♫...වසරේ හදරැදි ගී පදවැල්...♫
ගෙවුනු වසරේ කරලියට ආ හොදම ගීත වල පදවැල්, යු-ටියුබ් ලින්ක් සමගින් රසවිදින්න...ඒ වගේම ඔබේත් හදරැදුනු ගීත ලියා යන්න එලකිරි අයට අවස්ථාවක්...
mekanam maxxa song eka ban♫ මතකේ හසරැල්...
ගායනය : දුෂ්යන්ත් වීරමන් සහ උමාරා සිංහවංශ
http://www.youtube.com/watch?v=L5SYsM1tQ7U
කියන්නට බැරි තරම් - ඔබට ආදරෙයි මං
දරන්නට බැරි තරම් - දුක වාවන්නට බැ දැන්
ඔබ ඇයි කුරිරු මේ තරම් - සිතක් නැති කෙනෙක් මෙන්
මා හෙලනා මේ සුසුම් - ඔබට දැනෙනවා නම්
මා සොයා යලි ඇවිත් - සිප ගන්නකෝ මා දෙතොල්...
මතකේ හසරැල් නැගෙන රැයේ
දෙනෙතින් කදුලැල් ගලා ගියේ
ජීවිතයේ රස දැනෙන දිනේ
ඔබ මා හැරදා ඇයිද ගියේ...
ඔබ ඇයි අන්සතු වුනේ - ඔබ ඇයි මා හැරගියේ
පූජනියයි ආදරේ - ඔබ එය නොදනී ප්රියේ
දිවි ඇතිතෙක් මේ බවේ - ඔබට පමණයි ආදරේ
මා හද පතුලේ ඔබේ - රුව සදා ඇදී තිබේ...
සිතකින් නොව ඔබ දමා ගියේ
ඔබ ගැන සිහිවෙයි හැම මොහොතේ
දුක පමණයි මට උරුම වුනේ
සමාවෙන්න කුමරානනි...
ඔබ හා මා හමුවේනම්
ජීවිතය ඔබ හට දෙන්නම්
ඔබගේ සුසුමන් තුල ගිලිහී
ඔබගේ තුරුලේ මිය යන්නම්
මතකේ හසරැල්...//



