♫..වික්ටර් රත්නායක-හොදම ගී පද..♫

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    නීල බිඟු කැල...

    ♫ නීල බිඟුකැල...

    නීල බිගු කැල කාම රස පෙල
    ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තඹර පහසින්
    මෝහනය වීලා...//

    මාරුතේ මතුරා යතේ සුරඟුන් නැගූ මුකුළු
    මාවතේ අතුරා ඇතේ සුරඟුන් නෙලූ කැකුළු
    සුරඟුන් නෙලූ කැකුළු

    නීල බිගු කැල...//

    ජීවිතේ කිරි සාගරේ කළඹා දිනූ කිදුරී
    මීවිතේ මදුරා පුරා සඟවා නොයන් සොදුරී...//
    සඟවා නොයන් ‍සොඳුරී...

    නීල බිගු කැල...//


    ගීතය : නීල බිගුකැල
    සංගීතය : වික්ටර් රත්නායක
    චිත්‍රපටය : රජගහේ පරවියෝ
    http://www.youtube.com/watch?v=laGfIHOBADU
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ හිත මිතුරු සුළඟ...

    ♫ හිත මිතුරු සුළඟ...

    හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
    අද නොපැමින අන් දිනකට වැසි රැගෙන එන ලෙසින්
    දිගු කලෙකින් ඈ මුණ ගැසේවි හසගනක් වෙසින්
    වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වෙයි සැනින්

    වීදි පුරා වතුර පිරෙයි
    හෙමින් හෙමින් මුමුණ මුමුණ
    ඇවිද යමි කෙසේ...
    තණ නිල්ලේ ගොහොරු
    සැදෙයි කථා නැතිව අනන්තයට
    ඉගිල යමි කෙසේ...

    හිත මිතුරු සුළඟ...//

    අප සමුගත් පසු වසින්න
    ගං හෝ වැව් ඉපිල ඉපිල
    ඉතිර යනතුරා...
    හෝරා දෙක තුනක් ඉන්න
    නෑවිත් වැහි වළාපලේ
    කඩ ඉමෙන් මෙහා...

    හිත මිතුරු සුළඟ...//
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    හිරු නිවී මුහුදු තෙර - කාන්තිය එළඹිලා
    තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
    මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
    සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ ‍මගේ...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ තනිතරුවේ...

    ♫ තනිතරුවේ...

    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...//

    නෙතඟ නෙතඟ පැටලි පැටලි
    මුවඟ මුවඟ ඇලලි ඇලලි...//
    මෙතෙක් දුරක් එක් වී පැමිණී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

    මහඳ අරනෙ ලතැවි ලතැවි
    රැදෙනු බැරිව ඉගිලි ඉගිලි...//
    මගෙන් ඉවත බැඳිලා සැනසී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

    තනිතරුවේ.................///
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    සඳ කැන් වැටිලා අදුරේ එතිලා
    ඝණදුරු රෑ තනිකම නෑ
    සොයා එන්න ඝණදුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි...

    ජීවිතයම සතු එකම සුවේ
    හීසර පහරක වෙලෙනු පෙනේ...//
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ....

    සඳ කැන් වැටිලා...

    ‍මා නැත අන්සතු සිත් බිඳලා
    දෑතම බැදගෙන හිදිමි බලා...//
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා...

    සඳ කැන් වැටිලා...





    MAXXXXXAAAAA SONG :):):):):):):):):):):):):):):):):):):)
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ තොටුපොල අයිනේ...

    ♫ තොටුපොල අයිනේ...

    තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ...
    කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ...//

    හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ
    උණ පදුරේ හෙව‍‍නේ...
    හබල බිදීලා......ආ.....
    හබල බිදීලා - පෙරළුන ඔරුවක
    සුන්බුන් නෙත දැවටේ...
    ඒ දෙස නොබලමි
    ඒ...දෙස නොබලමි
    තොටුපොල අයිනේ - කව්ද අතවනන්නේ

    ආමඟ අදුරේ පෙරමඟ එගොඩින්
    තරු යුවලක් ඇවිලේ...
    ඔරු කඳ ඇතුලේ.....ඒ....
    ඔරු කඳ ඇතුලේ
    නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ..
    හෙටමම හිනැහෙමි
    හෙට මම හිනැහෙමි
    තොටුපොල අයිනේ- කව්ද අතවනන්නේ...

    තොටුපොල අයිනේ...//
     
    Last edited:

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ එපා හිරු පායන්න...

    ♫ එපා හිරු පායන්න...


    එපා හිරු පායන්න
    අදින්පසු මගේ ලොවට
    අදයි අවසන් දවස ඇගෙන් මා...
    මගෙන් ඈ සමුගන්න

    සැඳෑ තරු නොදිලෙන්න
    සරා සඳ නොනගින්න
    වෙලී යුඟදුර සතර
    අනු දිසා ගිල ගන්න
    ගලා යන නදී දොල බිදී...
    හිදී නැවතී ඉන්න

    එපා හිරු පායන්න...

    පිය මඩුලු තුරු සිරස
    එපා මල් පළදින්න...
    වසන්තය නිමා විය
    කොවුලනේ ගොළු වන්න
    සොබා දම් නෑසියනි සැලී...
    සැලී කම්පා වන්න..

    එපා හිරු පායන්න....
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ ගිගිරි ගීත රාවේ...

    ♫ ගිගිරි ගීත රාවේ...

    ගිගිරි ගීත රාවේ
    මලවී හී සරේ...//
    සබඳ අද කිම දෝ...
    බමන ලෝකෙට කෑ ගසා කීවේ...//

    උමතු දෑස රෑ තුන් යාමේ
    යනෙන මේ නුරා අම්බලමේ...//
    හදේ සෝක පීඩා වියැකේ
    හැංගෙන්න මායා සිහිනයේ...

    ගිගිරි ගීත රාවේ...//

    තරිදු තාම නාඹර වයසේ
    රඟනු රංඟ රන් රඟ මඩලේ...//
    කුමුදු යාය මල් බර මොහොතේ
    රොන්ගන්න පෙම් මල් වනපෙතේ...

    ගිගිරි ගීත රාවේ...//


    http://www.youtube.com/watch?v=JCotYzecEHs
    ගායනය : වික්ටර් රත්නායක
    චිත්‍රපටය : දියමන්ති (1976)
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ මල් පොකුරු පොකුරු...

    ♫ මල් පොකුරු පොකුරු...

    මල් පොකුරු පොකුරු ඇය එන මඟ
    ඈ දෙසටම නැමීයන්
    මල් අසිරි සිරිය ඇගෙ මුහුණින්
    මල් පොකුරට ලැබීයන්...//

    නිල්ල නිලන ගහකොල මත පින්න පිපීලා
    ඇගෙ පුංචි ටිකිරි පාවට පොට රංචු ගැසීලා...
    පින්න පිපීලා ඇ ලඟ රංචු ගැහීලා
    ඇගෙ පුංචි ටිකිරි පාවට පොට රංචු ගැසීලා...

    මල් පොකුරු පොකුරු...//

    සිංදු කියන බමරු විලස ලංව නැමීලා
    ඇය ඉන්න හිතයි ආදරයක් දෙන්න කියාලා...
    ලංව නැමීලා සෙනෙහස දෙන්න කියාලා
    ඇය ඉන්න හිතයි ආදරයක් දෙන්න කියාලා...

    මල් පොකුරු පොකුරු...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ හිනැහෙන්න රෝමියෝ මමයි...

    ♫ හිනැහෙන්න රෝමියෝ මමයි...

    හිනැහෙන්න රෝමියෝ මමයි
    නැ රාම රාජයා ඔඹයි
    සුසුමේ ගැලී - නයනේ වෙලී
    මා දෑස භාවනා කරයි...//

    නා.........ලිය රුව දීලා
    පා.........මිණි හඬ වාලා...//
    උක් දඬු කැලේ - මල් සර සැ‍ලේ
    වසන්ත කා...ලයේ

    හිනැහෙන්න රෝමියෝ...//

    ලා.........හිරු කැන් පායා
    මා.........හද පිඹිදීලා...//
    කින්නර කොනේ - රංඟන දිලී
    නුවන් අවන් හලේ...

    හිනැහෙන්න රෝමියෝ...//
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ වෙන්වෙන්න වා‍‍දෝ...

    ♫ වෙන්වෙන්න වාදෝ...

    වෙන්වෙන්න වාදෝ...ලංවූයේ
    ලංවෙන්න වා‍දෝ...වෙන්වූයේ...//
    මං ආ මඟ නවතින්නම්
    බිදුවක් ඈතින් ඉන්නම්
    සිහිනෙන් ඔබ දැක ගන්නම්
    හැබැහින් ලඟටම එන්නම්...//

    දෙන්නා....උන්නේ....
    රන්රස සේ පෙම් මල් සේ
    ආදරේ - තාරකා...
    සෝවනාවේ ඇන්දුනේ

    වෙන්වෙන්න වා‍දෝ...//

    ඇන්දා....රන්දා...
    රජ දහනේ පෙම්
    රජ දහනේ...
    ඈ සිතේ - මා කෙරේ
    මෝදු වී ආ ආදරේ...

    වෙන් වෙන්න වාදෝ...//
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    elama kiri machan. Sa ge elama sindu thiyenne.

    sasara sari sarana thek sinduwa nam ithaaaa ela. prema keerthi thamai godak ma sindu liala thiyenne neda.

    +rep
     

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    364
    63
    38
    දැන් නම් මෙතන..!
    ♫ සඳත් ඉරත් නැති...

    ♫ සඳත් ඉරත් නැති...

    සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්...
    ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
    මිනිස්පුරේ ඇයි තනියක්...//

    ගලා ගලායන ගඟේ පිරී දිය
    ඇලේ දොලේ ඇසුරට වී
    සිනාසිසි වන පෙතේ හිදී
    රස දිදි රුවන් තුඩ ඇතිරී...

    සඳත් ඉරත් නැති...//

    ‍සොබා දමේ දැඩි සිහිල් නිසංසල
    සුවේ විදි ‍ලොව සිතුසේ...
    ඔබේ මගේ රැල බෙදී බිදීයන
    සුළං කැරැල්ලේ දුකසේ...

    සඳත් ඉරත් නැති...//