♫...වසරේ හදරැදි ගී පදවැල්...♫

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫...වසරේ හදරැදි ගී පදවැල්...♫

    ගෙවුනු වසරේ කරලියට ආ හොදම ගීත වල පදවැල්, යු-ටියුබ් ලින්ක් සමගින් රසවිදින්න...ඒ වගේම ඔබේත් හදරැදුනු ගීත ලියා යන්න එලකිරි අයට අවස්ථාවක්...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ කවිකාර...!

    ♫ කවිකාර....
    ගායනය : නවින් ද සිල්වා(SideEffectz)
    http://www.youtube.com/watch?v=3a2rOfmqc4A

    ඉකිබින්ද නිදි බින්ද - ඔය සුසුම නුඹගේ
    ලං වෙන්න මත්වෙන්න - මග බලන දෑසේ
    නැලවෙන්න හිනැහෙන්න - පියඹන්න අහසේ
    මං ඉන්නවා... ඔබ එනතුරා රහ‍සේ

    කවිකාර යැයි කියන - දඟකාර මගෙ හිතට
    කටකාර ඔය මුවග - දඟපාන සිනහ පොද
    සංසාර ගමනකට - මගපා‍න සෙනෙ‍හෙ රැල
    අන්ගාර සුවද ගෙන - මං ගාව නතරවෙලා...

    වැහිබින්දු පිනි බින්දු - වැටෙනා රැ අහසේ
    හිම කඳුළු මුතු පබලු - ගලනා මෙ මුවගේ
    තනිවෙන්න දැවටෙන්න - හිතෙනා මුදු සුළගේ
    දිනගනිනවා... ඔබ‍එන තුරා රහසේ...

    කවිකාර යැයි කියන - දඟකාර මගෙ හිතට
    කටකාර ඔය මුවග - දඟපාන සිනහ පොද
    සංසාර ගමනකට - මගපා‍න සෙනෙ‍හෙ රැල
    අන්ගාර සුවඳ ගෙන - මං ගාව නතරවෙලා...

    කවිකාර හරි ගැහෙන - නුඹෙ ඇකයෙ හැංගෙන්න
    හදවතට පෙම්කරන - ඔය මතකෙ මට ගන්න
    නාදළුවෙ නිම්නැසිය - සිප ගන්න ඉඩදෙන්න
    මගෙ කදුළු පිසලන්න - නුඹ ඉන්න දිවිය පු‍රා...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♪ ඔබ හිනාවෙන්නෙ කොහොමද...?

    ♪♪♪ඔබ හිනාවෙන්නෙ කොහොමද....?♪♪♪
    ගායනය : Skitzo
    http://www.youtube.com/watch?v=Kfah9hy4rPE


    ඔබ හිනාවෙන්නෙ කොහොමද
    මට කියාදෙන්න ඒ කොහොමද
    අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක
    මට කියාදෙන්න ඒ කොහොමද...//

    මුඩු බිම මත හෙමිහිට අඩි තිය තිය
    තාලෙට ඇවිදින්නේ ඔබ කොහොමද
    වේදනා ගගේ ඉහලට පහලට
    කිමිදෙන්නේ කො‍හොමද ඔය විදිහට
    මට කියාදෙන්න ඒ කොහොමද...//

    ආදර වැහි කො‍ඩෙක ගිලිහී ගිය
    මඩ තැවරුනු පර මල් රෙද්දක
    ලස්සන වත් නොවුනිද ඔබගේ දෑතට
    පියඹා යන්නේ ඈතින් ඈතට
    මට කියාදෙන්න ඒ කොහොමද...
    ඔබ හිනාවෙන්නෙ කොහොමද...

    මරු කතරක ඉපදී - මියෙනා සද
    මරු විකලෙන් සිහිසන් වූ මොහොතක
    පාර දුරක නොවැටී නුඹ දැක හැර
    දැනගත්නේ කොහොමද මගෙ සුරගන
    මට කියාදෙන්න ඒ කොහොමද...
    ඔබ හිනාවෙන්නෙ කොහොමද...
    අඩන්න විතරක් ඉඩ ඇති ලෝකෙක...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ රිදවන්නෙ නැ මා...

    ♫රිදවන්නෙ නැ මා...
    ගායනය : AJ (Legazy)
    පද රචනය : AJ (Legazy)
    සංගීතය : එරංග ජයවංශ
    http://www.youtube.com/watch?v=J5KnnV
    cGNMI

    තුරුළු වී ‍ඔබේ ලඟ හිදිමි
    පණ තියෙන තෙක් මගේ ඔබ රකිමි
    සිහිනයන් ඔබේ සැබෑ කරමි
    ආදරෙන් උණුසුමින් වශීකරමි...

    තනිකමක් නොමැති ලොවක් මා තනමි
    ඒ ලොවෙන් එහා ලොවකට ගෙනයමි
    හද ගැස්ම ඔබේ මා විදිමි
    ලඟ හිදින තුරා ඔබ මගෙ රැජිනි...

    රිදවන්නෙ නැ මා - හැරයන්නෙ නැ මා
    දිවුරා කියමි මා - ඔබ මගේ...//

    සවනට ලංවී පෙම්බස් මුමුණමි
    ආදරෙන් මිරිකා කම්මුල් රතුකරමි
    සැමවිට සිනහවෙන් ඔබ තබමි
    ජීවිතය ඔබේ මා රකිමි

    තුරුළු වී ‍ඔබේ ලඟ හිදිමි
    පණ තියෙන තෙක් මගේ ඔබ රකිමි
    සිහිනයන් ඔබේ සැබෑ කරමි
    ආදරෙන් උණුසුමින් වශීකරමි...

    රිදවන්නෙ නැ මා - හැරයන්නෙ නැ මා
    දිවුරා කියමි මා - ඔබ මගේ...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ හිතුවෙවත් නැති දවසක..

    ♫ හිතුවෙවත් නැති දවසක...
    ගායනය : ශාලිත, මහේෂ් සහ සංඛ
    සංගීතය : ශාලිත, මහේෂ් සහ සංඛ
    පද රචනය : ප්‍රගීත් විජේසූරිය
    http://www.youtube.com/watch?v=wWr4iN_Pfy0


    හිතුවෙවත් නැති දවසක
    හිතන් නැතිවම ලං වුනා
    අතීතයෙ දුර ඈතක
    ආදරේ මග වැරදුනා...//
    අපි අපිම අද ආයෙම
    හමුවුනා ඒ පාරෙම...//
    අපි හමුවුනා ඒ පාරෙම
    අපි හමුවුනා ඒ පාරෙම...

    මල් යාය මැලවුනා
    මල් දෙවැට හැඩි වුනා
    සමනල්ලු ඉහ හැරුණු අත ගියා
    අපි ආයේ නොයෙනා නිසා...//

    හිතුවෙවත් නැති...//

    නිල් අහස කළුවුනා
    ඉකිගඟහා වැලපුනා
    කදුලින්ම පිරුණු වැව බොරවුනා
    අපි නිතර ආව ගිය තැන නිසා...//

    හිතුවෙවත් නැති...//
     
    • Like
    Reactions: Climax

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫එපා තවත් මගෙ හිත රිදවන්න...

    ♫එපා තවත් මගෙ හිත රිදවන්න...
    ගායනය : Milin
    සංගීතය : Saregama
    පද රචනය : ටිරාන් ගුණසේකර
    http://www.youtube.com/watch?v=Nacj_u-Ynj0


    එපා තවත් මගෙ හිත රිදවන්න
    එපා තවත් මගෙ හිත රිදවන්න
    ආල නුරා කම් පැවට සොඳුරු
    ප්‍රේම හැඟුම් මතකයි මට නුදුරු
    ඔබ යන්න...ඔබ යන්න

    හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියට
    නුඹ මතක ලොවේ සැරි සරණ වෙලාවට
    නුඹ නැතිව බැරි වුනත් උණුහුමකට මා ලඟ
    පෙම් කරන්න බැ යලි ඟොළු වූ හදකට
    ඔබ යන්න...ඔබ යන්න...

    එපා තවත් මගෙ හිත රිදවන්න...
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ මතකේ හසරැල්...

    ♫ මතකේ හස‍රැල්...
    ගායනය : දුෂ්‍යන්ත් වීරමන් සහ උමාරා සිංහවංශ
    http://www.youtube.com/watch?v=L5SYsM1tQ7U


    කියන්නට බැරි තරම් ‍- ඔබට ආදරෙයි මං
    දරන්නට බැරි තරම් - ‍දුක වාවන්නට බැ දැන්
    ඔබ ඇයි කුරිරු මේ තරම් - සිතක් නැති කෙනෙක් මෙන්
    මා හෙලනා මේ සුසුම් - ඔබට දැනෙනවා නම්
    මා සොයා යලි ඇවිත් - සිප ගන්නකෝ මා දෙතොල්...

    මතකේ හස‍රැල් නැගෙන රැයේ
    දෙනෙතින් කදුලැල් ගලා ගියේ
    ජීවිතයේ රස දැනෙන දිනේ
    ඔබ මා හැරදා ඇයිද ගියේ...

    ඔබ ඇයි අන්සතු වුනේ - ඔබ ඇයි මා හැරගියේ
    පූජනියයි ආදරේ - ඔබ එය නොදනී ප්‍රියේ
    දිවි ඇතිතෙක් මේ බවේ - ඔබට පමණයි ආදරේ
    මා හද පතුලේ ඔබේ - රුව සදා ඇදී තිබේ...

    සිතකින් නොව ඔබ දමා ගියේ
    ඔබ ගැන සිහිවෙයි හැම මොහො‍‍තේ
    දුක පමණයි මට උරුම වුනේ
    සමාවෙන්න කුමරානනි...

    ඔබ හා මා හමුවේනම්
    ජීවිතය ඔබ හට දෙන්නම්
    ඔබගේ සුසුමන් තුල ගිලිහී
    ඔබගේ තුරුලේ මිය යන්නම්

    මතකේ හස‍රැල්...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫සපුරා තහනම් - ආදරේ මටනම්

    ♫සපුරා තහනම් - ආදරේ මටනම්
    ගායනය : රසික විජේරත්න සමගින් රවින්ද්‍ර මීගමුආරච්චි
    සංගීතය : තුසිත් නිරෝෂන්(T-Lab)
    පද රචනය : රවින්ද්‍ර මීගමුආරච්චි
    http://www.youtube.com/watch?v=ePIAclno-_M


    සපුරා තහනම් - ආදරේ මටනම්...
    නෙතුපියා ගන්න සඳහට - ටික දිනයි තියෙන්නේ
    නොදැන එය නුඹ විමසුවත් - ආදරේ දැයි ඔබට මං
    අතර මං වී ගොළු වුනේ - ආදරේ නිසා මං...

    මගෙ අවසන් හුස්ම තුරුළු කර
    මියෙන තුරා ඉන්නව නම්...
    ඔබ නිදනා යහන් සමීපේ
    හුස්මක් වී පාවෙන්නම්...

    භවයෙන් භවේ හිමි මඟ බලා ඔබයි කියා...
    මෙතුවක් තුරා පෙරුමන් පුරා එන්නම් සොයා...

    සපුරා තහනම්...//

    සීතල මගෙ දෙතොල් අගට
    වැටෙනා උණු කදුලැලි පේලි...
    දුකයි සිතට ඇස්වහ ගන්නට
    නුඹ ලඟ සිටින වෙලේ දී...

    භවයෙන් භවේ හිමි මඟ බලා ඔබයි කියා...
    මෙතුවක් තුරා පෙරුමන් පුරා එන්නම් සොයා...

    සපුරා තහනම්...//
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ♫ මතකේ හස‍රැල්...
    ගායනය : දුෂ්‍යන්ත් වීරමන් සහ උමාරා සිංහවංශ
    http://www.youtube.com/watch?v=L5SYsM1tQ7U


    කියන්නට බැරි තරම් ‍- ඔබට ආදරෙයි මං
    දරන්නට බැරි තරම් - ‍දුක වාවන්නට බැ දැන්
    ඔබ ඇයි කුරිරු මේ තරම් - සිතක් නැති කෙනෙක් මෙන්
    මා හෙලනා මේ සුසුම් - ඔබට දැනෙනවා නම්
    මා සොයා යලි ඇවිත් - සිප ගන්නකෝ මා දෙතොල්...

    මතකේ හස‍රැල් නැගෙන රැයේ
    දෙනෙතින් කදුලැල් ගලා ගියේ
    ජීවිතයේ රස දැනෙන දිනේ
    ඔබ මා හැරදා ඇයිද ගියේ...

    ඔබ ඇයි අන්සතු වුනේ - ඔබ ඇයි මා හැරගියේ
    පූජනියයි ආදරේ - ඔබ එය නොදනී ප්‍රියේ
    දිවි ඇතිතෙක් මේ බවේ - ඔබට පමණයි ආදරේ
    මා හද පතුලේ ඔබේ - රුව සදා ඇදී තිබේ...

    සිතකින් නොව ඔබ දමා ගියේ
    ඔබ ගැන සිහිවෙයි හැම මොහො‍‍තේ
    දුක පමණයි මට උරුම වුනේ
    සමාවෙන්න කුමරානනි...

    ඔබ හා මා හමුවේනම්
    ජීවිතය ඔබ හට දෙන්නම්
    ඔබගේ සුසුමන් තුල ගිලිහී
    ඔබගේ තුරුලේ මිය යන්නම්

    මතකේ හස‍රැල්...//
    mekanam maxxa song eka ban :yes::yes::yes::yes:
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫නීල නෙත් වලින්...

    ♫නීල නෙත් වලින්...
    ගායනය : රොශාන් රනවණ, ක්‍රිෂාන් සමගින් රාජ්
    සංගීතය : රාජ්
    පද රචනය : නිලාර් එන්. කාසිම්
    http://www.youtube.com/watch?v=DVF56fjWim8


    නීල නෙත් වලින් හොරෙන් - ආලවන්තකම් කියූ
    රන්රුවැත්තියේ - හිනැහිලා...කොයි වසන් උනේ...
    පාළු අම්බරේ සරා - දේව ගීතිකා ගැයූ
    පෙම් කිරිල්ලියේ - තටු සලා...කොයි ඉගිල්ලුනේ...

    ඈතින් පෑයූ උදා රන්තරුව - මෑතින් පීදූ හැඟුමන් මුසුව
    ඈත හීනේ ම‍ගේ පෙම්වතිය - මා...නැලැවූ.....

    දෑසේ කැදැල්ලේ නැවතිලා සොදුරේ...
    ආයේ සරාවී මගෙ හිතේ නිබදේ...
    ඈතින් පෑයූ උදා රන්තරුව - මෑතින් පීදූ හැඟුමන් මුසුව
    ඈත හීනේ ම‍ගේ පෙම්වතිය - මා...නැලැවූ.....

    සෝ සුසුම් සිතින් මකා - නීල නිම්නයේ සැරූ...
    දේව දූතියේ - තරු නිවා...කොයි වසන් උනේ...
    කාටවත් නොකී කතා - මල්රොනින් ලියා තියා
    මල්කුමාරියේ - පෙති විදා...ඇයි වසන් උනේ...

    ඈතින් පෑයූ උදා රන්තරුව - මෑතින් පීදූ හැඟුමන් මුසුව
    ඈත හීනේ ම‍ගේ පෙම්වතිය - මා...නැලැවූ.....

    මල් හී විදිද්දී මල් සරා නිබදේ...
    කොයි දැයි සරන්නේ සොදුරියේ තනිවී...
    ඈතින් පෑයූ උදා රන්තරුව - මෑතින් පීදූ හැඟුමන් මුසුව
    ඈත හීනේ ම‍ගේ පෙම්වතිය - මා...නැලැවූ.....
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

    ♫ඔබෙන් එක මොහොතක් මට දෙන්න...
    ගායනය : තිලාන් ධනුෂ්ක
    පද රචනය : තිලාන් ධනුෂ්ක
    සංගීතය : තිලාන් ධනුෂ්ක
    http://www.youtube.com/watch?v=bgZaURdaN-A


    ආදරේ පිණි පොද වැස්සේ...ඒ...
    ආදරේ පිණි පොද වැස්සේ...

    ආදරේ පිණි පොද වැස්ස සේ
    පෙම්වතුන්ගෙ රිද්මයට
    ආදරයේ පියවර තියන්නට
    ඔබත් ‍එක්ක තුරුල් වෙලා තෙමෙන්න
    සිහිල් සුලං රැල් මට විදින්න වත් එන්න
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න...
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

    හිතේ පුරා ඔබව දකින්න
    හිතේ පුරා ඔබව විදින්න
    තිබෙන පුරා ඔබව නලවන්න
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න...
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

    ආදරේ කුළුදුල් රාත්‍රිය
    සුළඟට මුසුකල හාදුව
    දෙතොලේ සිහිවටනය කරගන්න
    රිද්මය නැති ‍ජීවිතයට පණ පොවන්න
    ලයට තුරුල් කරගෙන ආදරේ කොඳුරන්න
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න...
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න...

    වියැලී යන සුළගේ ඔබේ සුවද විදගන්නට දැනෙන
    ගිණි මද්දහ‍නේ තනි මට හති අරින්න ඉඩ දෙන්න
    ඔබ සැඟවුන සිහිනයේ ඔබ දකින්නවත් දැනෙන
    ආද‍රයේ අවසන් හුස්මවත් විදින්න දෙන්න...//

    ආදරේ පිණි පොද වැස්සේ...ඒ...
    ආදරේ පිණි පොද වැස්සේ...
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫බඹරී..

    ♫බඹරී...
    ගායනය : හිරාන් කාරියවසම්
    පද රචනය : කැළුම් ශ්‍රීමාල්
    සංගීතය : කසුන් කල්හාර
    http://www.youtube.com/watch?v=Ri6pamD7j14


    හීනයට ඔබිනා රාත්‍රියකි
    යහනේ දිගාවූ - සුවඳක්මුසු වනදුරකි
    සන්සුන් වසන්තයේ - ආදරේකට මුවරද දී
    ජී‍විතේ මගේ...පවරා...ගනු මැන බඹරී...

    හිස මනනා මැවුනු මල් පෙති හා පෑහී
    කටු පැටලී ඉරෙයි තොල්පෙති ලේ ඉහිරී
    අතහැරදා නොයන තුරු ඔබ මා ඇසුරේ
    යලි හඬන්න නම් වෙන්නෑ වන බඹරී...//

    නෙත පිනනා සිහින විසිතුරු හා පෑහී
    අතපතගෑ සමය නිමකර වී අවරේ...
    සිත හැදෙනා මිහිරි වචන මා හදවී
    යලි තැවෙන්න නම් වෙන්නෑ වන බඹරී..//

    හීනයට ඔබිනා...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫කෙලිලෝල බැල්මෙන්...

    ♫කෙලිලෝල බැල්මෙන්...
    ගායනය : රන්දීර් විතාන
    පද රචනය : නිලාර් එන්. කාසිම්
    සංගීතය : භාතිය ජයකොඩි
    http://www.youtube.com/watch?v=VhhP5hLeiWM


    කෙලිලෝල බැල්මෙන් - හිත අන්කිති කවනා
    පෙම් හීන යායේ - මල් දේදුනු එලලා...
    හෘරදේ වර්ණ ගන්වා - මගෙ ජීවිතේම කළබා
    ඔබ ඇයි මෙලෙසේ - නොසිතූ විලසේ...
    කෙලිලෝල බැල්මෙන්....

    ඇස්පුරා දිස්වුනේ - නොලියූ පෙම් ගීතෙ
    හිත් පුරා ඉතිරුනේ - නොව ඉන් සංගීතේ
    ජීවිතේ දල්වා තබනා - ආලෝකයක් සේ
    ආදරේ දෝතින් ගෙනෙනා - ප්‍රාර්ථනා සේ
    සෙත් කවක් වී ඇවිත් - සෙත් පතන්නේ
    හිත ඉබේ - ඔබ සොයා...
    ඉගිලගියේ - හිත මගේ...

    කෙලිලෝල බැල්මෙන්...//

    සෙත් පහන් වූ නිසා - හෙලනා මදහාසේ
    සත්තකින් සැනසෙමි - නොකියූ සංතෝසේ
    ජීවිතේ ගීයක් කරනා - වී..ණාවක් සේ
    ආදරේ දෝතින් ගෙනෙනා - ප්‍රාර්ථනා‍ සේ
    රත්තරන් ඇස් දෙකෙන් - මා නිවන්නේ
    හිත ඉබේ - ඉන් මිදී...
    ඉගිල‍ගියේ - කොයි කොහේ...

    කෙලිලෝල බැල්මෙන්...//