♫...ගුණදාස කපුගේ හද රැදි ගී පද...♫

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ විදුලි මිණි පහන්...

    ♫ විදුලි මිණි පහන්...

    විදුලි මිණි පහන් දැවී - බොලද ගී සිනා රැලි
    නිලංකාර අඳරේ සිරවී - සැදෑ සාදයේ...
    කුරා කුහුඹු මිනිසා වෙමි මා - ඔබේ මන්දිරේ...
    කුරා කුහුඹු මිනිසා වෙමි මා - ඔබේ මන්දිරේ...

    එන්න කන්න බොන්න මිහිරේ - සැමටයි ආරාධනා
    ඔබේ හඬ බිදී සිදීයයි - පතා සරිත් සාගරේ...//
    පුරාගෙන පිරුම් හිතේ - පිසුනු තිලිණ පුන් සිනා
    පලා ඇතෙය මං යලි සොදුරේ - මැදුරුදොර දිහා

    දෙන්න කන්න බොන්න නොකියා - දෙනෙතින් ආරාධනා
    දෑත පා ඉදුල් යදී ඇස් - ගයා හංස ගීතිකා...//
    ඔබේ මන්දිරෙන් එහා - මගේ ලොව බලා හිදී
    පලා යමි ‍ඔබේ ලොවින් මා - දෙපා සමුනොදී...
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ♫ මං මුලාවී...

    මං මුලාවී පාරහොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මං මුලාවූ සමනලියකගෙනි
    පාර අසා සිටියේ...//

    ඇයත් නොදන්නිය ඇය යන මානය
    උන්හිටි තැන් මත‍කයෙ අඩමානය...//
    පාර කියන්නේ කෙලසද මාහට
    ඇයට ද පාරක් ඇති නැති ගානය

    මං මුලාවී...//

    අප හමුවූයේ මන්දැයි නොදනිමි
    පාර ඇසූවේ ඇයිදැයි නොකියමි...//
    අපේ ගමන අද නවතනු හැකිනම්
    අප යන ගමනද අද මෙතැනින් නිමි...

    මං මුලාවී...//