෙ නෑ.. මං ඌව මරණවා.. ඒකෙ දෙකක් නෑ.."

    "ඩිල්ෂාන්..."

    "ඔව්.. ඔයා පැත්තකට වෙලා ජීවිතේ පරිස්සම් කරගෙන ඉන්න ඕන.. ඔයා මේවට ගෑවෙන්න එපා.."

    "මං කොහොමද ඩිල්ෂාන් එහෙම ඉන්නේ..?"

    "ඔයාට ඉන්න වෙනවා.."

    "මං එදා පොරොන්දු උනා, ඕනම ප්‍රශ්නෙකදි ඔයාලත් එක්ක ඉන්නවා කියලා.. මට මේ වෙලාවෙ ඔයාලව අතාරින්න බෑ..."

    ඩිල්ෂාන්ගේ මුහුණේ දැවෙමින් පැවති කෝපය පසෙකට තල්ලු වී මද සිනාවක් එහි පතිත විය.

    "මං කියන දේ අහන්න.. අපිත් කැමතියි ඔයා අපිත් එක්ක ඉන්නවා නම්.. ඒත් අපි හැමෝටම මොනවා හරි උනොත් අපේ නංගි පැටියට මොකද වෙන්නේ. එයාව ජීවිත කාලය පුරාම බලාගන්න ඔයා ඉන්න ඕන අවිනාශ්.."

    දිලීකාගේ සොදුරු සදමඩල, නෙතු ඉදිරියේ දිලිසුම් දෙද්දී අවිනාශ් නිහඩ විය. තවදුරටත් කතා කර පලක් නැත. ඔහු පවසන්නේ නිවැරදිම දෙයයි. දිලීකා රැක බලා ගැනීමට නම් තමා හයතින් සිටිය යුතුය.

    "තවත් දෙයක් තියෙනවා.."

    එවර ඩිල්ෂාන්ගේ මුහුණ කිසිදු හැගීමක් නැති රූකඩ ආකාරයේ ඡායා පිටපතක් විය. ඔහු තමා පරික්ෂා කරනවා වත්ද..? යන්න ප්‍රථම වතාවට අවිනාශ්ගේ සිතේ සැකයක් පහළ විය. එහෙත් එය සැනෙකින් මැකී ගියේය.

    "මේක ඇත්තටම මං අහන්න හිටියෙ මීට කලින්.. ඒත් ඒකට වෙලාවක් ආවෙ නෑ.. දැන් උනත් මේක හරි වෙලාවක් නෙමෙයි.. ඒත් කරන්න දෙයක් නෑ.."

    "මොකක් ගැනද ඩිල්ෂාන් කියන්නේ..?"

    "මට දැනගන්න ඕන.."

    එහෙත් ඔහුට එතනින් එහාට යමක් කීමට හැකි වූයේ නැත. අවිනාශ් නොහදුනන ඩිල්ෂාන් හදුනන පුද්ගලයෙක් ඔවුන් දෙදෙනා අතර පෙනී සිටියේය.

    "ඩිල්ෂාන් අයියේ.. මල්ලිගෙ ඔපරේෂන් එකට සයින් කරන්න ඕන.. යමු.."

    කතාව මෙතකින් මතු සම්බන්ධ කළ යුතු බවට හැගීමක් අවිනාශ්ගේ සිතට දී, ඩිල්ෂාන් අර පැමිණි පුද්ගලයා හා රෝහල් පරිශ්‍රය තුළට පිටත්විය. අවිනාශ්ට සිදුවූයේ සිතේ නොසන්සුන්කම සමග නැවත හැරී එන්නටය. ඩිල්ෂාන්ට දැන ගැනීමට අවශ්‍ය වූයේ කුමක්දැයි සිතමින් ආපසු එන ගමන පුරාම අවිනාශ් තම සිතට වද දී ගත්තේය.

    *********************************