"කාලනණ්නි... ඔහොමද යකෝ වැඩක් නීට් එකට කරන්නේ..? තොපිට කිව්වෙ කිසිම සාක්ෂියක් නැතිවෙන්න වැඩේ ඉවර කරලා දාන්න කියලනේ.. ෂිහ්.. ෂිහ්.. මොනවද යකෝ තොපි මේ කරේ..?"
හිසෙහි එකදු කෙස් ගසක් නැති කාළවර්ණ රූපකායක්, තමන් ඉදිරියේ වූ මිනිසුන් කිහිප දෙනෙකුට බෙරිහන් දුන්නේය. කෙසේ කෑමොර දුන්නද ඔහුගේ සිතේ වූ කේන්තිය නම් අඩුවූයේ නැත. මේ අමන රැල තමන් බාර දුන් වැඩය, එහෙම් පිටින්ම අනුභව කර ඇත. දැන් නම් මූ කෑවත් මදිය.
"හොදට මතක තියාගනිව්.. මේකෙ කොහෙන් හරි පුංචි කොනක් හරි පොලීසියට හෙම අහුවුනොත් මං උඹල හැම එකාම ආන් අර බාක්ලෙ එල්ලනවා... කකුල් දෙකෙන්.."
"මුකුත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ සර්..."
පිරිසේ නායකයා යැයි සිතිය හැකි තරුණයෙක් තම කටහඩ පරිසරය පුරා විහිදවිය. කාලවර්ණ රූපකාය තම තියුණු දෑස මේ පුංචි මිනිසා වෙතට යොමු කළේය. මේ මිනිසා තම අනාගතයට ඉතා විශිෂ්ඨ ගනයේ ආයෝජනයක් බවට පත්වීමට ඉඩ තිබුණත්, කාලවර්ණ රූපකාය එය තඹයකට මායිම් කළේ නැත. අනාගතය කෙසේ වෙතත් ඔහුට ඇවැසි වූයෙ වර්ථමානය සදහා ක්‍රියාකාරකම්ය. වර්ථමානයේ ෆේල් වී අනාගතයේ පාස් වන්නෙ කෙසේදැයි ඔහු සිතුවේ අවදානමෙනි..
"ප්‍රශ්නයක් වෙන්නෙ නැත්තේ කොහොමද මිනිහෝ... හැපිච්ච වාහනේ තාම එතන.."
"වාහෙන් එතන උනාට, අපි ටවුමෙ ඉන්න බේබද්දෙක් ඒක ඇතුළට දැම්මා.."
"මොකක්...?"
"ඔව් සර්.. පොලීසිය ගානට කතන්දරේ හදලා ගනියි.. අපේ මයිලක්වත් ගෑවෙන්නෙ නෑ.."
"ගෑවෙන්නෙ නැත්තෙ කොහොමද මිනිහෝ... පොලීසිය දෙකක් තුනක් අනිනකොට ඌ ඉපදිච්ච තැනුත් වමාරයි.."
"එහෙම වෙන්නෑ සර්.."
"වෙන්නැත්තෙ නෑ මිනිහෝ.. වෙන ඩිවිෂන් එකකින් බැස්සොත් තමුසෙලාගේ ඔය කලර්ස් ඉවරයි.."
"මං හිතන් නෑ සර්..."
"ඇයි...?"
"ඌ උපන්ගෙයි ගොලුවෙක් සර්..."
තත්පර ගානක් ගෙවී යද්දී කාලවර්ණ රූපකායේ මුහුණට මද සිනාවක් එක්විය. පුංචි මිනිසා සමග පැමිණි පිරිසේ අයටද සැනසීමක් ලැබුනේ එවිටය..
"හරි.. දැන් ගියදේ ගියාවේ.. හැබැයි මෙතනින් එහාට නම් පුංචි වැරදීමක්වත් වෙන්න බෑ.. තේරුණාද..?"
"ඔව් සර්.."
"මට ඕන ඩී.ජේ ගෘප් එක නැත්තටම නැති කරලා දාන්න.. නහරයක් දෙකක් වැඩිපුර පිහිටලා තිබුණේ ඔය බාල එවුන් දෙන්නට.. දැන් ඉතින් ඒකත් හරිනේ.. පුළුවන් නම් ඉක්මනට ලොකු එකාවයි, දෙවනි එකාවයි ඉවර කරලා එනවා.."
"එතකොට... එතකොට සර්..."
"ඔව්.. එතකොට මොකක්ද...?"
"අවිනාශ්ට මොකද කරන්නේ..?"
"ආ... ඌද..?"
කාළවර්ණ රූපකායේ දිලිසුම් දුන්නේ බිහිසුනු මදහසකිනි. එය දැකි ඔහු වටා හුන් බොහෝ දෙනෙකුගේ ගත සිත කිළිපොලා ගියහ.
"ඌවත් දන්නෙ නැති අදුරු ලෝකෙකට යන්න ඌට වෙලාව.. හහ්... හහ්.. හහ්... හා...."
ඔහුගේ සිනාවට අනෙක් අයගේද සිනාවන් එකතු වූ විට එය මහා අමන සිනා සාගරයක් විය.
"ඒ කියන්නෙ අපි ඌව මරන්නෙ නෑ.. එහෙමද සර්..."
සිනාසී තරවීම කෙසේ වුවත්, සොදුරු ජේත්තුකාරයාගේ ඉරණම තීන්දු කර සිනහවීම වෙනමම දෙයක්ය.. එහෙත් තමන් සිනාසුනේ කුමකටදැයි නොදන්නා මිනිසුන්ද ඒ අමනරැල අතරේ සිටියහ.
"මරන්නෑ... ඔව් යකුනේ.. අපි ඌව මරන්නෑ..."
"එහෙනම්..?"
"මුළු ජීවිත කාලයම විදව විදවා ඉන්න අපි ඌව නොමර මරනවා.. එතකොට ඌ මැරි මැරි ජීවත් වෙයි.. හහ්.. හහ්.. හා...."
සෑම දුෂ්ඨ බලවේගයක්ම ඒකරාශි වී අවිනාශ්ට පහර දීමට තීරණය කලා වැනිය. එහෙත් මේ බලවේග නොදැන සිටි එකම දෙයක් නම්, සෑම අවාසනාවකටම මුහුණ දීමට අවිනාශ් සතුව ඇති ආත්ම ශක්තිය ගැනය. සියලු දෑම අහිමි වී යද්දීත් ඔහු ළග අවසානයට ඉතිරි වූයේද ආත්ම ශක්තිය පමණි..
****************************
"ඩී.ජේ සොයුරන්ට පහර දුන්නේ කවුද..?"
රෝහලේ සිට ඩිල්ෂාන්ගේ නිවස බලා එන අතරතුරේදී අවිනාශ්ගේ සිත පෙලූ ගැටලුව විය. කොන්ද පණ නැති අමනයෙකු තමාට සැගවී සිට තර්ජනය කල බැව් සැබෑය. ෆොක්ස් හීල් තරගයෙන් පරදින්න යැයි අන කල බවත් සැබෑය. තමා කලේ ඒ තර්ජන නොසලකා හැරීමය. එයට ඩී.ජේ සොයුරන්ද පලි නැත. ඔවුන් කළේ තරගය පුරා තමාට ආරක්ෂාව සැලසූ එක පමණි. එසේ තිබයදීත් මේ නොදන්නා සතුරා තමාට පහර දුන්නේය. ඔහුව කෙසේ හෝ හදුනා ගැනීම මේ අනතුරෙන් බේරීමට ඇති එකම අවස්ථාවයි. අවිනාශ්ගේ සිතට හදිසියේම සිහිපත් වූයේ තමා ජෙහාන් සමග සිටියදී දුටු සැක කටයුතු කලු සන්ග්ලාස් කරුවාය. තමා ජෙහාන්ට ඔහුව පෙන්වද්දී සුළගවත් නොතියා ඔහු වාෂ්ප වී තිබිණි.
"හ්ග්... හ්ග්... අ... අනේ.. අ..වි..නා..ශ්.."
දිලීකා හඩාගෙනම පැමිණ අවිනාශ්ගේ දෑතේ එල්ලීණි. ඇගේ සොදුරු දෙනෙත හැඩීම නිසාවෙන්ම රත් පැහැයට හැරි තිබිණි.
"ඇ.. ඇයි දිලී...?"
"අනේ.. ඔයා ආපු එක කොයි තරම් හොදද..? දෙයියනේ කොහොමද චූටි අයියටයි, පුංචි අයියටයි.. එයාලා මොනවද මේ කරගෙන තියෙන්නේ.. එයාලට හුගාක් ඩැමේජ් ද..? අනේ මට කියන්න අවිනාශ්.."
"කිසි ප්‍රශ්නයක් නෑ දිලි.. කිසිම ප්‍රශ්නයක් නෑ.. එයාලට ඉක්මනට සනීප වෙයි.. චූටි අයියට පුංචි ඔපරේෂන් එකක් කරන්න තියෙනවා.. එච්චරයි.."
"ඔපරේෂන් එකක්..?"
"ඔව් දිලී.. මේක ඒ තරම් බරපතල එකක් නෙමෙයි.. තව සතියකින් විතර අයියලා දෙන්නම ගෙදර එයි.."
අවිනාශ් තත්වය සාමාන්‍යකරණය කළේය. තමන්ගේ ආදරය දිනූ මේ හැඩකාරියගේ දෑසේ කදුළු පිරෙනු දකින්නට ඔහු ආශා නොකළේය. ඔහු බලාපොරොත්තු වූ පරිදිම දිලීකාගේ සොදුරු වතෙහි මද සැනසීමක ලකුනු පැහැදිලිව පෙනෙන්නට විය..
"උ... උං ඔයාටත් කරදරයක් කරයිද..? අනේ මට බ.. බයයි අවිනාශ්.."
"ඔයා බයවෙන්නෙපා දිලී.. මට මුකුත් කරන්න උංට කවදාවත් බෑ.. අපි ඉස්සෙල්ලම ඔයාගෙ අයියලව පරිස්සම් කරගන්න බලමු.. එයාලා නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ.."
දිලීකාගේ රත් දෙතොලේ පිපුණේ අසිරිමත් වූ සොදුරු මදහසකි. අවිනාශ් කෙරෙහි උපන් අප්‍රමාණ වූ ආදරයකින් ඇයගේ පුංචි හදවත දෙදරුම් කන්නට විය. තමාගේ තෝරා ගැනීම කොයි තරම් නිවැරදිද ඇය සිතුවේ සිතට අපමණ සැනසීමක් ගලා එද්දීය..
"ඉන්න මං ඔයාට බොන්න මොනවා හරි ගේන්නම්.."
"එපා දිලී.. අපි ටිකක් කතා කරමු.."
"කතා කරමු.. කූල් ඩ්‍රින්ක් එකක් අරගෙන.."
"ඉන්න මාත් එන්නම්.."
අවිනාශ් සැදුවේ දිලීකා සමග නිවෙස තුළට යාමටය. එහෙත් ඊට පෙර ඔහුගේ ජංගම දුරකථනය හඩ තැලුවේය. දිලීකාට යන්න යැයි අතින් සන් කරමින් ඔහු දුරකථනය ළං කරගත්තේය.
"අවිනාශ්.."
එපා පැත්තෙන් ඇසුණු කටහඩින් ඔහු අන්දමන්ද විය. ඇමතුම ලැබී තිබුනේ රොමේෂි ගෙන්ය..
"මං මේ වෙලාවේ ලොකු වැඩක්.. ඔයාට පස්සෙ ගන්න පුලුවන්ද..?"
අවිනාශ් ඇසුවේ නිවස දෙස බලමිනි. ඔහුගේ සිතට යම් වරදකාර හැගීමක් දැනෙමින් තිබිණි.
"බෑ.. බෑ.. බෑ.. මට ඔයත්තෙක්ක කතා කරන්න ඕන..."
"මේ වෙලාවේ බෑ..."
"ඇයි අවිනාශ්.. ඔයා මට මේ තරම් රිද්දන්නේ..? මං මේ දවස් කීයකින්ද ඔයාට කතා කෙරුවෙත්..?"
"කියන දේ තේරුම් ගන්න රොමේෂි, මං වැඩක ඉන්නේ.."
සෙමෙන් නමුදු තරවටුවක ස්වරූපයෙන් අවිනාශ් කියා දැමුවේය. පුදුමය කියන්නේ දිලීකා හමුවීමට ආ මොහොතේම රොමේෂි කතා කළ එකය. කෙසේ වුවත් දිලීකා මෙතන නැති එකට අවිනාශ් දෙවියන්ට පින් දුන්නේය. ඇය සිටියා නම් තමා දැඩි අසීරුතාවයකට පත්වෙනු ඇත.
"ඔයාට හෙට පුළුවන්ද..?"
මදක් නිහඩව සිටි රොමේෂි එක්වරම ඇසුවාය..
"මොකක්ද..?"
"පුළුවන්ද කියලා කියන්නකෝ.."
"මට තේරෙන්නෑ ඔයා අහන දේ.."
මද කෝපයක් සිතට ගලා එමින් තිබියදී අවිනාශ් තමාව පාලනය කර ගනිමින් කතා කළේය..
"අපේ පොරොන්දුව ඔයාට ඔය තරම් ඉක්මනට අමතක උනාද අවිනාශ්. මං මේ දවස් ගානම ගෙව්වෙ ඒ ගැන මතක් කර කර.. අනේ.. මට එහෙම කරන්නෙපා දෙයියනේ.."
"රොමේෂී මොනවද මේ කියවන්නේ..? ඔයා කියන දේ කෙලින්ම කියන්න ඔයාට බැරිද..? ඔයාගෙ මේ කතාවෙන් මගේ ඔලුවත්තෙක්ක අවුල් වෙනවා.."
"ඔයාගෙ ඔලුව අවුල් කරන්න මං හිතුවෙ නෑ.. ඔයාගෙ අකමැත්තකින්, මගෙත් එක්ක ලන්ච් එකක් ගන්න කියලා බලකරන්න මට බෑ.. කමක් නෑ.. මේ හැමදේම මං දරා ගන්නම්.. ඔයා කරේ මට රිද්දපු එක විතරනේ.."
"ලන්ච් එකක්..?"
"ඔව්... ඔයාට මතක නැද්ද. මගෙත් එක්ක ලන්ච් එකක් ගන්නවා කියලා ප්‍රොමිස් උනා..."
ළමා ක්‍රීඩාංගනය අසලදී රොමේෂි හා සිදුවූ කතාබහ සැනෙකින් අවිනාශ් ගේ සිතට ගලා ආවේය.
"ඉතිං...?"
"ඉතිං කියන්නේ... මං ඇහුවෙ ඒක මතකද කියලා..."
"මතකයි..."
"එහෙනම් හෙට ලන්ච් එක ගන්න මගේ ගෙදරට එන්න පුළුවන්ද..?"
"ම්.."
මෙය සමබර ආහාර වේලක් සදහා අවිබල ආරාධනාවක් බව සැබෑය. එහෙත් කීප සැරයක් හෝ සිහිකල්පනාවෙන් කල්පනා කර පිළිතුරක් දිය යුතුය. අවිනාශ්ගේ සිත උඩටම ආවේ බෑ කියන පිළිතුරය. ඔහු එය පිට කරන්නට හදන විටම නිවස ඉදිරපසින් දිලීකා මතුවෙනු දුටුවේය. දැන් තමා බෑ කිව්වොත් රොමේෂි දිගින් දිගටම කතාව ඇදගෙන යනු ඇත. එනිසාම ඔහු අකමැත්තෙන් වුවත් දෛවෝපගත ගමනකට මං පෙත් නොදැනීම විවර කර ගත්තාය..
"කියන්නකෝ අවිනාශ්.."
"හා..."
"ඒ කියන්නෙ ඔයා හෙට ලන්ච් එකක් ගන්න මගේ ගෙදරට එනවා.."
"ඔව්.."
"මට ප්‍රොමිස් කරන්න.."
"ප්‍රොමිස්.."
අවිනාශ් දුරකථනය ක්‍රියාවිරහිත කර දැමුවේය. සිනාමුසු මුහුණින් ජීවය පිරී ගිය ගතින් යුතුව දිලීකා ඔහු කරා ආවාය..
"කවුද අවිනාශ්..?"
"යාලුවෙක් දිලී.."
ඇය ඉන් එහාට ඒ ගැන විමසුවේ නැත. කිසිදු දෙයක් හාර හාර අවුස්සන පුරුද්දක් දිලීකා ළග නොමැති වීම ගැන, අවිනාශ් නැවත වරක් දෙවියන්ට පින් දුන්නේය..
"අවිනාශ්..."
"ම්..."
සොදුරු නිල් දෑසේ වූයේ හිත කළඹාලන සුලු දගකාර ආරාධනාවකි. එහෙත් අවිනාශ් සිටියේ අනේක වාරයක් සිතෙන් ලතැවි ලතැවීය. රොමේෂිගේ ඇමතුමත්, තමා ඇය හා එකගතාවයකට පැමිණිමත් ඔහුගේ තුන් සිතම කළඹා දමන්නට සමත්ව තිබිණි. රොමේෂිට හා කියන්නට පෙර තමාට තව ටිකක් කල්පනා කරන්නට ඉඩ තිබිණි යැයි ඔහුට අවසානයට සිතුණි.
"අපි ගේ ඇතුළට යමුද..?"
දිලීකාගේ වතෙහි වූ ආකාස්මික හැගීම්බර බව අවිනාශ්ගේ සිත නිවාදමන්නට නොදැනීම මං පෙත් විවර කර ගත්තේයත ගේ ඇතුළට පැමිණි පසු අවිනාශ්ට දැනෙන්නට වූයේ සියල්ලෙන්ම සංතෘප්ත වූ සිතකට දැනෙනා අන්දමේ නිරාමිස බවකි. මේ රූබරිය ඉදිරියේ තම සිත මෙපමණ නිවී සැනසීමකට පත්වන්නේ කෙසේදැයි ඔහු සිතුවේ විස්මයෙනි.
"ඔයා හුගක් කල්පනා කරනවා.."
"මුකුත් නෑ කෙල්ලේ..."
දිලීකාගේ බද වටා දෑත යවමින් අවිනාශ් ඇයව තම ඉන පෙදෙසට තද කර ගත්තේය. රත් පැහැ ගැන්වුණු වතින් යුතුව ඇයද අවිනාශ්ට තුරුලු වූවාය. ඇයගේ පහසින් රොමේෂි පිලිබද වූ අන්තිමි සිතුවිලි රොඩ්ඩද ඔහු වෙතින් ඝන අන්ධකාරයට පලා ගියේය..
"දිලී..."
"ම්.."
"ටිකක් ලංවෙන්න බබා.."
"මීට වඩා කොහොමද රත්තරනේ ලංවෙන්නේ...?"
සිහින් හඩින් සිනාවෙමින් ඇය එය ඇසූ ලගන්නා සුළු බව අවිනාශ්ට අතෘප්තකර ආශාවන්ගෙන් ගහන වූ පාරාදීසයකට කැදවාගෙන යන්නට විය. සත්තකින්ම එය ඔවුන්ගේ ලෝකය සදාකාලිකවම එකලු කළ සොදුරු විනාඩි ගණනක් විය. කිසිදා නොදුටු සුරංගනා පෙම් රජ දහනක් අවිනාශ්ගේ දෑස ඉදිරියේ ජීවමාන වන්නට විය.
"ඔයා මගේ ළග ඉන්නකොට තමයි මගේ හිතට පුදුම නිදහසක් දැනෙන්නෙ.."
"ඇයි දිලී..?"
"එතකොට මට හිතන්න දෙයක් නෑ නේ.."
"ඒ කියන්නේ..?"
"ඔයා මගේ ළග නැත්නම්, මට ඔයා ගැන කොයි තරම් දේවල් හිතන්න තියෙනවද..? ඔයා කෑවද.. නිදාගත්තද..? මොනවා කරනවා ඇතිද..? කාත් එක්ක හරි රංඩු වෙනවද..? ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරනවද..? තව ගෑණු ලමයි දිහා බලනවද..? ඔන්න ඔය වගේ වැඩ මහ හුගක්.."
"දැක්කද... දැක්කද.. ඒ කතාවට කොහොම හරි ගෑනු ළමයෙක් ගාව ගත්තා.."
අවිනාශ් ඇයට හෙමින් සීරුවේ පාරක් ගැසුවේය..
දිලීකා, ඒ අත ආපිටට තමා වෙතට ඇද ගනිමින් තම ළයට තද කර ගත්තාය. අවිනාශ් කළේ, අත ඉවතට ඇද ගනිමින් තම මුහුන ඇයගේ පිරිපුන් ල්‍ය මඩලේ සගවා ගැනීමය..
"අවි... නා... ශ්..."
"ම්..."
"තව ටිකකින් ලොකු අයියා එයි.."
දිලීකාගේ වදනින් අවිනාශ් සිහින ලොවින් බිමට ඇද වැටුණේය. දිලීකාගේ උණුසුමින් තම තුන් සිතම වැසී යන විට දැනෙනා සැහැල්ලුව තව මොහොතකින් නැතිවී යනු ඇත. ඇයගෙන් මිදී යන්නට බැරි අදිසි ලෝබකමකින් සිත බෙරි වෙද්දී ඔහු තොල්පට සපා ගත්තේය. කමක් නැත. මේ සැමදේටම තමා ඉදිරියේ තව සුබ දවස් බොහෝ ප්‍රමාණයක් ඇත. ඒ ගැන දැන්ම කලබල නොවිය යුතුය.
"මං යන්නද දිලී.."
විනාඩියක් දෙකක් ලෙසට ඉතා ඉක්මනින් ගෙවී ගිය පැය බාගයකින් පමණ පසුව අවිනාශ් ඇසුවේය.
"පරිස්සමින් රත්තරං.. ඔයා මගේ ළග ඉන්නවා නම්, මගේ ඇස් ඉස්සරහා ඉන්නවා නම් මට බයක් නෑ. ඒත්.. ඒත්.. ඔයා මට නොපෙනී ඉන්නකොට මට මහා ලොකු බයක් දැනෙනවා.."
"මට මුකුත් වෙන්නෑ දිලී..."
"මාත් එහෙමයි දෙයියනේ හිතන්නේ.. ඔයාට මොනවා හරි උනොත් නම් මට ජීවත් වෙලා වැඩක් නැහැ. හග්.. හග්.. මට කියන්න.. මට කියන්න... ඔයා හොදටම පරිස්සම් වෙනවා නේද..?"
"ඔව්.. කෙල්ලෙ ඔව්..."
"මං වෙනුවෙන් පරිස්සම් වෙනවා නේද..?"
"ඔව් දිලී..."
අවිනාශ් නැඹුරු වි ඇයගේ රත් දෙතොල් ලිහිල්ව පිස ගත්තේය. අතිශය වේදනාත්මක වෙන්වීමකට පෙර, දෛවය විසින් ඔවුන් දෙදෙනා අවසන් වරට සෙනෙහසින් මුණ ගැස්වූ අවසන් අවස්ථාව විය..
*******************************