♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
11.gif
11.gif

 

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    නියම ත්‍රෙඩ් එක. ඇත්තමයි..!! ගීත සාහිත්‍ය කියන්නේ මේවට තමයි.
    මේ සින්දු මගේ (අපේ) හිතේ නවාතැන් අරගෙන ඉවරයි.
    ඒ වගේම මේ සින්දු වලට නිධාන වෙච්ච අතීත කතා රැසකුත් තියෙනවා.
    ඒවා සින්දු වලට වඩා රසවත්.
    තව සින්දුවක් තියෙනවා ''ඉතිං ඊට පස්සේ" කියලා.
    පුලුවන් නම් කවුරැ හරි ඒකත් මෙහි පළ කරන්න.


    ඉතින් ඊට පස්සේ

    ඉතින් ඊට පස්සේ ඔබේ රන් පිළිරූ..
    පාට පාට දේදුනු සේ මා සිසාරා..
    මහද මැණික් පහනක් වූවා..
    ඉතින් ඊට පස්සේ...

    ඉතින් ඊට පස්සේ - ප්‍රාර්ථනා වැස්සේ..
    කුරුළු පියාපත් හිස මැවුණා සේ..
    ගියෙමු පියඹා දුර ආකාසේ..
    දේදුනු කැලුම් පෙම් සුවඳ විජිතයේ..
    ආනන්දනීය ආදරේ..

    ඉතින් ඊට පස්සේ...

    ඉතින් ඊට පස්සේ - සිතක කඳුළු වැස්සේ..
    ඈත රටක පාළුව දැන් නැතුවා..
    අරුණු උදාවෙන් අප හිනැහෙනවා..
    කඳුළින් සිනාවෙන් ජයගනී ප්‍රියේ..
    ආනන්දනීය ආදරේ..

    ඉතින් ඊට පස්සේ...

    ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
    පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
    සංගීතය - ස්ටැන්ලි පීරිස්



    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    good post +8 REP:yes::yes::yes:

    one of the greatest Singer ever in Sri Lanka :yes::yes::yes:
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ඔබේ දෙතොල් පෙති ලිහිල් - දිමුතු හසරැල් පෙනී
    හදේ දියවර ගලා යයි - රැලි ලමින් සැලි සැලී
    මෙවන් සුව ‍පෙර නොවිදි - තුන් සිතම සලිත වී
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    හිරු නිවී මුහුදු තෙර - කාන්තිය එළඹිලා
    තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
    මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
    මද පවන් රැල් වැටී - සැලෙන විට කැළඹිලා
    මට බලා ඉන්න බැ - තෙපුල් ඔබෙ තෙමෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    යුග ගණන් පැමිණි මඟ - පැටලිලා දැවටිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්න බෑ - පෙර ඇසුර දැනෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...

    අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
    හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු‍ වෙලා
    මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...


    ගීතය : සසර සැරි සරණ තෙක්
    ගායනය : වික්ටර් රත්නායක
    සංගීතය : වික්ටර් රත්නායක
    පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්
    http://www.youtube.com/watch?v=-rsMlwt23kc

    :yes:
     

    chutte malli

    Member
    Mar 2, 2013
    15
    3
    0
    ♫ අම්මා නැති මට...

    අම්මා නැති මට කිරි අම්මා වී
    කළු‍වර ගෙදරට මිණි පහනක් වී
    දැනගත් දා සිට පෙරුම් පිරු‍වේ
    අක්කේ මං මතු සක්විති වෙයි සිතලා ලූ...

    පිරුණු රටාවට පැදුරක් පිරී වැ‍ඩේ
    ඊට ලිප ලග කඩයප්පන් ගොඩවේ
    දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
    පදමට දී මට නැණනෙත් පෑදූවේ...

    අම්මා නැති මට...//

    මෝරා හද ගැබ පෙම්මල් නෑ පිපුනේ
    ලීලා බද වට ගෝමර ලතැවෙන්නේ
    බාල යොවුන් හද වැහැරී ගේ ඇතු‍ලේ
    මා ලද ශිල්ප නූඹ හා එක මුල්ලේ...

    අම්මා නැති මට...//

    Man Asama Song 1k Thanks lot:love::love:
     

    chutte malli

    Member
    Mar 2, 2013
    15
    3
    0
    ♫ වෙන්වෙන්න වාදෝ...

    වෙන්වෙන්න වාදෝ...ලංවූයේ
    ලංවෙන්න වා‍දෝ...වෙන්වූයේ...//
    මං ආ මඟ නවතින්නම්
    බිදුවක් ඈතින් ඉන්නම්
    සිහිනෙන් ඔබ දැක ගන්නම්
    හැබැහින් ලඟටම එන්නම්...//

    දෙන්නා....උන්නේ....
    රන්රස සේ පෙම් මල් සේ
    ආදරේ - තාරකා...
    සෝවනාවේ ඇන්දුනේ

    වෙන්වෙන්න වා‍දෝ...//

    ඇන්දා....රන්දා...
    රජ දහනේ පෙම්
    රජ දහනේ...
    ඈ සිතේ - මා කෙරේ
    මෝදු වී ආ ආදරේ...

    වෙන් වෙන්න වාදෝ...//


    Thanku So much
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...//

    සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ...
    අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්...

    මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
    සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ..

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
    රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්..
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    "සුදු වැලි කතරේ පිපුන මල වගේ

    ලෝතුරු රස ගංගා //

    ඔබේ ආදරේ වරුසා වැහලා

    කතර දෙව්ලොවක් වේ //"


    අදටත් මන් wife ට නිතර යවන SMS එක

    Sihil_Sulan_Ralle_Obe_Suwanda_Musuwe_Victor_Rathnayaka.jpg
     
    Last edited:
    Jul 29, 2015
    106
    7
    0
    Home
    සඳ කැන් වැටිලා අදුරේ එතිලා
    ඝණදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝණදුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි...:confused: