[FONT="]දුරස් වන්නට මේ ලෙසින් [/FONT]
[FONT="]ඇයිද අප හමුවුනේ[/FONT]
[FONT="]දුරස් වන්නට මේ ලෙසින් [/FONT]
[FONT="]මොටද අප ඉපදුනේ[/FONT]
[FONT="]අත්වැල් බැදගෙන මංමාවත් දිග[/FONT]
[FONT="]ඔහේ ඇවිද ගිය කාලය මතකද..//[/FONT]
[FONT="]පුංචි ළදැරියක් වගේ සුරතලෙන්[/FONT]
[FONT="]ඔබ හිනැහුනු ඒ කාලය මතකද..[/FONT]
[FONT="]අනාගතේ ගැන අහස් මාළිගා[/FONT]
[FONT="]අපි දේනනා මැවූ කාලය මතකද..//[/FONT]
[FONT="]ඔබේ පෙම්වතා ලෙසින් එදා මා[/FONT]
[FONT="]ඔබේ ළගින් උන් කාලය මතකද[/FONT]
[FONT="]ගැයුම - දයාරත්න රණතුංග[/FONT]
[FONT="]කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී[/FONT]
[FONT="]නැවතී බලනවා මොහොතක් කොහොම හරී[/FONT]
[FONT="]කතා නැතිව හිටියත් ගොලු වෙලා අපී[/FONT]
[FONT="]දාහක් දේ තිබේ කීමට බැරුව වැසී[/FONT]
[FONT="]ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා[/FONT]
[FONT="]සුළගට සියුම් දාහක් කන් ඇති හින්දා[/FONT]
[FONT="]කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා[/FONT]
[FONT="]මුනිවත හොදයි දෙපසින් දුක වැඩි හින්දා[/FONT]
[FONT="]සයුර මොටද දිය දෝතක් බොන්න බැරී[/FONT]
[FONT="]ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී[/FONT]
[FONT="]දෑස මොටද සිතු සේ දැකගන්න බැරී[/FONT]
[FONT="]කුසුම මොටද ළං වී රොන් ගන්න බැරී[/FONT]
[FONT="]ගැයුම - විශාරද නන්දා මාලනී[/FONT]
[FONT="]සදාකාලික නොවූ ලෝකේ[/FONT]
[FONT="]සදාකාලික ප්‍රේමයක්[/FONT]
[FONT="]සොයා නෙක ගම් දනව් පීරා[/FONT]
[FONT="]ගෙවූ කාලය සිහිනයක්[/FONT]
[FONT="]මගේ දුක දැක ඔබේ දෙනයන[/FONT]
[FONT="]උපන් කදුළින් සේදිලා..//[/FONT]
[FONT="]ඔබේ වත නොව ඔබේ හදවත [/FONT]
[FONT="]පුරා සඳ සේ පෑරිලා[/FONT]
[FONT="]එදා ළග සිට දුටුව ඔබ නොව[/FONT]
[FONT="]මෙදා දුර සිට මා දකින්නේ..//[/FONT]
[FONT="]සදාකාලික නොවූ ලෝකයෙ [/FONT]
[FONT="]සදා කෙලෙසද පෙම්බඳින්නේ[/FONT]
[FONT="]ගැයුම - විශාරද සුනිල් එදිරිසිංහ[/FONT]
[FONT="]සිහින ලොවක් දුටුවා මතකයි[/FONT]
[FONT="]සිහින ලොවින් ආවා මතකයි[/FONT]
[FONT="]සිහින ලොවක් දුටුවා මතකයි[/FONT]
[FONT="]සිහින ලොවින් ආවා මතකයි[/FONT]
[FONT="]සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ[/FONT]
[FONT="]ආදර බර උණුසුම මතකයි[/FONT]
[FONT="]ඉර සඳු තරු කැට පායන මිහිපිට[/FONT]
[FONT="]ආදරයෙන් බැඳුනා මතකයි[/FONT]
[FONT="]අප හදවත් වෙලි නොමියෙන ලෙස බැදි[/FONT]
[FONT="]ආදරයෙන් පිරුනා මතකයි[/FONT]
[FONT="]සිතට දැනෙන සුව ගතට දැනෙන බව[/FONT]
[FONT="]ඔබ රහසේ කීවා මතකයි[/FONT]
[FONT="]ගැයුම - ක්ලැරන්ස් විජේවර්ධන[/FONT]
[FONT="]තනි තරුවේ... තනි තරුවේ...[/FONT]
[FONT="]ඔබත් ඔහොම ඔතන ඉන්න[/FONT]
[FONT="]මමත් මෙහෙම මෙතන ඉන්නවා[/FONT]
[FONT="]තනි තරුවේ... තනි තරුවේ..[/FONT]
[FONT="]නෙතග නෙතග පැටලි පැටලි[/FONT]
[FONT="]මුවග මුවග ඇලළි ඇලළි[/FONT]
[FONT="]මෙතෙක් දුරක් එක් වී පැමිණී[/FONT]
[FONT="]තනි තරුවේ... තනි තරුවේ...[/FONT]
[FONT="]මහද අරණෙ ලතැවි ලතැවි[/FONT]
[FONT="]රැදෙනු බැරිව ඉගිළි ඉගිළි[/FONT]
[FONT="]මගෙන් ඉවත ඇදිලා සැනසී[/FONT]
[FONT="]තනි තරුවේ... තනි තරුවේ...[/FONT]
[FONT="]ගැයුම - වික්ටර් රත්නායක[/FONT]
bump
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සංඝං සරණං ගච්ඡාමි
ඔබෙ රාගී මන කැළඹේ දෝ
ක්ලේෂයෙ ඕඝය නෑවේදෝ
ඔබෙ රාගී මන කැළඹේ දෝ
පිවිතුරු හදවත පෑරේ දෝ
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි...
මෛත්‍රී කරුණා දූෂිත වී - ක්‍රෝධය ඊර්ෂ්‍යා පෝෂිත වී
හිංසා පීඩා දේවිදෝ - මිනිසා තිරිසන් වේවි දෝ
ඝෝර විසැති නයි පොළොඟුන්
මිනිසුන් මිතුරු වෙසින් ඒ නම්
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි...
දුක් බරිනි මිරිකී යා දෝ - සත්‍යය ලොකේ වැනසී යා දෝ
නිර්මල පිවිතුරු චරිතෙ ඔබේ
පවිටෙන් බොරුවෙන් කෙළෙසා දෝ
අගතිය යුත්තී මාරුතයේ
ප්‍රාණෙ ඔබේ දෙදර යා දෝ
එමවිට පවසනු මුවින් ඔබේ
බුද්ධං සරණං ගච්ඡාමි
බුද්ධං සරණං ගච්ඡාමි...
Taken from : http://geethayakatawediyamak.blogspot.com/2012/06/buddhan-saranan-gachchammi.html
![]()
නියමයි යාළුවා වැඩේ දිගටම කරගෙන යං...




මම පුලුවන් විදියට මෙ ත්‍රෙඩ් එකට සහයොගය දෙනවා දිගටම කරගන යන්න 

Download MP3
http://ananmanan.org/sinhala_mp3/Karunarathna_Diwulgane_Gahaka_Mal_Pipila.mp3
ඔන්න මගේම කැමැත්ත