♫ අඹ ගස් යට...
අඹ ගස් යට මල් හැලිලා
සුවදේ බැරුවා හිදින්ට...
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න...//
මගේ බඹරිය පැලේ දමා
එන්නට බැ අඹ වනයට...
මුසා බසින් මා නොතලා
එන්න සුවඳ මල් හෙවනට...
අඹ ගස් යට...//
බඹරු නැතිද අඹ වනයේ
ඔබේ සිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නැ
ඔබයි මගේ පැතුම් විමන
අඹ ගස් යට...//
ඔබේ දෙතොල් පෙති ලිහිල් - දිමුතු හසරැල් පෙනී
හදේ දියවර ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි - තුන් සිතම සලිත වී
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
හිරු නිවී මුහුදු තෙර - කාන්තිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැටී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - තෙපුල් ඔබෙ තෙමෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
යුග ගණන් පැමිණි මඟ - පැටලිලා දැවටිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර දැනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
ගීතය : සසර සැරි සරණ තෙක්
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්
http://www.youtube.com/watch?v=-rsMlwt23kc


@ Troyroshan : සහෝ මම එකතු කරල තියන යූ-ටියුබ් වීඩියෝ එකත් සමග නම් වරදක් නැති බවයි මට පෙනෙන්නේ...වචන වල වැරැද්දක් ඇත්නම් හැකිනම් දැනුම් දෙන්න....



me widiyatai enna one mul tikaඔබේ දෙතොල් පෙති ලිහිල් - දිමුතු හසරැල් පෙනී
හදේ දියවර ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි - තුන් සිතම සලිත වී
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
හිරු නිවී මුහුදු තෙර - කාන්තිය එළඹිලා
තරු කඩා වැටෙන විට - අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බැ - ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
නා ගසක් දළු දමා - වසන්තය එළඹිලා
මද පවන් රැල් වැටී - සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බැ - තෙපුල් ඔබෙ තෙමෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
යුග ගණන් පැමිණි මඟ - පැටලිලා දැවටිලා
ඔබ මගෙන් වෙන්ව ගිය - ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ - පෙර ඇසුර දැනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
අහස් තල පොලෝ තල - ඔබට මට පොදුවෙලා
හදවතින් එක් වුවත් - ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බැ - සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ...ඔබ මගේ...
ගීතය : සසර සැරි සරණ තෙක්
ගායනය : වික්ටර් රත්නායක
සංගීතය : වික්ටර් රත්නායක
පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්
http://www.youtube.com/watch?v=-rsMlwt23kc

me widiyatai enna one mul tika
ඔබේ දෙතොල් පෙති ලිහී - පිපුනු හසරැල් විලේ
හද එළිය ගලා යයි - රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි - තුන් සිතම සලිත වී
සසර සැරි සරන තෙක් ඔබ මගේ...ඔබ මගේ...

