එහෙම කියනකොටම භවන්ත එළියට ආවා.
"අම්මයි, තාත්තයි සනීපෙන් ඉන්නවද පුතා..?"
භවන්තගෙ අම්මා මගෙන් අහද්දි භවන්තගෙ මූණත් වෙනස් වුණා.
"මට හැමදේටම ඉන්නෙ තාත්ති විතරයි ආන්ටි.. මගේ අම්මා මං ගාවින් යනකොට මට අවුරුදු හතයි. එදා ඉදල මට අම්මා කෙනෙක්ගෙ ආදරේ හම්බවෙලා නෑ ආන්ටි.."
භවන්තගෙ අම්මගෙ මූණෙ තිබ්බෙ ලොකු පසුතැවිල්ලක්. අනවශ්‍ය ප්‍රශ්නයක් ඇහුවා කියන දුක ඒ මූණෙ හොදට පේන්න තිබුනා. ආන්ටි මං දිහා බැලුවෙ ලොකු අනුකම්පාවකින්.
"අ... අනේ දරුවො මං හිතලා නෙමේ ඇහුවේ. මට ඔය විත්තියක් භවන්තවත් කියලා නෑ. ඔයාට මීට පස්සෙ ඕන දේකට මං ඉන්නවා කියලා හිතන්න පුතා.."
"අනගි අපි යමු.... අම්මා.... අපි යනවා..."
ගෙයින් පිටත් වෙන්න කලින් තව දෙයක් කරපං කියලා මගේ හිත බල කළා. ආපහු ගේ ඇතුලට යන්න හැරෙන භවන්තගෙ අම්මා ළගට ගිහින් මං නැමිලා වැන්දා. ඒ මූණෙ තිබ්බෙ ලොකු පුදුමයක්.
"මට අම්මව මතක් වුණා ආන්ටි. මං ඒකයි ආන්ටිට වැන්දේ. මං ගැන මිස් අන්ඩස්ටෑන්ඩ් කරන්නෙපා.."
මං ඔලුව ඉස්සුවා. ආන්ටිගෙ ඇස්වල කදුළු ඇවිත් තිබුණා.
"අනේ රත්තරනේ මං ඔයා ගැන වැරදියට හිතන්නෙ නෑ. කාගේ වුණත් ඔයා හරි සීදේවි දරුවෙක්. ඔයාට ඕන වෙලාවක මේ ගෙදර දොර ඇරලයි තියෙන්නේ. පහුවෙච්ච දේවල් ගැන හිතන්න එපා. මං ඉන්නවනේ.."
භවන්තගෙ අම්මා මගේ ඔලුව අතගෑවා. මගේ හිතේ පිරිලා තිබ්බෙ නැවුම් හැගීම් සමුදායක්..
"අනගි.. එහෙනම් අපේ අම්මවත් ෂේප් කරගත්තා ආ.."
කැබ් එක ස්ටාර්ට් කරගෙන පාරදිගේ එද්දි භවන්ත කිව්වා.
"ශේප් එකට නෙමේ භවන්ත.. සිරාවටම මට අම්මව මතක් වුණා.."
ඒ දිගේ හිතන්න මහා විශාල දේවල් තිබුණත් මං හිත නතර කර ගත්තා. දරුණු පසුතැවිල්ලක මං සලකුණු ආයෙමත් හිත ඇතුළට පුරව ගන්නෙක දැන දැන පිහියකින් ඇනගන්නවා වගේ දෙයක්. අපි දෙන්නම කතාබහක් නැතුව විනාඩි විස්සක් විතර කැබ් එකේම ටවුන් එකට ආවා. ස්ටෑන්ඩ් එකට මෙහායින් කැබ් එක දාලා මායි, භවන්තයි ස්ටෑන්ඩ් එක ඇතුළට ගියා. විනාඩි දෙක තුන ගෙවිලා සෑහෙන්න වෙලාවක් ගියා. ඒත් එයා පේන මානෙකවත් නෑ. අද එයා එන්නෙ නැතුවවත්ද..? මගේ හිත කීරි ගැහිලා ගියා..
"කෝ.. බං.. උඹේ සුරංගනාවි අද එන්නෙ නෑ වගේ.. මට හිතෙන්නෙ මෙතන ඉදගෙනම ලන්ච් ගන්න වේවි.."
"භවන්ත හිනාවෙවී කියනවා. මං සියවෙන් පාරටද කොහෙද ඔරලෝසුව දිහා බැලුවා. හොදටම පරක්කුයි. භවන්තට ඩියුටි යන්නත් ඕන. මං ආයෙත් බස් ස්ටෑන්ඩ් එකට ඇතුල්වෙන පැත්ත දිහා බැලුවා. මෙච්චර වෙලා නොසන්සුන් වෙලා තිබ්බ මගේ හිත එක තත්පරේකදි නැවතුණා. ඒ ලතාවකට ඇවිදන් එන සංජානිව දැක්කාම. අලුපාට දිග ගවුමට එයාගෙ පුදුම ලස්සනක් තියෙන්නේ. හරියට සුරංගනාවියක් වගේ. එයාගෙ දිග කොන්ඩෙත් අළුපාට පීත්ත පටියකින් ගැහගහලා තිබුණා. එයා ටිකෙන් ටික අපිට ළංවුණා. බස් ස්ටෑන්ඩ් එකේ අනිත් පැත්ත බලන් ඉදපු භවන්තට කතා කරලා එයාව පෙන්නන්න මං හැරුණා. ඒත් පුදුමෙ කියන්නෙ භවන්තත් බලන් හිටියෙ මං බලන් ඉදපු දිහාවමයි. මං භවන්තට එයා ගැන කියන්න හදනකොටම, මං හිතුවෙත් නැති විදියට භවන්ත එයාට කතා ඛලා."
"සංජානි... මොකද අද ලේට්..?"
මාව ගැස්සිලා ගියා... දෙයියනේ.. භවන්ත කොහොමද මෙයාව දන්නේ..? ඒත් එක්කම මගේ හිතට ආවෙ ලොකු සතුටක්. භවන්ත එයාව අදුනනවා නම් කිසි අවුලක් නෑ නේ. වැඩේ හිතුවටත් වැඩිය ලේසියි නේ.
"ආ... අනගි.. ඔයාට අදුන්වලා දෙන්නත් බැරි වුණා. මේ තමයි මගේ එකම නංගි... සංජානි.. නංගි මේ තමයි අනගි.. මගේ බෙස්ට්ම යාලුවා.."
කකුල් දෙකේ ඉදලා පටන් ගත්තු මොකක්දෝ ගින්දරක් වගේ හැගීමක් මගේ ඔලුවෙන් පිටවෙලා ගියා. දෙයියනේ මේ මොකක්ද මේ වුණේ. තත්පර ගානකට මං ගල් ගැහුණා. එතකොට... එතකොට සංජානි කියන්නෙ භවන්තගෙ නංගි.. මට දැනුණෙ මගේ පපුවෙ හුස්ම හිරවෙනවා වගේ. වැදිච්ච පාරෙ සැරකමට මං හිටියෙ තෝන්තු වෙලා වගේ. කරන්න ඕන මොනවද කියලා මගේ ඔලුවට ආවෙම නෑ. භවන්ත මාව අදුන්වලා දුන්නට පස්සේ සංජානි නෝන්ඩියට වගේ හිනාවෙලා අහක බලාගත්තා. මෙයා භවන්තත් එක්ක කියාවිද දන්නෙ නෑ මං පස්සෙන් ආවා කියලා. මං ක්ලාස් එක ගාවටත් ආවා කියලා. එහෙම උනොත් මගෙයි භවන්තගෙයි ෆ්‍රෙන්ඩ් ශිප් එක ඉවරයි...
"අද ලේට් මං නෙමෙයි අයියා.. අම්මා කෑම හදන්න ලේට් වුණා. අයියා ගෙදරින් යනකොටත් මං ගේ ඇතුලෙ.."
"ඒකනේ.. ඇත්තටම මං හිතුවෙ ඔයා උදේ මට කලින් ගිහින් ඇති කියලා. නැත්නම් මං අනගිට අද උදේ ඔයාව අදුන්වලා දෙන්නේ."
"ම... මට ලේට් වෙනවා අයියා.. මං යන්නද... ආ.. ඒක නමේ.. ඔයා මොකද මෙතන කරන්නේ.. අද ඩියුටි නැද්ද..?"
තාලෙට පැද්දෙන කොන්ඩ කරල අනිත් පැත්තට දාලා සංජානි, භවන්තගෙන් ඇහුවා මට කතා කරන්නත් බෑනේ. ඒත් භවන්ත මොනව කියයිද දන්නෙ නෑ.
"ඩියුටි යන්න පුළුවන් බබා. මේ අනගිගෙ හිත හොරකම් කරපු කෙල්ල එනකං අපි මේ බලන් ඉන්නේ.. අනගිට සෑහෙන්න එයාව වැදිලා.. බලන්න නංගි මෙච්චර ගර්ල්ස්ලා ඉන්න රටේ.. ස්ටෑන්ඩ් ගානෙ, ඒ ගර්ල්ම එනකන් මේ මනුස්සයා කට්ට කන හැටි."
භවන්ත කියවගෙන ගියා. සංජානිගෙ ඇස් දෙක මං දිහාට හැරුණා. ඒ මූණෙ තිබ්බෙ මහා විශාල නෝන්ඩියක්.. ෂිහ්.. මීට වැඩිය හොදයි මෙතනම පණ ගියා නම්.. සංජානි හොදටම දන්නවා මං මෙතන ඉන්නෙ ඇයි කියලා. එහෙම තියෙද්දිත් මං දිහා නෝන්ඩියටයි බලන්නේ.. ඔක්කොමට හපන් භවන්ත, සංජානි ඉස්සරහ කියාගෙ යන ඒවා.
"භවන්ත.. මේ මොනවද කියවන්නේ..?"
භවන්තගෙ අතට පාරක් ගහන ගමන් මං කිව්වා. මිනිහට හිනා ගියා.
"ඔය ලැජ්ජාවට නංගි. හැබැයි අනගි ට්‍රයි කරන ගර්ල් නම් වාසනාවන්තයි.. මොකද අනගි වගේ කොල්ලෙක්, කෙල්ලෙකුට ලේසියෙන් හම්බවෙන්නෙ නෑ."
හැබෑට... කියලා අහන්න වගේ සංජානි මං දිහා බැලුවෙ අර නෝන්ඩියම මූණෙ තියාගෙන. ටිකකින් එයා භවන්තට බායි කියලා යන්න ගියා. මගේ හිතේ ඒ වෙලාවෙ තිබ්බෙ මහා විශාල හිස් බවක්. දැන් ඉතින් තවත් කොහොමද එයා ගැන හිතන්නේ.. අනේ මංදා.. අනගි උඹට මොකක්ද මේ වුණේ..?
"කෝ.. අනගි ඔයාගෙ බියුටි කුවින්...?"
"එයා එන්නෑ වගේ භවන්ත.. ඔයාටත් පරක්කු වෙනවනේ.. අපි යමු.. ගිහින් වෙන දවසක එමු."
මෙතන ඉදලා කොහොමටවත් වැඩක් නැති නිසා මං එහෙම කිව්වා.
"මට පරක්කු වුණාට කමක් නෑ. ඒත් අපි තව ටිකක් බලමු. සමහරවිට පරක්කු වෙලා හරි උඹගේ බියුටි කුවින් එන්නත් බැරි නෑ නේ.."
මගේ බියුටි කුවින් මෙතනට ඇවිල්ලා ගිහිල්ලත් ඉවරයි කියලා කොහොමද මං, භවන්තට කියන්නේ.. උගේ නංගිට මං ආදරේ කෙරුවා. මං ආශා කෙරුවා කියලා කොහොමද මං කටක් ඇරලා කියන්නේ. ඌ මං ගැන මොනවා හිතාවිද..? මගේ හිතට දැනුණෙ පුදුම තරමෙ අපහාසුවක්.
"වැඩක් නෑ භවන්ත... අපි යමු.."
"උඹ හොදටම අවුල් වෙලා අනගි.. ඇත්තටම කෙල්ල ආපු නැති එකටද අවුල. නැත්නම් මං නංගි ඉස්සරහා මේ දේවල් කිව්ව හින්දද..?"
භවන්ත මගෙන් කෙලින්ම ඇහුවා.. තවත් මේ ගැන බබා පාට් දම දමා හිටියොත් වැඩේ කරටිය මුලින්ම අහුවෙනවා. ඒක බුදු ෂුවර්.. මං බොහොම අමාරුවෙන් මූණට හිනාවක් ගත්තා.
"මට ටිකක් අප්සට් ගියා භවන්ත.."
"ඒකි ඉස්සරහා අවුල් වෙන්නෙපා අනගි.. මගේ නංගි හින්දා කියනවා නෙමෙයි. ඒකි හරි හොදයි. හැබැයි කොච්චි මිරිස් කරල වගේ.. දැන් ඔය කම්පියුටර් ක්ලාස් යන ගමන්.."
භවන්ත කියන ඒවා පපුවට පිහියකින් අනිනවා වගේ බොක්කටම වදිනවා. මං මොකද මේකට කරන්නේ. මගේ හිතේ තිබ්බෙ උභතෝකෝටික ප්‍රශ්නයක්. ජීවිතේ ඉස්සෙල්ලම වතාවට මගේ හිතේ ඇතිවෙච්ච ආදරණිය හැගීම මරලා දාන්නද මට වෙන්නේ..?
"මොනවා හරි කමුද අනගි..?"
ස්ටෑන්ඩ් එකෙන් එළියට එනකොටම භවන්ත ඇහුවා. මං මුකුත් කියන්නෙ නැතුව ඔලුව වැනුවා. කැබ් එක නවත්තලා තිබ්බ තැනට ඉස්සරහ තිබුණෙ ෆුඩ් කැබින් එකක්. භවන්තයි, මායි ඒක ඇතුලට ගිහින් වාඩිවුණා. ඉදිආප්ප ඕඩර් කරනවා කියලා හිතාගෙන මං භවන්ත දිහා බැලුවා. ඒ මූණ මහා විශාල කේන්තියකින් උතුරලා ගිහින් තියෙනවා මං දැක්කා. ඇයි මේ..? මෙච්චර වෙලා හිනාවෙවී හිටපු මනුස්සයට මොකද වුණේ..? භවන්තගෙ ඇස් දෙක එල්ලවෙලා තිබ්බ දිහා කෙලින්ම මාත් බැලුවා. අපිට මේස හතරකට එහායින් මනුස්සයෙක් කෑම කකා හිටියා. භවන්ත ඒ දිහා බලන් හිටියේ. ඒ මනුස්සයා කවුද කියන එක මගේ ඔලුවට තත්පරේට දෙකට වැටුනා, එදා රීගල් ෆිල්ම් හොල් එකේදි මට ටිකට් දීපු පොර. භවන්ත එදා ඒ ටිකට් දෙක ඉරලා දාපු විදිය මට මතක් වුණා. ඊළග තත්පරේ අත් දෙක ගුලි කරගෙන භවන්ත නැගිට්ටා. ඒත් මේ මනුස්සයා දැක්කහම ඇයි භවන්තට මේ තරම් කේන්ති යන්නේ කියලා හිතාගන්න මට බැරි වුණා..
"සොරි අනගි.. මට කන්න බෑ... කන්න විතරක් නෙමෙයි.. එක තත්පරයක්වත් මේ කැබින් එක ඇතුළේ ඉන්න බෑ.. මාව පොලීසියට ගිහින් දාන්න ප්ලීස්.."
කැබින් එකෙන් එළියට යන්න හදන ගමන් භවන්ත බැගෑපත් වුණා. අර මනුස්සයත් අපි දිහාම බලන් ඉන්නවා. ඒ මූණෙ තිබ්බෙ මහ බයාදු පෙනුමක්.
"ඇයි භවන්ත මේ..? ඒ මිනිහා හිටියහම අපිට මොකද..? මොකක්ද ඒ මනුස්සයත් එක්ක ඔයාගෙ තියෙන සම්බන්ධෙ..?"
"මගෙන් ඒ ගැන මුකුත් අහන්න එපා අනගි.. ප්ලීස්.."
එතනින් එහාට මං මුකුත් ඇහුවෙ නෑ. භවන්ත පොලිස් ස්ටේෂන් එකට දාලා මං ගෙදර එන්න ආවා. ඒ එන අතරමගදිත් මං කල්පනා කර කර ආවේ ඒ මිනිහා භවන්තගෙ කවුද කියලා. ඒ ගැන කල්පනා කරලම මගේ ඔලුවත් රිදෙන්න ගත්තා. මං ගෙට ඇතුල්වෙනකොටයි දැක්කෙ කවුද ෆොරිනර්ස්ල කට්ටියක් ඇවිල්ලා තාත්තිත් එක්ක බර සාකච්ඡාවක් කියලා. එයාලට ඩිස්ටර්බ් කරන්නැතුව මං ගෙට පැනගත්තා. මං කෙලින් ගිහින් ඇදට වැටුනා.
"මොකෝ චූටි මහත්තයො අපුගමන් ඇදට වැටුනෙ.. අපේ චූටි මැණිකෙව හම්බවුනාද..?"
දෙයියට නම් තියෙන්නෙ පුදුම ඉවක්. මං ගෙදරට ආපු ගමන්ම මූ දැනගන්න එකනේ වැඩේ.. දෙයියා ඇහුවෙ සංජානි ගැන..
"මාර විහිළුවක් වුනානේ දෙයියා..."
"විහිළුවක්..?"
"ඔවු... මං ඒ ගර්ල්ව හම්බවෙන්න අද ගියේ භවන්තත් එක්ක.."
"න්.. නෑ.. මේ අපේ එස්.අයි මහත්තයත් එක්ක..?"
දෙයියගෙ කට ඇරුණා.. දැන් උගේ හක්කෙ පුරවපු දතුත් පේනවා..
"ඔව් බං.. ඔව්.. මායි, භවන්තයි එයා එනකං ස්ටෑන්ඩ් එකට වෙලා හිටියා. එයා අපි දිහාට එද්දි, මෙයා ගැන තමයි මං කිව්වෙ කියලා භවන්තට කියන්න හදනකොටම භවන්ත එයාට සංජානි කියලා කතා කරා.."
"කිරි අප්පොච්චියේ... ඉතිං.. ඉතිං..?"
"ඊට පස්සෙ, මේ තමයි මගේ නංගි කියලා මට ඉන්ට්‍රොඩියුස් කරා.. මාව ගල්ගැහිලා ගියා බං... මොකක්ද මේ සිද්ධවුණ විනාසෙ කියලා.."
"මොන විනාසයක්ද බේබි මහත්තයෝ.. ඔන්න ඔහේ ලව් කරන්න.."
"උඹට පිස්සුද දෙයියා. ඒ භවන්තගෙ නංගි.. අතින්තෙක අපේ ෆ්‍රෙන්ඩ්ශිප් එකට මොකද වෙන්නේ..? මං කොහොමද භවන්තට ඔය ගැන කියන්නේ..?"
දෙයියගෙ මූණෙ තිබ්බෙ මහා මනමාල හිනාවක්..
"ඔච්චර ඉගෙන ගෙනත් බේබි මහත්තයගෙ මොළේ කෝ හැබෑටම.. යාලුවගෙ නංගිට ලව් කරා කියලා, යාලුකමේ අවුලක් වෙන්නෙ නෑ. එතකොට යාළුවා නිකම්ම මස්සිනා වෙනවා. අනිත්තෙක ඉස්සෙල්ලම ඒ චූටි මැණකගෙ හිතේ බේබි මහත්තයා ඉන්නවද කියලා දැනගන්නත් ඕනෙ නේ.. එහෙම නැතුව මෙහෙම කලබල වෙලා වැඩක් නෑනේ.. පස්සෙ හෙමීට එස්.අයි. මහත්තයට කියන්න බැරියෑ. මේං මේවගේ එකක් මේ මෙහෙම සිද්ධ වුණා කියලා.."
දෙයියා නන්ස්ටොප් කියවගෙන යනවා.. බලන් ගියාම දෙයියා කියන්නෙත් ඇත්ත. එයා භවන්තගෙ නංගි මිසක භවන්තගෙ වයිෆ් නෙමෙයිනේ. ඉතිං ඇයි මං කලබල වෙන්නේ.. අනිත් එක සංජානියි, මමයි ෆිට් වුණාම භවන්තගෙයි, මගෙයි යාලුකම නෑදෑකමක් වෙනවනේ. මීට පස්සෙ දෙයියගෙන් ඇඩ්වයිස් ගන්න එක හිතට වගේම ඇගටත් හොද වේවි කියලා මට හිතුනා...

෴මතුසම්බන්ධයි෴
| PDF ආකාරයට බලාගන්න |