⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

JokerFan

Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    21078539_343115966134803_7284298804433738397_n.jpg

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: vinura kithmal

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මං නැතිව කවුද මේක කරන්නේ… ක‍්‍රිකට් සභාපතිකමින් ඉල්ලා අස්වෙන්නේ නෑ..- තිලංග සුමතිපාල

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී සිටින වත්මන් අර්බුදයෙන් ගොඩගැනීමට සිය පරිපාලනයට හැකියාව තිබෙන බව පවසන නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, එබැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරයි.

    නියෝජ්‍ය කතානායකවරයා ඒ බව කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වත්මන් පරිපාලනය වෙනස් කළ යුතු යයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග කරන යෝජනාව පිළිබඳව අදහස් දක්වමිනි.

    ඉක්මනින් අර්බුදයට විසඳුම් දිය නොහැකි නම් ක්‍රිකට් ආයතනයේ සභාපති පදවියෙන් ඉල්ලා අස්වන්නේ දැයි විමසූ අවස්ථාවේ, “එතකොට මේක කරන්න යන්නේ කවුද?” යනුවෙන් තිලංග සුමතිපාල ප්‍රති ප්‍රශ්නයක් යොමු කළේය.

    “මම හිතන්නේ ඔය කතාවට උත්තර දෙන එක මට අදාළ නෑ. අපිට මේක හදන්න පුළුවන්කම තියෙනව. අපි ඒක හදාගෙන යන්නම්. මගේ වෙලාව නාස්ති කරන්න එපා කියල මම එයාට පැහැදිලිව කියනව.”

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස දිගු කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව පවසන සභාපතිවරයා, එහි සම්පූර්ණ ප්‍රතිඵල ලැබීම පිණිස වසර හතරක පමණ කාලයක් ගතවනු ඇති බව ද බීබීසී සිංහල සේවයට පැවසීය.

    ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම පිණිස ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් ව්‍යුහය පූර්ණ සංශෝධනයකට ලක් කිරීමේ අවශ්‍යතාව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ සිදත් වෙත්තමුණි වැනි හිටපු ක්‍රීඩකයන් දිගින් දිගටම පෙන්වා දී තිබේ.

    ඒ පිළිබඳව මහේල ජයවර්ධන විසින් සිදත් වෙත්තමුණි ගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලැබූ සවිස්තර යෝජනාව ප්‍රතික්ෂේප කළේ මන්දැයි විමසූ අවස්ථාවේ තිලංග සුමතිපාල කියා සිටියේ, සිය පරිපාලනය “ඊටත් එහා ගිය” වැඩපිළිවෙලක් දැන් ක්‍රියාත්මක කරමින් සිටින බවය.

    “කිසිම ප්‍රතික්ෂේප කිරීමක් නෑ. ඊට වඩා එහා ගිය, ඉතාම සාර්ථක දේශීය ක්‍රීඩා තරග ඇතුළත් කරලා තියෙනව.”

    කෙසේ නමුත් සිය පරිපාලනය සමයේ ගනු ලැබූ ඇතැම් තීන්දු පිළිබඳව යළිත් වරක් සාකච්ඡා කරමින් සිටින බව ද සභාපතිවරයා සඳහන් කළේය.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    kapuva malinga kapanna heduva,anthimata uma kepuna :lol::lol::lol:

    කොහොම වුනත් කපුවා මැච් එකට කලින් තියපු මාධ්‍ය සාකච්ඡාවේදි කතා කරපු ටොන් එක මට නම් එච්චර ඇල්ලූවේ
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යකෝ කවුරු හරි ලොකු හුනියමක් කරලා තියෙනවා ශ්‍රි ලංකා ක්‍රිකට් නායකත්වයට එන එකාට කෙළවෙනවා චන්දි - හේරත් - තරංග - කපුවා - ? :P:P:rofl::rofl::(