♬♩♫♪ සිංහල ගී පද - Sinhala Song Lyrics ♪♫♩♬

priyal_hdp

Active member
  • Jan 2, 2009
    315
    38
    28
    නිහඬ මාවතේ පාළු නිවහනේ

    නිහඬ මාවතේ පාළු නිවහනේ
    අවිහින්සක යුවති
    නොසිතූ ලෙස මගෙ මුළු දිවියම
    ඔබ රුව තුළ සඟවා
    එහි සිරගත කරවයි

    අතීතයේ එක් විරාමයක වෙන් වී
    යළි සමු ගන්නද මෙලෙසින් හමු වූයේ
    කිසි දින නොලැබෙන බව ඔබ දැන දැන
    දින දින ඇයි අමතන්නේ
    දින දින ඇයි හමු වන්නේ

    ජීවිතයේ තව කඳුලක් වන්නට දෝ
    තහනම් පෙමකට මෙලෙසින් ලියැවෙන්නේ
    යුවතියෙ ඔබෙ මුදු වදන් අතර මා
    මුල් පෙම බොඳවී යන්නේ
    මුල් පෙම ගිලිහී යන්නේ

    Source : http://geethayakatawediyamak.blogspot.com/2012/07/nihada-mawathe.html

     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    තටු සිදුනා කිරිල්ලියේ
    තටු සිදුනා කිරිල්ලියේ
    යොවුන් වුයේ හැගුම් දරා නෙතින් නෙතට පියාසලා
    තටු සිදුනා කිරිල්ලියේ
    ................

    සමුදුරෙන් එහා මවූ ලොවේ
    නෑ ඔබේ සිතුම් සැලී ගියේ
    මේ නුවන් කෙසේද
    ඔබ නුවන් වශී කලේ

    ................

    ජිවිතේ යොවුන් වසන්තයේ
    නෑ ඔබේ පැතුම් පරාද වී
    මේ ලෙසින් කෙසේද
    ඔබෙ පැතුම් බිදී ගියේ

    මිල්ටන් මල්ලවාඅරච්චි:)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
    හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා
    ...................

    පුරුදු ලෙස මා ඔබ දකින්නට
    පැමින මංගල සිරියකි දුටුවේ
    සබෙ කිසිවෙකු ඉබේවත් නැත
    ඇසක් මා දෙස යොමා බැලුවේ
    කිමද මෙ අරුමේ ................
    මට නොහැගෙයි ප්‍රිය ලදුනේ
    ...............

    සොදුර හෙට අප අලුත් ලොවකට
    පා නගන්නට සැරසෙන අතරේ
    කෙසේ මා දුටු එවන් සිහිනය
    මෙසේ අද මා සිතට වද දේ
    කිමද මෙ අරුමේ .................
    මට නොහැගෙයි ප්‍රිය ලදුනෙ

    හෙන්රි කල්දේරා:love::(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    ඉර හඳ පායන ලෝකේ
    ආලෝකය අතරේ.. සැප දුක සමබර වේ
    මේ.. ජීවන කතරේ මේ ජීවන කතරේ..
    සැප දුක සමබර වේ

    උකුලේ ළැමැදේ සමබර උසුලන..//

    ගැමි ළිය යන ගමනේ
    මෘදු බඳ නැලැවෙන සේ
    කඳු වැටි ගංඟා සාගර එක සේ..//
    පොළොවට සමබර වේ

    මේ ජීවන කතරේ.. මේ ජීවන කතරේ..

    සැප දුක සමබර වේ..

    වැඩි වන ආශා මැඩලන වේගේ..//

    ජීවන මඟ කැළමේ
    ඒකම රසමුසු වේ
    මහ වන වදුලේ වන විල් මතුවේ..//
    පියුම් පිපී නැටවේ

    මේ ජීවන කතරේ.. මේ ජීවන කතරේ..

    සැප දුක සමබර වේ..


    ගායනය - විශාරද ඩබ්ලිව්. ඩී අමරදේව
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සුළං කපොල්ලේ
    තැනූ කැදැල්ලේ
    කෑලි කැඩී බිඳී වැටේ
    නිල් කඳු රැල්ලේ..//

    කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී

    දැන් ඔබ ළඟ සිටී?රුවක් විලස නොසෙල්ලී
    යොදුන් ගණන් ඔබම සොයා ආ සියුමැල්ලේ...
    පිළිගනු ඈ?කොයි යන්නද නැවත ඉඟිල්ලේ

    සුළං කපොල්ලේ..


    ඇයට මවක් පියෙක් නොමැත ක්ෂිතිජ වළල්ලේ

    කඳුළ පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
    ඔබ තනිකඩ කරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ...
    ඇයට ළැඟුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ

    සුළං කපොල්ලේ..


    ගායනය - විශාරද නන්දා මාලනී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    ඇරඹුම ම කඳුළක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා

    ඳුක්බරම කවියක් ලියා

    එහි පඳ පෙළක් අඩුවෙන් තියා..//
    අරුත පසිඳින්නට කියා
    අවසානයට පෙර ඈ ගියා

    ශෝකාන්තය එන තුරා

    එහි රැඳෙන්නට සිත් නැති නියා..//
    අනන්තය ළඟ මා දමා
    අවසානයට පෙර ඈ ගියා

    ඇරඹුමම කඳුළක් වෙලා..


    ගායනය - කසුන් කල්හාර
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    දකින හිමිවන හීනේ, නුඹ කොතැන හිටියා

    මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
    හඬන හිනැහෙන නෙත් නුඹේ, උරහිසේ තිබුණා
    ඇත්තමයි නුඹ අහසක් වගේමයි හිතුනා

    නුහුරු නුපුරුදු හීන අරන්

    ළගට ඇවිදින් තුරුළු වෙමින්
    ආවාට නොකියාම ජීවිතෙන්
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

    මිරිඟුවක හිත තියලා, නුඹ දුරක ඇඳුනා

    රංචු ගැසෙනා රෑනේ තනිකමක් දැනුනා
    ඇසිල්ලද දුටු හීනෙන් හිත හුඟක් රිඳුනා
    අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැඳුනා

    පෙනෙන නොපෙනෙන..


    ගායනය - ආත්මා ලියනගේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    උදා ඉරක් සේ පායා හිත පුරා
    සඳා රැදෙන්නම් ආදරයෙ නුරා
    සරා සඳක් සේ ආලේ ඇති තුරා
    ඉතින් ඉඳින්නම් මේ ආත්මය පුරා

    මහදේ දිව්රා නුඹ මාගෙ තුරුළට වුණා

    රහසේ දැනෙනා ආදරය උතුරා ගියා

    අඳුරේ දෙනෙත් අඳුරෙත් වෙලී

    ඔහේ අපි බලා උන් හැටී
    පහසේ ඔබේ පහසේ ඇලී
    මා.. රෑ පුරා නිදිවරා උන් හැටී

    උදා ඉරක් සේ..


    තුරුළේ නුඹේ තුරුළේ වෙලී

    සැමදා ඉන්න මා පැතු හැටී
    රහසේ දෙනෙත රහසේ පෙගී
    ඒ... සිහිනේ බොඳ වෙලා ගිය හැටී

    මහදේ දිව්රා නුඹ මාගෙන් ඈතට ගියා..


    ගායනය - ධම්මික එදිරිසිංහ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    දුන්නු වේදනා මේ නෙතින් උඳුරලා
    මතක රැස්වෙලා සිත අයාලේ ගියා
    හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
    ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

    කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණී

    ලස්සනම සිහිනෙකී?ඔයා..//

    හීන් සීත වස්සානේ පාළුව ගලන්නේ

    තනිකමයි හදවත සරන්නේ
    මේ අන්ධ හිත් මානේ මතකය තැවෙන්නේ
    සෝ සංකා හිරි හැර කරන්නේ

    කෙටි කාලයකින් හමුවී?මගෙ ජීවිතයට පැමිණී

    ලස්සනම සිහිනයකි ඔයා..//

    සඳ නේන රෑ යාමේ සසලව හිඳින්නේ

    කළුවරයි දසතින් හමන්නේ
    වැටෙන හුස්මක් ගානේ ඔබවමයි සිහිවන්නේ
    ඔබ කොහේදෝ හිඳින්නේ

    කෙටි කාලයකින් හමුවී මගෙ ජීවිතයට පැමිණී

    ලස්සනම සිහිනයකි ඔයා..//

    දුන්නු වේදනා....


    ගායනය - නිරෝෂා විරාජිනී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    හැමදාම හඬන සිත හදන්නෙ ඔබ ළඟ නෑනේ
    කවුරුවත් එපා ඔබ හැරුනම දුක දැනුනාවේ
    ඉස්සර වගෙ හීනෙන්වත් දැන් එන්නෑනේ
    මට විතරද දුක දැනෙන්නේ මං දන්නෑනේ

    සඳ මඩලට උපමා කර කවි ලියු කාලේ

    කාගෙත් දුක දැනෙනා හිතක් ඔබ සතු වූයේ
    කඳුළු බලා ඔබ අද මට හිනැහෙනවනේ
    ඔබවම සිත පතනා කරුණ මං දන්නෑනේ

    හැමදාම හඩන සිත..


    නෙතු තෙමුනා මගෙ මතකෙට ඔබ එන ගානේ

    තාම හිතේ ඔබ හැරුනම කවුරුත් නැහැනේ
    අද නැතිමුත් ළඟ සිටි දා හිත හැදුවානේ
    හිත මේ තරමට අසරණ ඔබ හින්දානේ

    හැමදාම හඬන සිත...


    ගායනය - රොමේෂ් සුගතපාල
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    හන්තානට පායන සඳ
    ලස්සනයිද කියන්න
    මා නොදකින එ පුර හඳ
    ඔබට හැකිය දකින්න..//

    අඳුරු ලලා වහිනා කළ

    සරසවි බිම තෙමෙන්න..//
    කුඩේ යටින් ඔබ යන විට
    එපා තනිය දැනෙන්න

    ළතා මඩුලු අත වනාවි

    එපා අහක බලන්න..//
    මා ගැන මතකය ගුලිකර
    මහවැලියට දමන්න


    ගායනය - අමරසිරි පීරිස්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    නුඹ මෙතෙක් රැදී?උන් මා මනසේ
    පෙම් පුරා වතක්.. නිමා කරන්නද මා කෙලෙසේ..//

    නුඹ යන්නම යන්නම යනවා නම්

    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්..//
    යලි එන්නම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගෙ හිත තහනම්

    හුරතලෙන් දැවටිලා මගේ ළගින්

    දුන් සතුට එපමණද මට පවසන්..//
    සඳ එළිය පොලොවටයි හිමි වූයේ
    සඳ අහසෙ රැදුනාට රත්තරනේ

    පෙම් කවක්..


    ගායනය - කරුනාරත්න දිවුල්ගනේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවි දාහක් ඇත මගෙ හිත ඇතුලේ
    ඔබට ලියන්නට කියා ප්‍රියේ
    ඒ හැම ලියැවෙන කවියක් ගානේ
    ඔබ ගැන ලියන්න මං ඉන්නේ..//

    කතා කරන ඔබ ඔයාගෙ ඇස් දෙක

    ගැන ලියැවිමි මම මුල් කවි සීයෙම
    සිනා සපිරි මුව මදහස පිළිබද
    ලියා තිබමි මම උපමා නැතිවම

    කවි දාහක් ඇත...


    ඔයාගෙ පෙම් හිත කියවන්නට එන

    පෙම්වතියන් හට මං ගැන කියන්න
    අන්තිම කවියේ අන්තිම පේලියේ
    මං ගැන චුට්ටක් ලියා තියන්නද

    කවි දාහක් ඇත...


    ගායනය - මහේෂිකා ලක්මාලි

    විඩීයෝවක් නොමැත.. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    පියමැන්නේ ඇයිද මෙසේ
    රිදවා හඩා ඔබ මසිත මෙසේ
    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැඳුනා ඒ සිතුවිල්ලේ
    සෙවනැලි මාවතේ ඇඳි ඒ ජීවිතේ
    රැළි මත සාගරේ මතුවේවා සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කතා

    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී?ගියා රැල්ලේ නිසල රැයේ

    සිත ගත්තේ නැතුව නොවේ

    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ
    හද අරණේ රැදුණු සෙනේ
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ
    නැතුවත් මේ භවේ මතු එන ජීවිතේ
    සැමදා ඒ සෙනේ සතු වේවා සදා ඒ සිහිනේ

    සියුමැලි ඔබෙ වත රැදි ඒ දෙකොපුල කී කතා

    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇදි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලේ නිසල රැයේ..//


    ගායනය - ජය ශ්‍රී සංගීත කන්ඩායම
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    පෑව මල් සිනා ඔබ මට
    මා වශී වුණා ඔබ හට
    තාම මා සිතේ රැදී තියේ
    වේදනා ගෙනේ හදවත
    දරාගන්න බැරි තරමට
    කාරනා පැතුම් අතීතයේ

    නිලන වැසි සමේ ඉකිබිඳ

    හඩන සිත මගේ නුඹ ගැන
    හීනය හිත යටම නිදි වරයි
    හිතට හිත නැතත් නෙත ළග
    තවම මැවි මැවී නොපෙනෙන
    ජීවිතයට සැනසුම නුඹමයි

    සුවඳ මල් නෙලා සැරසුව

    පාට හැඩ තියා ගැලපුව
    මගේ නොවන හිත නුඹේ ළඟයි
    කඳුළු තව තියේ සීතල
    හඩනවාම නම් දෙනුවන
    මගේ නෙතට හඳවත කොඳුරයි

    පෑව මල් සිනා...


    ගායනය - නිලන්ත රාජේන්ද්‍ර
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැගුණේ
    සිතේ දුක හිරු නිවා දැමුවේ
    නැතිවද ඔබ දන්නේ

    ගිණි හිරු පායා සොමි සඳ බැසලා

    මගෙ ලොව එළිය වෙලා
    සඳේ ඔබ ඇයිද මේ යාමේ
    අහස කරා නැගුනේ

    ඔබ තරු වටකර හිනැහෙන යාමේ

    ඈ දුර යහන් ගැබේ
    රෑ නොනිදාගෙන වැළපෙන මා හට
    ඔබගෙන් කිමද ඵලේ

    සඳේ ඔබ ඇයිද මේ යාමේ

    අහස කරා නැගුනේ

    සඳ දෙස බල බල මා පැතු පැතුමන්

    මෙතෙකයි කියන්න බෑ
    ඉර මා දැව්වත් මා ලඳ උණුසුම
    අමතක කරන්න බෑ

    සඳේ ඔබ ඇයිද මේ යාමේ

    අහස කරා නැගුනේ

    ගායනය - රූකාන්ත ගුණතිලක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සැදෑ කළුවර කුර ගගා විත්
    ඔබේ පැල්පත මගේ දසුනෙන්
    ඈත් වූ සඳ මගෙ සරා සඳ
    තනිවෙලා මා තනිවෙලා

    වළාකුලකුදු නොමැති අහසේ

    මලානික වූ මගේ සිතුවිලි
    ගල් ගැසී ඇත පාළු වී ඇත
    අඳුර පමණක් රජ වෙලා

    සැදෑ කළුවර...


    ඔබේ ලෝකය මගේ ලෝකය

    අතර ඇත්තේ රැයක් පමණයි
    ගව් ගණන් දුර ජීවිතේ බර
    මගේ හිස මත බර වෙලා

    සැදෑ කළුවර...


    ගායනය - විශාරද නන්දා මාලනී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සිහිනයට තරම් තටු නෑ මට නම්
    පියඹන්න අරන් නුඹ අහසේ
    ආදරය තරම් සියුමැලි මනරම්
    සිහිනයක් තියේවිද ලෝකේ

    කඳු හිස් මුදුන් කර තරු ලකුණු වැටෙනා අතර

    සිත නුඹම සොයා වළා බැම්මෙන් ඉඟිල යයි
    ලොව නිදනා අතර

    සයුරක් වී වැතිර නුඹ සරැලි නගනා අතර

    කිරි සිනා ගඟත් මියුරු ලෝකෙන් අරන් යයි
    ඉන්නවාද ඇහැර


    සිහිනයට තරම්..


    කඳුලක් ලඟට දුර තව දුරස් කළේ නුඹය

    වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට
    ජීවිතයෙ කතර

    සෙනෙහස් සිහින වර හැම සැබෑ කෙරූ සසර

    නුඹ සඳකි රුවන් කුමුදු යායක් පුබුදු කල
    මා හඳවත සුවද

    සිහිනයට තරම්..


    ගායනය - කසුන් කල්හාර සහ ප්‍රතිභා ප්‍රභා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    සුදු සේල මුතු මාල පළදා ඇවිල්ලා
    හිත ගාව දඟ පෑව සෙනෙහස නොඉල්ලා
    මනමාළ සඳ සේම රෑ?අහස ඉල්ලා
    ළඟපාත ඔබ නෑනෙ මගෙ දෑත අල්ලා
    මම අදරෙයි තාම මේ දෑස පල්ලා

    සතුටින්ද ඔබ ඉන්නෙ හැරදා ගිහිල්ලා

    තනියෙන්ම මම ඉන්නෙ ඔබ නේන හින්දා
    සඟවන්න බෑ ප්‍රේම දුක් ගින්න කිසිදා
    යලි එන්න සුළඟක්ව සිසිලක් ගෙනැල්ලා
    මා ළගට වීලා..

    සුදු සේල...


    සැනසීම මා පැතුව ඔබගෙන්ම සැමදා

    උඳුරාන ගියෙ ඇයිද දුක් සයුරෙ ගිල්වා
    හසරැල්ල මුව ගාව ගෙනැවිත් තියාලා
    කඳුළැල්ල පිසලන්න යලි සෙනෙහෙ දීලා
    මා ළඟට වීලා..

    සුදු සේල..


    ගායනය - සලින්ද ප්‍රනාද්දු (All Right නායක - Flash Back 2)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ


    තරු වෙරළේ සඳවත සේ
    හිත් අහසේ ඔබ පායා උන්නා
    හිනහෙමු ඒ පුරහඳ සේ
    මගෙ මිතුරේ නෙත් කඳුලූ පිසදා..//

    මල් පිපිලා වැසුනාවේ නෙත් පැහැයෙන් පුරවා
    හිතට දැණුනා හිත් පතුලට මල් සුවදක් එබුනා
    හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් පිම්බා
    සුවඳ විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා

    මගෙ ළඟ හිදන්, ලොකු ඇස් පියන් වස්සාවී හිත් යායේ වරුසා
    මිතුරේ මගෙ නිල් මල් හීනේ සුරකීවා ඔය දෑසවගේ..//

    තරු වෙරළේ සඳවත සේ..

    හොරෙන් ඇවිදින් පිණි කඳුලක් සිත් සායම් පිම්බා
    සුවද විතරයි අතැගිල්ලට හිමි නැතිදෝ මන්දා
    මගෙ ළඟ හිදන්, ලොකු ඇස් පියන් වස්සාවී හිත් යායේ වරුසා
    මිතුරේ මගෙ නිල් මල් හීනේ සුරකීවා ඔය දෑසවගේ..//

    තරු වෙරළේ සඳවත සේ..

    ගායනය - ගයාන් පෙරේරා, දමිත් අසංක